පහළොස්වන පරිච්ඡේදය
සහන්සා බස් රියට නැග අසුනක කෙලවරේම වාඩි උනේ චූටි දියණියගේ මුව සිහිපත් කරමින්.ඒ සිඟිති මුව සෑම විටම තමාගේ සිතෙහි සියුම් තැන් ස්පර්ශ බව ඇය දන්නවා.
එදා කැලණිය රජමහා විහාරයේ වැලි මළුවේ තම පියාගේ නෙතු කැල්මෙන් මිදී තමා සොයා ඈ දෝණි තමා සේවයට ගිය නිවසේ සුරතලිය වීම විශ්මයට කරුණක්..මුලින්ම සහන්සා පන්සලේදි ඇය දුටු මුල්ම මොහොතේ හිතුවෙ ඇය කුඩා කැඳැල්ලක සුරඟන ලෙසින්..
නමුත් කවීෂගෙ නිවසට ගොඩ වැදුනු දින දැනගත් පරිදි දෝණි කියන්නෙ ඉපදී දින තුනෙන් තම මවගේ සෙනෙහස උණුසුම හා ආදරය අහිමි වුනු පුන්චි මල් කැකුළක්.
සහන්සා මේ තරම් දිනක් වෙහෙසුනේ ඒ දියණියට අහිමි වූ මව , මව් සෙනෙහස නැවත ලබා දීම වෙනුවෙන් මව සුවපත් කිරීමට.සහන්සා රැකියාව වශයෙන් තෝරා ගත්තේ රෝගියෙක් බලා ගැනීමත් ඒ අතරතුර එවන් එක්තැන් වූ රෝගීන්ගේ මානසික තත්වය පිරිහීම හා ඒවාට හේතු අධ්‍යනය මගින් තම අද්‍යාපන කටයුතු වලට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමත්.
නමුත් දෝණි සහා විහඟි අතර ඇති මේ ගැටළුව තමාගෙ කර ගත් සහන්සා දිවා රෑ නොබලා වෙහෙසුනේ විහඟි සනීප කරන්න.මුල් කාලය තුල විහඟි කවීෂ හා දරුවා ප්‍රතික්ෂේප කිරීම ඇගේ රෝග
තත්වය හා සසදා සිත හදා ගත්තත් දැන් විහඟි සනීප වෙද්දීත් දරුවා ප්‍රතික්ෂේප කිරීම සහන්සට ලොකු ගැටළුවක්.
තත්වය හා සසදා සිත හදා ගත්තත් දැන් විහඟි සනීප වෙද්දීත් දරුවා ප්‍රතික්ෂේප කිරීම සහන්සට ලොකු ගැටළුවක්.
දැන් තම එකම දියණියට විහඟි කරන වෙනස්කම් සහන්සගෙ හද පාරලා තිබුනා ...මෙවන් සියළු කරුණු කෙරෙහි සිත පෙරලි කරද්දී මේ සියල්ල කල්පනා කරමින් සහන්සා නද නින්දකට වැටුනෙ ගතේ මහන්සියට ....
..............
කවීෂ දුරකථන ඇමතුම ලද විගසින් කාර් එක පදවාගෙන ආවෙ අධි වේගයෙන්. දෙතුන් වතාවක්ම වෙනත් වාහන හා ගැටෙන්නට ගිය කාර් එක වත්තට ඇතුල් උනේ දූවිලි නංවාගෙන.
"අම්මා ...කෝ කෝ මගෙ දෝණි ...අම්මා..."
කවීෂ ගෙට ගොඩ උනේ කෑමොර තියමින්.
"පුතා කලබල වෙන්න එපා මේ ඉන්නෙ....දෝ..."
කවීෂ අම්මගෙ කතාව සම්පූර්ණ කරන්නත් කලින් දෝණි ලගට ආවා නෙමෙයි පැන්නා..
හිසේ දකුණුපස ගෙඩි ගැහිලා තිබුනා...නලල පැලී මදක් ලේ ඇවිත් තිබුනා..ඇඩීමෙන් ඉදිමුණු චූටි ඇස් දෙකත් කම්මුලුත් රතු වී මැලවී තිබුනෙ කවීෂගෙ ලය පුච්චා දමමින්...
"අනේ අම්මා.."
කවීෂට කෑ ගැස්සුනේ චූටි දෝණි එකවරම කවීෂගෙ ඇඟෙත් එක්ක වමනෙ දාද්දි...
"දෙයියනේ දරුවා වමනෙ දානවා පුතේ...ඔළුව වැදුනම වමනෙ යන්න හොඳ නෑලු...කාර් එක ගන්න..තාත්තා නැති නිසා මම මෙච්චර වෙලා බැලුවෙ..."
අම්මා අඩමින් කියද්දි කවීෂ දෝණිත් රැගෙන කාර් එකට දිවුව්වා..
.............
වේගෙන් ධාවනය වූ කාර් එක රෝහලට ඇතුල් උනා..කවීෂ දෝණිව අරන් ඇතුලට දිවුවෙ පිස්සෙක් වගේ...
