Showing posts with label පියාපත් සිතුවිලි. Show all posts
Showing posts with label පියාපත් සිතුවිලි. Show all posts

Monday, July 8, 2019

දන්නවද රත්තරන්

දන්නවද රත්තරන්
ඔයා මාව දැක්ක පලවෙනි දවස........

මම හිතුවෙ ඔයා බස් එකේ ඉන්න වෙන කෙල්ලෙක් බලන්න ආවා කියලා...මට හිනාත් ගියා...ආදරේ කරන අය කොයි තරම් සතුටින් ඉන්න්වද කියලා...ඒත් මම එහෙම ආදරයක් දැනගෙනවත් උන්නෙ නෑ.මොන පාටද කියලවත්...
මගෙ ලගින් වාඩි උනා.ඔයාට හොදටම කැස්ස...මගෙ අතේ තිබ්බ වතුර බෝතලේ දුන්නෙ ඔයා කහින විදිහ බලා ඉන්න බැරි නිසා...
පලවෙනි දවස දැක්ක.ඔයා කෙලින්ම මට ආදරෙයි කියුවා..
මම ඇත්තම කියුවා.මම ආදරේ කරන්න බයයි කියලා...........
ඒත් ගෙදර ගිහින්වත් මට ඔය ඇස් අමතක කරන්න බැරි උනා පණ.
කවදාවත් නොදැනුන හැගීමක් දැනුනා මට.
ඔයා දෙවනි දවසෙත් එතනම..
ඔයා දීපු නම්බර් එකට රින්ග් කරන්න තරමට මගේ හිත බොලද උනා..මොන තරම් හිර කරලා තිබ්බත් ආදරේ...හ්මදේම පරාද කරගෙන මතු උනා..
මතකද...ඔයා මට දීපු පලවෙනි තෑග්ග..නවල් හතරයි...ෆිල්ම් ඩී.වී.ඩී.දෙකයි.සයින්ග් පෙන් එකයි.
අදටත් කාටවත් අල්ලන්නවත් දෙන්නෙ නෑ..
මතකද ලෝකෙටම හොරෙන් ෆිල්ම් එකක් බලන්න ගියා...එදා තමයි මුල්ම වතාවට පිරිමි හුස්මක් මගෙ මූණට වැටුනෙ.
මාව වෙවුලුවා...ඔයාගෙ පලවෙනි හාදුවට....ඔයා මාව තද කරලා ඔය පපුවට තුරුල් කර ගත්තා..මාව පරිස්සම් කලා..
මම අඩද්දි ඔයත් ඇඩුවා.මාත් එක්ක හැම ප්‍රශ්නෙකදිම...කොහොමද රත්තරනෙ ඔයාව අවිස්වාස කරන්නෙ..
එක පාරටම දැක්කෙ ඔයා කවදාවත් හදලා නෑ කියපු ෆේස්බුක් අකවුන්ට් එක...
විස්වාස කරන්න.මගෙ ඇස් මාව විස්වාස කලේ නෑ..
ඒත්...යාලුවගෙ කීමට ෆේක් එකකින් මැසේජ් කලා..
"හායි.."
ඔයත් හායි කිවුවා..
වෙනදා මාව නැතුව ත්තපරයක් ඉන්න බැරි ඔයා "
මොන වදයක්ද?"
කිවුවා මගෙ කෝල් එකට...ගොඩාක් දුක හිතුනා පන.
"පිස්සි මොකෝ කරන්නෙ?"
ඒත් එක්කම මැසේජ් එක ආවෙ මගෙ ෆේක් එකට.ඒ ඔයාගෙන්.
"කෑවද? දොයි මතද? මොනාද කරන්නෙ?"
මගෙත් එක්ක ඊමෝ වීඩියෝ කෝල් කරන ගමන් ඔයා මගෙ ෆේක් මැසේජ් කලා..
"ඔයා වැඩකද?"
"ඔය ඇස් තිබ්බෙ මගෙ ලග නොවන නිසා ඇහුවෙ"
"ඔව් සුදු නෝනා ගොඩක් වැඩ"
මොනාද පන මම කියන්නෙ..කවුරුත් නැති මට හිටියෙ ඔයා විතරෛ.
මම ඔයාගෙන් ඇත්තම ඇහුවා..
මට සමා වෙන්න.මම වැරැද්දක් කලා.ඔයා යන්න.මගෙන් යන්න.
කොහොනද වස්තුවේ ඔයා ඒ ටික කිවුවෙ..තාමත් වෙව්ලනවා..එව්ත් ඔයාව දාලා යන්න බෑ මට...මේ වෙලාවට මම ඔය සුදු මූණ ඉස්සරහා වීඩියෝ කෝල් නේද වෙනදට...කොහොමද මැණික දරා ගන්නෙ..
ඔයා කියුවට මම යන්න පාර දන්නෙ නෑ මහත්තයෝ..මම තනියම කොහෙවත් යන්න බයයි.ඔයා දන්නවා මැණික.මම කොහොමදා ආපහු යන්නෙ.මට ආදරේ බින්දුවක්වත් නැති ලෝකෙට.
මම බයයි රන්...මගෙ ඇස් දිගටම අඩනවා.මටවත් කීකරු නෑ.බත්කට ගිලෙන්නෙ නෑ..
අනේ ආයිත් එන්න..මම තාමත් ආදරෙයි පණ..ගොඩාක්..ගොඩාක්...මා ලග වෙන කෙනෙක්ට දෙන්න ආදරේ නෑ මහත්තයෝ..
ඒ ඔක්කොම ඔයාට දුන්න..මගෙ හිත අරගෙන ඇයි ඔයා යන්නෙ.අනේ වස්‍තු එන්න.ඔයාගෙ සුදු නෝනා මැරෙයි.ඔය කටහඩ මූණ බලන්න එක දවසක් බැරි උනොත් මම කොච්ච්‍ර අඩනවද...
ආදරෙයි...ආයිත් එන්න මැණික...ආයිත් එන්න...මම බලාගෙන ඉන්නවා...

