Saturday, July 13, 2019

හිර වෙන්නැති මගෙ තාත්තගෙ හුස්ම හෙමින් හෙමේ..

ලේ බිංදුව ගානෙ ගලයි සේලයින් බට දිගෙ...
තාත්තගෙ ලේ ගලන්ඇත්තෙ මගෙ මව් බිම දිගේ..
හුස්ම ගනිද්දී නුඹ දැන් හුස්ම බටේ දිගේ...
හිර වෙන්නැති මගෙ තාත්තගෙ හුස්ම හෙමින් හෙමේ..

මරතොන්ඩි රටා මැවූ නුඹෙ අත් දෙක දැකලා...
නලල් තලේ හැඩට ඇන්ද පොට්ටුව මැකිලා..
" අප්පව බේරලා ඩෙන්න" කිය කිය හඩනා...
තංගමනී දැක්ක ගමන් මගෙ හිත රිදුනා..

මලානිකව පොඩි උන නුඹෙ රතු පැහැ ඇස් දෙක...
හොයා ගන්න නහර බෑනෙ කට්ට කළුම හම...
අතක කොටපු පච්චෙ දැක්කෙ අන්තිමටම මම...
"ප්‍රභාකරන් අපේ රජා" ගසා ඇත්තෙ හම...

වේදනාවෙ නුඹෙ කෙඳිරිය ඇහෙනාකොට හෙමින්...
තාත්තා මට සිහි උනානෙ දෑසම තෙත් කරන්...
අයදින විට නුඹෙ ජීවිතේ මගෙ අත් උඩ ඉදන්...
උඹෙ උණ්ඩය යන්න ඇත්තෙ තාත්තගෙ පපු පලන්..

ලේ බිංදුව ගානෙ ගලයි සේලයින් බට දිගෙ...
තාත්තගෙ ලේ ගලන්ඇත්තෙ මගෙ මව් බිම දිගේ..
හුස්ම ගනිද්දී නුඹ දැන් හුස්ම බටේ දිගේ...
හිර වෙන්නැති මගෙ තාත්තගෙ හුස්ම හෙමින් හෙමේ..

ඉන්ජෙක්ශන් කටුව අරන් තද කරගෙන මම...
වෛරය දුක කඳුල හෙමින් දිය කර බෙහෙතක...
නුඹේ අතේ රදවලා ඇති කැනියුලාව වෙත...
ඉන්ජෙක්ශන් එක ගැහුවා "සුව වීයන් නුඹ..."

අප්පච්චිගගෙ නිසල දේහෙ බදන් මම එදා...
ඇඩුවා මතකයි හොඳටම මං හයියෙන් ඒ බදා...
තංගච්චී තංගමනී උඹෙ අප්පා එදා...
මගෙ අප්පා මැරුවත් මන් සුව පතනෙමි සදා..

වෛරය දුක වේදනාව මටත් දැනෙනවා..
හැඟීම් එක්ක වෙලාවකට මාත් මැරෙනවා..
හෙද කමකට වෛරය නෑ සුවය පතනවා..
නුඹ කල පව් නුඹ දවසක අරගෙන යනවා..

හිස රැදි තොප්පියේ මහිම මන් සුරකිනවා😢

නිමිත්ත ..හිටපු කොටි ත්‍රස්තවාදියෙකුට හෙදකම් කිරීමට සිදු වූ යුධ හමුදාවෙ සිටි පියා මිය ගිය හෙද දියණිය.

අහින්සා පැහැසරණි
2019.07.12





Friday, July 12, 2019

දාලා ගිය අප්පච්චි උඹට මන් ආදරෙයි


දාලා ගිය අප්පච්චි උඹට මන් ආදරෙයි

හූරලා දාලා නුඹ අම්මගෙ පපු කැවුතු..
ප්‍රේමයක් මුලාවක් වූවාද නිරතුරු...
ප්‍රේමයක් බැන්දාම අත්සනින් අත් අකුරු..
ගෑණු හිත් දුර්වලයි අම්මත් ඒ වගෙලු...

ලේ සුවඳ හරි ඝනයි ප්‍රේමයක මුදුනක..
ඒකමයි බඩ ඇතුලෙ ලේ බිඳු රදන්නෙම..
ලේ බිඳක් හැඳෙනකොට බඩ ඇතුලෙ සැමියගෙම..
කොයි ගෑණි නොරකින්නෙ පණ විලස දරු ගැබ..

මුලාවක බන්ධනේ තව තවත් බැඳෙනකොට
උඹ ගියේ හැම ලණු කටු කම්බි ඉරාගෙන...
අම්මගෙ ඇඩියාව වැඩි උන හින්දම...
උප්පැන්නෙ කොටුව නෑ හිස් උනේ නුඹෙ නම..

නුඹට මා මෙන් අම්මා එපා වූ දවසෙම..
අම්මා තව බැඳුනා ප්‍රේමයෙන් අපටම..
උඹ හෙමින් හැර යද්දි පියකුගෙ යුතුකම..
හංදියෙ බත් කඩෙ ඉඳුල් හේදුවෙ අම්මම...

බංගලා වල නෝනගෙ යට ඇඳුම් හිට..
හෝදලයි ලොකු කලේ අම්මා මම මේ හට...
නුඹ ගිහින් තව ගෑනු හෙව්වාට යටි කය..
අම්මා නෑ යට උනේ පිරිමින්ගෙ ඇඟකට...

කණ්නාඩියෙ උඹෙ රූපෙ මට පේනකොට...
ලේ බැම්ම හරි ඝනයි හිතෙනවා මේ මට...
අප්පච්චි හැර ගියත් නුඹ අපේ හිත්වල...
හැමදාම අඩනවා නුඹෙ සුවඳ සිහි කර..

අම්මා හැමදාකම හිතුවෙම නුඹ ගැනයි...
නෑ කියුවෙ වදනක් නුඹ ඇගෙ ජීවිතෙයි..
වෛරයක් නැතුවාම නොවේ හිත ඉනිකඩයි..
ඒත්...
දාලා ගිය අප්පච්චි මං උඹට ආදරෙයි...


නිමිත්ත... කුඩා කල තමාවත් මවත් හැර ගිය පියාට උස් මහත් වූ පුතුගෙ හදින්..

අහින්සා පැහැසරණි
2019.07.12

Monday, July 8, 2019

තවමත් නොදනී නුඹෙ ආදරේ

නොනී මත් ඔබෙ ආදරේ
(අහිමි සෙනෙහස 2 -කෙටි කතාව)


"දුවේ....දුවේ...."
"මොකෝ දරුවො මේ දොර වහගෙන...එන්නකෝ. එලියට .... ආන් මම චොක්ලට් ගෙනාවා...පුතේ චිකන් වගේකුත් ඇති...අයිස් යන්න වතුරට දාන්න..මම හදන්නම්..."
"සුද්දියේ...අනේ මගෙ දුවේ...මොකෝ මේ...දොර අරින්නකො දරුවො..."
"තාත්තෙ   .."
ලිහිණි හෙමිහිට වැහුනු දොර ඇරියත් දොර රෙද්දට මුවා වෙලා හිටියෙ ...පාසල් සුදු ගවුම පිටින්ම එහෙම ඉන්න ලිහිණි දැක්කම ලිහිණිගෙ තාත්තා ගොඩක් බය උනා...
"මොකක් කරනවද සුද්දි...මාව බය නොකර එළියට එන්න.."
"එළියට එන්න බෑ..."
"ඇයි...?උබට මොන යකා ගහලද...?"
"ගවුමෙ මොනාද තියනවා..."
"මොකක්..?"
"තාත්තෙ මේ මේ මොනාද ..මේ..."
"අනේ රත්තරනේ..පොඩ්ඩක් ඉන්න..මේ මේ මන්නෙ ඔයා ලගින් තියා ගනින් තනි වෙනවට.මම එහා ගෙදර නැන්දට කතා කරන්නම්.."
මේ සුමින්ද ...සුමින්ද ලිපිකරුවෙක්...පාසල් වියේදීම පැටලුණු ප්‍රේමයේ ප්‍රතිපලයක් විදිහට සුමින්දත්, රේනුකාත් විවහා උනේ අවුරුදු පහක ප්‍රේම සබඳතාවක විදිහට.
විවහා වෙලා අවුරුදු දෙකක් යද්දි ලිහිණි එයාලගෙ ජීවිතේට ආවෙ ගේම එළිය කරලා...රෝසම රෝස පාට කෙල්ලව සුමින්ද අතට ගත්තෙ ආදරේ දෝරගලද්දි..
ඒත් රේණුකා....
රේණුකා කියුවෙ ළිහිණිට කිරි දෙනකොට එයාගෙ ඇගේ හැඩේ අවුට් යනවා කියලා.එහෙමයි කියලා මේ කිරිසප්පයට පිටි කිරි දෙන්න ගත්තෙ මාස දෙක යන්නත් කලින්..
සුමින්ද  මේ හැම දේම ඉවසුවෙ රේණුකාට තියන ආදරේ නිසා.
ඒත් එන්න එන්නම රේණුකා ගෙදර වැඩත් දරුවාගේ වැඩත් මගෑරියා..ලිහිණිට අවුරුද්ද ලබලා ටික දවසක් යද්දි රේණුකාට ජොබ් එකක් ඕනි උනා..සුමින්දගෙ අකමැත්තෙන්ම ටවුන් එකේ සැලෝන් එකක වැඩට ගියෙ ඔය අතරෙ...
දරුවා හිටියෙ සුමින්දගෙ අම්මා ලග.වැඩ ඇරිලා ආවම මහන්සි කියලා නිදා ගන්නවා ඇරෙන්න රේණුකා දරුවා ගැනවත් බැලුවෙ නෑ..
දෙන්නා අතර පොඩි පොඩි ප්‍රශ්න ඇති උනත් සුමින්ද  නිතරම ඉවසුවා..
මේ අතර තමයි සුමින්දගෙයාලුවෙක් දීපු පණිවිඩේකට සුමින්ද ලැගුම් හලක වෙන පිරිමියෙක් එක්ක හිටපු රේණුකා අතටම අල්ලා ගත්තෙ..
එතකොට ලිහිණිගෙ මල්ලිට මාසහතරයි...එදාම  අවුරුදු පහක් වෙච්ච ලිහිණිවත් , අතදරුවවත් දාලා රේණුකා ගෙදරින් යන්න ගියෙ අර මනුස්සයත් එක්ක..
එදා ඉදන් දරුවො දෙන්නා ඇස් දෙක වගේ රැක්ක සුමින්ද දරුවො දෙන්නා මේ තත්වෙට ගන්න නොවිදිනා දුක් වින්දා...අම්මලගෙ වෙනස් කසාදයක් කර ගන්න කියන බලපෑම වැඩි උනත් සුමින්ද දරුවො දෙන්නා ගැන හිතලා වෙනත් කසාදයක් කර ගත්තෙ නෑ...
.........................
අම්මඑක් නැති දියණියක් වැඩි වියට පත් උනාම තාත්තා කෙනෙක්ට ලොකු වගකීමක්..අම්මා කෙනෙක් වගේ ලොකු මහත් වෙච්ච දියණියක්ගෙ හැම දේටම ඇගිල්ලෙන් ඇන ඇන හොයන්න තාත්තා කෙනෙක්ට බෑ..
ගෑණු ලමෙක්ට අවශ්‍ය මොනාද , අසනීපයක් උනාම කියන්න, ඇදුම් පැළදුම් කරන විදිහ මේ හැම දේටම අම්මෙක් ඕනිමයි..
වැඩි වියට පත් උනාට පස්සෙ ලිහිණි ගෙදර ලොකු වැඩ කොටසක් අතට ගත්තා..තාත්තා වැඩට ගිහින් එනකොට උයන්න, මල්ලිගෙ පාසල් වැඩ කරවන්න, මල්ලිගෙ රෙදි සෝදන්න, ගෙවල් මිදුල් පිළිවලට තියා ගන්න වැඩ එක්ක ඉගන ගන්න වැඩ උනත් කරන්න ලිහිණි ලොකු උත්සහයක් ගත්තා..
............
ලිහිණි හැමදාම පරක්කු වෙලා ඉස්කෝලෙ එන්නෙ..?
ලිහිණි මොකෝ දීපු ගෙදර වැඩ කලේ නැත්තෙ..??
ලිහිණි මොකෝ නිදි කිරන්නෙ...ගෙදරෛදන් ලමයි බල ගන්නවද...?
ඔය වගේ කතා ලිහිණිට පුරුදුයි.යහළුවන්ගෙ හිනා හඩ මැද ලිහිණි හැමදාමත් ඇස් වල කදුලු පුරවා ගන්නවා..
"එයාගෙ අම්මා  දාලා ගිහින්නෙ ටීචර් ...ඉතින් ගෙදර වැඩ කරලා මල්ලි බලා ගන්නෙත් එයා...අලුතින්ම ආපු ගුරුවරියකට ඔය කතාව කියුවම ලිහිණිට මුළු කතාවම එයාට කියන්න වෙන එක සාමාන්‍ය දෙයක්.ඊට පස්සෙ හැමෝම ලිහිණි දිහා බලන්නෙ අනුකම්පාවෙන් .ලිහිණි ඒකට කැමතිත් නෑ..
........................
"මොකෝ සුද්දි අමරුවෙන්  වගේ...මූණත් මැලවෙලා.."
තාත්තා අහද්දි ලිහිණි ලොකු අපහසුතාවයකට පත් වෙන්නෙ...අම්මෙක්ට හැදෙන හැම අසනීපෙම කියුවට තාත්තෙක්ට කියන්න දුවෙක්ට අමාරුයි.ඒ වෙලාවට ලිහිණි කතාව මගාරිනවා..
"නෑ තාත්තා මේ මගෙ ඔලුව රිදෙනවා.."
"කෝ කියුවට අහනවයේ...ගෙදර වැඩ ටික ඔක්කොම බදාගෙන...
තාත්තා කියන්නෙ ලිහිණි ගැන උපන් අනුකම්පාවෙන්..
................
ඉස්කෝලෙට ටියුෂන් පන්ති වලට ලමයි  එන්නෙ අම්මගෙ අතේ එල්ලිලා...ඉස්කෝල පන්ති ඇරෙන වෙලාවටත් ගේට්ටු ලග ඉන්න අම්මල දැක්ක්ම ලිහිණි ඇස් වලට එන කදුලු නවත්තා ගන්නෙ බොහොම අමාරුවෙන්..
"මේ ගවුම මැහුවෙ අපෙ අම්මා..."
"අපෙ අම්මත් ශොපින් කරලා...මට අර ඩෙනිම් කෝට් එක ගෙනත් තිබ්බා.මම එදා කියුවෙ..."
"අපෙ අම්මා කට්ලට් හැදුවනෙ...මේ ඔයලාටත්.."
යාලුවො ඔහොම කතා කරද්දි ලිහිණි කරන්නෙ මුණිවත රකින එක.
............
එක දවසක් බස් එකේ යද්දි ලිහිණි ලගම ශිඋට් එකේ හිටගෙන හිටපු මිනිහා ලිහිණිගෙ ඇගට හේත්තු වෙනවා.ඒ මදිවට කලිසමේ ශිප් එකත් ඇරලා දාලා...ලිහිණි හොදටම බය උනා..
මෙහෙම දෙයකුනාම ඕනිම ගෑණු ලමෙක් මුලින්ම කියන්නෙ අම්මට..එදා ලිහිණි ගෙදර ඇවිත් හොදටම ඇඩුවා..
...............
දැන් ලිහිණිගෙ වයසෙම පිරිමි ලමෙක් ලිහිණිගෙ න් යාලු වෙන්න අහනවා..තාත්තට කියනත්
බයයි තාත්තා ගහන්න යයි කියලා කියන්න කෙනෙක්කුත් නෑ..නොකියත් බෑ ඒ ලමයා කියන දේ අහන්නෙත් නෑ...
"සුද්දී.."
"තාත්තා..."
"මොකක්ද මේ මිනිස්සු කියන කතාව සුද්දි..."
"මොකක්ද තාත්තා "
"උබ කොල්ලෙක් එක්ක යාලු වෙලා කියන කතාව..."
"නෑ තාත්තා අර අර..."
"කට වහපන්..අහන දේට විතරක් උත්තර දියන්..ක"
තාත්තා අද බීලා කියලා ලිහිණිට හිතුනා..ලිහිණිට ඇඩුනෙ ඒ නිසාමයි..
"තාත්තා මම කියන දේ පිලිගන්නත් නෑ...මට මේවා කියන්න කවුද ඉන්නෙ...අම්මෙක් ඉන්නවා කියලයෑ..."
ලිහිණි කෑ ගගහා අඩනකොට තාත්තට ගොඩක් දුක හිතුනා..ලිහිණිව තුරුල් කරන් තාත්තත් ඇඩුවෙ ඒකයි...
................
අද ලිහිණිගෙ මංගල දවස...තාත්තා ලිහිණි ලස්සන මනමාලියක් කලා..ලිහිණිත් අම්මා කෙනෙක් වෙයි ..එයා හැබැයි ලිහිණිගෙ අම්මා වගේ වෙන එකක් නෑ කවදාවත්ම...
......................
මගෙ අහිමි සෙනෙහස කතාව කියවපු යාළුවෙක් මගෙන් ඇහුවා ඇයි එක පැත්තක් ගැන විතරක් කියන්නෙ කියලා..නෑ...මට ඒකෙන් ඕනි උනේ තාත්තා විතරක්  වැරදි කියන්න නෙම්ව්‍යි.මේ සමාජෙ තාත්තලගෙ වැරදි නිසා දුක් විදින ලමයින්ව නියෝජනය කරන්න.
ඉතින් මම මව් සෙනෙහස අහිමි දරුවෙක් ගැන අද ලියුවා..කොයි තරම් දුරට සාර්ථක ද මම දන්නෙ නෑ...එර්ත් හිතට දැනුන දේ ලියලා යන්න.
දරුවන් වෙනුවෙන් කැපවන දහසකුත් අම්මලා තාත්තලට මගේ උපහාරය.නමුත් අද සමාජේ මේ වගේ ප්‍රශ්න වැහි වැහැලා.ට්බිත්ත උනත් ඇත්ත ඒක.
පුන්චි ප්‍රශ්න නිසා, නැත්නම් තාවකාලික සතුටක් නිසා තමන්ගෙ පවුල අතෑරලා දාලා ගියාම දුක් විදින්නෙ දරුවො...ඒකයි ඇත්ත

