Tuesday, July 2, 2019

බෝඩිම් ජීවිතේ 😢😢

ඉන්න බෑ මට මෙහෙම
අඩ අඩා අද තව
අම්මේ ඇවිත් මන්
එක්කන්  ද...

හිටියනම් ගෙදර මන්
අද මේ වෙලාවට...
කාටුන් බලනවා
කකුල් උඩ තියාගෙන ..
අම්මේ තේ බොමුකො
කිය කියා අඩාගෙන..
බිස්කට් කන්නෙ මන්
පූසටත් බෙදාගෙන...

සීනි මදි අම්මේ
කියුවාම හැරිලා ..
මදිනම් දා ගන්න
අම්මා ඔරවනවා...
නාහෙන් අඩ අඩා
නැගිටින්න වෙනවා..
අත්තම්මා සීනි එක
අරගෙනම එනවා..

රෑටනම් බත් කන්න
මට බෑ කීවාම...
ආප්ප අද කමු නේද
මල්ලි ඉගිලෙයි බෝම..
අක්කෙ මේ බලන්නකො
මේ ගවුම හැඩ නේද...
හෙට අපිත් මේ එකක්
මහගමුද හා නේද ..

මතක සිහි වී අද
ඇස් තෙතයි හොදටෝම...
පාලුවක මේ තරම්
මාව ගිලුනේ කෝම..
ක්වාටස් බෝඩිම්
ජීවිතේ ඇති නේද...
අම්මේ දැන්නම්
ගෙදර එමි මම හාද ..

හදන තේ එක නිකම්
ඇල්වතුර වාගෙයි..
ලුණු වැඩි දවසකට
කලපු හොදි වාගෙයි .
කඩෙන් කන්නට බෑ
තෙල් මිරිස් බෝමයි..
බෝඩිම් ජීවිතේ
මට දැන් තිත්තයි...

කොට්ටෙ විතරයි දන්නෙ
පාලුවේ තෙත ගැන..
හිත ඉකි ගහන්නේ
අඳුරේම ඝනකම...
කරපු පව් මොනවාද
හිත හිත අද ගැන..
පෙරුමන් පුරනවා
තරු ඇස් හෙට ගැන...

අහින්සා පැහැසරණි
2019.07.02