හිත රිද්දපු කතාවකට පිළිතුරක්
අද හරි අපූරු ලියවිල්ලක් කියෙව්වා.. ඒක ලියවිලා තිබ්බෙ මේ රජයේ රෝහලකට ගියහම දොස්තරලගෙ නර්ස්ලගෙ සෞඛ්‍ය සේවකයින්ගෙන් දැඩි ලෙස අගතියට පත් නෝනා මහත්මියකගෙ කතාවක්..
ඉතින් මමත් ලිපිය ඉවර වෙනකම් කියෙව්වා.. රෝහලට ගියාම වෛද්‍යවරු හා හෙදියන්ගෙ තියන ලොකු සීන් ගැන එතුමිය බොහොම ලොකුවට කතා කරලා තිබ්බා.. එතන කමෙන්ට් කරපු ගොඩක් නෝනා මහත්තුරු සුද්ද සිංහලෙන් පවා හෙදියන් ආමන්ත්‍රණය කරලා තිබ්බෙ ජීවිතේට රජයෙ රෝහලක පස් නොපාගන විදිහට...
ඉතින් මමත් ඔය එකී නොකී හැම නෝනා මහත්තයෙක්ගෙම අකවුන්ට් වලට ගිහින් එයාලා කරන රස්සා ගැනත් හොයලා බැලුවා..
රෝහල් වල ඉන්න හෙදියන්ට පඩි ගෙවන බවත් ඔවුන් බැඳී ඉන්නෙ රෝගීන්ගේ සාත්තු සේවයට බවත් ඇය තරයේ කියා සිටියා.. එය සැබෑවටම සත්‍යක් නිසා මමද එය හිස නමා පිලි ගන්නවා..
ඒත්....
කියලා එක තැනක නවත්තන්න මට හිතුනා..
දේශපාලකයින්ගෙ ඉදලා, ග්‍රාමසේවකගෙ ඉදලා ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල , දිස්ත්‍රික් ලේකම් කාර්‍යාල, තැපැල් එකී නොකී රජයේ කාර්‍යාල , රාජ්‍ය බැංකු , ගුරුවරු පවා සියළුම රාජ්‍ය සෙවකයින් ගැනත් මට යමක් කියන්න හිතුනා..
මොකද එතන කමෙන්ට් කරලා තිබ්බ බොහොමයක් දෙනා මේ ආයතනවල වැඩ කරන අය ..
ඔය ඉහතින් කියපු කාර්‍යාලවලට ගියහම කට්ට නොකා , අර සාරි ඇදලා අඩි උස දාන් යන මිස්ලගෙ ලොකු කම්, ගැස්සිලි, විතරක් නෙමෙයි ලොකු ලොකු කතා අහපුනැති අය ඉන්නවද කියලා මන් දන්නෙ නෑ..
සමහරුන්ගෙ මෙසෙ ලගට ගියහම
" දැන් බැ හෙට එන්න.."
කියන්නෙ එකම එක අත්සනක් දාන්න..
අහින්සක අකුරක් නොදන්න වයසක මිනිස්සු පොඩි වැඩකට මේසයක් මේසයක් ගානෙ රස්තියාදු කරන පෝලිම් වල තියන හරි අපූරු නෝනා මහත්තුරු 24 පැය කරන මිනිස්සුන්ට බනිනවා..
" දැන් බැ හෙට එන්න.."
කියන්නෙ එකම එක අත්සනක් දාන්න..
අහින්සක අකුරක් නොදන්න වයසක මිනිස්සු පොඩි වැඩකට මේසයක් මේසයක් ගානෙ රස්තියාදු කරන පෝලිම් වල තියන හරි අපූරු නෝනා මහත්තුරු 24 පැය කරන මිනිස්සුන්ට බනිනවා..
උදේ අටට එන්න ඕනි රස්සාවට එන්නෙ ළමයා ඉස්කෝලෙ දාලා කරන්න තියන වැඩ ඔක්කොම කරලා හතරට ඕෆ් වෙන්න තියන එක දෙකේ ඉදන් ෆයිල් වහනවා..
ඊට පස්සෙ සෞඛ්‍ය සේවකයින්ට බනිනවා
ඊට පස්සෙ සෞඛ්‍ය සේවකයින්ට බනිනවා
" උන් ගෙවල් වල ප්‍රශ්න මෙහෙ අරන් ඇවිත් කියලා.."