Sunday, July 7, 2019

හිනාව කියන්නෙ ඉනාවක්

හිනාව කියන්නෙ ඉනාවක්

"සිනහව.😊.."
නුඹ පුදුමාකාරයි...😊
ජීවිතේට ඕනිම වෙලාවට උඹ කරන්නෙ මාව මගෑරලා මට හොයාගන්න බැරුව හැංගෙන එක..
මං ඇස් වල කඳුළු පුරවන් උඹව හොයද්දි...
උඹ ඈතින් ඉදන් ඔච්චමට මට හිනා වෙනවා..
ජීවිතේ හැම සතුටු වෙලාවකදිම උඹට කලියෙන් කඳුළ ඉස්සර වෙන්නෙ...
සිනහවට වඩ මට කඳුළ උරුම හින්දද මම තාමත් හිතනවා..
කාවත් සමච්චලේට හිනාවෙන මට පුරුද්දක් නෑ..
ඒත් ගොඩක් අය කරන්නෙ මේ ලස්සන හිනාවෙන් අනිත් අයට හිනා වෙන එක..
මූණට මූණ හම්බ උනත් පුන්චිම පුන්චි හිනාවකින් සංග්‍රහා නොකරන ගොඩක් මිනිස්සු...
අනිත් අයගෙ අඩුපාඩු වලට, නැති බැරිකම් වලට කට පුරවලා හිනා වෙන්නෙ..
අනේ මන්දා..
හිනාව කියන්නෙ ගොඩක් ලස්සන පිරිසිදු දෙයක්..
ඒකෙන් ගොඩක් දේවල් ලබා ගන්න පුළුවන්..
මුකුත්ම බැරිනම් ආත්ම තෘප්තිමත් ...
සල්ලි වලට ගන්න බැරි හිනාව...
තව කෙනෙක්ගෙ දුකින් ඉන්න හිතක් සුවපත් කරන්නට මේ හිනාවට පුලුවන්...
ඔබේ සේවකයාට, පාරිභෝගිකයාට , සේවාලාභියාට වගේම සේවා දායකයාට...
මිතුරෙක්ට.. අසල්වාසියෙක්ට..
කොටින්ම තමන්ගෙ ගෙදර අයට , පෙම්වතාට , පෙම්වතියට..
මේ මොන සබඳතාවයක් ලඟදි උනත් #හිනාව කිනන්නෙ #ඉනාවක්..
මේ ඕනෑම සබඳතාවයක දවස ආරම්භය සිනහවකින් පටන් ගන්නවනම්...
බොහෝ සිත් රිදීම් අවම වන්නට තිබුනා..
ප්‍රශ්න මේ කියන්නෙ වන ඔබට වගේම ..
මටත් තියනවා..
කියුවොත් ඉවර කරන්න බැරි තරමටම..
ඒ ප්‍රශ්න වලට පුළුවන් උනොත් අපේ හිනාව උදුරා ගන්න..
අපි පරාදයි...
අපි ඒක පිළි ගන්නවද..
නෑ ...
හිනා වෙන්න...
සීමා මායිම් නැතුව..
යන්තම් හිතේ හිර කරගෙන නෙමෙයි..
හයියෙන් හිනා වෙන්න..
හිතේ තද කරන් ඉන්න දුක...
කඳුළු වල දිය කරනවා වෙනුවට හිනාවට මුසු කරන්න..
බය නැතුව ඕනිම කෙනෙක් එක්ක කතා කරන්න කලින් ලස්සනට හිනා වෙන්න..
මොකද අපි කවුරුත් ආසයි...
හිනා වෙලා ඉන්න..
ඉන්න අයට ...
සතියක් එහෙම ඉන්න..
ඔයාට අමනාපයි කියලා හිතෙන ගොඩක් දෙනා ඔයාට ලං වේවි...
ඔයා එක්ක සුහද වේවි ....
පුළුවන් නම් දුකින් ඉන්න කෙනෙක්ට ඒ මූණකට ලස්සන හිනාවක් ගේන්න..
හැබැයි මතක තියා ගන්න...
හිනාවෙන කෙනෙක්ගෙන් ඒ හිනාව උදුරා ගන්නනම් හිතන්නවත් එපා..
ඒක පවක්..
කෙනෙක්ව හිනස්සන්න බැරි නම් එයාට කඳුළු නොදී ඉන්න උත්සහා කරන්න..
දන්නවද ලෝකෙ අමාරුම වැඩ වලින් එකක්..
ඒ අඩන්නම ඕනි වෙලාවට බොරුවට හිනා වෙන්න වෙන එක..
ඔව් .. ඔයත් එහෙම කරලා ඇති...
මාත් එහෙමයි ..
අමාරුම වෙලාවෙ හිනා වෙලා...
ඔව්...
අපිට ඒක කොච්චර අමාරු උනත් අනොත් කෙනා ඒ දෙයින් සතුටක් ලබනවනම්....
හිනාව කියන්න දේ සල්ලි වලට ගන්න බෑ.
හිනා වෙන්න පිරිසිදු හිතකින්..
හිතනවට වඩා ගොඩක් දේ අපිට ලැබේවි... ඒකෙන්...
හිනාවෙන්න..😊😊😊
ලෝභ නොවී .... පිරිසිදු සිතකින්..😊
අහින්සා පැහැසරණි
2018.10.08
<!- start disable copy paste --> </!->