අහිමි සෙනෙහස

හිමි සෙනෙ

"දූ ඇයි මේ....අනේ ළමයො කතා කරන්නකෝ...මාව බය නොකර..."
"ඕඕඕක්...ඕඕඕක්ක්..."
"අනේ සුදු මැණිකෙ...මොකෝ මේ....අද මේ කොල්ල උදේම වැඩට ගියානෙ අනේ...ෆෝන් එකත් වැඩ නෑ...වාඩි වෙන්න දුවේ...මම එහා ගෙදර පොඩි මල්ලිට කතා කරන්නම්..මොකෝ වාහන තිබ්බට අපිට අරන් යන්න පුලුවනෑ..."
අම්මා හොඳටම කලබල උනේ ගිත්මිට හිටපු ගමන් උදේම වමනෙ යන්න පටන්ගත්ත නිසා...
"අම්මා....."
ගිත්මිට දැනුනෙ මුලු ලෝකෙම කැරකැවෙනවා වගේ...එක පාරටම හැම දේම නිලංකාරවෙලා යද්දි ගිත්මිට මතක අම්මා අල්ලා ගන්නවා වගේ...
.................
"පීක්ක්ක්...පීක්ක්ක්...පීක්ක්ක්...."
කැරකෙන සිවිලිම් ෆෑන් එකේ තටු එකිනෙක් පැහැදිලි වෙද්දි ගීත්මි අහුනෙ නුපුරුදු ශබ්දයක්...අතට දැනුන සියුම් වේදනාවත් එක්ක  ගීත්මි වට පිට බැලුවා...ඇදවල් පේළියක රෝගීන් දකිද්දි ගීත්මිට හැමදේම මතක් උනා..
"අම්මා...."
"ඉන්න....අම්මට කතා කරන්නම් මම...."
කරුණාවන්ත හෙදියකගේ හඩ  ඇසෙද්දි ගීත්මි නැවතත් දෑස් පියා ගත්තා..
"අම්මා...."
"සුදු දූ...."
"සුදු අයියා  ...."
"හරි මැණික අයියා එයි...."
.......................
"මොකෝ මේ අම්මයි දුවයි....?"
ඩොක්ටර් ආවෙ සිනාමුසු මුහුණින්...
"මේ අම්මද...?"
"ඔව් ඩොක්ටර් ...අයියගෙ අම්මා..."
"ඒ කියන්නෙ නැන්දා අම්මා...??"
"ම්ම්ම්"
"ඔන්න අම්මෙ ලේලි මුණුබුරෙක් ගේන්නයි යන්නෙ..."
"අනේ රත්තරන් ...දෙයියන්ගෙම පිහිටයි.."
"ඔයාට අසනීපයක් නෑ...බය වෙන්න එපා..හොදට කාලා බීල සතුටින් ඉන්න ......ගිහින් මහන්සි වෙන්න එපා මේ දවස් ටිකේ..."
"හරි ඩොක්ටර් ..."
ගීත්මි කියුවෙ දහසක් මල් හිතේ පිපෙද්දි..
...................................
"අම්මා සුදු අයියට දැම්ම කියන්න එපා.මම හවස පන්සල් ගිහින්ම කියන්නම්.."
"හා පුතේ..."
...................................
"අනේ මන්දා සුදු නෝනා .ඔයා හරිම මුරණ්ඩුයි...අම්මා කෝල් කරද්දි මම ගොඩක් බය උනා.ඒ මදිවට අසනීප තියන් පන්සල් එන්න ඕනි කියලාඅ කෑ ගැහුවා....අපෙ අම්මත් මෙයාගෙ පදේටම නටනවනෙ..."
"ශ්ශ්...සුදු අයියා මේ පන්සල...කෑ ගහන්න එපා..."
කෙල්ල හිනා වෙවී කියද්දි මදූකටත් හිනා.
සුදු සැහැල්ලු ගවුමට නාලා කඩලා දාපු කොණ්ඩෙ ඒ මූන වෙනදට වඩා පින් පාට කරලා කියලා මදූකට හිතුනා.
පන්සලට ආවම නිවී සැනසිල්ලෙ බුදුන් වදින එක පුරුද්දක් කියලා දන්න නිසා මදූක වැදලා නැගිටින්න හැදුවෙ පුරුද්දට වගේ බෝ මළුව පැත්තටයන්න .වෙනදා කෙල්ලට  නිදහසේ වදින්න දීලා කොල්ලා එහෙම යනවා.
"එපා...මා ලගින්ම ඉන්න..."
කෙල්ල කියුව විදිහට කොල්ලට දුක හිතුනා.මටත් පිස්සු උදේ කලන්තෙ හැදුන කෙල්ල ට්ගනියම දාලා යන්න... කොල්ලා තමන්ටම හිතින් දොස් පවරා ගත්තා .
"සුදු අයියෙ "
"ම්ම්ම්"
"මට ලොකු කතාවක් කියන්න තියනවා..මගෙ තාත්තා ගැන."
"සුදු නෝනා...ඇයි මේ...මතකද මුල් කාලෙ තාත්තා ගැන අහද්දි ඔයා කියුවා...ඒක ගැනනම් අහන්න එපා කියලා...ඒත් අද ඇයි මේ..."
"නෑ ...මට හැම දේම කියන්න ඕනි..."
"කියන්න සුදු නංගි...ඔයා කියන ඕනි දෙයක් මම අහගෙන ඉන්නෙ..."
"දන්නවද සුදු අයියා......මගෙ තාත්තා...මට තාමත් මතකයි...එයා උස මහත කඩවසම් කෙනෙක්...එයාගෙ උඩු රැවුල හරිම ගාම්භීරයි..."
"එයා හවසට ගෙදර එනකොට මාව උස්සලා කරෙන් තියා ගත්තා..මට තාම මතකයි හීනෙනෙ වගේ...එයා මට කියුවෙ සුදු අම්මි කියලා..."
කෙල්ලගෙ තරු ඇස් කදුලු පිරෙනවා දැක්කත් වෙනදා වගේ කොල්ලා ඒවා පිහදාන්න නොගියෙ කෙල්ල ලොකු කතාවක් කියන බව දැනුන නිසා..
මම මොන්ටිසෝරි යද්දි මට මතකයි තාත්තා අම්මා එක්ක රණ්ඩු වෙනවා...අම්මා හැමදාම අඩනවා..
"අන්තිමට..."
"අන්තිමට තාත්තා ගෙදර එන එක අඩු උනා.."
"අම්මයි මායි දෙන්නම ගියා තාත්තගෙ ඔෆිස් එක ලගට...අපි ගිහින් පැය ගනන් රස්තියාදු වෙනකොට තාත්තා කීයක් හරි ගෙනත් අම්මගෙ අතට දීලා යනවා.."
"මුකුත් නොතේරෙන මම පැය ගනන් බලා ඉන්නෙ තාත්තා ඇවිත් මාව කරේ තියා ගන්නකම්..ඒත් එයා මා දිහා බැලුවෙවත් නෑ..."
කෙල්ල ඉකිගහද්දි මදූක ඇයව තම උරහිසට වාරු කර ගත්තා..
"ඊට පස්සෙ තාත්තා ගෙදර නෑවිත්ම ගියා සුදු අයියෙ ...ඊට පස්සෙ තමයි අපේ ජීවිත අපායක් උනේ.."
"අම්මා හරියට දුක් වින්දා...ගොඩාක්.එයා මාව හදා ගන්න නොකරපු රස්සාවක් නෑ..."
"ඒත් එයා එකපාරටම අසනීප උනා..ඒකෙන් ප්‍රයෝජන ගත්තෙ වටේ උන්නු නෑදෑයො...එයාලා තරුණ වයසට ලන් වෙලාවත් නැති මට කසාද යෝජනා ගෙනාවා.."
"අපේ පවුලට සල්ලි බාගෙන් උදවු කලා...අම්මගෙ අසනීපෙට විතරක් නෙමෙයි..කන්න බොන්න ඉගන ගන්න පවා..."
"ඒත් එයාලා මගෙන් ඊට වඩා ගොඩක් වටින මගෙ ජීවිතේ බලාපොරොත්තු උනා..මාමගෙ ලොකු පුතා කීප වරක්ම මට කරදර කරන්න හැදුවා..පෙර වාසනාවකට මාව බේරුනා ..."
"අනේ මැණික ඔයා අසනීපෙන් ඔහොම අඩන්න බෑ ඔයාට..."
මදූක කියුවෙ කෙල්ලගෙ කදුල දරා ගන්න බැරුව..
"ඔයා දන්නවද...පවුලෙ නෑදෑයින්ගෙ ලමයි මාව කොන් කල..
එයාලා කියුවෙ මම ජීවත් වෙන්නෙ අනුන්ගෙන් කාලා කියලා..."
"එයාලා හිතුවෙ එයාලගෙ සල්ලි උඩ මමයි අම්මයි එයාලට බැල මෙහෙවරකම් කරන්න ඕනි කියලා...අපි සෑහෙන්න දුක් වින්දා..බැනුම් ඇහුවා නින්දා ඇහුවා..."
"හරි මැණික ඇයි මේ පරණ කතා...??"
"අහන්න සුදු අයියෙ ...මට කියන්න ඕනි..."
"කියන්න මැණික...අඩන්නැතුව...ප්ලීස්..."
"ගමේ මිනිස්සු කියලත් වෙනසක් නෑ...තාත්තෙක් නැති දුවෙක්ට මේ සමාජෙ ජීවත් වෙන්න අමාරුයි අයියෙ ...තාත්තා කියන්නෙ පවුලෙ හයිය...එයා දාලා ගියා කියුවම මිනිසු බලන්නෙ වපර ඇහෙන්..
"ඒ මිනිස්සු උදවු කරන මානෙන් අපේ ජීවිත බිලි ගන්න බලාගෙන ඉන්නෙ..."
"මගෙ අම්මට පින් සිද්ද වෙන්න අම්මා මාව පරිස්සම් කලා..ඒක නිසා අද මම ඔයා ලග ඉන්නවා රත්තරන්..."
"තාත්තෙක් නැතුව දරුවෙක්ට හැදෙන්න ගොඩක් අමාරුයි සුදු අයියෙ ...
"තාත්තෙක්ගෙ ආදරය, ආරක්ෂාව ,දරුවෙක්ට කොයි  තරම් වැදගත්ද කියලා දන්නෙ තාත්තා නැති දරුවෙක් විතරයි සුදු අයියෙ ..."
"තාත්තා මැරුණොත් හිත හදා ගන්න පුලුවන්..ඒත් දාලා ගියොත්..."
"අනේ රත්තරන් ඔය හොදටම ඇති.ඔයා මා ලගට ආපු දවසෙ ඉදල මම ඔයාව තාත්තෙක් වගේ බලා ගත්තා නේද...කිසිම අඩුවක් කලාද..?"
කොල්ලා කියුවෙ අඩන ගමන්..කෙල්ලගෙ මේ වෙනස කොල්ලවත් හොදටම හෙම්බත් කරලයි තිබුනෙ..
"සුදු අයියෙ ...මට පොරොන්දු වෙන්න්න..."
"මොකක්ද...??"
"කවදාවත් දරුවන්ට දුකක් දෙන්නෙ නෑ කියලා...අපෙ.."
"මොනාද මැණික මේ කියන්නෙ...අපිට දරුවො ලැබුන කාලෙක මම ඔයාලව ඇස් දෙක වගේ බලා ගන්නවා.."
"එහෙනම් මම ඔයාට රහසක් කියන්නද...?"
"මොකක්ද...??"
"මගෙ සුදු අයියත් තාත්තා කෙනෙක් වෙන්න යන්නෙ..."
"අනේ මැණික...ඕකද මෙච්චර දේවල් කියෙව්වෙ...අනේ ....මගෙ මෝඩි..."
"මම මගේ පැටියවයි මගෙ මැණිකවයි බලා ගන්නවා ඇස් දෙක වගේ...මේ බුදු සාදු ඉස්සරහා පොරොන්දු වෙනවා මැණික ..."
මදූක ගීත්මිව තුරුල් කර ගත්තෙ ගොඩක් ආදරෙන්න්..
........................
කතාව ඇතුලෙ ඒ තරම් දෙයක් නැතිව ඇති.ඒත් මේකේ ගීත්මි ඇත්තම කෙනෙක්.අද සමාජෙ ගොඩක් ඩිවෝස් වෙනවා..පිරිමි ගෑණු  අයව රවට්ටලා දරුවො දීලා පැනලා යනවා.. කසාදෙ අත් ඇරලා වෙන අයව බදිනවා..ඒත් ටිකක් හිතන්න...ඔයාගෙ දුවත් ඒ වගේ වංචාකාරෙකුට අහු උනොත්...එයාට තාත්තෙක්ගෙ ආදරේ අම්මට පූර්ණ කරන්න පුලුවන්ද..?එයාට තාත්තෙකගෙ ආරක්ෂාව කාටද දෙන්න පුලුවන්...සමාජෙ අනිත් ලමයි තාත්තා ගැන කතා වෙනකොට මේ ලමයි සමාජය ඇතුලෙ කොයි තරම් අසරණ වෙනවද??තමන්ගෙ ලෙයින් උපන් දරුවෙක්ව ඒ තරම් අසරණ කිරීම පිරිමි කමටත් නිගාවක්..
ආදරණීය  අයියේ, මල්ලි මේ ඔයාලට ...ටිකක් හිතන්න...ආදරේ කරන්න කලින්, කසාද බදින්න කලින්...උපදින්න ඉන්න දරුවන්ට විදවන්න ඉඩ තියන්න එපා..

<!- start disable copy paste --> </!->

දන්නවද රත්තරන්

දන්නවද රත්තරන්
ඔයා මාව දැක්ක පලවෙනි දවස........