ඒ මිනිස්සු උනත් රස්සාවක් කලාට පවුල් ප්‍රශ්න තියන මිනිස්සු තමයි.. ඔයාලා ළමයි ඉස්කෝලෙන් අරන් ටියුෂන් එකට දාලා අයෙ ඔෆිස් ආවට ඒ මිනිස්සු ඉස්කෝලෙ ඇරෙන වෙලාවට කල්පනා කරන්නෙ ත්‍රීවීලර් එකෙ මනුස්සයා ළමයා පරිස්සමට පන්තියට ගෙදරට දායිද කියලා..
ඔය "පොඩ්ඩක් හිනාවෙන්න බැරිද" කියලා අහන නෝනලගෙන් බහුතරයක් තොල් දෙක හොලවලා හිනා වෙන්නෙ නැත්තෙ ලිප්ස්ටික් ටික යයි කියලා බයෙ වගේ..
රජයෙ බැංකුවකට ගියාම ඒකෙ නෝනලා ඉන්නෙ අපි උන්ගෙ සල්ලි ගේන්න ගිය ගානට... හිනාවෙන්න දන්නෙම නෑ..
හැමදාම වේදනාව දුක මරණ ලේ සෙම ජරාව එක්ක ජීවත් වෙන මිනිස්සුන්ගෙන් හිනාවක් හොයන්නෙ ඒසී එකෙ ඉදන් මිනිස්සුන්ට ඔරවන මිනිස්සු ..
මතක තියා ගන්න සෞඛ්‍ය සේවකයො විතරක් නෙමෙයි එකී මෙකී නොකී සියළුම රාජ්‍ය සේවකයින් පඩි ගන්නෙ මිනිස්සුන්ගෙ බදු සල්ලි වලින්..
සමහර ගුරුවරු අතින් උනත් ළමයි වර්ගීකරණය කරගෙන කොයිබ්තරම් අසාධාරණකම් කරනවද.. වෙනවද...
අර මන් උඩින් කියපු ලියමනේ නෝනගෙ ෆෝන් එක චාර්ජ් එකට ගහලා තිබ්බම නර්ස් බැන්නලු.. එයාගෙ මහත්තයා බය වෙලාලු.. බබාට කොහොමද කියලා කෝල් එකක් දෙන්න බැරි උනාලු..
ඔයාගෙ මහත්තයගෙ බයට වඩා ඔයාගෙ චාර්ජර් එක් ගහන්න ගිහින් ඔය ප්ලග් පොයින්ට් එකක් කැඩුනම ඒකට හදිස්සි ලෙඩෙක්ගෙ මැශින් එකක් ගහ ගන්න බැරුව ඒ ලෙඩා මැරුනම ඔයාද වන්දි ගෙවන්නෙ.. නෑනෙ..
ඔයාට එතන ඉන්නෙ ඔයාගෙ එකම රෝගියා ඔයාගෙ පවුලෙ කෙනා උනාට කාර්‍ය මණ්ඩලයට එතන ඉන්න ඔක්කොම ලෙඩ්ඩු.. එ මිනිස්සු මිසක් ඔයා දන්නෙ නෑ ඒ ඒ ලෙඩාගෙ තත්වය.. ඉතින් එයාව වැඩිපුර බැලුවා.. මහා රෑත් ඇවිත් එයාව චෙක් කලා.. අපෙ ළමයව අපෙ අම්මව බැලුවෙ නෑ කියනවා..
24 පැය සේවය කරන මිනිස්සුන්ගෙ පඩිය ගැන කතා කරන්නෙ ඒ මිනිස්සු ජීවිතේ මොන තරම් දේවල් කැප කරනවද කියලා නොදැන... අන්න ඒ හින්දා මතක තියා ගන්න චෝදනා කරන්න කලින්... හිතන්න..
මම කියන්නෙ 100% හරියටම වැඩ කරන අය ඉන්නවා කියලා..ඒක හැම ආයතනයකටම පොදු දෙයක්.. මන් මේ වැරදි කරන අයගෙ සුදු හුණු ගානවා නෙමෙයි.. බහුතරයක් වූ රෝගීන් වෙනුවෙන් කැප වෙන කාර්‍යමණ්ඩලය ගැන් කතා කලේ..
මමත් නර්ස් කෙනෙක් නිසා මේ කතාව දිරවන්නෙ නැති වෙයි.. ඔය මන් උඩින් කියපු තැන් වලත් හොද මිනිස්සු ඉන්නවා.. ගොඩක් අය ... අදාල අයට පමණයි..
අහින්සා පැහැසරණි
වචනවල හැම වගකීමක්ම බාර ගන්නවා..
2019.06.06
වචනවල හැම වගකීමක්ම බාර ගන්නවා..
2019.06.06
!->
