නොදනී තවමත් ඔබෙ ආදරේ
(අහිමි සෙනෙහස 2 -කෙටි කතාව)
"දුවේ....දුවේ...."
"මොකෝ දරුවො මේ දොර වහගෙන...එන්නකෝ. එලියට .... ආන් මම චොක්ලට් ගෙනාවා...පුතේ චිකන් වගේකුත් ඇති...අයිස් යන්න වතුරට දාන්න..මම හදන්නම්..."
"සුද්දියේ...අනේ මගෙ දුවේ...මොකෝ මේ...දොර අරින්නකො දරුවො..."
"තාත්තෙ .."
ලිහිණි හෙමිහිට වැහුනු දොර ඇරියත් දොර රෙද්දට මුවා වෙලා හිටියෙ ...පාසල් සුදු ගවුම පිටින්ම එහෙම ඉන්න ලිහිණි දැක්කම ලිහිණිගෙ තාත්තා ගොඩක් බය උනා...
"මොකක් කරනවද සුද්දි...මාව බය නොකර එළියට එන්න.."
"එළියට එන්න බෑ..."
"ඇයි...?උබට මොන යකා ගහලද...?"
"ගවුමෙ මොනාද තියනවා..."
"මොකක්..?"
"තාත්තෙ මේ මේ මොනාද ..මේ..."
"අනේ රත්තරනේ..පොඩ්ඩක් ඉන්න..මේ මේ මන්නෙ ඔයා ලගින් තියා ගනින් තනි වෙනවට.මම එහා ගෙදර නැන්දට කතා කරන්නම්.."
මේ සුමින්ද ...සුමින්ද ලිපිකරුවෙක්...පාසල් වියේදීම පැටලුණු ප්‍රේමයේ ප්‍රතිපලයක් විදිහට සුමින්දත්, රේනුකාත් විවහා උනේ අවුරුදු පහක ප්‍රේම සබඳතාවක විදිහට.
විවහා වෙලා අවුරුදු දෙකක් යද්දි ලිහිණි එයාලගෙ ජීවිතේට ආවෙ ගේම එළිය කරලා...රෝසම රෝස පාට කෙල්ලව සුමින්ද අතට ගත්තෙ ආදරේ දෝරගලද්දි..
ඒත් රේණුකා....
රේණුකා කියුවෙ ළිහිණිට කිරි දෙනකොට එයාගෙ ඇගේ හැඩේ අවුට් යනවා කියලා.එහෙමයි කියලා මේ කිරිසප්පයට පිටි කිරි දෙන්න ගත්තෙ මාස දෙක යන්නත් කලින්..
සුමින්ද මේ හැම දේම ඉවසුවෙ රේණුකාට තියන ආදරේ නිසා.
ඒත් එන්න එන්නම රේණුකා ගෙදර වැඩත් දරුවාගේ වැඩත් මගෑරියා..ලිහිණිට අවුරුද්ද ලබලා ටික දවසක් යද්දි රේණුකාට ජොබ් එකක් ඕනි උනා..සුමින්දගෙ අකමැත්තෙන්ම ටවුන් එකේ සැලෝන් එකක වැඩට ගියෙ ඔය අතරෙ...
දරුවා හිටියෙ සුමින්දගෙ අම්මා ලග.වැඩ ඇරිලා ආවම මහන්සි කියලා නිදා ගන්නවා ඇරෙන්න රේණුකා දරුවා ගැනවත් බැලුවෙ නෑ..
දෙන්නා අතර පොඩි පොඩි ප්‍රශ්න ඇති උනත් සුමින්ද නිතරම ඉවසුවා..
මේ අතර තමයි සුමින්දගෙයාලුවෙක් දීපු පණිවිඩේකට සුමින්ද ලැගුම් හලක වෙන පිරිමියෙක් එක්ක හිටපු රේණුකා අතටම අල්ලා ගත්තෙ..
එතකොට ලිහිණිගෙ මල්ලිට මාසහතරයි...එදාම අවුරුදු පහක් වෙච්ච ලිහිණිවත් , අතදරුවවත් දාලා රේණුකා ගෙදරින් යන්න ගියෙ අර මනුස්සයත් එක්ක..