"අනේ ඩොක්ටර් මගෙ දෝණි ..."
"හරි තාත්තා කලබල වෙන්න එපා..ඔය ආච්චි අම්මද මොකද උනේ කියන්න ."
වෛද්‍යවරයා කවීෂගෙ අම්මා දිහාවට හැරුනෙ කවීෂ උත්තර දෙන්න හොඳ මානසිකත්වයක නැති නිසා..
"අනේ ඩොක්ටර් ...මම දෝණි ඇදෙන් තියලා ගියෙ කුස්සියට..එයාගෙ අම්මත් ඇඳේහිටියා...එකපාරම අඩනවා ඇහිලා මම දිවුවෙ.එතකොට වැටිලා...දැන් දෙපාරක් වමනෙ ගියා...මේ මෙතන චුට්ටක් පැලිලා..."
"ඇයි අම්මා ලග නේද තියලා ගියා කියුවේ.."
"ඔව් ඩොක්ටර් ඒත් එයාට ඇවිදින්න බෑ..."
"හරි හරි ...අපිට ළමයා පැය විසිහතරක් යනකම් හොඳට බලා ගන්න වෙනවා.දරුවව අපි ලග අපේ ප්‍රතිකාර හා නිරීක්ෂණය යටතේ තමා තියා ගන්න වෙන්නෙ.බය වෙන්න එපා..අපි බලමුකො.කවුරුහරි බබත් එක්ක නතර වෙන්න..."
කවීෂට එක වරම මතකෙට ආවෙ සහන්සා ...දරුවා අසනීප වෙච්ච වෙලාවෙ බලා ගත්ත හැටි කවීෂට මතක් උනා.සහන්සා ගෙදර හිටියනම් දරුවට මෙහෙම දෙයක් වෙන්නෙ නෑ...කවීෂට හිතුනා.අම්මා දරුවා වැටුන හැටි ගැන කියුවෙ මුසාවක් කියලා කවීෂට හිතුනෙ අම්මගෙ මූණ දැක්කම.
"අම්මා මම බඩු ටික අරන්
එන්නම් .අම්මා ඉන්න.."
එන්නම් .අම්මා ඉන්න.."
අම්මා මුකුත් කියන්නත් කලින් කවීෂ පිටත් උනා..
"විහඟී......"
කවීෂ ගෙට ගොඩ උනේ කෑ ගහගෙන.
"ඇයි කවී..."
විහඟි ඇහුවෙ අතේ නිය පාට කරමින් සිටි කියුටෙක්ස් බෝතලය කණ්නාඩි මේසය මත තබමින්.
"ඇත්ත කියනවා දෝණි කොහොමද වැහැන්නෙ..?"
"මම දන්නවද...?මොකෝ අම්මා පොඩ්ඩ කේලම කියුවද..?"
"කේලම...?"
"කේලම නැත්නම්...ඕක ඔය ඩිංගට කටේ ගහයිද...?මම කියුටෙක්ස් ගගා ඇඳ උඩ හිටියෙ.අම්මා ඒ ළමයා ඇඳ උඩ තියලා ගියෙ....මෙයා ඇවිත් මගෙ වැඩේ කරගන්න දෙන්නෙ නැතුව අතේ එල්ලෙනවා.මම ඉතින් පොඩ්ඩක් තල්ලු කලා. ඉතින් එයා ඇඳ පල්ලෙ වැටුනා මම මොනා කරන්නද..?"
විහඟි පවසන්නේ කිසිවක් සිදු නොවූ අයුරින්.කවීෂට කේන්තිය පාලනය කර ගන්න බැරි උනා.
කවීෂ පැනපු ගමන් විහඟිගේ බෙල්ලෙන් අල්ලා ගත්තා.
"මොකක්ද බැල්ලි තෝ කියුවෙ..?උබ මොනා කරන්නද නේද..?හයක් හතරක් නොදන්න ඒ කිරි සප්පයා ඇඳෙන් තල්ලු කරන්න උඹ අම්මෙක්ද...?චික්...මාත් බැන්ඳනෙ උඹ වගේ ගෑණියෙක්.අර මාස හයක් හිටියා වගේ අපෙන් ඈත් වෙලාම ඉදපන්...මගෙ දරුවට ආදරේ නැත්නම් මට උබෙ ආදරෙන් වැඩක් නෑ..."
කවීෂ කියුවෙ විහඟිගේ බෙල්ලතද කරන ගමන්..
"අනේ රත්තරනේ ...පුන්චි මහත්තයා ...කෝ අතාරින්න ..මොකක්ද මේ කරගන්න හදන විනාසෙ.."
මැණිකා ඒ මැද්දට පැන්නෙ කවීෂ තවත් බෙල්ල තද කරද්දි.
කවීෂ විහඟි අතෑරලා දාලා සාලෙට ආවෙ සැලුන හිතින්..මැණිකා හදලා දුන්න බඩුමුට්ටු ටිකත් අරන් කවීෂ පිටත් උනේ හිස් වූ සිතුවිලි එක්ක..