Tuesday, July 2, 2019

ගෑණු හරි පුදුමයි

ගෑණු හරි පුදුමයි



ගෑණියෙකුට ජීවත් වෙන්න ආදරණීය හුස්මක් ඇති...
ඒකයි ගෑණු පිරිමියෙක්ගෙ එක ආදරණීය බැල්මකට...
එක වචනෙකට වහා වැටිලා ....
ඒ මත්තෙම පොර බදන්නෙ...
ඒ මත්තෙම නැහෙන්නෙ...
එකම එක බලාපොරොත්තුවකට, එක පොරොන්දුවකට පුළුවන්..
ගෑණියෙක්ගෙ මුළු ආත්මෙම ලියා ගන්න...
අන්න ඒකයි ගොඩක් ගෑණු පිරිමින්ගෙ ආදර කතා ලග දපනෙ වැටෙන්නෙ...
අන්න ඒකයි තමන් ආදරේ කරන පිරිමියා ලග ගෑණු දෙපාරක් නොහිතා නිරුවත් වෙන්නෙ...
ගොඩක් ගෑණු ජීවිතේ වරද්දා ගන්නෙ..
තමන් ආදරේ කරන පිරිමියගෙ ලේ බිංදුවක් බඩ ඇතුලෙ තියාගෙන...
මාස ගාණක් දුක් විදිනනෙ
දරන්නට නොහැකි මහා වේදනා ගොඩක් මැද්දෙ තමන්ගෙ ලේ වලට කැවුනු පිරිමියගෙ ලේ කැටියෙක් මේ ලෝකෙට ගේන්නෙ...
එහෙව් කැප කිරිම් කරපු ගෑණියෙක්ට
තමන් මහා මෙරක් ආදරේ කරන පිරිමියගෙ දාඩිය සුවඳයි, තමන්ගෙ දරු පැටියගෙ කිරි සුවඳයි තමන්ගෙ ලග තියා ගන්න...
කරන්න බැරි මොන කැප කිරීමද...
ලේ වලට ලේ වලින් බැඳිලා...
ගෑණු තමන්ගෙ පවුල මත්තෙම නහින්නෙ අන්න ඒක නිසා...
ආදරණීය පිරිමියෙක්ගෙ ආදරණීය උණුහුමයි....
ඒ කිරි සුවඳයි හොදටෝම ඇති...
ගෑණියෙක්ට ජීවිතේ ඉතිරියත්
සින්නකරම ලියන්න...
තමන්ගෙ පවුලට...
ලේ වලින්ම...
අහින්සා පැහැසරණි
2019.06.12