මම හිතුවෙ ඔයා බස් එකේ ඉන්න වෙන කෙල්ලෙක් බලන්න ආවා කියලා...මට හිනාත් ගියා...ආදරේ කරන අය කොයි තරම් සතුටින් ඉන්න්වද කියලා...ඒත් මම එහෙම ආදරයක් දැනගෙනවත් උන්නෙ නෑ.මොන පාටද කියලවත්...
මගෙ ලගින් වාඩි උනා.ඔයාට හොදටම කැස්ස...මගෙ අතේ තිබ්බ වතුර බෝතලේ දුන්නෙ ඔයා කහින විදිහ බලා ඉන්න බැරි නිසා...
පලවෙනි දවස දැක්ක.ඔයා කෙලින්ම මට ආදරෙයි කියුවා..
මම ඇත්තම කියුවා.මම ආදරේ කරන්න බයයි කියලා...........
ඒත් ගෙදර ගිහින්වත් මට ඔය ඇස් අමතක කරන්න බැරි උනා පණ.
කවදාවත් නොදැනුන හැගීමක් දැනුනා මට.
ඔයා දෙවනි දවසෙත් එතනම..
ඔයා දීපු නම්බර් එකට රින්ග් කරන්න තරමට මගේ හිත බොලද උනා..මොන තරම් හිර කරලා තිබ්බත් ආදරේ...හ්මදේම පරාද කරගෙන මතු උනා..
මතකද...ඔයා මට දීපු පලවෙනි තෑග්ග..නවල් හතරයි...ෆිල්ම් ඩී.වී.ඩී.දෙකයි.සයින්ග් පෙන් එකයි.
අදටත් කාටවත් අල්ලන්නවත් දෙන්නෙ නෑ..
මතකද ලෝකෙටම හොරෙන් ෆිල්ම් එකක් බලන්න ගියා...එදා තමයි මුල්ම වතාවට පිරිමි හුස්මක් මගෙ මූණට වැටුනෙ.
මාව වෙවුලුවා...ඔයාගෙ පලවෙනි හාදුවට....ඔයා මාව තද කරලා ඔය පපුවට තුරුල් කර ගත්තා..මාව පරිස්සම් කලා..
මම අඩද්දි ඔයත් ඇඩුවා.මාත් එක්ක හැම ප්‍රශ්නෙකදිම...කොහොමද රත්තරනෙ ඔයාව අවිස්වාස කරන්නෙ..
එක පාරටම දැක්කෙ ඔයා කවදාවත් හදලා නෑ කියපු ෆේස්බුක් අකවුන්ට් එක...
විස්වාස කරන්න.මගෙ ඇස් මාව විස්වාස කලේ නෑ..
ඒත්...යාලුවගෙ කීමට ෆේක් එකකින් මැසේජ් කලා..
"හායි.."
ඔයත් හායි කිවුවා..
වෙනදා මාව නැතුව ත්තපරයක් ඉන්න බැරි ඔයා "
මොන වදයක්ද?"
කිවුවා මගෙ කෝල් එකට...ගොඩාක් දුක හිතුනා පන.
"පිස්සි මොකෝ කරන්නෙ?"
ඒත් එක්කම මැසේජ් එක ආවෙ මගෙ ෆේක් එකට.ඒ ඔයාගෙන්.
"කෑවද? දොයි මතද? මොනාද කරන්නෙ?"
මගෙත් එක්ක ඊමෝ වීඩියෝ කෝල් කරන ගමන් ඔයා මගෙ ෆේක් මැසේජ් කලා..
"ඔයා වැඩකද?"
"ඔය ඇස් තිබ්බෙ මගෙ ලග නොවන නිසා ඇහුවෙ"
"ඔව් සුදු නෝනා ගොඩක් වැඩ"
මොනාද පන මම කියන්නෙ..කවුරුත් නැති මට හිටියෙ ඔයා විතරෛ.
මම ඔයාගෙන් ඇත්තම ඇහුවා..
මට සමා වෙන්න.මම වැරැද්දක් කලා.ඔයා යන්න.මගෙන් යන්න.
කොහොනද වස්තුවේ ඔයා ඒ ටික කිවුවෙ..තාමත් වෙව්ලනවා..එව්ත් ඔයාව දාලා යන්න බෑ මට...මේ වෙලාවට මම ඔය සුදු මූණ ඉස්සරහා වීඩියෝ කෝල් නේද වෙනදට...කොහොමද මැණික දරා ගන්නෙ..
ඔයා කියුවට මම යන්න පාර දන්නෙ නෑ මහත්තයෝ..මම තනියම කොහෙවත් යන්න බයයි.ඔයා දන්නවා මැණික.මම කොහොමදා ආපහු යන්නෙ.මට ආදරේ බින්දුවක්වත් නැති ලෝකෙට.
මම බයයි රන්...මගෙ ඇස් දිගටම අඩනවා.මටවත් කීකරු නෑ.බත්කට ගිලෙන්නෙ නෑ..
අනේ ආයිත් එන්න..මම තාමත් ආදරෙයි පණ..ගොඩාක්..ගොඩාක්...මා ලග වෙන කෙනෙක්ට දෙන්න ආදරේ නෑ මහත්තයෝ..
ඒ ඔක්කොම ඔයාට දුන්න..මගෙ හිත අරගෙන ඇයි ඔයා යන්නෙ.අනේ වස්‍තු එන්න.ඔයාගෙ සුදු නෝනා මැරෙයි.ඔය කටහඩ මූණ බලන්න එක දවසක් බැරි උනොත් මම කොච්ච්‍ර අඩනවද...
ආදරෙයි...ආයිත් එන්න මැණික...ආයිත් එන්න...මම බලාගෙන ඉන්නවා...

පසුතැවීම

පසුතැවීම  

(කෙටිකතාව)



"මචන් මම එහෙනම් යන්නම්."
"ඔව් මම දන්නවා උබ ආයිත් ගිහින් එන්නම් කියන්නෙ නෑ කියලා...ඒත් මචන් ඉන්න තැනක පරිස්සමින්.."
"මම කවුරු වෙනුවෙන් එන්නද බන්...මම මේ රටට ආදරෙයි.ඒත් මම කොහොම හිත  හදා ගන්නද ආයිත් එන්න."
"ලංකාවෙ ඉන්න අන්තිම මොහොතෙ තෝ මගෙන් කුණුහර්ප අහාගන්න එපා බන්..."
"සුමියා......අපේ ගෙයි වැඩේ.."
"ඒක මම බලලා උබට විස්තර කියන්නම්..දැන් එහෙනම් පරිස්සමට...බුදු සරණයි මචන්.."
සුමාල්ගෙත්, ලශාන්ගෙත් දෙනෙත් බොඳව ගියේ මිත්‍රත්වයේ නාමයට...එක වසරෙ ඉදලා උසස්පෙළ වගේම වෛද්‍ය පීටයේ අවසන් වසර දක්වාමත් එකටම සිටි සුමාල් වගේම ලශාන් හොඳම යාලුවො..
"ඒ...ලසෝ...වෙච්ච දේවල් උනා..දැන්වත් ජීවිතේ හදා ගනින්.."
සුමාල් ලංකාවේදී දෙන අවසන් අවවාදයත් ලශාන්ගේ සවනතට ලගා උනේ ගොඩක් දේවල් සිහිපත් කරමින්..
......................................................
"අම්මා...මෙයාට තියෙන්නෙ ස්නායු රෝගයක්..මේකට ඔපරේශන් එකක් කරන්න ඕනි.බෙහෙත් වලෛන් සනීප කරන්න බෑ අම්මා.ඔයාලගෙ කැමැත්ත නැතුව අපිට ඕලුව ඔපරේශන් එකට ගන්න බෑ.."
අසනීපයෙන් හිටපු ඕලුව පරීක්ෂා කරපු වෛද්‍යවරයා පිට වෙලා ගියෙ ඕලුගෙ අම්මවත් තාත්තවත් අසරණ කරමින්...
"ඒත් නෝනෙ අපිට මේවට වියදම් කරන්න සල්ලිබාගෙ නෑනොවැ"
"ඒ ගැන බය වෙන්න එපා තාත්තා.දොස්තරමහත්තයා කියුවෙ ඔපරේශන් එක කරන්න කියලනෙ රජයේ රෝහල් නිසා ඒක නොමිලෙ කරනවා."
"ඒත් කෙලීගෙ ජීවිතේට අනතුරක්..."
"මෙහෙමයි තාත්තා...අපිට ඕලුට ඔපරේශන් එක නොකර ජීවත් කරන්න පුලුවන් අවුරුදු දෙකක්නම්, ඔපරේශන් එක සාර්ථක උනොත් අවුරුදු දහයක් පහළොවක් උනත්...."
අම්මත් තාත්තත් රෝහලෙන් පිටවෙලා ගියෙ තීරණයක් ගන්නබැරුව.
"ඩොක්ටර්"
"ඕලු"
"මට මේ ඔපරේශන් එකට කැමැත්ත දෙන්න බැරිද?"
"ඇයි...අම්මලා කරන්න අකමැති කියුවද?"
"එයාලා බයයි ඩොක්ටර් "
"ඕලුගෙ වයස කීයද?"
"දහනවය ලැබුවා විතරයි"
"මේකයි ඕලු..දහා අටට වැඩිනිසා ඕනිනම් ඕලුගෙ කැමැත්තෙන් අපිට මේ ඔපරේශන් එක කරන්න පුලුවන්.....ඒත් අම්මලා අකමැතිනම්..."
"මම අම්මලට කතා කරන්නම් ඩොක්ටර්"
..............
"ආ...පොඩ්ඩියේ...ඇයි හිතුවක්කාර වෙන්නෙ?දොස්තර මහත්තයා කියන්නෙ මේක සාර්ථක උනොත් හොදයි කියලා.ඒත් සාර්ථක නොවුනොත්"
"කොහොමත් මැරෙන එකනෙ අම්මෙ...අපි බලමු"
හිරිමල්වියේ ඉදපු ඕලු තනි තීරණයක් මත සැත්කමට කැමැත්ත දුන්නා..
............
"ඕලුලගෙ අම්මෙ...ඕලු ගොඩක් වාසනාවන්තයි.මොකද දන්නවද??මේ ඔපරේශන් එක කරපු සාර්ථකම පේශන් ඕලු...ඒත් එක දෙයක්.."
"ඔව් දොස්තරමහත්තයා "
"ඕලුට කිසිම දුකක් පීඩනයක් දෙන්න එපා...අනික ඕලු කසාද නොබදිනවනම් තමයි හොද...මොකද දරුවෙක් ලැබෙද්දි එහෙම ගොඩක් අමාරු වෙන්න පුලුවන්.."
"හරි මහත්තයෝ...පින් මයෙ කෙල්ල සනීප කලාට"
................
ගෙදර ආවත් ඕලුට මූණ දෙන්න උනේ සුපුරුදු අගහිගකම් වලට...දරුවො හය දෙනෙක් හිටපු  පවුලක දෙවනියා වෙච්ච ඕලු අසනීපෙ නිසාම මග අධ්‍යාපනය නැවැත්තුවා.ගෙදර අගහිගකම් මදිවට ඕලුගෙ අසනීපෙට වියදම් නිසා ගෙදර ගොඩක් අඩුපාඩු තිබුනා.
ගෙදර ආවට පස්සෙ ඕලුගෙ අසනීපෙ ගොඩක් දුරට අඩු උනා.ඕලු කියන්නෙ කොහොමත් උපතින්ම හිතුවක්කාරකම අරගෙන ආපු කෙනෙක්.
"අම්මා...මම සුදු අක්කා එක්ක එයාගෙ ගාමන්ට් එකේ වැඩට යනවා.."
"මගෙන් ඕවා අහන්න එපා.තාත්තගෙන් අහපන්"
.......
"කරදඩු උස්මහත් වෙච්ච ලමිස්සියන්ට කන්න අදින්න දෙන එකත් ලේසි නෑ."
හවස ටිකක මත්වතුරෙන් පදම් වෙච්ච තාත්තාගෙන් කියවෙච්ච දේ නිසා ඕලු තීරණය කලා ගාමන්ට් එකට යන්න..
නමටම ගැලපෙන රූපයකුයි  දණහිසින් ටිකක් පහලට වැටුන කෙස් කලඹයි කොළඹ අනංගයන් ඕලු පස්සෙන් එන්න පාර කැපුවා...
"නංගි අන්තිම වතාවට අහන්නෙ...මට උත්තරයක් නොදුන්නොත් මේ එන කෝච්චියට පැනලා මැරෙනවා.."
ඉරිදා නිවාඩුවට කෙල්ලො ටික ගෝල්ෆේස් ගිය වෙලාවෙ ජගත් පුරුදු විදිහටම පස්සෙන් එන්න ගත්තා..
"අයියෙ මම ලෙඩෙක්.මට කසාද බදින්න හොද නෑ.තේරුම් ගන්න.."
ඕලු ඇත්තම කියුවෙ හිතේ තෙරෙපෙන  හැඟීම් වලට උපන්ගෙයිම මියදෙන්න ඇරලා.
"මම ඔයාව මලක් වගේ බලා ගන්නවා...දෙයියම්පල්ලා"
අන්තිමට කොහොමහරි ජගත් ජය ගත්තා..පොලිස් නිළධාරියෙක් වෙච්ච ජගත් ඕලුව ගෙදර එක්කන් ගොයෙ ඕලුගෙ ගෙදරටත් හොරා..කුරුණෑගල ගමක් වෙච්ච ජගත්ගෙ ගමේ දෙමව්පියො, නෑදෑයො ඕලුව හොදින් පිලි ගත්තා.
ගෙදරට  හොරෙන් හිතුවක්කාර විවාහයක් කර ගත්ත ඕලුගෙ දෙමව්පියො සමාව දුන්නෙ අසනීපෙ නිසාමයි..
"ජගත්"
"ම්ම්ම්"
"අපි ඩොක්ටර් කෙනෙක්  හම්බෙමුද??අම්මලා බබාලා ගැන අහනවා ජගත්..මම කොහොමද එයාලට මූණ දෙන්නෙ...එයාලා වැරදිත් නෑ ජගත්..අපි බැදලත් අවුරුදු දෙකක්නෙ.."
"හරි හරි යමුකො"
"යමු කියලා බෑ ජගත්...හවසට යමු..නිවාඩු ඉවර වෙන්න කලින්"
"හ්හ්හ්හ්ම්ම්ම්"
...............
"මේ මොන කාලකන්නි කමක්ද අම්මෙ?අපෙ අයියටත් ගෑණු හිටියෙ නෑ රටේ..එකක් ලෙඩෙක්...අනිත් අතට වඳ ගෑණියෙක්..."
ජගත්ගෙ නංගිගෙ ගෝරණාඩුව අතරෙ ඕලු වෙනදා වගේම ඉකි බින්දා..ඒත් වරද තමන්ගෙ නෙමෙයි..ජගත්ගෙ කියලා කාටවත් කියන්න ඕලු තියා ජගත්වත් කට ඇරියෙ නෑ.ඕලු හැම නෙමෙයි න්දාවක්ම විද ගත්තා..
"බැහැපන් එළියට...අපේ කොල්ලට වඳ ගෑණු ඕනි නෑ.."
"අනේ අම්මෙ...ජගත්  කියන්නකො ..අම්මට අනේ මාව එලවන්න එපා ජගත්...අම්මට කියන්නකො.."
ඕලු කොච්චර  ඇඩුවත් ජගත් කටක් ඇරියෙ නෑ..ඕලු ආයිත් ගමට ආවෙ හිස් අතින්..
"ආ...මේක අත්සන් කරලම යනවා..ඩොක්ටර් කියුවෙ බොරු.මගෙ කිසිම අඩුපාඩුවක් නෑ.තමුසෙගෙ ලෙඩේ හින්දා ඔක්කොම"
ඕලු ගෙදරින් පිට වෙන්න කලින් ජගත් දික්කසාදෙට අත්සන් ගත්තෙ එහෙම කියලා.
..................
"මේකනම් වදයක් අම්මෙ...මගුලක් කර ගත්තනම් ඉන්න ඕනි එහෙට වෙලා..ආයිත් ගෙදර ආවා අපිට ලැජ්ජා කරන්න.."
නංගි රණ්ඩුවෙන්න පටන් ගත්තෙ ඕලු හීනෙකින්වත් නොහිතපු විදිහට.ආයිත් ගාමන්ට් ජීවිතේට ඕලු හුරු උනේ ගෙදර ඉදීමෙන් තවත් ප්‍රශ්න ඇති වෙනනිසා.
.............
"අයියෙ මම බැදපු ගෑණියෙක්..පින් සිද්ද වෙයි.මට මගෙ පාඩුවෙ ඉන්න දෙන්න."
ලසන්ත ඕලුගෙ ආදරේ ඉල්ලලා වද දෙද්දි ඕලු කියුවා.
"මම ගෙදරට ඇවිත් අහන්නද..මට ඔයා බැන්ද කෙනෙක් උනාට කමක් නෑ..."
ඕලු නිහඩ උනේ කතා කරලා තේරුමක් නැති නිසා.ලසන්ත කියුවා වගේම ඇවිත් ගෙදරින් ඇහුවා.
"අනේ තාත්තෙ මගෙ අම්මයි තාත්තයි දෙන්නම නෑ.මම හැදුනෙ ආච්චි ලග..මම දන්නවා ඕලු ගැන හැම දේම.මම එයාව බදින්න කැමති."
ලසන්ත ගෙදර අය ඉස්සරහා වීරයෙක් වෙද්දි පවුල්බරින් මිරිකුන ඕලුගෙ දෙමව්පියන්ටත් ඕනිඋනේ කසාදෙ ඇරිලා ආපු දියණියගෙන් ගැලවෙන්න..
ලසන්ත ඕලු එක්ක විවහා උනේ ඊට පස්සෙ.ලසන්ත කවදාවත් ඕලුගෙ හිත රිද්දුවෙ නෑ.ඕලු ගැබිනියක් උනේ මේ කාලෙ...ජගත්ගෙ බොරුව බොරුවක් කරලා.
............
"ලශාන් ඕලුක විජේමාන්න "
පුතුට අවුරුද්දක් ලබන උපන්දිනය..ඕලු පුන්චි කේක් එකක් ලෑස්ති කරලා බලන් හිටියෙ ලසන්ත ගෙදර එනකම්..රජයේ රැකියාවක් කරපු ලසන්ත ගෙදර ආවෙ මාසෙකට වතාවක්.දුෂ්කර රාජකාරි නිසා.
ඒත් ලසන්ත වෙනුවට ගෙදර ආවෙ දරුවො දෙන්නෙක් එක්ක කාන්තාවක්..
"ඔයාද ඕලු..?"
"ඔව්...ඔයා..."
"මම නිරූපා...ලසන්තගෙ වයිෆ්..මේ ඉන්නෙ එයාගෙ දරුවො දෙන්නා..."
"මොකක්...ඔයාට වැරදීමක් වෙලා..."
ඕලු කියුවෙ හදවත හත් අට  පොලකින් බිඳිලා යද්දි.
"නෑ ඕලු...එයා ඔයාව බැන්දෙ බොරු රෙජිස්ට්‍රාර් කෙනෙක් ලග.මේ තියෙන්නෙ අපෙ කසාද සහතිගෙ.මගෙ ලසන්තගෙන් ඈත් වෙන්න."
ඇය දරුවො දෙන්නත් එක්ක බැහැලා ගියෙ ඕලුගෙ හිතේ සතුට අරගෙන.එදායින් පස්සෙ ලසන්ත කවදාවත් ගෙදර ආවෙ නෑ..
................
"අම්මා...තීත කූවා අම්මටයි තාත්තටයි හැමදාම වදින්න   කීලා..මම කූවා මම තාත්තිගෙ පොටෝ එකට ඇමදාම වදිනවා කීලා...යාලුවො හිනා උනා අම්මි"
පෙරපාසල් ගිහින් ආපු ලශාන් ඕලු තුරුල් කරගත්තෙ ආදරෙන්..
"එයාලා දන්නෙ නෑනෙ පුතාගෙ තාත්තා සෙල්ලම්බඩු ගේන්න ඈත ගිහින් කියල...ඒකයි...මගෙ පුතා ඕවා හිතන්න එපා..
ලශාන්ගෙ පාසල් ගමනත් එක්ක වියදම් හොදටම වැඩි උනා..ඕලු කඩේක රස්සාවට ගියෙ ඒකයි..
"ජයේ මම කැමති නෑ මිනිහා නැති ගෑනු කඩේ වැඩ කරනවට.මිනිස්සු මොනා නොකියයිද"
කඩේ මුදලාලිගෙ බිරිද කියනවා ඇහුනම ඕලුට හිතුනෙ පොළව පලන් යන්න..ඇය ආයිත් කඩේ වැඩට ගියෙ නෑ..
රස්සාවක් හොයද්දි ගල් වැඩපොළක වැඩ අහන්න  ඕලු ගියෙ කරන්න පුලුවන්කමකට නෙමෙයි.ලශාන්ගේ පාසල් වැඩ කටයුතු වගේම කෑම බීම වලට සල්ලි ඕනි නිසා.
ගල් වැඩපලේ අයිතිකාරයා  ඕලුට හෙලුවෙ කෑදර බැල්මක්..
"දවසට දෙසිය පනහක් දෙන්නම්...උබට පුලුවන්ද මේ වැඩ"
"පුලුවන් මහත්තයා"
"පඩි වැඩි කරගන්න ක්‍රමත් තියනවා..ඒවට ඉතින් අපිට සලකන්න ඕනි.."
ඔහු පැවසුවෙ පලමු දවසෙ පඩිය ඕලු අතට දීලා අතත් මිරිකන ගමන්..
පිරිමි දෙන්නෙක්ගෙන්ම බැට කාපු ඕලු අත ගසලා දැම්මෙ තරහින්..
එදායින් පස්සෙ ඕලු දන්න කියන ගෙවල්වල ලමයි බලා ගත්ත..උයලා පිහලා දීල කීයක් හරි හොයා ගත්තා..ඒත් කවදාවත් ලශාන්ට අඩුවක් කලේ නෑ..
ලශාන් හොදට ඉගන ගත්තා.සාමාන්‍ය පෙළ සමත් වෙලා ටවුමෙ ඉස්කෝලෙටත් ගියා.
"අම්මා මට සල්ලි ටිකක් ඕනි.යාලුවෙක්ගෙ බර්ත්ඩේ පාටියක්."
ඕලු දැන් මාස ගානක ඉදලා සල්ලි එකතු කලේ ආයිත් එන බෙල්ලෙ කැක්කුම පෙන්නන්න ඩොක්ටර් චැනල් කරන්න.ඕලු මුකුත් නොකියම ලශාන්ට සල්ලි දුන්නා.
....................
"අම්මගෙ වැරදි නිසා වෙන්න ඇති තාත්තා අපිව දාලා ගියෙත්..අම්ම කසාද දෙකකුත් බැන්දලුනෙ"
ලශාන්ට අවවාදයක් දෙන්න ගිය මොහොතක කිය වෙච්ච දේට ඕලුට සිහියක් නැතුව ගියා.කවදාවත් ලශාන්ගෙ කටින් එහෙම දෙයක් අහන්න ඕලු බලාපොරොත්තු උනේ නෑ..
"ඉරෝලගෙ අම්මලා අපේ සම්බන්දෙට කැමති නෑ  මේක හින්දා.මේ ඔක්කොම අම්මා නිසා.එයාලා කියනවා ඉරෝව ඕනිනම් මට එහෙ එන්නලු.මම එහෙ යනවා"
ඕලුට වචනයක්වත් කියන්න ඉඩ නොතියා ලශාන් ගෙදරින් එළියට බැස්සා.එතකොට ලශාන්ට වෛද්‍යවරයෙක් විදිහට පත්වීම ගන්න තිබ්බෙ මාසයයි.
එදායින් පස්සෙ ලශාන් ගෙදර ආවෙ රටයන්න ඕනි සහතික වගයක් ගන්න.ඕලුට කියන්නෙවත් නැතුව ලශාන් රට ගියා..
......
"ඩොක්ටර් සුමාල්  පන්සලේ වැටිලා ඉදලා අම්මා කෙනෙක් ගෙනාවා..ටිකක් අමාරුයි ..බලනවද.."
"අම්මෙ ඔයා..?"
"මේ...."
"මම සුමාල් අම්මෙ.ලශාන්ගෙ හොදම යාලුවා.ඌ අම්මව බලන්න ආවෙ නැද්ද?"
"මයෙ පුතේ...මම මැරෙන්න ලගයි.මගෙ පුතා හිතන් ඉන්නෙ මගෙ වැරැද්දෙන් එයාගෙ තාත්තාමාව දාලා ගියා කියලා.එයාට මගෙ කතාව කියන්න පුතේ...
එහෙම කියලා පටන් ගත්ත කතාව පන්සලේ වැටුන තැන වෙනකම්ම ඕලු සුමාල්ට කියුවා.කැමරාව ඔන් කරලා ඕලුගෙ හැම වචනයක්ම රෙකෝඩ් කරපු සුමාල් ඒක ලශාන්ට සෙන්ඩ් කලා.
ඒ අතර ඕලුගෙ අසනීප තත්වය දිගටම වැඩි උනා.වරින්වර සිහිසුන් උනේ ස්නායු රෝග තත්වෙ නිසා..
"සුමියා...මම ලංකාවට එනවා.."
සුමාල්ට ලැබුනෙ ලශාන්ගෙ මේල් එකේතිබුනෙ එච්චරයි..
"ඉක්මනට වරෙන්...උබට වැඩි වෙලාවක් නෑ.."
සුමාල් රිප්ලයි කලත් ඒක දකින්න ලශාන්ට ලැබුනෙ නැත්තෙ ඒ වෙනකොටත් ගුවනයානෙට නැගලා හිටපු නිසා..
................
"මිස්...අම්මගෙ බී.පී.ඩ්‍රොප් වෙනවා.ඉක්මනට ඩෝපමින් එකක් දාමු.."
සුමාල් කොච්චර උත්සහාකලත් ලශාන් ලංකාවටවට ගොඩබහිද්දිම  ඕලු අවසන් සුසුම් හෙලුවෙ,
"පුතේ මගෙ පුතාට කියන්න මගේ වැරැද්දක් නිසා නෙමෙයි තාත්තා ගියෙ කියලා"
සුමාල්ට එහෙම කියලා..
.........
"මචන් මගෙ අම්මා"
ලශාන් කෙලිම නැවතුනෙ සුමාල් ලග...
"සොරි මචන්...අම්මා කියන්න කියුවා උබලගෙ තාත්තා ගියෙ අම්මගෙ වැරැද්දෙන් නෙමෙයි කියලා.."
"සුමියා...උබට මගෙ අම්මව බේරා ගන්න බැරි උනාද...අනේ මට මගෙ අම්මට කතා කරන්න ඕනි සුමියො...අම්මට වැදලා සමාව ගන්න ඕනි...උබට බැරි උනාද මගෙ අම්මව බේරා ගන්න.."
සුමාල්ගෙ කොලර් එකෙන් අල්ලගෙන ලශාන් කෑ ගහලා හැඩුවා..
ලශාන් පියවි සිහියට ආවෙ සුමාල්ගෙන් ලැබුන දැඩි අතුල් පහර නිසා..
"තෝ වගේ බල්ලෙක් මොකට මගෙ යාලුවෙක් කර ගත්තද කියලා හිතෙනවා මට..ගෙවල්වල  දැලි කුණු අත ගාලා තෝ දොස්තර කරපු අම්මට වඩා තොට අර උඩැක්කි ලොකු උනා.උන්ගෙ අම්මා අප්පා ලොකු උනා.තොට දැන්ද අම්මව ඕනි උනේ...පල මගෙ දැහැට නොපෙනි.."
ඕලුගෙ ජීවිතේ බේරාගන්න බැරි උන සන්තාපෙන් හිටපු සුමාල් කේන්තිය පිට කලේ ලශාන්ගෙන්.
"මට සමා වෙයන් සුමියො...මට වැරදුනා බන්.මම මහා පව් කාරයෙක්..මගෙ අම්මව බලා ගන්න බැරි වෙච්ච පුතෙක් මම.උබ හරි.මම මහා බල්ලෙක් යකෝ..."
...........
ඕලුගෙ අවසන් කටයුතු චාමෙට සිද්ද උනේ ඕලුගෙ අවසන් කැමැත්ත විදිහට.
"මට තවත් දවසක්වත් ලන්කාවෙ ඉන්න බෑ බන්.අම්මගෙ කැමැත්ත විදිහට ගේයි ඉඩමයි වැඩිහිටි නිවාසෙට ලියලා මට ඩොකියුමන්ට් ටික එවපන්..."
අවසන් වරට ඕලුගෙ සොහොන්කොතේ මල්වඩමක් තිබ්බ ලශාන් පැවසුවෙ ගොඩක් පසුතැවීමෙන්..
...............................................
දුක් විදිමින් තමාව හදාවඩාගත් අම්ම්ව බලාගන්න, සලකන්න බැරි උන පශ්චප්තාවයත් සමගම ලශාන් ලංකාවට සමු දුන්නෙ තමාගෙන් වෙච්ච වැරැද්දට තමාටම සාප කර ගනිමින්...
ලංකාවෙන් ගොස් මිනිසුන්ගේ විවිද ඇනුම්පද නින්දා වලින් ගැලවුනත් ලශාන්ට කෙදිනකවත් තම හෘද සාක්ශියෙන් ගැළවිය නොහැකිවනු ඇත.
<!- start disable copy paste --> </!->