දාසය වන පරිච්ඡේදය
සහන්සා ගෙදර යනකොට අම්මවත් තාත්තවත් ගෙදර හිටියෙ නෑ..ජීවිතේ අවුරුදු විසිහතරක කාලයෙන් මේ සුවිසල් නිවහන තුල ගෙවුනේ ඉතාමත් කෙටි කාලයක් .පෙරපාසල් කාලයෙන් පසුව පාසලේ පළමු වසරේ ඉදලම දහතුන් අවුරුද්දක් පුරාවට පාසල් නේවාසිකාගාරයේ හැදී වැඩුන සහන්සා නිවසට ආවෙ පාසල් නිවාඩු කාලෙ විතරයි ...ඊට පස්සෙ සරසවි කාල පරාසය තුල නිවසට ආවෙ අතේ ඇඟිලි ගානට.ඒකට හේතුව සහන්සා කියන්නෙ සරල යුවතියක්.ධනවත් දිවිපෙවතකට වඩා ඇය ප්‍රිය කලේ සරල ජීවිතේකට.
සහන්සා ගිහින් ටික වෙලාවකට පස්සෙ අම්මත් තාත්තත් ආවා..
"අම්මා...ඔයාට අසනීපයි කියුවෙ...කොහෙද ගියෙ ..?දැන් හොඳයිද...?"
"මට ඇති අසනීපයක් නෑ දරුවො..."
අම්මා කියුවෙ හිනා වෙලා.
"වට්..??"
සහන්සා ඇහුවෙ පුදුමෙන්..
"ඔව්.පුතේ..ඔයා ලේසියෙන් ගෙදර ගෙන්නා ගන්න බෑනෙ..ඒකයි පොඩි බොරුවක් කියුවෙ.ශාලිත පුතා යන්න කලින් මේ එන්ගේජ්මෙන්ට් එකවත් ගන්න ඕනි.ඒකට ලෑස්ති වෙන්න ඔයා මෙහෙ ඉන්න ඕනි පුතේ.."
තාත්තා කියද්දි සහන්සට කේන්ති ආවෙ අම්මව අසනීපයි කියලා බොරු කියපු නිසා.
"ඔයාලා බොරු කියපු එකනම් වැරදි තාත්තා .."
සහන්සා කේන්තියෙන් නැගිටලා යද්දි අම්මයි තාත්තයි හිනා උනේ සහන්සගෙ කේන්තිය වැඩි වෙලා තියෙන්නෙ නැති බව දන්න නිසා.
හවස් වෙනකොට ශාලිත ආවෙ සහන්සගෙ හිත තවත් අවුල් කරමින්...
"සුද්දී...මම නෙක්ස්ට් වීක් සතියකට ආයිත් යනවා.ඊට කලින් අපි ජුවලරි හදන්න දෙන්න ඕනි..."
ශාලිත කියද්දි සහන්සා අහන් හිටියෙ නොකර බැරි කමට.අකමැති වෙන්න හේතුවක් නැතත් ශාලිතට කැමති වෙන්න හේතුවක් සහන්සා දැක්කෙත් නෑ..
...........
දවස් දෙකකින් චූටි දෝණි ගෙදර එක්කන් ආවා.නලල මත පැලැස්තර යොදලා තිබ්බෙ චූටි මූණට අඳුරක් එක් කරමින්...
චූටි දෝණිගෙ මූණ මැලවෙලා තිබුනෙ වෙනදා තියන හුරතල් හිනාව හොරු ගෙනිච්ච ගානට.
සහන්සා පුළුවන් තරම් ඉක්මනින් ගෙදරින් පැන ගත්තෙ විහඟිගේ ප්‍රතිකාර ගැන කියලා.
අම්මත් තාත්තත් ශාලිතත් එයට අකමැති උනත් සහන්සා ඒවා නොතකා ගෙදරින් පිටත් උනා.
සහන්සා කවීෂගෙ ගෙදරට ලඟා උනේ හවස් වෙනකොට.කවීෂ දරුවා එක්ක සාලෙ වාඩි වෙලා ඉදිද්දි විහඟි ඊටත් ටිකක් එහායින් හිටියෙ..
"ඕ...සහන්සා ඔයා ආවද..?මම ගොඩක් පාළුවෙන් හිටියෙ අනේ.."
සහන්සා ගෙට ගොඩ වෙනකොටම විහඟි කියද්දි සහන්සා හිනා උනා.
"අනේ වස්තුවේ ඇයි මේ...දෙයියනේ කවීෂ මොකද උනේ..."
සහන්සට කෑ ගැස්සුනේ දරුවගෙ නලල දැකලා.සහන්සගෙ දෙනෙතින් නොනවත්වා කඳුලු ගැලුවෙ තවමත් නොවුනු මව් සෙනෙහසක් පිටාර ගලමින්.
කවීෂගෙ අවසරයකින් තොරව දරුවා වඩා ගත්ත සහන්සා ඒ කම්මුල් පොඩි වෙන්න සිප ගත්තෙ කඳුලු කම්මුල් තෙමද්දි.මෙතෙක්වෙලා මැලවෙලා තිබ්බ ඒ මූණ සිනාවකින් ආලෝකමත් උනේ කවීෂ වගේම විහඟි ත් බලා ඉදිද්දි...