හිත රිද්දපු කතාවකට පිළිතුරක්

හිත රිද්දපු කතාවකට පිළිතුරක්
අද හරි අපූරු ලියවිල්ලක් කියෙව්වා.. ඒක ලියවිලා තිබ්බෙ මේ රජයේ රෝහලකට ගියහම දොස්තරලගෙ නර්ස්ලගෙ සෞඛ්‍ය සේවකයින්ගෙන් දැඩි ලෙස අගතියට පත් නෝනා මහත්මියකගෙ කතාවක්..
ඉතින් මමත් ලිපිය ඉවර වෙනකම් කියෙව්වා.. රෝහලට ගියාම වෛද්‍යවරු හා හෙදියන්ගෙ තියන ලොකු සීන් ගැන එතුමිය බොහොම ලොකුවට කතා කරලා තිබ්බා.. එතන කමෙන්ට් කරපු ගොඩක් නෝනා මහත්තුරු සුද්ද සිංහලෙන් පවා හෙදියන් ආමන්ත්‍රණය කරලා තිබ්බෙ ජීවිතේට රජයෙ රෝහලක පස් නොපාගන විදිහට...
ඉතින් මමත් ඔය එකී නොකී හැම නෝනා මහත්තයෙක්ගෙම අකවුන්ට් වලට ගිහින් එයාලා කරන රස්සා ගැනත් හොයලා බැලුවා..
රෝහල් වල ඉන්න හෙදියන්ට පඩි ගෙවන බවත් ඔවුන් බැඳී ඉන්නෙ රෝගීන්ගේ සාත්තු සේවයට බවත් ඇය තරයේ කියා සිටියා.. එය සැබෑවටම සත්‍යක් නිසා මමද එය හිස නමා පිලි ගන්නවා..
ඒත්....
කියලා එක තැනක නවත්තන්න මට හිතුනා..
දේශපාලකයින්ගෙ ඉදලා, ග්‍රාමසේවකගෙ ඉදලා ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල , දිස්ත්‍රික් ලේකම් කාර්‍යාල, තැපැල් එකී නොකී රජයේ කාර්‍යාල , රාජ්‍ය බැංකු , ගුරුවරු පවා සියළුම රාජ්‍ය සෙවකයින් ගැනත් මට යමක් කියන්න හිතුනා..
මොකද එතන කමෙන්ට් කරලා තිබ්බ බොහොමයක් දෙනා මේ ආයතනවල වැඩ කරන අය ..
ඔය ඉහතින් කියපු කාර්‍යාලවලට ගියහම කට්ට නොකා , අර සාරි ඇදලා අඩි උස දාන් යන මිස්ලගෙ ලොකු කම්, ගැස්සිලි, විතරක් නෙමෙයි ලොකු ලොකු කතා අහපුනැති අය ඉන්නවද කියලා මන් දන්නෙ නෑ..
සමහරුන්ගෙ මෙසෙ ලගට ගියහම
" දැන් බැ හෙට එන්න.."
කියන්නෙ එකම එක අත්සනක් දාන්න..
අහින්සක අකුරක් නොදන්න වයසක මිනිස්සු පොඩි වැඩකට මේසයක් මේසයක් ගානෙ රස්තියාදු කරන පෝලිම් වල තියන හරි අපූරු නෝනා මහත්තුරු 24 පැය කරන මිනිස්සුන්ට බනිනවා..
උදේ අටට එන්න ඕනි රස්සාවට එන්නෙ ළමයා ඉස්කෝලෙ දාලා කරන්න තියන වැඩ ඔක්කොම කරලා හතරට ඕෆ් වෙන්න තියන එක දෙකේ ඉදන් ෆයිල් වහනවා..
ඊට පස්සෙ සෞඛ්‍ය සේවකයින්ට බනිනවා
" උන් ගෙවල් වල ප්‍රශ්න මෙහෙ අරන් ඇවිත් කියලා.."
ඒ මිනිස්සු උනත් රස්සාවක් කලාට පවුල් ප්‍රශ්න තියන මිනිස්සු තමයි.. ඔයාලා ළමයි ඉස්කෝලෙන් අරන් ටියුෂන් එකට දාලා අයෙ ඔෆිස් ආවට ඒ මිනිස්සු ඉස්කෝලෙ ඇරෙන වෙලාවට කල්පනා කරන්නෙ ත්‍රීවීලර් එකෙ මනුස්සයා ළමයා පරිස්සමට පන්තියට ගෙදරට දායිද කියලා..
ඔය "පොඩ්ඩක් හිනාවෙන්න බැරිද" කියලා අහන නෝනලගෙන් බහුතරයක් තොල් දෙක හොලවලා හිනා වෙන්නෙ නැත්තෙ ලිප්ස්ටික් ටික යයි කියලා බයෙ වගේ..
රජයෙ බැංකුවකට ගියාම ඒකෙ නෝනලා ඉන්නෙ අපි උන්ගෙ සල්ලි ගේන්න ගිය ගානට... හිනාවෙන්න දන්නෙම නෑ..
හැමදාම වේදනාව දුක මරණ ලේ සෙම ජරාව එක්ක ජීවත් වෙන මිනිස්සුන්ගෙන් හිනාවක් හොයන්නෙ ඒසී එකෙ ඉදන් මිනිස්සුන්ට ඔරවන මිනිස්සු ..
මතක තියා ගන්න සෞඛ්‍ය සේවකයො විතරක් නෙමෙයි එකී මෙකී නොකී සියළුම රාජ්‍ය සේවකයින් පඩි ගන්නෙ මිනිස්සුන්ගෙ බදු සල්ලි වලින්..
සමහර ගුරුවරු අතින් උනත් ළමයි වර්ගීකරණය කරගෙන කොයිබ්තරම් අසාධාරණකම් කරනවද.. වෙනවද...
අර මන් උඩින් කියපු ලියමනේ නෝනගෙ ෆෝන් එක චාර්ජ් එකට ගහලා තිබ්බම නර්ස් බැන්නලු.. එයාගෙ මහත්තයා බය වෙලාලු.. බබාට කොහොමද කියලා කෝල් එකක් දෙන්න බැරි උනාලු..
ඔයාගෙ මහත්තයගෙ බයට වඩා ඔයාගෙ චාර්ජර් එක් ගහන්න ගිහින් ඔය ප්ලග් පොයින්ට් එකක් කැඩුනම ඒකට හදිස්සි ලෙඩෙක්ගෙ මැශින් එකක් ගහ ගන්න බැරුව ඒ ලෙඩා මැරුනම ඔයාද වන්දි ගෙවන්නෙ.. නෑනෙ..
ගොඩක් මිනිස්සු හිතන දෙයක් තමා තමන්ගෙ පවුලෙ කෙනෙක් ඇඩ්මිට් කලාම එයා ගැන බැලුව නදි කියන එක..
ඔයාට එතන ඉන්නෙ ඔයාගෙ එකම රෝගියා ඔයාගෙ පවුලෙ කෙනා උනාට කාර්‍ය මණ්ඩලයට එතන ඉන්න ඔක්කොම ලෙඩ්ඩු.. එ මිනිස්සු මිසක් ඔයා දන්නෙ නෑ ඒ ඒ ලෙඩාගෙ තත්වය.. ඉතින් එයාව වැඩිපුර බැලුවා.. මහා රෑත් ඇවිත් එයාව චෙක් කලා.. අපෙ ළමයව අපෙ අම්මව බැලුවෙ නෑ කියනවා..
24 පැය සේවය කරන මිනිස්සුන්ගෙ පඩිය ගැන කතා කරන්නෙ ඒ මිනිස්සු ජීවිතේ මොන තරම් දේවල් කැප කරනවද කියලා නොදැන... අන්න ඒ හින්දා මතක තියා ගන්න චෝදනා කරන්න කලින්... හිතන්න..
මම කියන්නෙ 100% හරියටම වැඩ කරන අය ඉන්නවා කියලා..ඒක හැම ආයතනයකටම පොදු දෙයක්.. මන් මේ වැරදි කරන අයගෙ සුදු හුණු ගානවා නෙමෙයි.. බහුතරයක් වූ රෝගීන් වෙනුවෙන් කැප වෙන කාර්‍යමණ්ඩලය ගැන් කතා කලේ..
මමත් නර්ස් කෙනෙක් නිසා මේ කතාව දිරවන්නෙ නැති වෙයි.. ඔය මන් උඩින් කියපු තැන් වලත් හොද මිනිස්සු ඉන්නවා.. ගොඩක් අය ... අදාල අයට පමණයි..
අහින්සා පැහැසරණි
වචනවල හැම වගකීමක්ම බාර ගන්නවා..
2019.06.06