ආදර කතාවක්

තාක්

"දෙයියනේ සුදු  මහතතයෝ....කී වෙනි පාරද ෆෝන් එක රින්ග් වෙන්නෙ ....ආන්ස්වර් කරන්නකෝ... "
කෙල්ලට හොදටම ඇඩිලා.....ඇස් වල කදුලු පුරවගෙන ආයිත් ඩයල් කලා..
"මේ...සකුනි
දැනට ප්‍රයිවට් බෑන්ක් එකක වැඩ.පවුලෙ එකම කෙල්ල...ඒ උනාට කෙල්ලට ගෙදරින් නිදහසක් තිබුනෙ නෑ.කිසි දේකින් අඩුවක් තිබුනෙ නැතත් නිදහසක් නැති ජීවිතේ කෙල්ලට එපා වෙලා තිබුනෙ...
මිහිරාන්..
එයා තමයි මේ සුදු මහත්තයා..කෙල්ලගෙ ජීවිතේට ඇවිත් අවුරුද්දක් නෑ...කෙල්ලගෙ අහින්සක ඇස් දෙකට කොල්ලා වශී වෙලා උන්නෙ..ගෙදරට හොරෙන් ගලාගෙන ගිය මේ ආදරේ ...මේ දෙන්නා මේ අවුරුද්දටම මීට් වෙලා තිබුනෙ දෙපාරයි..මේ තුන් වෙනි පාර.මිහිරාන් කැම්පස් එකේ අවසන් වසරෙ කලමනාකරණ පීඨයේ..
"හෙලෝ..හෙලෝ සුදු  අම්මි...මාව ඇහෙනවද?? "
"රත්තරන් ඔයා කොහෙද?මම බස් එකට නැග්ගා.හය වෙනකොට මම ටවුන් එකේ .ඔයා ඇවිත් නේද ඉන්නෙ?ඇයි ආන්ස්වර්  නොකලෙ..ම්ම්ම්?? "
"සුදු  අම්මි...චුට්ටක් අහන්න මැණික..මම  මම තාම බෝඩිමේ...මට මට නින්ද ගියා වස්තු...අනේ සුදු අම්මි...කොළඹ බස් එකක නැගලා අවිස්සාවේල්ල ට එන්න..මම පුලවන් ඉක්මනට  එනවා.. "
"මොනාද ඔයා මේ කියන්නෙ..ගෙදරින් ආවෙ වැඩට යන්න.ඔය දන්නව...මේ හැමදේම ගෙදරට හොරෙන් කරන්න මම කොයි තරම් බයකින්ද කියල...මොනාද ඔය??මම කවදාවත් බස් එකේ ඒ තරම් දුරක් ගිහින් නෑ... "
සකුනි අඩන්න ගත්තෙ මේ පාර කියලා නොබලා..ගෙදර කවුරු හරි දැක්කොත්....
"මගෙ අම්මි මේ අහන්න...මගෙ පන පරිස්සමට ගෙදර යන්න..අම්මට කියන්න අසනීපයි කියලා..මට මගෙ පන අඩනවා බලා ඉන්න බෑ..... "
"බෑ...බෑ...සුදු අයියා....ඔයා දන්නවා අපෙ ආදරේ අපි මීට් වෙන අන්තිම  දවස  මේ..තාත්ති මාව කැලුම්ට බන්දල දෙයි ඉක්මනට.මට ඔයාව බලන්නැතුව යන්න බෑ...අනේ...ඉහි ඉහි....
මම එනවා..ඔයා එන්න....ම්ම්ම්.... "
මිහිරාන්ට තමන් ගැනම ආවෙ කේන්තියක්...අමතර පන්ති කරන නිසා රෑ ටියුට් වගයක් හැදුවා.ඒකයි කොල්ලට නින්ද ගියෙ...
කෙල්ල  බලංගොඩ කොළඹ බස් 1ට නැගලා ජැකට් එක දාගෙන ශෝල් 1කින් මුස්ලිම් වගේ මූන වහා ගත්තෙ බයට.ටික දුරක් එනකොට වමනෙට එනව..මේ ගමන සකූට හරිම නුහුරුයි...
"ඇයි දුව...මේ බෑග් එකට වමනෙ කරන්න..ම්ම්ම්ම්ම්.....හරිනෙ... "
එහා පැත්ත  ශීට් 1 හිටපු ඇන්ටි කෙල්ලට උදව්  කල...
"මැණික...මම අවිස්සාවේල්ලට ආවා.. "
ඒ මිහිරාන්...එක හුස්මට බයික් 1 ආපු කොල්ල  නැවත්තුවෙ අවිස්සාවේල්ලදි.....
"හ හරි සුදූ...මත් තව චුට්ට දුරයි... "
"ඇයි මගෙ මැණික....අමාරුවෙන් වගේ.... ?"
"මට වමනෙ ගියා සුදු ...බය වෙන්න එපා..අවිස්සාවේල්ල  බහින්න..... "
එතකොටම සකූ බහිනවා මිහිරාන් දැක්කා...කෙල්ලගෙ මැලවුණු  මූන  දැක්කම  කොල්ලට දුක හිතුනා...
දෙන්නගෙම ප්ලෑන් එක මේ වෙනකොට අවුල් වෙලා තිබුනෙ.මිහිරාන්  සකූ වත් බයික් එකේ දාගෙන සමන් දේවාලෙ වදින්න යන්න හිතන් හිටියෙ.මිහිරාන් ගෙ පරක්කුව නිසා හැමදේම වෙනස් වෙලා...
"මට සමා වෙන්න පන...මගේ වැරැද්ද....අපි.මේ ලග පන්සලක් බලලා යමු.....ම්ම්ම්... "
"හා   සුදු අයියා....කමක් නෑ...හිතල දොයියා ගත්ත නෙමෙයිනෙ......... "
දෙන්නාම කොල්ලගෙ බයික් එකට නැගලා ඉස්සරහට ගියෙ කන්න හිතාගෙන උදේට..ඒත්....
"දෙයියනේ අයියේ කැලුම්.......එයාලගෙ ෆැමිලි එකම ඉන්නවා.අනේ අපිව දකී...මොකද කරන්නෙ කියන්න මට....අනේ... "
 