කවීෂගෙ හිත පිච්චිලා ගියෙ සහන්සගෙ දරුවට තියන ආදරේ දැකලා.ඇස් වලට ආපු කඳුලු පිහින ගමන් කවීෂ බැලුවෙ විහඟි දිහා.ඒ බැල්ම දැකපු විහඟි අහක බලා ගත්තා.
...................
තවත් ප්‍රතිකාර කෙරෙද්දි විහඟිගේ තත්වය ගොඩක් හොඳ අතට හැරුනා .විහඟි නැගිට්ටෙ සහන්සගෙ ප්‍රතිකාර හා සැලකීම් වල ප්‍රතිඵලයක් විදිහට.
"අනේ ඩාලින් සහන්සා බලන්න...බලන්න..මම ඇවිදිනවා ...දෙයියනේ..ඔයා නාවනම් මට හැමදාම රෝද පුටුවෙ ඉන්න වෙන්නෙ.."
විහඟි කෑ ගැහුවෙ සතුට වැඩි කමට.සහන්සා වැඩිපුරම සතුටු උනේ තමන් අතින් සාත්තු කරපු රෝගියෙක් දෙපයින් නැගිටිනවා දැක්කම.
...................
"එහෙනම් තාත්තා මම ගිහින් එන්නම්...මම මගෙ රස්සාව හරියට කලා..මට ගොඩක් සතුටුයි විහඟිට සනීප උන එක ගැන.."
සහන්සා කියුවෙ බාලසූරිය මහතාගේ හා එම මැතිණියගේදෙපා නමදිමින්.
"අනේ දරුවො ඔය දරුවා හදපු අම්මා තාත්තටත් පින් මේ කරපු දේට...තුරුණුවනෙ සරණයි"
කවීෂගෙ අම්මා කියුවෙ ඔසරි පොටෙන් කඳුලු පිහමින්.
"විහඟි පරිස්සම් වෙන්න ඕනි.එක්සයිස් වෙලාවට කරන්න.හරියට බෙහෙත් ගන්න.."
සහන්සා කියුවෙ විහඟි වැළඳ ගනිමින්.
"තෑන්ක් යූ සෝ මච් ඩාලින්...මම එනවා ඔයාගෙ වෙඩින් එකට..."
විහඟි කියුවෙ සහන්සගෙ කොපුලක් සිබිමින්..
"මැණිකා නැන්දා මම ගිහින් එන්නම්.."
"නෝනෙට වරදින්නෙ නෑ නෝනෙ..නෝනෙගෙ හිත හොඳයි..."
සහන්සා මැණිකට වදිද්දි ඒ දුප්පත් ඇස් වල කඳුලු පිරුනෙ සැබෑ සෙනෙහසින්.
සහන්සා නැවතුනේ කවීෂ ලග...කවීෂගෙ ඇස් මොකක්දෝ දුකකින් පිරිලා තියනවා සහන්සා දැක්කා.
"ඔයාට ගොඩක් පින් සහන්සා ...."
කවීෂ කියුවෙ එච්චරයි..
"මගෙ දෝණියෝ...."
සහන්සා දරුවා වඩා ගත්තෙ සියුම් ඉකියක් එක්ක..සහන්සට නවත්වාගත නොහැකි හැඩුම් එද්දී ඇය දෝණි තමන්ගෙ පපුවට තද කරගෙන අඩන්න ගත්තෙ අනිත් හැමෝගෙම ඇස් වල කඳුලු පුරවමින්.
"මගෙ චූටි පැටියෝ....මගෙ වස්තු පරිස්සමින් ඉන්නවා නේද..?ආන්ටි ආයිත් එන්නම් මගෙ පැටික්කි බලන්න..මගෙ සුරංගනාවි පරිස්සමට ඉන්න වස්තුවේ...ආන්ටි එන්නම් පුලුවන් හැම වෙලාවෙම..."
සහන්සා අඩමින් ඒ පුන්චි මුව නැවත නැවත නැවතත් සිප ගත්තෙ දමා යාමට නොහැකි ලෝභ කමකින්..
සහන්සා දරුවා වඩාගෙන ගිහින් නැවතුනේ විහඟි ලග..සහන්සා දරුවව විහඟි අතට දුන්නෙ හැමෝම පුදුමෙන් බලා ඉද්දි..
"විහඟි...මම ඔයාව සනීප කරන්න මහන්සි වෙන්න එකම හේතුව මෙයා...මේ පැටියට අම්මගෙ ආදරේ සෙනෙහස ඕනි.ඒක ඔයාට ඇර වෙන කාටවත් කරන්න බෑ කෙල්ලෙ...ප්ලීස්...මෙයාව පරිස්සමට බලා ගන්න....ඔය තුන් දෙනාට දැන් සතුටින් ඉන්න පුළුවන් විහඟි ...සතුටින් ඉන්න.."