එදා ඉදන් දරුවො දෙන්නා ඇස් දෙක වගේ රැක්ක සුමින්ද දරුවො දෙන්නා මේ තත්වෙට ගන්න නොවිදිනා දුක් වින්දා...අම්මලගෙ වෙනස් කසාදයක් කර ගන්න කියන බලපෑම වැඩි උනත් සුමින්ද දරුවො දෙන්නා ගැන හිතලා වෙනත් කසාදයක් කර ගත්තෙ නෑ...
.........................
අම්මඑක් නැති දියණියක් වැඩි වියට පත් උනාම තාත්තා කෙනෙක්ට ලොකු වගකීමක්..අම්මා කෙනෙක් වගේ ලොකු මහත් වෙච්ච දියණියක්ගෙ හැම දේටම ඇගිල්ලෙන් ඇන ඇන හොයන්න තාත්තා කෙනෙක්ට බෑ..
ගෑණු ලමෙක්ට අවශ්‍ය මොනාද , අසනීපයක් උනාම කියන්න, ඇදුම් පැළදුම් කරන විදිහ මේ හැම දේටම අම්මෙක් ඕනිමයි..
වැඩි වියට පත් උනාට පස්සෙ ලිහිණි ගෙදර ලොකු වැඩ කොටසක් අතට ගත්තා..තාත්තා වැඩට ගිහින් එනකොට උයන්න, මල්ලිගෙ පාසල් වැඩ කරවන්න, මල්ලිගෙ රෙදි සෝදන්න, ගෙවල් මිදුල් පිළිවලට තියා ගන්න වැඩ එක්ක ඉගන ගන්න වැඩ උනත් කරන්න ලිහිණි ලොකු උත්සහයක් ගත්තා..
............
ලිහිණි හැමදාම පරක්කු වෙලා ඉස්කෝලෙ එන්නෙ..?
ලිහිණි මොකෝ දීපු ගෙදර වැඩ කලේ නැත්තෙ..??
ලිහිණි මොකෝ නිදි කිරන්නෙ...ගෙදරෛදන් ලමයි බල ගන්නවද...?
ඔය වගේ කතා ලිහිණිට පුරුදුයි.යහළුවන්ගෙ හිනා හඩ මැද ලිහිණි හැමදාමත් ඇස් වල කදුලු පුරවා ගන්නවා..
"එයාගෙ අම්මා දාලා ගිහින්නෙ ටීචර් ...ඉතින් ගෙදර වැඩ කරලා මල්ලි බලා ගන්නෙත් එයා...අලුතින්ම ආපු ගුරුවරියකට ඔය කතාව කියුවම ලිහිණිට මුළු කතාවම එයාට කියන්න වෙන එක සාමාන්‍ය දෙයක්.ඊට පස්සෙ හැමෝම ලිහිණි දිහා බලන්නෙ අනුකම්පාවෙන් .ලිහිණි ඒකට කැමතිත් නෑ..
........................
"මොකෝ සුද්දි අමරුවෙන් වගේ...මූණත් මැලවෙලා.."
තාත්තා අහද්දි ලිහිණි ලොකු අපහසුතාවයකට පත් වෙන්නෙ...අම්මෙක්ට හැදෙන හැම අසනීපෙම කියුවට තාත්තෙක්ට කියන්න දුවෙක්ට අමාරුයි.ඒ වෙලාවට ලිහිණි කතාව මගාරිනවා..
"නෑ තාත්තා මේ මගෙ ඔලුව රිදෙනවා.."
"කෝ කියුවට අහනවයේ...ගෙදර වැඩ ටික ඔක්කොම බදාගෙන...
තාත්තා කියන්නෙ ලිහිණි ගැන උපන් අනුකම්පාවෙන්..
................
ඉස්කෝලෙට ටියුෂන් පන්ති වලට ලමයි එන්නෙ අම්මගෙ අතේ එල්ලිලා...ඉස්කෝල පන්ති ඇරෙන වෙලාවටත් ගේට්ටු ලග ඉන්න අම්මල දැක්ක්ම ලිහිණි ඇස් වලට එන කදුලු නවත්තා ගන්නෙ බොහොම අමාරුවෙන්..