හිතුවෙ නැති මේ කරදරේ නිසා දෙන්නම හොදටම බය උනා...කොල්ලා දැක්කෙ ඉස්සරහ තිබ්බ බෝඩ් එක....කොල්ලා දෙපාරක් නොහිතා බයික් එක ඇතුලට දැම්ම...
"හෙල්මට් එක ගලවන්න එපා...ඔහොම ඉන්න.... "
කියපු කොල්ලා ඇතුලට ගිහින් කාමරයක් වෙන් කර ගත්තා.
"යමූ...."
සකූගෙ අතින් අදගෙන කාමරේට ආපු මිහිරාන් දොර ලොක් කලා...බය වෙලා හිටපු කෙල්ල පියවි සිහියට ආවෙ ඒ හඩින්..
"අනේ තාත්ති...මෙහෙ අපි අනේ..... "
ආයිත් කෙල්ල මහ හයියෙන් අඩන්න ගත්තෙ කෙල්ල මෙහෙම තැනකට එන්න හීනෙන් වත් නොහිතුව නිසා...
කොල්ලටත් දැනුනෙ පුදුම කලකිරීමක්...
"කැලුම් ව දැක්කම මට බය හිතුනා අම්මි.මට සමා වෙන්න ...අපි තව චුට්ට කින් යමු..ම්ම්ම්....හොද ලමයනෙ...අඩන්න එපා..එන්න මගෙ ලගට...එන්න කෝ.... "
කෙල්ල ඒ පපුවට බර උනේ අඩාගෙනමයි...
"මාව විස්වාස කරන්න අම්මි..මට ඔයාව මෙහෙම තැනකට ගේන්න ඕනි උනේ නෑ.අපේ ආදර කතාවෙ අන්තිම දවස පන්සලක ගෙවන්න මට ඕනි උනේ.මට බය හිතුන අරුන් අපිව දකී කියල... "
"මට ඕනි  උනේ බුදු  සාදුගෙන් ඔයව් ඊලග අත්මෙවත් මට දෙන්න කියලා ඉල්ලන්න...තේරුනාද??? "
කොල්ලා කියෙයුවෙ සකූ වැරදියට හිතයි කියල බයෙන්..ඒ ඇස් වල කදුලු  කෙල්ලගෙ ඔලුවට වැටුන .කෙල්ල ඇස් උස්සල බැලුවේ  කොල්ලගෙ මූන දිහා...දෙයිය්නේ කදුලු....කෙල්ලට ඉහිලුම් නැතුව ගියා....කොලලව ඇදේ ඇදේ වාඩි කරවපු කෙල්ල කොල්ලගෙ මූන දෝතට ගත්තා...
"අනේ ඇයි මහත්තයෝ මේ...ම්ම්ම්ම්   බලන්න.මට ඔයාව විස්වාසයි..මට ඔය පපුවට තුරුල් වෙල ඉන්නත් පුලුවන් ...මෙතන හොදයි...ම්ම්ම් "
කෙල්ලට ඕනි උනේ කොල්ලගෙ දුක නැති කරන්න.තමන් මෙතනට  කැමති කියල පෙන්නන්න.කෙල්ල හිත යටින් පිච්චි පිච්චි උන්නෙ.
"සුදු අම්මි....මේ බලන්න....ආදරෙයි  ගොඩක්..උම්ම්ම්ම්ම.....මා.. "
කොල්ල කෙල්ලගෙ නලල මත හාදුවක් තියල සකූව තුරුල් කර ගත්ත...දෙන්න පැයක් විතර එහෙම ඉන්න ඇති......
"තාත්තී ... "
"ම්ම්ම්ම්ම්...."
"පොරොන්දු වෙන්න.... "
"මොකක්ද?? "
&apos;මම නැති උනාට සතුටින් ඉන්නවා කියලා..... "
"ම්ම්ම්හ්හ්හ්හ්... "
"අනේ...මට සමාවෙන්න මහත්තයෝ....අපේ අම්මලා කවදාවත් අපිට කැමැත්ත දෙන්නෙ නෑ...ඔයාව මට ලන් කරන් මම කලේ වැරැද්ද ක්...මට සමා වෙන්න .මට කැලුම්ව බදින්න වෙනවා...අද අපි මුනගැගෙන අන්තිම දවස.ලස්සන කෙල්ලෙක් ඔයාගෙ ජීවිතේ ලස්සන කරයි...මට සමා වෙන්න.... "
"මොනාද මැණික මේ කියවනේ.මේ අපේ ලැබීම.ඔයා නමින් දියුරනවා...මම හොදින් ඉන්න්වා..හැබැයි මේ ඇස් දෙකට  තරම් කාටවත් ආදරේ  කරන්නෙ  නෑ.... "
"දෙන්නම හොදටම අඩනව..... "
කෙල්ලට මේ දේවල් දරා ගන්න බෑ.....ඒත් කෙල්ල තීරනයක් ගත්තා...අන්තිමට....මගෙ හැම වටිනාක්මක්ම දෙන්නෙ මගෙ මහත්ත්‍යට් විතරයි ...
"සුදු  අයියෙ.... "
"ම්ම් "
"දෙයක්  කියන්නම්.. "
"ම්ම්ම් "
"මාව ඔයාගෙම කර ගන්න...මේ කාමරේ ඇතුලෙම.මට හැමදාම සතුටින් ඉන්න පුලුවන්..මගේ හැම වටිනාකමක්ම ඔයාට දුන්න කියලා. "
මිහිරාන්  පුදුම වෙලා කෙල්ල  දිහා බලන් හිටියා...නෑ ඒ ඇස් කියන්නෙත් ඒ කතාවමයි...ඒ ආදරේ....
"කමක් නැද්ද...."
ටිකක් වෙලා නිහඩව හිටපු.කොල්ල...  ඇහුවා
 
"කමක් නෑ.... "
ඒ හඩේ තිබුනේ  ස්තීර බවක්...
"මම ගෙදර යන්න එක්ක ආවෙ.මගෙ බෑග් එකේ ශෝටකුයි ටී ශර්ට් එකකුයි ඇති...වොශ්  එකක් දාගෙන ඇද ගන්න...මම එන්නම්.... "
එහෙම කියපු කොල්ලා  කාමරෙන් එලියට ගියා...
හිමින් ඇදෙන් නැගිටපු සකූ බාත් රෑම් එකට ගියෙ සතුටින්...
මේ ආදරේ  වෙනුවෙන්  මට කරන්න  පුලුවන්  මෙච්චරයි ....වතුර  මල යට ඉදන් කෙල්ල හිතුවා....කොල්ලගෙ ඇදුම  ටිකක් ලොකුයි....ඒකත් දාගෙන කෙල්ල එනකොට කොල්ලා කෑම ගෙන්නලා...ඇදට වෙලා බර කල්පනාවක.
"ඉන්න...මාත් එන්නම්..."
.කොල්ලා බාත් රූම් 1ට ගියා...කොල්ලා ගෙදර ගෙනියන්න ගෙනාපු බෙඩ්ශීට් 1 ඇදට දැම්මෙ කෙල්ලව මේ ඇද රෙදි උඩ තියන්න තිබුනු අකමැත්ත නිසා.කොහේ කොහේ යන මිනිස්සු  එනවද දන්නෙ නෑ....
මිහිරාන්  එනකොට කෙල්ල මලක් වගේ ඇස් දෙකත් පියන්...ඇද උඩ...කෙල්ල ලගින් වාඩි උන මිහිරාන්  කෙල්ලගෙ මූනට බර උනා...කෙල්ල හීනියට ඇස් ඇරල බැලුවා..
"සුදු අම්මි...කමු.... "
"ම මට බඩකිනි නෑ... "
කෙල්ල කියපු හුරතලේට කොල්ලට හිනා...ඉමෝ වලින් මේ හුරතලේ දැක්කට ලගටම දැක්කෙ  අද....
කොල්ලටත් නොදැනි ඒ තොල් පෙති වලට බර උනේ ඒකයි.පලමු වතාවට තොල් පෙති  වලට දැනුනු පහසට වෙව්ලල ගිය කෙල්ල ඒ උනුසුමට නතු උනේ ඉබේමයි...
මිහිරාන්  ඒ තොල් අතෑරියෙ ගොඩක් වෙලාවකින්...රෝස තොල් රතු පාට වෙලා...කොල්ලට ලෝබ හිතුන...තාමත් කොල්ලා හිටියේ බාත් රූම් ඉදල ආපු ගම්න් ශෝට පිටින්.
කොල්ලා කෙල්ලගෙන් ඈත් වෙන්න හැදුවෙ ටී ශර්ට්  1 දා ගන්න.ඒත් කෙල්ල තාමත් ඇස් පියන් කොල්ලගෙ කර වටේ අත් දෙක දාගෙන කොල්ලට  තුරුල් උනා...කෙල්ලගෙ හිතේ තිබුනෙ එකම දෙයයි...ඒ කොල්ලට අඩ තමන්ගෙ ජීවිතේම දෙනවා කියලා...
සකූගෙ මේ උනුසුම මිහිරාන්ටත් අලුත් අත්දැකීමක්..මේ කොල්ලගෙත් පලවෙනි ආදරේ.... "සුදු  අම්මි කෝ ඉන්නකෝ..අයියා ටී ශර්ට්  එකක් දා ගන්නකම්... "
"ම්ම්ම්ම්හ්හ්හ්හ් "
කෙල්ල කියුවෙ ඇස් තවත් තද කර ගන්න ගම්න්...
මිහිරාන්ටත් දැනුනෙ මහ පුදුමාකාර හැගීමක්...කොල්ලා  කෙල්ලවත් තුරුල් කරන් ඇදට  බර උණා...
ටිකෙන් ටික ඇග උනුසුම් වෙද්දි....කොල්ලගෙ තොල් පෙති කෙල්ලගෙ මූණෙ දග කරන්න පටන් ගත්තා...ජීවිතේ පලමු වතාවට දැනෙන මේ ආදරණීය හැගීම් එක්ක සකූ නම් හොදටම මත් උනා....
මිහිරාන්ගෙ තොල් සකූගෙ බෙල්ල කන් පෙති හොයන් ආවෙ කෙල්ල කිතියෙන් කෙදිරි ගාද්දි...
 
"මහත්තයෝ .....ම්ම්ම්ම්ම්.. "
"මගෙ මැණික... "
හිමීට පටන් ගත්ත මේ සිප ගැනීම චුට්ට  චුට්ට  වේගවත් උනා...
කොල්ලගේ ඇගිලි තුඩු කෙල්ලගෙ සුදු  බන්ඩියේ දග කලේ කෙල්ලගෙ කෙදිරිලි හඩ මැද....
"අනේ පන....ම්ම්ම්ම්...මම.ම්ම්..ගොඩක් ආදරෙයි...ම්ම්ම් "
සකූ කෙදිරිලි හඩින් පවසද්දි කොල්ලාටත් සීමාවන් අමතක උනා....
කෙල්ලගෙ ටී ශර්ට්  1 ගෙලෙන් පන්නල ඒ සුදු  පපුව දිහා බලා හිටියෙ පුදුමෙන්..කිරිම කිරි පාට පපුව දුටු මිහිරාන් මත් උනා....අගිලි තුඩුත් තොල් පෙතිත් පපුව පුරා දග කරද්දි සකූ කලේ කෙදිරිලි හඩක් නගපු එක විතරයි.කෙල්ල හිටියෙ වෙනමම ලෝකෙක..
කොට ශෝටෙන් මතු උන කෙල්ලගෙ සුදු  කකුල් දිහාවට මිහිරාන් ඇදිල ගියෙ නොවිවසිල්ලෙන්..
ඒත්....
කරන්ට් 1ක් වැදිල වගේ මිහිරාන් නතර උනා....
මම මොනාද මේ කරන්නෙ....පිස්සෙක්
මිහිරාන් ට තමුන් ගැනම ආපු කේන්තිය පාලනය කර ගත්තෙ ඇද විට්ටමට අතින් ගහල...මාව විස්වාස  කරලා ආපු කෙල්ල..මම නම් බල්ලෙක්....ඉක්මනින් උඩට ආපු මිහිරාන් බෙඩ් ශීට් 1 කෙල්ලගෙ ඇග වටේ එතුවා..
හාදු නොවැටෙන කල්හි..සකූ හිමීට ඇස් අරියා...ඇස් වල කදුලු පුරවන් තම් දිහා කොල්ල බල්න් ඉන්නවා...
"මට සම වෙන්න  මගෙ මැණික ...මම බල්ලෙක්...අනේ... "
කෙල්ලට හිතන්න ඉඩක් නොතියම කොල්ල කෙල්ලව තුරු කර ගත්තා.හුස්ම හිරවෙන තරමටම අගට තද කර ගත්තා..
"මට ආදරේ  කලේ...ලස්සන මලක්....මම ඒ මලට ආදරේ කලා විතරයි මගෙ මැණික ...මට මේ ආත්මෙ ඒ මල අයිති නෑ...එහෙමෛ කියලා ඒ මලේ පෙති කඩල දාන්න මට බෑ... "
"මම කැලම්ට බාර දෙන්නෙ.මේ මලව "
"මේතරම් දුර ගියාට මට සමා වෙන්න වස්තු .මට මාව පාලනය කර ගන්න බැරි උනා..මට සමා වෙන්න... "
කෙල්ලව තුරල් කරන් කොල්ල අඩනවා.
"අනේ මහත්තයෝ  ඇයි  ඔයා  අඩන්නෙ.මේ හැමදේම උනේ.මගෙ  කැමැත්තෙන්.මට මීටත් වඩා දුර යන්න ඕනි...ප්ලීස්.... "
"මරනවා මන් උබව..."
මිහිරාන්  කෙල්ලට රිදෙන්න අත තද කල...
"ඌයි..... "
"අම්මා තාත්තා  ඔයාව හැදුවෙ  මලක් වගේ ඔයාගෙ මහත්තයා ට බාර දෙන්න්...ථේරුම් ගන්න මගෙ පන.මට ඒ දේවල් ගන්න පුලුව්න්...ඒත් ඔයගෙ දරුවන්ගෙ තාත්ත්ට ඔයා මොනාද දෙන්නෙ....ම්ම්ම්.. "
"ඔයාට ආදරේ  කලාට ඔයගෙ වටිනාකම නැති කරන්න මට බෑ..ඔයා මට දීපු ආදරේ  ඇති.ඔයා මෙහෙම තීරනයක්  ගත්තෙත් ඒ ආදරේ  නිසා .ඉතින් වෙන මොනවද්...ම්ම්ම්..මගෙ පන අයියට තුරුල් වෙලා දොයියා ගන්න.අපි ටිකකින් නැගිටල පන්සලුත් ගිහින් ගෙදර යමු...ම්ම්ම්.. "
"ම්ම්ම්ම්....ආදරෙයි තාත්තියෝ....
කෙල්ල  කොල්ලව බදාගෙන අඩල අඩල නින්ද ගියා..කොල්ලා කෙල්ල ඇහැරෙනකොටත් ඔලුව අත ගානව... "
"උම්ම්ම්ම්ම .. "
"මගෙ පන නැගිට්ටද...හරියටම පැයක් දොයි ...හ පැටික්කි වගේ..... "
"නැගිටින්න මැණික ...අපි පන්සල් යමු.. "
කොල්ලා කියුවා වගේ කෙල්ල මූන හෝදගෙන හිමීට ලෑස්ති උනා...කාමරෙන් එලියට යන්න හදදි කොල්ලා ගෙ කකුල් බදාගෙන කෙල්ල වැද වැටුනා..
"ඔයා දෙවි කෙනෙක් මගේ පන ...ඔයාව ලබන්න මගෙ පින් මදි..මට සමා වෙන්න.. "
මුකුත් නොකියපු කොල්ල..ඒ නලලට තොල් තඩ කලේ තමන් ඇඩුවොත් කෙල්ලව පාලනය කර ගන්න බැරි නිසාමයි..
දෙන්න පන්සල්  ගිහින් බුදුන්  වැදලා ප්‍රාර්ථනා  කලේ  ලබන ආත්මෙවත් දෙන්නට දෙන්න ලැබෙන්න...
පසුවදන......
මේක වෙලා දැනට මාස 3ක්.සකූ මගෙ හොද යාලුවෙක්.සකූ මාත් එක්ක මේ දේවල් කියුවෙ අඩ අඩ.සකූව කැලුම්ට බන්දනවා මැයි වල.සකූ තාමත් අඩනව..නොකා නොබී ඉන්නවා....හූල්ලනවා...මිහිරාන්  කියලා වෙනසක් නෑ..එයා සකූට කතා කරන එක අඩු කලා.එයා බයයි සකූ වැරැද්දක් කරෛ කියලා.ඒත් එයා හැමදාම හවසට කතා කරලා මගෙන් සකූ ගැන අහනව..එයාව බලා ගන්න කියනව...ඒක වෙන්න ඇති ඇත්තම ආදරේ ...මටත් දුකයි ඒ දෙන්න  ගැන.මේ කතාවෙ එච්චර ලස්සන නැතුව ඇති...ඒත් තමන්ගෙ කෙල්ල අතෑරල ගියාම අතින්වත් අල්ලලා නැතත් නිදා ගත්ත කියන පිරිමි ඉන්න ලෝකෙ මිහිරාන්ල වගේ අය දෙවිවරු..
මිහිරාන්ට තිබුනා හැමදේම අරන් පැත්තකට වෙන්න .ඒත්....ඉතුරු ටික ඔයාලට බාරයි.
ආ...මිහිරාන් මට කියුවා  එයා සකූට වෙච්ච පොරොන්දු  ඉශ්ට කරනවලු
අම්මල හොයල දෙන කෙනෙක් බදිනවලු.ඒත් සකූට තරම් කාටවත් ආදරේ කරන්නෙ නෑලු.