එලෙස කියූ සහන්සා තවත් වරක් දෝණිගෙ හිස සිප කාර් එකට නැග්ගෙ නැවත දරුවගෙ මූණ නොබලා ආයිත් ඒ හුරතල් මූණ දැක්කොත් යන්න බැරි වෙන නිසා කඳුලු ගලන ඇස් වලට ලේන්සුව තද කරන් සහන්සා කාර් එකේ වාඩි උනා.
"අනේ කවීෂ යන්...දෝණි දාලා යන්න බෑ මට මම එයාට ගොඩක් ආදරෙයි..එයා අඩනවා ඇහුනොත් මට යන්න බැරිවෙයි කවීෂ ...ප්ලීස්...දෝණි අඩන්න කලින් අපි යන්..."
සහන්සා කියද්දි කවීෂ කාර් එක ඉස්සරහට ගත්තා...
කාර් එක ඉදිරියට ඇදෙනකොට සහන්සා මෙතෙක්වෙලා හිරකරගෙන හිටපු දුක දෝර ගලන්න ගත්තෙ සහන්සා සහන්සට ඉකි ගගහා ඇඩෙද්දි..
කවීෂට කරකියා ගන්න දෙයක් නැතිව කවීෂ අසරණ උනේ තමා වැනි පිරිමියෙක් ඉදිරියේ තරුණියක් හඩා වැටීම නිසා..ඒකත් තම කුඩා දියණියගෙන් වෙන්වීමේ දුකට..
"ප්ලීස් සහන්සා අඩන්න එපා..."
කවීෂ කියුවත් සහන්සට ඇඩීම නතර කරගන්න බැරි උනේ ප්‍රියයන්ගෙන් වෙන් වීම දුකක් බව පසක් කරමින්.
කවීෂ කාර් එක පාර අයිනට කරලා නැවැත්තුවෙ වෙන කරන්න දෙයක් නැති නිසා...දෑතින්ම මුව වසා ගත් සහන්සා ඉකි බිඳිමින් අඩන්නට උනේ චූටි පැටික්කිගේ හුරතල් හිනාව ඇස් ඉස්සරහා මැවෙද්දි...
තමා සිටින්නේ කවීෂ ඉදිරියේ බව මතක් උන සහන්සා ඉක්මනින් හැඩුම පාලනය කර ගන්නට උත්සහා කලා..විනාඩි හය හතකට පස්සෙ සහන්සා හිත තද කරගත්තෙ දැන් තමන් ගෙදර යා යුතු නිසා.
"මට සමාවෙන්න කවීෂ ..ඇත්තටම මම කලේ නොකලයුතු වැඩක්...චූටික්කි දැකපු දවසෙ ඉදන් මම එයාට ගොඩක් ආදරේ කලා.එයා අසනීප උනාම එයා ලග හිටියා.එයාට බෙහෙත් විදිද්දි එයාට රිදෙනකොට මටත් රිදුනා..."
"එයා මට ලන් වෙනකොට මාත් එක්ක හුරතල් වෙනකොට මට මම අම්මෙක් නෙවෙයි කියලා හිතුනෙ නෑ...එයා මගෙ පපුවට තුරුල් වෙනා නිදා ගත්තම මගෙ ආදරේ තවත් වැඩි උනා..."
සහන්සා කියුවෙ ඇස් වලින් එන කඳුලු ලේන්සුවට උරද්දි ..
මම මෙහෙම අඩන එක වැරදි.මම චූටි කාලෙ ඉදන් මෙහෙමයි...ඔයාලට කේන්තිත් ඇති ඔයාලගෙ දරුවා වෙනුවෙන් මම මෙහෙම අඩද්දි .මට සමාවෙන්න කවීෂ "
සහන්සා කියුවෙ කවීෂ දිහා බලලා...ඇත්තටම කවීෂගෙ පිරිමි ඇසුත් තෙත් වෙලා තිබ්බෙ සහන්සගෙ හිතේ තියන දරු සෙනෙහසට
"මොනාද සහන්සා කියන්නෙ. ? ඇයි සමාව ඉල්ලන්නෙ ? අපි අවාසනාවන්තයි..ඔයා වගේ හොඳ කෙනෙක් හැමදාම ලග තියා ගන්න බැරුවට.සමහර විට දෝණිට මමවත් ඔයා තරම් ආදරේ නෑ...මම ආදරේ කරන්නෙ මගේ ලේ වලට..ඔයා කිසිම හේතුවක් නැතුව මගෙ දරුපැටියට ආදරේ කරනවා...හිතන්න...ඒ ආදරේ කොයිතරම් වටිනවද...?"
කවීෂ කියුවෙ හදවතින්..
"සහන්සා දෙයක් කියන්නම්...තරහා නැත්නම්..."
කවීෂ කියද්දි සහන්සා බැලුවෙ පුදුමෙන්.
"කියන්න...කවීෂ ..."
"ඔයාගෙ මූණ හොඳටම අඩලා ඉදිමිලා.ඔයාට බස් එකක දැන් ගෙදර යන්න බෑ...අනික ගෑණු ලමයෙක් ඔහොම අඩලා මූණ ඉදිමිලා බස් එකක යනකොට බස් වල යන මිනිස්සු වැරදියට හිතයි...අද ඔයාගෙ යාළුවගෙ ගෙදර යන්න..."