ජීවිතේ අතපතගාලා තේරුම් ගන්න බෑ..

ජීවිතේ අතපතගාලා තේරුම් ගන්න බෑ..
කට්ටක් කන්නම වෙනවා.
මිනිස්සු ආසයි තනි වෙන්න...
තනි වෙලා ජීවිතේ ගැන හිතන්න..
කෝපි කෝප්පයක් වක් කරගෙන
මතක දිගේ අතීතෙට යන්න...
ඒ මතක වල හැපි හැපි ඇස් වලට කඳුළු පුරවා ගන්න...
ලස්සන තැන් මතක් කරලා හිනා වෙන්න..
බැරිම උනොත් ඉකි ගහලා අඩන්න...
ඒත් ...
දන්නවද ලෝකෙ ඉන්නවා තනි වෙච්ච මිනිස්සු ...
ගෙදරින් ඈත් වෙලා ආදරණීයන්ගෙන් ඈත් වෙලා පුන්චි වපසරියකට සීමා වෙච්ච මිනිස්සු...
ඇහැරෙනවා...
උයාගෙන කනවා..
නැත්නම් කඩෙන් කනවා..
ජොබ් එකට යනවා..
ආයෙ එනවා...
මහන්සියට නින්ද යනවා..
ආයෙ නැගිටිනවා..
එකම රවුමක වටේ දුවන මිනිස්සු ...
කොයි තරම් කෝල්ස් ආවත්...
කොයිතරම් මිනිස්සු ලග පාතක හිටියත්...
ඒ හිත් වලට දැනෙන තනිකම..
හරි මූසලයි...
හීල්ලෙන වාර ගාන...
කොට්ටෙ තෙත බරියම් වෙනකම් ඉකි ගහන්න...
ජීවිතේ මගෑරෙන තත්පරයක් ගානෙ සතුට ගැන හීන දකින්න..
ඒ හීන හැබෑ නොවන බව දැනෙනකොට නහය බ්ලොක් වෙනකම් ..
ඇස් රතු වෙනකම්..
කටහඩ වෙනස් වෙනකම් අඩන්න...
මෙලෝ රහක් නැති කෑම තුන් වේලටම කන්න..
නොකෑවත් කෑවා කියන්න..


දන්නවද අමාරුම දේ..
තමන්ගෙම අයට තමන් සතුටින් කියලා පෙන්නන්න...
සාමාන්‍ය විදිහට හැසිරෙන්න..
අර කතාවක් තියනවනෙ..
ගොඩක්ම හිනා වෙන්නෙ දුක හංගා ගත්ත මිනිස්සු කියලා..
බොරුවට හිනා වෙන එකත් ලේසි නෑ...
ඔය ඔක්කොම මැද්දෙ ජීවිතේට එන ප්‍රශ්න වලට පිළිතුරු හොයන එක..
කොල්ලෙක් කෙල්ලෙක් කියලා වෙනසක් නෑ..
ජීවිතේ අතාරින්න හිතෙන වාර එමටයි...
පාළුවෙන් මිදෙන්න එක එක දේවල් වලට හිත ඇබ්බැහි කරන එක...
සමහර විට ජීවිතේ හරියාවි..
නැත්නම් අන්තෙටම කෙලවේවි...
උනොත් ඔය දෙකෙන් එකයි...
ඒත් මුකුත් නොදන්න මිනිස්සු ඒ වගේ ජීවිත වලට හිනා වෙනවා..
ඒ මිනිස්සු ජීවිත වල විදවන තරම ..
ඔය හිනා වෙන මිනිස්සු නොදන්නවා ඇතී..
ජීවිතේ හති වැටුනම...
ආයෙමත් පුංචි කාලෙට දුවන්න තිබ්බනම්..
හිතෙන වාර අනන්තයි ...
ඒත්...
මේ ලෝකෙ...
මේ තනිකම එක්ක...
ගොඩක් මිනිස්සු අසරණ වෙලා..
ඉස්සරහට යන්නත් බැ...
නොයත් බෑ..
ඔව්...
ඒ තමයි ජීවිතේ ...
අහින්සා පැහැසරණි
2019.06.27

