ඇය
හොයන්නෙම ඇගෙ මුවින් හිනාවක්...
කරුණාබරව වදනක්...
හිතුවාද ඇය කොහොම ...
විදිනවාදැයි දවසක්....
කරුණාබරව වදනක්...
හිතුවාද ඇය කොහොම ...
විදිනවාදැයි දවසක්....
වැඩ වැඩී කියුවාම...
OT නේද අහනකොට...
සිනා සී නිහඩ වන්නෙමි....
රුපියල් කාසි වලට...
හැංගිය හැකිද ...
සුසුමක්...
OT නේද අහනකොට...
සිනා සී නිහඩ වන්නෙමි....
රුපියල් කාසි වලට...
හැංගිය හැකිද ...
සුසුමක්...
වරු ගනන් හිටගෙන
ඉදී ඈ සමහර දවස් වල...
දන්නවද ..
යටි බඩම ඇදුම්කන...
දිනවලත්....
ඉදී ඈ සමහර දවස් වල...
දන්නවද ..
යටි බඩම ඇදුම්කන...
දිනවලත්....
එක රැයක් නිදි වරා
දිනදෙකක් නිදියන සමහරු...
" නයිට් ඩියුටි " කියුවම...
පඩිය ගැන කියන හැටි...
දිනදෙකක් නිදියන සමහරු...
" නයිට් ඩියුටි " කියුවම...
පඩිය ගැන කියන හැටි...
පවුලෙ හැම එකතු වී
හිනැහෙනා බොහෝ දින...
එකට එකා බදාගෙන...
හඩන සමහර දින වල...
දන්නවාද මගහැරනෙ බැව්...
ඇයටත් ....
ඇගේ පවුලත්...
හිනැහෙනා බොහෝ දින...
එකට එකා බදාගෙන...
හඩන සමහර දින වල...
දන්නවාද මගහැරනෙ බැව්...
ඇයටත් ....
ඇගේ පවුලත්...
ආදරෙන් ලං වෙලා...
මුමුණන්න හිනැහෙන්න...
දන්නවද...
ඇයත් ආසයි මහාමෙරක්...
මුමුණන්න හිනැහෙන්න...
දන්නවද...
ඇයත් ආසයි මහාමෙරක්...
රුපියල් 195 කට හැකිද...
දෙවන්නට ඇයට....
පවුලක උණුහුමක්..
ආදරණීය ස්පර්ශයක්...
දෙවන්නට ඇයට....
පවුලක උණුහුමක්..
ආදරණීය ස්පර්ශයක්...
මහා රෑට සීතලේ
ගුලි වෙන්න ඔහු නැතුව..
පිසදාන බැව් කඳුළු...
ටොන් ගනන්...
ගුලි වෙන්න ඔහු නැතුව..
පිසදාන බැව් කඳුළු...
ටොන් ගනන්...
කිරි කැටි වෙච්ච තන පුඩු...
මිරිකලා සින්ක් එකට ..
පිටි කිරි පොවන බැව්..
ඇගේ කිරි කැටියට ....
මිරිකලා සින්ක් එකට ..
පිටි කිරි පොවන බැව්..
ඇගේ කිරි කැටියට ....
කොච්චර කලත් ඔච්චරයි...
ඒ හින්දමයි...
ප්‍රශංසා අහිමි හෙද කිරුළ හිස දරන්...
අමාරුකම් අස්සෙනුත්...
තවමත් හිනා වෙන්නෙ...
ඇය ..
සමග මමත්...
තාමත්...
ඒ හින්දමයි...
ප්‍රශංසා අහිමි හෙද කිරුළ හිස දරන්...
අමාරුකම් අස්සෙනුත්...
තවමත් හිනා වෙන්නෙ...
ඇය ..
සමග මමත්...
තාමත්...
අහින්සා පැහැසරණි
2019.06.06
2019.06.06