කවීෂ කියනකොට ඒ ගැන සහන්සටත් හිතිලා තිබ්බෙ.මොකද අඩලා අඩලා සහන්සගෙ ගතට වගේම හිතටත් ශක්තියක් තිබුනෙ නෑ තනියම ගෙදර ඒ තරම් දුරක් යන්න...
"හා...කවීෂ ...මගෙ ඇගටත් කොහොමත් පණ නෑ..."
සහන්සා වාද නොකර කවීෂගෙ යෝජනාව පිළි ගත්තා.
"සමාවෙන්න සහන්සා මට ඔයාව ගෙදරට දාන්න එච්චර දුරක් එන්න බෑ දෝණි තනියම දාලා.නැත්නම් මම එනවා.."
"අනේ පිස්සුද කවීෂ ...මොනාද..මට තනියම යන්න පුළුවන්.මාව ඔය හරියෙන් දාන්න...මට ත්‍රීවීලර් එකක් ගන්න පුළුවන්.."
"බෑ බෑ..යාළුවා කොළඹ කෙනෙක්නෙ...මම එහාට ඔයාව ගිහින් දාන්නම්.."
කවීෂ කාර් එක ස්ට්‍රාට් කලේ හිනාවෙලා..
...........
"සහන්සා...මොකෝ මේ කෙල්ලෙ...."
සහන්සගෙ ඉදිමුණ මූණ දැක්කම ඉෂාරා බය වෙලා එළියට ආවෙ...
"නෑ...ඉෂාරා ..මුකුත් නෑ..."
සහන්සා ඉෂාරව පහු කරන් කාමරේටම යද්දි ඉෂාරා කවීෂට කතා කලා
"එන්න අයියෙ වාඩි වෙන්න..මොකෝ මේ සහන්සට අසනීපයක්ද...?"
ඉෂාරා නැවතත් පිළිතුරක් නොලැබුන ගැටළුව කවීෂ ඉදිරියේ තිබ්බා..
"නෑ නංගි...දැන් විහඟිට හොඳයි..එයා ඇවිදිනවා..සහන්සා ඒ නිසා ගෙදර යන්න කියලා ආවෙ...එන්න ලෑස්ති වෙලා දෝණි දාලා එන්න බැරුව හොඳටම ඇඩුවා.කාර් එකේ මග දිගටත් ඇඩුවා.මම දන්නවා සහන්සා කොච්චර ආදරේද කියලා දෝනිට..එයා අඩපු විදිහට එච්චර දුරක් තනියම යවන්න බයයි.ඒකයි මම කියුවෙ අදට මෙහෙ ඉදලා හෙට යන්න කියලා.."
කවීෂ එක හුස්මට කියවන් ගියා.
"ඔව් අයියා මේකි දෝණිට මාර ආදරෙයි.මම කෝල් එකක් ගත්තත් වචන දයගෙන් අටක්ම දෝණි.."
ඉෂාරා කියුවෙ තම යෙහෙළිය පිළිබඳ උපන් දුකෙන්..
"ඔව්.නංගි ...සහන්සා කියන්නෙ අපෙ පවුලෙ කෙනෙක් වගේ...අපෙ නැති වෙච්ච සැනසීම ගෙනත් දුන්නා .සහන්සට ගොඩක් පින් නංගි .."
කවීෂ කියුවෙ සහන්සා ගැන ලොකු පැහැදීමකින්..
කවීෂ තේ එකක් බීලා පිටව යනකනුත් සහන්සා එළියට ආවෙ නෑ...සහන්සා අඩන බව දන්න නිසා ඉෂාරත් කාමරේට ගිහින් කරදර නොකලෙ අඩලා සහන්සට හිත හදා ගන්න ඉඩ දීලා.මොකද සහන්සා කොයි තරම් දෝණිට ආදරෙයිද කියලා ඉෂාරා දැනන් උන්නා.
.................
විහඟි අතට සහන්සා දෝණි දීලා ගියත් විහඟි දරුවා මැණිකා අතට දුන්නෙ කාර් එක ගේට්ටුවෙන් පිටතට යාමටත් කලින්..
ටික වේලාවකින් හොඳින් ඇද පැලද ගත් විහඟි කැබ් එකක් ගෙන්නාගෙන ගමනක් යන්න පිටත් වෙන්න හැදුවෙ දරුවා ගැන නොහිතා.
"දුව මේ කොහෙ යන්නද..?"
කවීෂගෙ අම්මා ඇහුවෙ විහඟිට වැඩිය ඇවිදින්න එපා කියලා උපදෙස් ලැබිලා තිබුන නිසා.
"මට කොහේ යන්න බැරිද..?මේක යක්ෂ කතාවක්නෙ...මම මාස ගානක් මේක අස්සෙ හිර වෙලා හිටියා මදිද...?"
විහඟි කවීෂගෙ අම්මා තවත් කිසිවක් කියන්න කලින් කැබ් එකේ නැගලා පිටත් උනා..