Sunday, June 30, 2019

ගෑණුහිත්

ගෑණුහිත්


කොයි ගෑණු හිතද අකමැති..
තමන් අසීමාන්තිකව ආදරේ කරන පිරිමියගෙ ඇස් වලට එඹිලා බලන් ඉන්න...
ආදරේ දැනුන මුල් කාලෙ...
ලැජ්ජාවට බිම බැලුනට...
ආදරේ දැනෙන්න දැන්නෙන්න කෙල්ලට පුළුවන් ඒ ඇස් අස්සටම කිමිදිලා ආදරේ හොයන්න...
ඇස් අස්සෙන් හදවතට එඹිලා ඒ හදවත කියවන්න...
ඇස් කියන්නෙ ආදරේ දැනෙන තවත් විදිහක්...
ඇස් වලට පුළුවන් හිනාවෙන්න...
ඒ වගේම ඉකි ගගහා අඩන්න...
ඒ මොන දෙ උනත් තමන්ගෙ ආදරේ කරන පිරිමියගෙ බෙල්ල වටෙ අත් දෙක ඔතාගෙන ඒ ඇස් කියවන්න නිමේෂයක්...
ඒක හීනයක්...
ඒ ආදරේ දරන්නම බැරුව ලාවට ඇස් පියන් වැහෙනකොට...
දැනෙන සියුම් ස්පර්ශයකට පුළුවන් ආදරේ හිනි පෙත්තටම නගින්න..
මිදෙන්නට ලෝභ ඒ වගෙ නිමේෂයක...
තොල් පෙති ලගටම ලං වෙනකොට...
බෙල්ල අතෑරලා පැනලා දුවන්න...
ඈතකටම නෙමෙයි...

එහෙම දුවද්දි ඒ දරදඩු අත් වලටම ආයෙත් හිර වෙලා ....
බලහත්කාරෙන් දෙන සිපුමක ආදරේ විදගන්න...
ඒ දරදඩු කම් ගාව ගෑණු හිත් බොළඳයි...
ඒකයි තවත් හුරතල් වෙන්නෙ...
හති වැටෙනකම් ලැබෙන සිපුමක්...
සීමා මායිම් නැතුව විදගන්න..
ගෑණු හිත් ආසයි ඒ පපුව උඩම හති අරින්න..
කිව්වට මොකද...
ඒ පපුව උඩම නින්ද යනවට...
ඊටත් වඩා ගෑණු ආසම ඒ පපුව උඩම ඇහැරෙනවට...
ඒ උණුහුමට තව තවත් තුරුල් වෙන්න..
එක හිතින් ආදරේ කරන ඕනිම ගෑණියෙක්ට පුළුවන්...
මන් ඔය උඩින් කියපු කාරණා වෙනුවෙන් මරාගෙන මැරෙන්න...
නැත්නම්...
ඒ පිරිමි පපුවෙ සැනසීම වෙනුවෙන් තමන්ගෙ
ආත්මෙම මරාගෙන ඒ ඇස් දෙක අතාරින්න...
එහෙම ගෑණු එමටයි...
හැබැයි හරි එක හොයා ගන්න අමාරුයි...
<!- start disable copy paste --> </!->

