Tuesday, July 2, 2019

ඇස් අස්සෙ සුසුම් වලතිබිය නොහැකිද ප්‍රේමයක්

ඇස් අස්සෙ සුසුම් වල
තිබිය නොහැකිද ප්‍රේමයක්

අහිමි පෙම් කවියකට
තනුව වී කුමකට...
රිද්දන් තැලුන හිත
පාරවා ඇයි තව...
නොකියනා වචන මැද
ප්‍රේමයක් අහිමිද...
හිතක ඉපැදී මියෙන
ප්‍රේමය අරුමය ..

ගල් කටුව කුමකට
හදවත කැටයමට...
සුසුමක රස්නෙ ඇති
දියවී ගලන්නට...
වචන වල ගැළපුන
ප්‍රේමයක් ඇයි තව..
ඇස් කියන කතාවක
අර්තයක් නැතිවද...

සුසුම් අග හීනියට
ඉකිලනා හැඟුමකට...
තොල් පියන් හැකිනම්
හුස්මක දරන්නට...
ආදරේ දැනෙනා
තත්පරෙත් සීරුවට..
ඇස් පියන් මගහැර
හැඟුම් ගුලි කරමි තව..

අහින්සා පැහැසරණි
2019.06.10