කවීෂ ගෙදරට එනකොටත් විහඟි ගිය තැනකින් ඇවිත් හිටියෙ නෑ.කවීෂ ඒ බවක් දැනන් උන්නෙත් නෑ..
"කෝ පුතේ සහන්සා දුව ගියාද..බස් එකක් ආවද...?"
කවීෂ ගෙට ගොඩ වෙනකොටම කවීෂගෙ අම්මා ඇහුවා.
"මොන....අම්මට කියන්න ගේට්ටුවෙන් පිටට වාහනෙ දැම්මත් හරි මේ කෙල්ල ඉකි ගගහා අඩන්න තියා ගත්තනෙ.."
"නෑ..."
අම්මා ඇහුවෙ කම්මුලෙහි අතක් රඳවගෙන..
"නෑ නෙමෙයි..මට කර කියා ගන්න දෙයක් නෑ..මම කාර් එක පාර අයිනට කරලා නතර කරලා අඩන්න ඉඩ ඇරියා...දෝණි ගැන කියවා කියවා අඩනවා.."
"ඉතින් දරුවො අඩ අඩද බස් එකේ නැග්ගෙ..?"
"නෑ ...අම්මා.. මම කියුවා අද ගෙදර යන්න එපා කියලා.එයා යන්න එපා කියලා.මූණත් ඉදිමිලා.."
"ඉතින් දැන් කෝ එයා..?"
"එයා ආයිත් මෙහෙ එක්කන් ආවොත් තවත් අවුල්නෙ..මම එයාව එයාගෙ යාළුවගෙ ගෙදරට දැම්මා..."
"ඒක හොඳයි පුතා..තාම කසාද බැඳලවත් නෑනෙ..ගෑණු ලමයින්ට ආදරේ කරන අයගෙන් වෙන් වෙන එක දරා ගන්නෙ අඩලා තමයි.මොකෝ පිරිමි ළමයි වගේ බීලා කාලා දුක තුනී කර ගන්න නෙමෙයිනෙ...හරිම හොඳ දරුවෙක් සහන්සා .."
අම්මා අන්තිම ටික කියුවෙ ගොඩක් කල්පනාබරව කියලා කවීෂට හිතුනා .කවීෂ යතුර ස්ටූල් එක උඩට දාලා කකුල් දෙකත් ස්ටූල් එක උඩට අරන් රිමෝට් එකෙන් ටීවී එක ඔන් කලා...
"අම්මා...කෝ දෝණි "
"ආ. අන්න මැණිකා ආච්චිට හුරතල් වෙවී ඉන්නවා..පුතාට කියන්න දැන් චූටි දූගේ හුරතලේ එන්න එන්නම වැඩි...හිනා වෙන්නෙ බෙල්ල පාත් කරලා ඇස් දෙකත් පුන්චි කරලා... චුට්ට හරි සැර කලොත් මේන් මූණ...පුන්චි කාලෙ පුතා වගේම තමා..ඇස් වල කඳුලු පුරවන් කට ඇද කර ගන්නවා...කෝළං කෝටියයි...මෙච්චර වෙලා සීයට හුරතල් වෙවී ඉදලා ඔය මැණිකා ගත්තෙ..."
කවීෂගෙ අම්මා කිසිවක් සිදු නොවුන ගානට දෝණිගෙ හුරතල් ගැන කතා කලේ විහඟි හිතුවක්කාරෙට අසනීපෙ ගැන නොහිතා ගියා කියලා දැන ගත්තම කවීෂට කේන්ති යන බව දන්න නිසා.
"කෝ අම්මා විහඟි නිදිද...?සහන්සා ගියා කියලා බෑ.අපිට එයාව හොඳට බලා ගන්න වෙනවා.."
"ආ...මේ...ඔව්.පුතා..මම ඔයාට තේ එකක් ගේන්නම්..කවීෂට මුකුත් නොකියූ අම්මා පිට වෙලා ගියෙ විහඟි ගැන කිසිවක් නොකියා .
අම්මා ගිය විදිහෙ මොකක් හරි ප්‍රශ්නයක් තියනවා කියලා කවීෂට හිතුනා.
"විහඟි...."
කවීෂ ටීවී එක වහලා දාලා කාමරේට ගියෙ ඒකයි.
"විහඟි...කෝ ඔයා...??"
කාමරේ නැති නිසා බාත් රූම් එකටත් ඔළුව දාල බැලුවා...නැති නිසා කුස්සියට ගියෙ අම්මගෙන් අහන්න..
"අම්මා කෝ විහඟි ...??"
කවීෂ ඇහුවෙ දරුවව මැණිකා අතින් ගන්න ගමන්..ඒත් එක්කම ගේ මිදුලෙ වාහනයක් නතර කරන හඩත් ගෙට කවුරුන් හෝ එන හඩත් ඇහුන නිසා කවීෂ දෝණි වඩාගෙන ඉස්සරහට ආවා.
"දෙයියනේ විහඟි ඔයා කොහෙද ගියෙ ..තනියම.."
කවීෂ කියුවෙ මේ දේවල් අදහා ගන්න බෑ වගේ..