Your Website Title

අතිශයින් සිසුහෙදියන්ට පමණයි

අතිශයින් සිසුහෙදියන්ට පමණයි


නර්සින් එක්ක හිනා වෙන්න..
"මිස්ට නර්සින් එපා උනෙ නැද්ද nts කාලෙ...?"
ඉන්බොක්ස් මැසේජ් එක ඇවිත් ටික දවසක්.. ඒකට දෙන්න ඕනි උත්තරේ කෙටියෙන් කියලා ඉවර කරන්න බැරි නිසා මන් නිහඩ උනා..
හරියටම කියුවොත් මට නර්සින් එපා උනේ ඉන්වවීව් දවසෙ... 5000ක් දවස් දෙකකින් ඉන්ටවීව් කරන්න අරගෙන මන් ගිය දවසෙ මාව ඉන්ටවීව් එකට ගන්නකොට හවස පහයි.. උදෙ තුනෙ ඉදන් ඇද ගත්ත සාරිය (මොකො ඒ කාලෙ සාරි ඇදලා පුරුද්දක් තිබුනෑ..) එපාම වෙලා හිටියෙ.. පැයගානක් නැතුව වතුර බෝතලෙවත් ලග නැතුව පෝලිම් වල කට්ට කනකොට හිතුනෙ ඉන්ටවීව් කියන්නෙ මෙ තරම් ජරාවක්ද කියලා.. මොකද ඒ මගෙ පළවෙනි ඉන්ටවීව් එක... හැබැයි ඒකෙන් උන හොදම දේ මගෙ ජීවිතේට වටිනම යාළුවෙක් ලැබුන එක...
දෙවනියට නර්සින් එපා උනේ nts එකේ ඉන්ටවීව් දවස.. බැජ් එක A, B කියලා කොටස් දෙකකට කඩලා A බැජ් එක ඉන්ටවීව් කලෙ අන්තිමට... එදත් කට්ට..
ඒකත් කමක් නැ කියලා හිත හදා ගත්තම යුනිෆෝම් එකට දුන්නා කොට්ට උරෙ වගෙ සුදු ගවුමකුයි , කළු සපත්තු දෙකකුයි... කෝ අර හොයාගෙන ආපු යුනිෆොම් එක...
අදුරන මනුස්සයෙක් හම්බවෙනකොට මූණ දෙන්න ලැජ්ජයි.. ඒ තරම් කැතයි... ඒත් මොනා කරන්නද .?
හෙට තියන ෆන්ක්ශන් එකට අද හවස රෙඩි වෙන්න ගියාම... අර කොතනත් වගෙ පොදු වැඩකට කැප වෙන උන් ඉන්නෙ ටිකයි... ඉතින් උන් ටිකත් ලාහෙට ගෙම්බො එකතු කරනව වගෙ කරන්න ගියාම.. කරලා ඉවර වෙලා බැනුම් අහනකොට... 
ඔක්කොමත් හරි වෝඩ් ගිය දවසෙ ඉදන් " පොඩි මිස් මේක මෙහෙමද කියලා තියෙන්නෙ..මෙහෙමද... මෙහෙමද...??"
දවල් දොළහට පේශන්ලා බලන්න ගෙදරින් එන වෙලාවට, සමහර වෙලාවට පේශන්ලා මුළු වෝඩ් එකම ඉස්සරහා පළු යනකම් බැනුම් අහලා ඇති.. අම්මෝ ඇස් වල කඳුළු පුරවගෙන..
සමහර වෙලාවට පේශන්ලම කියනවා අනෙ පොඩිමිස් අඩන්න එපා කියලා..
බැනුම් අහන එක ගැනනම් කවර කතාද... බුදු අම්මෝ.. ගෑණු ළමයි මෙ තරම් බැනුම් අහන වෙන රස්සා තියෙයිද කියලා ඇහුවොත් මන් නම් දන්නෙ නෑ..
පේශන් කෙයා එකත් ලේසි වැඩක් නෙමෙ... කෙල්ලෙක්ට පුළුවන්ද කිලො අසූවක් අනුවක් වෙච්ව පේශන් කෙනෙක් එගා මෙහා කරන්න.. බෙඩ් බාත් දෙනකොට කොන්ද නමාගෙන දාඩිය පෙරාගෙන ඇදගෙන ඉන්න පැම්පස් පවා මාරු කරනකොට එපා වෙනවද කියලා අහනන් දෙයක් නෑ... එපා වෙනවා ...