<!- start disable copy paste --> </!->

Sunday, July 7, 2019

හිනාව කියන්නෙ ඉනාවක්

හිනාව කියන්නෙ ඉනාවක්

"සිනහව.😊.."
නුඹ පුදුමාකාරයි...😊
ජීවිතේට ඕනිම වෙලාවට උඹ කරන්නෙ මාව මගෑරලා මට හොයාගන්න බැරුව හැංගෙන එක..
මං ඇස් වල කඳුළු පුරවන් උඹව හොයද්දි...
උඹ ඈතින් ඉදන් ඔච්චමට මට හිනා වෙනවා..
ජීවිතේ හැම සතුටු වෙලාවකදිම උඹට කලියෙන් කඳුළ ඉස්සර වෙන්නෙ...
සිනහවට වඩ මට කඳුළ උරුම හින්දද මම තාමත් හිතනවා..
කාවත් සමච්චලේට හිනාවෙන මට පුරුද්දක් නෑ..
ඒත් ගොඩක් අය කරන්නෙ මේ ලස්සන හිනාවෙන් අනිත් අයට හිනා වෙන එක..
මූණට මූණ හම්බ උනත් පුන්චිම පුන්චි හිනාවකින් සංග්‍රහා නොකරන ගොඩක් මිනිස්සු...
අනිත් අයගෙ අඩුපාඩු වලට, නැති බැරිකම් වලට කට පුරවලා හිනා වෙන්නෙ..
අනේ මන්දා..
හිනාව කියන්නෙ ගොඩක් ලස්සන පිරිසිදු දෙයක්..
ඒකෙන් ගොඩක් දේවල් ලබා ගන්න පුළුවන්..
මුකුත්ම බැරිනම් ආත්ම තෘප්තිමත් ...
සල්ලි වලට ගන්න බැරි හිනාව...
තව කෙනෙක්ගෙ දුකින් ඉන්න හිතක් සුවපත් කරන්නට මේ හිනාවට පුලුවන්...
ඔබේ සේවකයාට, පාරිභෝගිකයාට , සේවාලාභියාට වගේම සේවා දායකයාට...
මිතුරෙක්ට.. අසල්වාසියෙක්ට..
කොටින්ම තමන්ගෙ ගෙදර අයට , පෙම්වතාට , පෙම්වතියට..
මේ මොන සබඳතාවයක් ලඟදි උනත් #හිනාව කිනන්නෙ #ඉනාවක්..
මේ ඕනෑම සබඳතාවයක දවස ආරම්භය සිනහවකින් පටන් ගන්නවනම්...
බොහෝ සිත් රිදීම් අවම වන්නට තිබුනා..
ප්‍රශ්න මේ කියන්නෙ වන ඔබට වගේම ..
මටත් තියනවා..
කියුවොත් ඉවර කරන්න බැරි තරමටම..
ඒ ප්‍රශ්න වලට පුළුවන් උනොත් අපේ හිනාව උදුරා ගන්න..
අපි පරාදයි...
අපි ඒක පිළි ගන්නවද..
නෑ ...
හිනා වෙන්න...
සීමා මායිම් නැතුව..
යන්තම් හිතේ හිර කරගෙන නෙමෙයි..
හයියෙන් හිනා වෙන්න..
හිතේ තද කරන් ඉන්න දුක...
කඳුළු වල දිය කරනවා වෙනුවට හිනාවට මුසු කරන්න..
බය නැතුව ඕනිම කෙනෙක් එක්ක කතා කරන්න කලින් ලස්සනට හිනා වෙන්න..
මොකද අපි කවුරුත් ආසයි...
හිනා වෙලා ඉන්න..
ඉන්න අයට ...
සතියක් එහෙම ඉන්න..
ඔයාට අමනාපයි කියලා හිතෙන ගොඩක් දෙනා ඔයාට ලං වේවි...
ඔයා එක්ක සුහද වේවි ....
පුළුවන් නම් දුකින් ඉන්න කෙනෙක්ට ඒ මූණකට ලස්සන හිනාවක් ගේන්න..
හැබැයි මතක තියා ගන්න...
හිනාවෙන කෙනෙක්ගෙන් ඒ හිනාව උදුරා ගන්නනම් හිතන්නවත් එපා..
ඒක පවක්..
කෙනෙක්ව හිනස්සන්න බැරි නම් එයාට කඳුළු නොදී ඉන්න උත්සහා කරන්න..
දන්නවද ලෝකෙ අමාරුම වැඩ වලින් එකක්..
ඒ අඩන්නම ඕනි වෙලාවට බොරුවට හිනා වෙන්න වෙන එක..
ඔව් .. ඔයත් එහෙම කරලා ඇති...
මාත් එහෙමයි ..
අමාරුම වෙලාවෙ හිනා වෙලා...
ඔව්...
අපිට ඒක කොච්චර අමාරු උනත් අනොත් කෙනා ඒ දෙයින් සතුටක් ලබනවනම්....
හිනාව කියන්න දේ සල්ලි වලට ගන්න බෑ.
හිනා වෙන්න පිරිසිදු හිතකින්..
හිතනවට වඩා ගොඩක් දේ අපිට ලැබේවි... ඒකෙන්...
හිනාවෙන්න..😊😊😊
ලෝභ නොවී .... පිරිසිදු සිතකින්..😊
අහින්සා පැහැසරණි
2018.10.08
<!- start disable copy paste --> </!->

Saturday, July 6, 2019

ප්‍රේමයට එහා (පස් වන කොටස)