"මේ ගවුම මැහුවෙ අපෙ අම්මා..."
"අපෙ අම්මත් ශොපින් කරලා...මට අර ඩෙනිම් කෝට් එක ගෙනත් තිබ්බා.මම එදා කියුවෙ..."
"අපෙ අම්මා කට්ලට් හැදුවනෙ...මේ ඔයලාටත්.."
යාලුවො ඔහොම කතා කරද්දි ලිහිණි කරන්නෙ මුණිවත රකින එක.
............
එක දවසක් බස් එකේ යද්දි ලිහිණි ලගම ශිඋට් එකේ හිටගෙන හිටපු මිනිහා ලිහිණිගෙ ඇගට හේත්තු වෙනවා.ඒ මදිවට කලිසමේ ශිප් එකත් ඇරලා දාලා...ලිහිණි හොදටම බය උනා..
මෙහෙම දෙයකුනාම ඕනිම ගෑණු ලමෙක් මුලින්ම කියන්නෙ අම්මට..එදා ලිහිණි ගෙදර ඇවිත් හොදටම ඇඩුවා..
...............
දැන් ලිහිණිගෙ වයසෙම පිරිමි ලමෙක් ලිහිණිගෙ න් යාලු වෙන්න අහනවා..තාත්තට කියනත්
බයයි තාත්තා ගහන්න යයි කියලා කියන්න කෙනෙක්කුත් නෑ..නොකියත් බෑ ඒ ලමයා කියන දේ අහන්නෙත් නෑ...
"සුද්දී.."
"තාත්තා..."
"මොකක්ද මේ මිනිස්සු කියන කතාව සුද්දි..."
"මොකක්ද තාත්තා "
"උබ කොල්ලෙක් එක්ක යාලු වෙලා කියන කතාව..."
"නෑ තාත්තා අර අර..."
"කට වහපන්..අහන දේට විතරක් උත්තර දියන්..ක"
තාත්තා අද බීලා කියලා ලිහිණිට හිතුනා..ලිහිණිට ඇඩුනෙ ඒ නිසාමයි..
"තාත්තා මම කියන දේ පිලිගන්නත් නෑ...මට මේවා කියන්න කවුද ඉන්නෙ...අම්මෙක් ඉන්නවා කියලයෑ..."
ලිහිණි කෑ ගගහා අඩනකොට තාත්තට ගොඩක් දුක හිතුනා..ලිහිණිව තුරුල් කරන් තාත්තත් ඇඩුවෙ ඒකයි...
................
අද ලිහිණිගෙ මංගල දවස...තාත්තා ලිහිණි ලස්සන මනමාලියක් කලා..ලිහිණිත් අම්මා කෙනෙක් වෙයි ..එයා හැබැයි ලිහිණිගෙ අම්මා වගේ වෙන එකක් නෑ කවදාවත්ම...
......................
මගෙ අහිමි සෙනෙහස කතාව කියවපු යාළුවෙක් මගෙන් ඇහුවා ඇයි එක පැත්තක් ගැන විතරක් කියන්නෙ කියලා..නෑ...මට ඒකෙන් ඕනි උනේ තාත්තා විතරක් වැරදි කියන්න නෙම්ව්‍යි.මේ සමාජෙ තාත්තලගෙ වැරදි නිසා දුක් විදින ලමයින්ව නියෝජනය කරන්න.
ඉතින් මම මව් සෙනෙහස අහිමි දරුවෙක් ගැන අද ලියුවා..කොයි තරම් දුරට සාර්ථක ද මම දන්නෙ නෑ...එර්ත් හිතට දැනුන දේ ලියලා යන්න.
දරුවන් වෙනුවෙන් කැපවන දහසකුත් අම්මලා තාත්තලට මගේ උපහාරය.නමුත් අද සමාජේ මේ වගේ ප්‍රශ්න වැහි වැහැලා.ට්බිත්ත උනත් ඇත්ත ඒක.
පුන්චි ප්‍රශ්න නිසා, නැත්නම් තාවකාලික සතුටක් නිසා තමන්ගෙ පවුල අතෑරලා දාලා ගියාම දුක් විදින්නෙ දරුවො...ඒකයි ඇත්ත