ගද ගහන තුවාල වල සිරි සිරි ගාන පණුවො අයින් කරනකොට එපා වෙනවද කියලා අහන්නත් දෙයක්ද ..?
කොච්චර කලත් හොඳක් නම් මෙ කපේදි අහන්න වෙන්නෙ නෑ..ඒක තමා තිත්ත ඇත්ත...
ඒ අස්සෙ එක්සෑම් අසයින්මන්ට් ප්‍රොසීඩියර් තව ප්‍රොසීඩියර් කරලා සයින් කර ගන්න පොත් හදන්න ඔය අස්සෙ මාසෙට දෙක තුන ෆන්ක්ශන් කරන්න මාසෙකට සැරයක් පිරිත් කියන්න තව ෆීල්ඩ් යන්න වැඩ කෝටියක්...
අර දිනෙ මේ දිනෙ වෙනුවෙන් උත්සව ලෙක්චර්ස් ....
එපා වෙන එක අහන්නත් දෙයක් නෙමෙයි.. ඒ මේ අස්සෙ ෆර්ස්ට් ඉයර් ෆේල් උනොත් ආසාවෙන් අදින්න ආපු යුනිෆොම් එකත් නෑ.. එතන වැටෙන වැටිල්ල ආයෙ සක්‍රයා ආවත් නැගිට්ටන්න බෑ..
ඒත්....
ප්‍රශ්නයක් තියනවා..
මෙහෙම එපා වෙන තරමට එපා උනානම්..
අද මේ තරම් සතුටින් නර්සින් කරන්නෙ කොහොමද...?
අන්න එතනයි කාරණාව..
හිතන්න..
කොච්චර අමාරුවෙන් කොන්ද කඩාගෙන හේදුවත් පේශන් සනීපෙට හිනා වෙනකොට පින් දෙනකොට ඒ මහන්සිය කොහෙන් ගියාද දන්නෙ නෑ..
ඇවිදගන්න බැරුව එන පේශන් කකුල් දෙකෙන් ඇවිදන් ගෙදර යනකොට.. සමහරවිට පේශන් යන්නෙත් අපිට බැන බැන වෙන්න පුළුවන්..ඒත්... ඒ යන්නෙ අපි හින්දා කියලා දැනෙනකොට හිතට දැනෙන හැගීම..
ඒක හරි නිරාමිශයි...
ෆන්ක්ශන් කරන්න කොච්චර කට්ටක් කෑවත් කරලා කොච්චර බැනුම් ඇහුවත් යාළුවො එක්ක එකතු වෙලා කරපු වැඩේ ප්‍රතිපලය ස්ටේජ් එකක් උඩ ලස්සනට දිගෑරෙනකොට...
අද ඔය එපා වෙන්නෙ නැද්ද අහපු NTS එක අවුරුදු තුන ඉවර වෙලා එළියට බහිනකොට දැනේවි... අනෙ අපි ගත කලෙ කොයිතරම් ලස්සන කාලයක්ද කියලා.. අපි කොයිතරම් නිදහසක් වින්දද කියලා... බැන්නත් සිස්ටර්ස්ලා ජීවිතෙට එකතු කරපු දේවල් කොයි තරම් වටිනවද කියලා දැනේවි.. එතනින් එළියට ආවමහම...
මොන ප්‍රශ්නෙ ආවත් බැජ් එකක් එක්ක මූණ දුන්න කාලෙ ආයෙ එන්නෙ නෑ.. තනියම වගකීම් ගොඩක් අතට ගන්න වෙනකොට, තනියම වාට්ටුවෙ වගකීම් බලා ගනන් වෙනකොට ලෙඩ්ඩු 60ක් 70 ක් ඉන්න වාට්ටුවක තනියම නයිට් ඩියුටියක් වැටුනම ඔය ජීවිතේ කොයිතරම් ලස්සනද කියලා තේරෙයි...
වැදගත් වෙන්නෙ කොයිතරම් ප්‍රශ්න එනවද කියන එක නෙමෙයි..
අපි ඒවට මූන විදිහට මූණ දෙනවද කියන එක...
මොන දේ උනත් මූණෙ රැදෙන හිනාව නැති කර ගනන් එපා.. මොකද අපෙ ප්‍රශ්න ප්‍රශ්නයක් වෙන්නෙ අපිට විතරමයි... ඒක තව කෙනෙක්ට කවදාවත් ප්‍රශ්නයක් නෙමෙයි...
ඉතින් ඔයාගෙ මූණෙ හිනාව අතුරුදහන් උනාම අනිත් අය ඔයා ගැන හිතන පතන විදිහ වෙනස් වෙනවා..
ප්‍රශ්න එන්නෙ මිනිස්සුන්ට ... අඩන්නම ඔනි නම් කෑ ගහලා අඩපන්... ඒත් ඒ කදුළු පිහලා ඊලග තත්පරෙ හිනා වෙන්න ඕනි... ඕනිමයි...
මොකද තමන්ට ඉතුරු වෙන්නෙ ඒ හිතෙ හයිය . කවදාවත් තව කෙනෙක්ගෙ හයියෙන් ජීවත් වෙන්න එපා.. මොකද ඒ හයිය නැතුව යන පළවෙනි තත්පරේම අපි වැටෙනවා.. ඒ හින්දා තමන්ගෙ හයිය තමන්මයි.. ඒක මතක තියා ගන්න..
පුන්චිම පුන්චි දෙයින් සතුටු වෙන්න...
ඔය සුදු ගවුම් රතු පටි නිල් අටි මාරු වෙලා කළු පටිය අස්සෙ ජීවිතේ හැංගෙනකොට , කැලැන්ඩර් අස්සෙ රොස්ටරෙ ඇතුලෙ ජීවිතේ තීරණය වෙනකොට හිතේවි.. NTS කාලෙ කොච්චර ලස්සනද කියලා..
එහෙමයි කියලා ස්ටාෆ් ජීවිතේ නරකම නෑ.. ඉන්න තැන හිනා වෙලා තමන්ගෙ පරිසරය තමන් හදා ගන්න.. ඉන්න මිනිස්සු එක්ක හිනා වෙලා කතා කරලා ප්‍රියමනාප පරිසරය හදා ගන්න...
ඔයා දිහටම හිනා වෙනකොට ඔරවන කෙනාට හැමදාම ඔරවන්න බෑ. ඒක මතක තියා ගන්න..එයා හෙමිහිට හිනා වෙන්න පුරුදු වෙනවා.. ඒකට කියන්නෙ අනුවර්තනය ...
තමන්ගෙ ජීවිතේ අදාල තැනට අනුවර්තනය කර ගන්න... සතුට මවා ගන්න.. නොපෙනන සතුටක් හදවතින් විදින්න..
NTS නෙමෙ ජීවිතේ කොයිම තැනක්වත් ඔයාට එපා වෙන්නෙ නෑ.. ඒක ස්තීරයි.
අඩ අඩ හිනා වෙන හිත් හරි හයියයි... ඒක දන්නෙ අත්දැකීමෙන්.. දවස් බාගෙක ලීව් එකකට බැජ් එකක්ම මිස් වෙලා ජූනියර් බැජ් එකත් එක්ක එක්සෑම් කරලා රටෙ අන්තිම කෙරවලෙ ජොබ් එක කරන මට එපා නොවුන නර්සින් සිස්ටර් කෙනෙක් මිස් කෙනෙක් බැන්නට ප්‍රොසීඩියර් අමාරු උනාට ඔයාට කොහොම එපා වෙන්නද...
නංගි...
මේ අදින යුනිෆොම් එකෙ ඉදන් රස්සාවෙ හැම දේකටම ආදරේ කරන්න.. කවදාවත් එපා වෙන්න නෑ... අත්දැකීමෙන් කියන්නෙ..
වෙනදා ලියන අහින්සා අක්කා නෙමෙයි මේ... පුන්චි කාලෙකට රස්සාව උපරිමේට විදින මම අහින්සා මිස්
2019.06.24