ස් පරිච්ඡේදය
නොපුරුදු එලියක් මූණට වැටෙද්දි තිසරි උත්සහා කලේ සිදුවන දේ තේරුම් ගන්න..
"ර....මේ...ශ්...."
"මහ..ත්..තයෝ..."
තිසරිට මතක් උනේ රමේශ් ලේ පෙරාගෙන වැටිලා හිටිය හැටි...
"හරි...තිසරි...හරි..."
"කලබල නොවී හිමීට ඇස් අරින්න...බලන්න..කෝ...කෝ....මේ පැත්ත බලන්න...කෝ ඔයාගෙ දකුනු අත උස්සන්න..."
තිසරිට එහා ලොකෙකින් කතා කරනවා වගේ ඇහෙද්දි හිමීට ඇස් ඇරියා...
කොල පාට ඇදුමින් සැරසුන කීප දෙනෙක්...ඕඕ...ඉන්ජෙක්ෂන් කට්ටක්...සේලයින් බෝතල්...මම ඉස්පිරිතාලෙද...මාව මැරුනෙ නැද්ද...
මේ සිතුවිලි එක්කම තිසරිට ආයිත් නින්ද ගියෙ දීපු නින්ද යන බෙහෙත නිසා...
..............................
තිසරට සිහිය එනකොට හිටොයෙ රෝහල් වාට්ටුවක..ඔව්...ඒ යුද හමුදා රෝහල..
තිසරි වටපොට බැලුවෙ ගොඩක් අමාරුවෙන්..
"ති...ස..රි.."
තිසරි මුලින්ම දැක්කෙ තම්න්ගෙ දිහා කදුලු පුරවන් බලගෙන ඉන්න පරමේශ්වරී ...ඊලගට  අම්මා...තාත්තා ...නර්ස් කෙනෙක්...කෝ...
තිසරි අමාරුවෙන් වටපිට බැලුවා..
"සාජන්...කෝ....රමේශ් ...."
"මගෙ රත්තරනේ ..."
"හොදයිද චූටි දූ දෙයියනේ කොයි තරම් මම එපා කියුවද ඔය ගමන යන්න...අයියලා දෙන්නා රට වෙනුවෙන් මැරුනා මදිද මගෙ දරුවො..එතකොට මේ අහින්සක තාත්තවයි අම්මවයි බලා ගන්නෙ කවුද..."
තිසරිගෙ අම්මා අඩාගෙන තිසරිගෙ ඔලුව අත ගන්න උනා..
"අම්මා...අපි ටිකකින් කතා කරමු...දැන්නෙ තිසරිට සිහිය ආවෙ.."
නර්ස් ගෙ හඩින් අම්මා පසෙකට උනේ තාත්තා අම්මව එක්කන් ගිය නිසා...
"සාජන්...අපෙ මිශන් එක...???"
"ඒක සක්සස් තිසරි...අපි නන්දු පන පිටින් අල්ලා ගත්තා...ක්‍රිශ්නවත්...ක්‍රිශ්නා වෙඩි පාරි මැරුනෙ නෑ...ඒ වගේම උන්ට උදවු  කරපු අපේ අයත්.."
"එත කොට  ...රමේශ් සර්...එයා කෝ ඇයි මාව බලන්න ආවෙ නැත්තෙ...කෝ රිස්වි.."
"මේ අහන්න..තිසරි...රිස්වි රමේශ් දෙන්නම අපිව දාලා ගියා...දැන් අපි කලබලා කරලා වැඩක් නෑ..ඒ දෙන්නා රට වෙනුවෙන් ජීවිතේ දුන්නා.."
තිසරිට දැනුනෙ ලෝකෙම තමන්ගෙ වටේ කැරකෙනවා වගේ..
"නෑ....."
"නෑ ...සාජන්  ...මගෙ රමේශ් මාව දාලා යන්නෙ නෑ...ඇයි බොරු කියන්නෙ ...කියන්න කියන්න..."
"මම කියුවා ඔයාලට මෙයාව කලබල කරන්න එපා කියලා..ප්ලීස් සාජන් ඔයත් එලියෙන් ඉන්න.."
නර්ස් එහෙම කියමින් තිසරිගෙ කැනියුලාව ට බෙහෙතක් ඇතුල් කලා...
...................................
ආයිත් ඇහැරෙනකොටත් පරමේශ්වරී තිසරිගෙ ඔලුව අත ගානවා..
"සාජන් .."
"තිසරි .."
"මට රමේශ් සර්ගෙ මිනිය බලන්න ඕනි.."
අනේ තිසරි මේ දේවල් වෙලා මාස එකහමාරකට වැඩි..
"මොනවා??"
"ඔව්."
"ඔයාට සිහිය තිබුනෙ නෑ..
"අනේ දෙයියනේ...!!"
"අඩන්න එපා කෙල්ලෙ..එහෙම උනොත් එයා කරපු කැපකිරීමට වටිනාකමක් නෑ.."
.....................................
තවත් දින කීපයකින් තිසරි ගෙදර ආවා...ඊටත් මසෙකට විතර පස්සෙ ආයිත් කෑම්ප් එකට ගියා...අම්මයි තාත්තයි කොයි තරම් අකමැති උනත් තිසරි හිතුවෙ දැන් රමේශ් වෙනුවට එයා මේ රාජකාරිය කරන්න ඕනි කියලා..
මේ වෙනකොට තිසරිට සාජන් විදිහට උසස්වීමක් ලැබිලා තිබුනෙ...
"සාජන් තිසරි..."
"ඔව් කෝප්‍රල් .."
"මේජර් පරමේශ්වරී එන්න කියුවා බිලට් එකේ ඉන්නවා කියුවා"
"ඕ..කේ..මම යන්නම්.."
"තිසරි..."
"ඔව්.මේජර්.."
"මම එන්න කියුවෙ පෞද්ගලික කාරනාවකට.."
"ඔව් මේජර් "
"මේක අපේ රමේශ්ගෙ අවසාන කැමැත්ත..."
"මො..මො..කක්ද මේජර්..??"
"අපේ මේජර් නදුන්...රමේශ්ගෙ යාලුවා.."
"ඉතින්..??"
"එයාව මැරි කරන්න.."
"ප්ලීස් මේජර් ..මම කසාද බදින්නෙ නෑ.."
"මේක රමේශ්ගෙ අවසන් කැමැත්ත බව මතක තියා ගන්න...නදුන් උනත් කැමති තිසරි මැරි කරන්න"
මුකුත් නොකියා තිසරි නැගිටලා දුවලා ගිහින් කලුවරේ නොපෙනෙන තැනක වාඩි වෙලා අඩන්න ගත්තා...
""මම මේ මිශන් එකේදි මැරුනොත් මම වගේ ආමි කොල්ලෙක්ට ජීවිතේ දීපන් මගෙ මැණිකෙ...""
කෙල්ලට මතක් උනේ රමේශ්ගෙ වචනෙ..
කෙල්ල අඩලා අඩලා තීරනයක් ගත්තා..
.......................
"තිසරි..."
"මේජර් .."
"මම මේජර් නදුන් එක්ක කතා කරන්න කැමති.."
"ගුඩ්..මම දැනගත්තා තිසරි රමේශ්ගෙ අවසාන වචනෙ මගාරින්නෙ නෑ කියල..."
................................
"තිසරි.."
"මේජර් ..."
"මට නදුන් කියන්න තිසරි.."
"ම්ම්ම්..මේජර් ..මට කවදාවත් රමේශ් සර් අමතක කරන්න බෑ..ඒත් මට එයාගෙ වචනෙට පිටින් යන්න බෑ.."
නදුන් ගොඩක් වෙලා කල්පනා කලා..
"හරි ඒ කියන්නෙ තිසරි මාව බදිනවා.."
"ඔව්...රමේශ් සර්ගෙ අවසාන කැමැත්ත ඒකනම්.."
"ඕ..කේ..තිසරි අපි අද හවසට ගමනක් යමු..$
"කොහෙද..??"
"ගමනක් ලමයො..මාව අවිස්වාස නෑනෙ.."
"අපෝ කොටිත් එක්ක හිටපු මම මොකටද මේජර් ට බය වෙන්නෙ.."
හරි මම හවසට එන්නම් ඔයාව ගන්න..
"ඕ..කේ මේජර්.."
"හවසටවත් ඔය මේජර්  කෑල්ල හලාගෙන එනවද..??"
තිසරි මදහසක් නංවලා එතනින් නිකම ගියා..
......
නදුන්ගෙ නවීන පන්නයේ මෝටර් රතය නැවතුනේ තිසරිගෙ ලග...
දිගු සායට අත් වැලමිට ලගට දිග සුදු ටී ශර්ට් 1 ඇදලා කොණ්ඩය මුදා හැරලා තිබ්බ තිසරිගෙන් දිස් උනේ යුද හමුදා සෙබලියකගෙ පෙනුමනම් නෙමෙයි....
ඒ සුන්දරත්වය දෙස නදුන් බලා හිටියෙ හිනැහෙමින්...
"මොකෝ...සාජන් නෝනා...නග්ගවන්න ඕනිද?"
ඉදිරිපස පැති වීදුරුව පහත් කල නදුන් විමසුවෙ කෙලිලොල් අයුරින්...
"සාජන්...??"
තිසරි මදහසක් මුව තවරාගෙන රතයට ගොඩ උනා..
කලු සුදු ඉරි ටී ශර්ට් එකෛ ඩෙනිමටයි නදුන්ගෙ කඩවසම් බව මනාවට පෙනුනා..
"යමු..."
"කොහෙද..?"
"ගමනක්..!!"
"ම්ම්ම්..."
"මම යන ඕනි තැනකට එනවද..?"
තිසරි හිනා උනා විතරයි..රමේශගෙ අවසන් කැමැත්තට එකග උනා මිසක කෙල්ල මේ දේට කොහොමවත් කැමති නෑ..
"තිසරි දෙයක් අහන්නම්..."
"අහන්න මේජර් ..."
"ප්ලීස්...මේ ටික වෙලාවට විතරක් මට නදුන් කියන්න.බැරිනම් අයියා කියන්න.."
"කොහොමත් ඔයාගෙ නේවි එකේ හිටපු අයියා මම දන්නවා.."
"ම්ම්ම්...අයියා කියන්නද..??"
"ඔය තියෙන්නෙ...එහෙම කියන්නකො මගෙ සුදු නන්ගි.."
"සුදු..??"
"ඔව්...පොත්ත සුදු කෙල්ලො අවුවට යද්දි මැරෙනවා වගේ කෑ ගහද්දි උබලා සුදු ලස්සන එඩිතර කෙල්ලො නංගි...උබලා උන්ට වඩා වටිනවා.."
"ම්ම්ම්..."
"ඔයා මට කවදාවත් ආදරේ කරන එකක් නැද්ද නංගි??"
"ඒක කියන්න බෑ අයියෙ...ආදරේ කරාවි...කවදා හරි.."
තිසරි කියුවෙ සුසුමක් හෙලලා.
"ඒත් රමේශ් සර්ට තරම් බෑ..එයාව එයාගෙ ආදරේ අමතක කරන්නත් බෑ..කවදාවත්..."
"මට සමාවෙන්න අයියෙ..මට බොරු කරන්න බෑ ඔයාට..මම මේකට කැමති උනෙත් රමේශ් සර්ගෙ අවසාන කැමැත්තට පිටුපාන්න බැරි නිසා.."
"ඕ...කේ...සාජන් නෝනා..."
මාත් එක්ක ඉද්දි ඇස් වල කදුලු බෑ..හරිද...?
"අනික ලොක්කො ඉස්සරහා අඩන්න එපා බන්..උන්ට වැරදි දේවල් හිතෙනවා..මම මේ කියුවෙ ඔලුව අත ගාලා පපුවට තුරුල් කරන් නලවන්න වගේ"
තිසරි නදුන් දිහා රවල බලද්දි නදුන් තොල පෙරලලා හිනාඋනා..
"අයියෙ "
"මොකෝ??"
"අපි කොහෙද යන්නෙ?"
"ඉන්නකෝ බබී යනකම්"
.............................
නිසන්සල පරිසරයක තිබුන ගෙයක් ලග කාර් එක නතර උනා..
"යමු.."
නදුන් ඉස්සර උනා..
..................
වත්ත හරිම නිස්කලන්කයි.තිසරි නැවතුනේ රෝස ගහක් ලග...
කොයි තරම් දැඩි කරගෙන ප්‍රශ්න වලට මූන දුන්නත් ගෑනු හිත ඉල්ලන්නෙ ගෑනු කමමයි..
"රෝස මලක් රෝස මල් කඩනව දැක්කමයි.."
තිසරි ආයිත් පියවි සිහියට ආවෙ නදුන්ගෙ හඩින්..
"මැඩම් අපි යමුද.??"
තිසරි ආයිත් නදුන් පස්සෙන් වැහැන්නා...
සාක්කුවට අතදාපු නදුන් යතුරක් අරන් දොර ඇරියා..
"මේ..මේ ගේ අයියගෙද...???"
"ඕ..ශිට්..."
"මම ෆෝන් එක දාලා ඇවිත්..නංගි ගේ ඇතුලට යන්න.මම එන්නම්.."
නදුන් ආපහු හැරුනෙ තිසරිට මුකුත් කියන්න ඉඩ නොතියා...
විවර උන දොරින් තිසරි හිමීට ඇතුලට ගියා...
වත්තෙම ෆ්‍රෙශ් රෝසෙස් දාපු ලොකු වාස් දෙකක්..
.;;    
සෙරෙප්පු ගැලවලා නිරුවත් දෙපා සීතල ටයිල් පොලව මත තියමින් තිසරි ඉදිරියට ගියා..
"මො...මො..නවා???"
තිසරිට කෑ ගැස්සුනේ තමන්ගෙ යුනිෆෝම් ඵොටෝ එකක් බිත්තියෙ ලොකු කරල ගහල තියනවා දැකල...ඒක සාජන් ඇදපු දවසෙ ගත්ත එකක්..
"ම්ම්...නදුන්  අයියා මට ආදරේ කරනවා."
"පව්..මාව පුදුම කරන්න තමයි මේ හැමදේම.."
තිසරිට නදුන් ගැන ඇති උනේ අනුකම්පාවක්..
ඒත් එක්කම කාමරෙන් ඇහුනෙ කිසිවෙක් කහින හඩක්..
කවුද තව ඒ ගෙදර ඉන්නෙ.
කෝ ෆෝන් එක ගේන්න ගියපු නදුන් තාමත් නෑ..
තිසරි හිමීට සද්දය ඇහුන පැත්තට ගියා..
කාමරේ දොර රෙද්ද හිමීට ඈත් කලේ තමන්ට හඩ ඇහුනෙ මේ කාමරෙන්ද කියලා හරියටම දැන ගන්න..
තමුන්ට පිටුපාලා හිටියත් කණ්නාඩියට මූන දාලා හිටපු ඒ රූපෙ අදුර ගන්න තිසරිට මහා වෙලාවක් ගියෙ නෑ..
"මගෙ මහත්තයෝ ...!!!"
තිසරි අඩාගෙන රමේශ් ලගා දිවුවත්...එකවරම තිසරි නතර උනේ බියපත් වූ දෑසින්..
"මැණික ..."
"අනේ රත්තරන්  ඔයා ..ඔයා..???"
"කවුද මෙහෙට එන්න කියුවෙ..ආ..????"
රමේශ් එකවරම කෑ ගැහුවෙ කණ්නාඩි මේසය මත තිබූ මල් පෝච්චියත් පොලවෙ ගසමින්
"මම එක්කන් ආවෙ ඇයි..???"
කාමරේ දොරකඩින් ඇහුනෙ නදුන්ගෙ හඩ..
"නදුන් තෝ තෝ මොකක්ද හු## කලේ..??
"මම තොට කියුවා..උබට බැරිනම් කියන්න තිබුනා..මේ වගේ බලු වැඩ නොකර.."
"උබ කියන්නෙ උබ පන වගේ ආදරේ කරන මේ කෙල්ල උබට නැති කරලා ,
උබට පන වගේ ආදරේ කරන මේ කෙල්ල උබට නැති කරලා ,
මැරිච්ච නැති උබේ සොහොන උඩ මට මාලිගා හදන්න කියලද හරකො..??"
මේ නදුන්ගෙත් රමේශ්ගෙත් අතර දෙබසට මැදි වෙලා හිටපු තිසරි එක පාරටම කෑ ගැහුවා..
"නවත්තන්න ඔය විකාරෙ..."
"ඇයි මගෙ මහත්තයෝ ඇයි මේ කියන්න...ඔයා මැරුනා කියලා ලොකු බොරුවක් කරලා "
තිසරි රමේශ්ගෙ පුටුව ලග වාඩි වෙලා ඒ උකුලෙන් අත තිබ්බා..
ඒත්...
අතට අහු උනේ පුටුව.තිසරි ආයිත් රමේශ්ගෙ කකුල් දෙක හෙවුවෙ පිස්සුවෙන් වගේ...
අන්තිමට තිසරි රමේශ්ගෙ සරම කෙමෙන් කෙමෙන්  උඩට කලේ තමන්ගෙ ඇස් වලට සාප කරමින්..
"මගෙ මහත්තයෝ..."
"මේ...මේ කකුල් දෙකක් නිසාද මට බොරු  කරලා හැන්ගුනේ...මගේ ආදරේ එ තරම් පහත්ද රත්තරනේ...කියන්න..."
"ඔයා හිතුවද මට ඔයාව බලා ගන්න බැරි වෙයි කියලා...??"
"ඔයාගෙ හුස්ම ටික මට ඇති මහත්තයෝ...කකුල් දෙක නෙමෙයි අත් දෙකෛ ඇස් දෙකයි නැති උනත් මම ඔයාව බලා ගන්නවා.."
"ඔයාට පින් නදුන් අයියෙ...මගෙ ජීවිතේ මට ගෙනත් දුන්නට.."
තිසරි කියුවෙ අඩමින්..
"ඔය ඇස් වල ආදරේ තිබ්බෙ මේ හරකට නංගි.ඒක අදුරා ගන්න බැරි කමක් නෑ මට..."
"අපි මූට කොයි තරම් තේරුම් කරන්න හැදුවද...මෝඩයා..."
"අනේ ඇයි මහත්තයෝ මට මේතරම් දුකක් දුන්නෙ...ඔයා මැරුනා කියුවම මගෙ ආදරේ මැරෙයි කියලා හිතුවද...??"
"මැණික ...!!"
"ඇති ඇති මම වගේ අබ්බගාතයෙක් ඕනි නෑ...නදුන්ව බැදලා සතුටින් ඉන්න රන්..."
"මම මෙතනම මැරෙනවා...!!"
තිසරිගෙ හඩින් නදුනුත් රමේශුත් බය වෙලා බැලුවෙ තිසරි කියන්නෙ කියන දේ කරන කෙල්ලෙක් කියලා දන්න නිසා...
..............................
අවුරුදු හයකට පසු......
"හෙලෝ...."
.......................
"ඔව් ටීචර්..."
........................
"මොකක්.???"
.....................
"අනේ මට සමාවෙන්න ටීචර් ..මම එයාට අවවාද කරන්නම්...අනේ මම ඒ බබාගෙ අම්මව මීට් වෙන්නම්...මම එන්නම්.."
...................
"ඕ......අනේ ඔව්...මම සොරි කියුවා කියන්න..මමත් කතා කරන්නම්.."
..............
"තෑන්ක්ස් ටීචර්..."
"ඕ...කේ.බායි"
"මොකෝ සුදු අම්මි....??"
"අදත් නඩුවක්ද...?"
"අනේ තාත්ති එක්කො ඔයා පොඩි උන් දෙන්නට ඔය ගහාමරා ගන්න , වෙඩි තියන ෆිල්ම් පෙන්නන්නැතුව ඉන්නවද...?"
"අදත් නසරි එකේ ලමෙක්ට  අර වතුර විදින තුවක්කුව අරන් ගිහින් වෙඩි තියනවා කියලා වතුර විදලා..."
"උන හැදිලා හිටපු ලමෙක්ලු...ඒ මදිවට නංගි ඒට හපන්..."
"අයියා වෙඩි තිබ්බම මැරිලා වැටුනෙ නෑ කියලා අර උන හැදිච්ච දරුවට පැන්සල් පෙට්ටියෙන් ගහලා.."
"ඔයා  හිනා වෙන්න...අද ආවදෙන්කො ඔය අයියයි නංගියි....මම බලා ගන්නම්..."
"ඕවට මම විතරක් පලි නෑනෙ අම්මි...අම්මගෙයි තාත්තගෙයි ඇගේ දුවන්නෙ වීර ලේ...ඉතින් පොඩි උනුත් එහෙමයි.."
"ඔයාට විහිලු..."
..................
ඒත් එක්කම  ස්කූල් වෑන් එකේ හෝන් එක ඇහුනා....
"අම්මී..."
"තාත්තී...."
තත්පරේක වෙනසට අයියයි නංගි වෙච්ච රෝස මල් දෙකක් වගේ මොන්රිසෝරි පැටැව් දෙන්නා ගෙට ආවා...
"මගෙ දගයො දෙන්නා ආවද..???"
".මොනාද මේ චන්ඩිකම් කලා කියන්නෙ...අර ලෙඩ වෙච්ච යාලුවෙක්ට..."
"පව්නෙ පුතේ  ."
දරුවො දෙන්නගෙ අත් දෙකෙන් අල්ලගෙන උඩු මහලට නගින තිසරි දෙස බලාගෙන රමේශ් හිනා උනේ මේ ටිකකට කලින් දරුවො දෙන්නට දඩුවම් දෙනවා කියලා කෑ ගහපු අම්මා නේද කියලා...
.......................
තමන්ගෙ දැඩි අකමැත්ත පිට තමන්ව කසාදෙට කැමති කරගෙන ,
තමුන්ට රෝස පැටව් දෙන්නෙකුත් දීලා ,
කකුල් දෙකකුත් නැති තමාවත් බලගෙන පවුලෙ ,
හැම බරක්ම ඔලුව උඩ තියන් හිනා වෙලා ඉන්න කෙල්ල ගැන හිත ආදරෙන් පිරෙද්දි..
ඇය යුදහමුදාවෙන් ඉවත් උනේ  රමේශ්ව ලගම ඉදන් බලා ගන්න ඕනි නිසා බව රමේශ් දන්නවා...
රට වෙනුවෙන් හැම යුතු කමකමම කරලා ආදරේ වෙනුවෙනුත් ජීවිතේ දුන්න මේ ගැහැණිය තුල ආදරේට """ප්‍රේමයට එහා""" ගිය උතුම් සිතුවිලි ඇති බව රමේශ්ට හිතුනෙ අතීතෙ මතක් වෙලා තෙත් වෙච්ච දෑසින්...
තමගෙ කකුල් දෙක නැති බව තමාට දැනෙන්නවත් නැත්තෙ මේ ගැහැණියගෙ ශක්තිය නිසා බව රමේශ් සිහිකලේ තමන්ගේත් ඇයගෙත් දරු දෙදෙනාගෙත් පවුලේ චායාරූපය දෙස බලන ගමන්...
............................................
අවසන් නොවනු ඇත....ඔවුන් වියපත් වූවත් ඔවුන්ගේ දරුවන් මේ රට රකින්නට සූදානම්....
ප්‍රේමයට එහා .....මගෙ දෙවනි කතාව...
.
ප්‍රේමයට එහා..
ඒ කැප කිරීම් ගැන ඒ අයුරින්  ම දැනවීමට මා සාර්ථක නොවන්නට ඇති..ඒත් යුද හමුදාවේ ගෞරවයට කැලලක් නොවන්නට මම උත්සහා දැරුවා නොදැන හරි වරදක් උනානම් සමා වෙන්න..
මම මේ කතාව ඉක්මනට ඉවර කලේ මේ කතාවෙ කටුකත්වය ඒ විදිහටම තියන්න ඕනි නිසා
මගේ රට...  රැක ගත්ත ඒ විරුවන්ට මේ කතාව ගෞරවයක්ම වේවා...

ප්‍රේමයට එහා (හතර වන කොටස )


පරිච්ඡේදය
"ක්‍රිශ්නා ...ක්‍රිශ්නා..."
තිසරි කතා කලේ ක්‍රිශ්නාගේ බංකරේ දොර පග ඉදගෙන..
"වරෙන් මංගම්මා...කොහොමද කොල්ලො ටිකට..."
"ටික දෙනෙක්නම් නැගිට්ටා..ගොඩක් උන්ගෙ ලේ ගොඩක් ගිහින්..."
"මට දොස්තරයා කියුවා...ලේ ගැන බය වෙන්න දෙයක් නෑ..ඒවා ලග එනවා.."
ක්‍රිශ්නා කියුවෙ මදහසක් තවරා ගනිමින්..
"මම ආවෙ අපේ උන් ටිකට සනීප වෙනකම් මම උන්ව බලා ගන්නම් සාත්තු කරන්නම් කියන්න.රාජේශ් අණ්නා ලග ඉදිද්දි මම ඒවා පුහුනු උනා.."
"හරි එතකොට අරුන් දෙන්නා..?? මොනා හරි දැන ගත්තද??"
"උන් දෙන්නා කට හොල්ලන්නෙ නෑ.බඩකින්නෙ ඉන්නකොට කියයි...කාට හරි බාර දෙමු.කොහොමත් කූඩුවෙනෙ..""
"හරි එහෙනම් බලලා කරපන්..."
රමේශ්ගේ සැලැස්මට අනුව හැමදේම සිද්ද උනා...
.............................................
මේ අතර ට්‍රක් රතයක් කදවුරට ඇතුල් උනේ දූවිලි නංවමින්...තිසරි ඒ දෙස දෑස රැන්දුවා.
ඉන් තල්ලු කරමින් බිමට බැස්සුවෙ යුද හමුදා සෙබලුන් බව හදුනා ගන්නට තිසරිට වෙලා ගියෙ නෑ..
තිසරි ඉක්මනින් ඒ දෙසට දිව ගියා.පහර දීමෙන් තුවාල ලැබූ කිව හැකි යුද හමුදා සෙබලුන් දස දෙනෙක් ට්‍රක් රතයෙන් බැස්සා..
ඔවුන්ට පා පහර දෙමින් අරගෙන ගියෙ විශාල ශාලාවකට.ඒ සමගම ඔවුන්ගේ වෛද්‍ය වරයාද දිව ගියා..තිසරිත් ඒ පසුපස වැටුනෙ වෙන්නෙ මොකක්ද කියලා බලා ගන්න..
"මංගම්මා ..."
පිටුපසින් ඇහුනෙ ක්‍රිශ්නාගේ හඩ...
"ක්‍රිශ්නා .."
"ඩොක්ටර්ට උදවු  කරනවද..."
"හා..හරි හරි..."
අවසර ලැබුන නිසා තිසරි ඒ දෙසට දිවුවෙ කුතුහලයෙන්...
සෙබලුන් දස දෙනා බිම වාඩි වී සිටියා..
අවට සිටි ත්‍රස්තවාදී තරුණ්‍යන්ගෙන් පා පහර දරා ගනිමින් ඔවුන් දැඩි වෙහෙසකර බවක් කියා පෑවා..
වෛද්‍යවරයාගේ අණින් සෙබලුන් දස දෙනාට ආහාර හා වතුර ලබා දුන්නා..
ඔවුන්ගේ අත් ලෙහුවෙ කෑම කන්න..
එක් සෙබලෙක් කෑම පිගාන අතින් තල්ලු කල අතර අනිකා කෑම පිගානට කෙල ගැහුවා..
දස දෙනාම කෑම දිහා හැරිලවත් බැලුවෙ නෑ..
අපේ කොල්ලන්ගෙ තිබ්බ එඩිතර කමට තිසරිගෙ නෙතට කදුලක් ඉනුවෙ නිරායාසයෙන්.
"කාපන්....උබලා හිතුවද ආදරේට  කවනවා කියලා...නේ අපිට වැඩක් ගන්න තියනවා..කාපන්.."
එක් අයෙක් සෙබලෙක්ට පහර දුන්නෙ එලෙස කියමින්.
තිසරි  මොනාද වෙන්නෙ නොදන්න නිසා නිහඩව සිටියෙ ප්‍රශ්න  කිරීමට යාම සැකයකට මුල බව මතක තබා ගනිමින්..
එක සෙබලෙක්ව හාන්සි කල ඔවුන් ඔහුව මැස්සට තියල ගැට ගැහුවෙ හෙලවෙන්නවත් බැරි වෙන්න..
ඉන්පසු පැමිනි වෛද්‍ය වරයා සීරුවට සෙබලාගෙන් ලේ ගන්නට උනා..
"ඔහෝ ගෝඩ්...!!!"
තිසරිට කිය උනේ වැඩේ තේරුම් ගිය නිසා..
ඔවුන් මේ සෙබලුන්ගෙන් ලේ අරගෙන වෙඩි වැදී සිටි ඔවුන්ගේ ත්‍රස්තවාදී අයට ලබා දීමට කටයුතු කරන බව තිසරිට පැහැදිලි විය..
කෝපයත් දුකත්...මිශ්‍ර ගැගීම් සමූදායක් හිත තුල පොරකද්දි ඉවසා සිටියේ මෙතෙක් දවසක් කල මෙහෙයුමේ අවසානය ලන් වෙනවා කියන හැගීමත් කලබල වූවොත් සියල්ල නැති වෙයි කියන බිය නිසාත්..
වෛද්‍ය වරයා රුදිරය අවසන් බිදුව දක්වාම ගෙන නොනවත්වන බව පැහැදිලි ඌ නිසා තිසරි වෛද්‍ය වරයා අසලට ගියේ කුමක් හෝ කරන අටියෙන්..
"ඩොක්ටර්..."
"මංගම්මා ...???"
"අපි එක එකාගෙන් ගමු.ගොඩක් දුර්වල කරන්නෙපා...කන්න බොන්න දීලා ආයිත් ලේ ගන්න පුලුවන්.දැක්කම පේන්නෙ නැද්ද..."
ඒ අවස්තාවෙ සෙබලුන්ගේ ජීවිත රැක ගැනීමට කල හැකි එකම තුරුම්පුව ඇය මුදා හැරියා..
මදක් කල්පනා කල ඔහු ඊලග සෙබලා සූදානම්  කරන්න යැයි ලග හිටි බයෙකුට පැවසුවෙ තිසරිගෙ හිතට සහනයක් ලබා දෙමින්..
සෙබලා තිසරි දෙස හෙලුවෙ පුදුම සහගත බැල්මක්...
...................
කලින් අවි සූදානම් කර සගවා ඒ පිලිබදව පරමේශ්වරී හා රිස්වි දැනුවත් කල තිසරි තුවාල කරුවනට උපකාර කරමින් බෙහෙත් කරමින් ඒ අසලම ගැවසුනේ කාටවත් සැක නොහිතෙන්න..
"මංගම්මා ....වතුර..."
රමේශ් තිසරිට කතා කලේ කාටවත් සැක නොහිතෙන්න..
වතුර බෝතලයකුත් අරන් තිසරි රමේශ්ට ලන් උනා...
"වැඩේ හරිද...??"
"සේරම හරි..."
"හරි එහෙනම් ...හැමෝම නින්දට වැටෙන්න ඇරලා ඉතුරු ටිකත් සම්පූර්ණ කරන්න.."
"හරි .."
දෙදෙනාගේම රහස් කතාවෙන් පස්සෙ තිසරි කාටත් හොරෙන් පිටවෙලා ගියා...
.............................................
පරමේශ්වරීගේත් රිස්විගෙත් සිරමැදිරි වලට එපිටින් තුන් දෙනෙක්ම රැකවල්ලා සිටිනු දුටු තිසරි මදක් පසු  බැස්සා...
කලුවරේ එහා මෙහා යන එක් අයෙක්ගේ අවදානය වෙන දෙසකට යොමු කිරීමටයි ඇයට අවශ්‍ය උනේ..
ඈතින් ඇති පදුරක් දෙසට ගලක් වීසි කලා..
සිතූ ලෙසම ඔහුගේ අවදානය ඒ දෙසට යොමු උනා..ඔහු ඒ දෙසට යද්දි තිසරි අනෙක් දෙදෙනාටම තමන්ගේ හඩ නොහැගෙන අවියෙන් වෙඩි ප්‍රහාර එල්ල කලා..
ඔවුන් දෙදෙනා බිම වැටෙන හඩින් ඒ දෙසට දිව ආ තුන් වැන්නාටද හිමි උනේ ඒ ඉරණමමයි..
ඉක්මනින් පරමේශ්වරී ගේ හා රිස්විගේ කූඩු කඩා දැම්මේ ඒවා ඔවුන් කඩා ගත් බවට සාක්කි  ඉතුරු කරමින්
"තිසරි..!!"
එලියට ආපු දෙදෙනා තිසරිව තුරුල් කර ගත්තා...
"සාජන්."
"ඔයා රිස්වි එක්ක තොරතුරු ටිකත් අරන් අපේ සීමාවට පැන ගන්න."
"ඒත් ...???"
"සාජන්  කතා කරන්න වෙලා නෑ..මුන් අපේ කොල්ලො දහයක් තියාගෙන ලේ ගන්නවා මුන්ගෙ ඩැමේජ් වෙච්ච උන්ට...ඉක්මනට අපේ අයත් එක්ක එන්න..."
තිසරිගේ හඩේ තිබූ අවදානම දෙදෙනාම හැදින ගත්තා.
"හරි...අපි එනවා..බය වෙන්න එපා.මම ඔය දෙන්නව බේරා ගන්නවා.."
පරමේශ්වරී කියුවෙ තිසරිව තුරුල් කරන්...
නන්දු ඇතුලු ත්‍රස්තවාදීන්ගේත් ඔවුන්ට උදවු කල සින්හල අයගේත් තොරතුරු රැගෙන පරමේශ්වරීත් රිස්විත් කොටි කටෙන් පැන ගත්තා..
තිසරි මුකුත් නොවුනා සේ රමේශ් සොයා දිව ගියා...
"මහත්තයෝ ...වැඩේ හරි...දෙවියන්ගෙ පිහිටෙන් අපේ අය හරි තැනට ගියොත් වැඩේ ගොඩ
"
රමේශ්ට තම ආදරවන්තිය ගැන ඇති උනේ ආඩම්බරයක්...තුරුනුකම පරයා නැගෙන මේ ජාතික හැගීම් ගැන කොල්ලා ගොඩක් සතුටු උනා..
"උබ ඒක තනියම කලා එහෙනම්...ආදරෙයි මැණිකෙ..."
රමේශ් තිසරිව තම ලයට තද කර ගත්තා...
තුවාල ලැබූ සියල්ලන් නිදි නිසාත්...රැකවලුන් තැන තැන නිදි කිරන නිසාත් විශාල බංකරය පුරාවට තිබුනෙ නිහැඩියාවක්.
තුරුනු පෙම්වතුන් දෙදෙනෙක්ගෙ හැගීම් ඇවිලෙන්න මේ නිහැඩියාව හොදටම ඇති.
ඒත් මේ තුරුනු හිත් දෙක යට මහා ගින්නක් ඇවිලෙමින් තිබුනා..පරමේශ්වරීටත් රිස්විටත් අදාල සීමාවට පැන ගන්නට අද රාත්‍රිය කෙලෙස උපකාර වේදැයි දෙදෙනාම තැනුනා..
"මැණිකෙ..."
"ම්ම්"
"දන්නවද..මම මැරුනත් බය නෑ බන්..උබ වගේ එඩිතර කෙල්ලෙක්ට ආදරේ කලා කියලා දැනෙද්දි..."
"මොනාද මේ කියන්නෙ.."
මරු කටේ හිටියත් රමේශ්ගෙ කටින් මරණය ගැන කියවෙනවට තිසරි කැමති උනේ නෑ..
තම පපුවෙන් ඉහලට එස වී ඇස් දෙකත් ලොකු කරගෙන තමන් දිහා බලන් ඉන්න කෙල්ලව දැක්කම රමේශ්ට ඉවසුන් නැතුව ගියා..
තිසරිගෙ දෙතොලට පහත් වෙනකොට කෙල්ලගෙ ඇස් පිය උනේ ඒ දේ බලාපොරොත්තු උනා වගේ..
"මැණිකෙ..."
රමේශ්ගෙ හඩින් තිසරි පුදුමයෙන් ඇස් ඇරියා..
"නෑ කෙල්ලෙ...අපි කවදාහරි මෙතනින් ගියොත් අන්න එදාට මේ දේවල් මට දීපන් පන.මම මැරුනොත්...එහෙම උනොත් තව මන් වගේම ආමි කොල්ලෙක්ට ඔය ජීවිතේ දීපන් මගෙ රත්තරන් .. "
රමේශ්  කියුවෙ තිසරිව තමන්ගෙ පපුවට තද කර ගන්ම ගමන්...
............
මේ වෙනකොට පරමේශ්වරී සහා රිස්වි බොහෝ දුර ගෙවා ඇවිත් අවසන්..
ඔවුන් ඇද සිටියෙ ත්‍රස්තවාදී නිල ඇදුම්  වීමත් , දමිල බස හැසිර විමෙ හැකියාවත් ත්‍රස්තවාදී බංකරය තුල සිටියදී ලැබුන විවිද තොරතුරු සංනිවේදන ක්‍රමත් උපයෝගී කර ගනිමින් මුර කපොලු මගහැර රනවිරු බලප්‍ර්‍රදේශයට ලන් වීමට අවස්තාව ලබා ගත්ත...
.........................................................
යන්තමින් හිරු නැගෙන විටත් තිසරි හිටියෙ රමේශ්ගෙ තුරුලෙ නිදි සුව විදිමින්...
ආදරේ උපරිමයට විදිය හැකි සීමාව එය නිසා ඔවුන් එය උපරිමයෙන් විද ගත්තෙ ගොඩක් නිර්මල හැගීමෙන්..
....................................................
ත්‍රස්තවාදී බංකරය තුල ගින්න ඇවිලෙමින් තිබුනා...
ආරක්ශාවට සිටි තිදෙනාගේ මලසිරුරුත් හිස් සිරමැදිරි දෙකත් බොහෝ දේ කියා පෑවා...
ක්‍රිශ්නා කෙලින්ම ආවෙ තිසරිව හොයාගෙන..
"මංගම්මා ..."
!ක්‍රිශ්නා ..."
"කොහොමද මෙහෙම දෙයක් උනේ...???"
"අනේ මම ඊයෙ ක්‍රිශ්නා ඔයාට කියුවා මම ඩැමේජ් එවුන් ටික බලා ගන්නම් කියලා..."
"ක්‍රිශ්නා  කියපු තුන් දෙනා තමයි මම මුරට දැම්මෙත්..."
"එතකොට උබ කොහෙද හිටියෙ... ???"
"ම...මම මේ..."
"ඒක අහන්න ඕනි කෝඩණ්නාගෙන් තමයි.."
මුරකටයුතු සදහා යෙදී සිටි කොල්ලෙක් කියුවෙ තිසරිව පුදුම කරමින්..
පුදුමෙන් බලා සිටි ක්‍රිශ්නා ..
"උබලා දන්නවා..සංවිධානයේ ඇතුලේආදර කතා තහනම්.."
"හරි ක්‍රිශ්නා  දැන් අපි මොකද කරන්නෙ??"
තිසරි ඇහුවෙ කතාව වෙනතකට යොමු කිරීමට..
"මම අපේ කොල්ලො යැවුවා...උන් දෙන්නා පන පිටින් හරි නැතුව හරි මට ඕනි...එච්චරයි"
.............................
දහවල් වන විට පරමේශ්වරී සොයා ගිය ත්‍රස්තවාදීන් හිස් අතින් පැමිණියේ තිසරිටත්, රමේශ්ටත් සහනයක් ගෙන දෙමින්..
"ලොක්කා...අපිට උන්ව හොයා ගන්න බැරි උනා.."
එක් තරුනයෙක් පැවසුවෙ බයෙන්...
ක්‍රිශ්නාගේ උණ්ඩය නතර උනේ ඔහුගෙ පපුවෙ..තරුණයා බිම වැටෙද්දි ක්‍රිශ්නා මහා හඩින් කෑ ගැහුවා...
"උබලට උන්ව බලා ගන්න ඹැරි උනා...මෝඩ තකතීරුවො..."
.........................................
රාත්‍රිය උදා උනා...මොන දේ උනත් රමේශ් හා තිසරි හිටියෙ සතුටින්..
එකවරම කලුවර කපාගෙන වෙඩි එලි පිටවෙන්න උනේ තිසරිගෙත් රමේශ්ගෙත් සිත් සතුටින් පුරවාලමින්..
"ආමි කාරයා ගහනවා...ලෑස්ති වෙයල්ලා"
කාගේදෝ හඩක් සමගම මුලු පලාතම වෙඩි හඩින් පිරී ගියා...තිසරිත් රමේශුත් ඒ අවට සිටි අයට වෙඩි තිබ්බෙ අත රැදි අවියෙන්..
තිසරි රමේශ්වත් කවර් කරගෙන බංකරෙන් එලියට ආවා...
යුද හමුදා සෙබලුන් ඉතා සූක්ෂම ලෙස කදවුර වටලලා තිබුනෙ කාටවත් පැන ගන්න බැරි වෙන්න..
ඉදිරියටම වෙඩි තබමින් රමේශ් සමග ඇදුන තිසරි තමා ඉදිරියට ක්‍රිශ්නා එනු දුටුවා...
"මංගම්මා.. බලාගෙන ..උන් අපිට ඇටෑක් කරනවා...පහු බැහැපන්..."
"අපිට පහු බැහැලා පුරුදු නෑ යකෝ..."
තිසරි කියුවෙ ක්‍රිශ්නා ට අවිය එල්ල කරන ගමන්...
පුදුමෙන් තිසරි දෙස බලා සිටි ක්‍රිශ්නා ...
"එතකොට  එතකොට උබලා අපිව ගොනාට ඇන්දුවා...හිටපන් උබට..."
ක්‍රිශ්නාගේ අවියට වඩා රමේශ්ගෙ අවිය වේගවත් උනා..ක්‍රිශ්නා මිහිතලය බදා ගත්තෙ කරපු පව් වලට වන්දි ගෙවමින්
"අපි යමු තිසරි..."
තිසරිත් රමේශුත් ර්හම සෙබලු සිටින පැත්තට යන්නට ගියෙ වෙඩි ඉලක්ක වලින් බෙර්‍රෙමින්....
ඒත් එක්කම පැමිනි අත් බෝම්බයක් ඔවුන් දෙදෙනා ඉදිරියෙන් පතිත උනේ මහා හඩක් නංවමින්..
තිසරිත් රම්‍රෙශුත් දෙප්සට වීසි වෙද්දි තිසරි දැක්කා රමේශ් ලේ පෙරාගෙන බිම වැටිලා ඉන්නවා..
කලු පාට දුමාරය හා වෙඩි එලි මැද තිසරි අවසන් වරට දෙනෙත් පියා ගත්තෙ තමා ඉපදුනු රට වෙනුවෙන් කල හැකි උපරිමය කරමින් අවසන් හුස්ම වා තලයට මුසු වේවායි පතමින්...
.......................
රට වෙනුවෙන් ඔවුන් පෙරට