"මට දැන් ඇවිදින්න පුළුවන් කවී.මට ගේ අස්සටම වෙලා ඉන්න බෑනෙ.."
"හරි විහඟි ඒත් ඔයාට මාත් එක්ක යන්න තිබුනා.ඔයාට තාම හොඳටම හොඳ නෑ.."
"මට ඕනි ඕනි හැම වෙලේම ඔයා එක්ක යන්න බෑනෙ කවී.."
"විහඟි කියන දේ අහනවා..තමුසෙට තාම හොඳ නෑ හොඳටම.අනික අපි තමුන්ගෙ අසනීපෙ නිසා ගොඩක් දුක් වින්දා.ගොඩක්...අර කොහෙද ඉදලා ආපු දේවතාවියක් වගේ කෙල්ලෙක් නිසා අද තමුසෙ ඇවිදිනවා."
"දෙයියන්ගෙ නාමෙන් පරිස්සම් වෙනවා විහඟි ...තමුසෙගෙ මුරණ්ඩු කම් තමයි මේ හැමදේටම මුල..."
කවීෂ දෝණි වඩාගෙන උඩ තට්ටුවට නැග්ගෙ විහඟි එක්ක කේන්තියෙන්..
දා හත් වන පරිච්ඡේදය
සහන්සා ගෙදර ගිහින් දිනෙන් දින පහු උනත් සහන්සට දෝණි මතක් වෙන එක නතර කරන්නනම් බැරි උනා..
සහන්සා ෆෝන් එකේ ඉසරහට දාගෙන හිටපු දෝණිගෙ ෆොටෝ එක බලමින් හිටියෙ...ශාලිත එකවරම පිටිපස්සෙන් ඇවිත් ෆෝන් එක කඩා ගත්තා.
"ඔහ්...මොනාද සුදූ මේ දාගෙන ඉන්නෙ...මගෙ ෆොටෝ එකක් දා ගන්නකො මේක අයින් කරලා..බැන්දට පස්සෙ බබාලා දෙන්නන්කොදවසට එක ගානෙ සතියට ෆෝන් එකේ ෆොටෝ මාරු කරන්න.."
අනේ ..ඕක දෙන්න ශාලිත අයියා ..
සහන්සා ෆෝන් එක නැවත කඩාගත්තෙ දෝණි වෙනුවෙන් උපන් කඳුල පිස දමමින්..
දිනෙන් දින ගෙවුනෙ සහන්සගෙ ඔළුව ගිනි තියමින්...දෙපැත්තේම අම්මලා තාත්තලා එන්ගේජ්මෙන්ට් එකට සූදානම් වෙද්දි ශාලිතගෙ අම්මා කියුවෙ වෙඩින් එක මේ පාරම ඉවරයක් කරමු කියලා.සහන්සගෙ අකමැත්ත දන්න නිසා අම්මලා කියුවෙ ඒකට තව ටික දවසක් ඉමු කියලා.
"සුදු දෝණි .."
"තාත්තා.."
"ඔයාගෙන් දෙයක් අහන්න තියනවා..."
"කියන්න තාත්තා ...??"
"ඔයාගෙ හිතේ වෙන කවුරුහරි ඉන්නවද දූ..?මම ඇහුවෙ ඔයා වෙන කාටහරි ආදරේ කරනවද..?"
"තාත්තා...?"
"ඔව්.දූ....මම ඔයාගෙ තාත්තා ..ඇත්ත...අපි ළගින් හිටපු කාලෙ අඩුයි...ඒත් මට මගෙ දරුවො තේරුම් ගන්න බැරි කමක් නෑ.අනික ඔයා බුද්ධිමත් දරුවෙක්.ඔයා වැරදි තීරණයක් ගන්නෙ නෑ කියලා මම දන්නවා දූ..."
"අනේ තාත්තා ....එහෙම දෙයක් නෑ..."
"එහෙනම් ශාලිත පුතාගෙ වරදක් එහෙම..??"
"නෑ තාත්තා එහෙම නෑ..."
"එහෙනම් ඔයා එයාට අකමැති..?"
"මට එයාට කැමති වෙන්න හේතුවක් පේන්නෙ නෑ තාත්තා ...ඒ කියුවෙ මගෙ හදවතට දැනෙන්නෙ නෑ එයා මට ගැළපෙන කෙනා කියලා..."
"ම්ම්ම්....අපි වැරැද්දක් කරනවද මන්දා දරුවො...ඇත්තටම අපි ඔයාලා පුන්චි කාලෙ ඔයාලා වෙනුවෙන් මේ තීරණය ගත්ත එක වැරදි කියලා මට හිතෙනවා.මොකද අපි නෙමෙයිනෙ එකට ජීවත් වෙන්නෙ..."
"අනේ නෑ තාත්තා ..ශාලිත අයියගෙ වරදක් නෑ..."
"පුතාට තව කල් තියනවා.පුතාගෙ තීරණයක් තියනවනම් මට කියන්න.."
තාත්තා ගියෙ සහන්සගෙ හිතේ තවත් බර වැඩි කරලා...ඇත්තටම මෙච්චර කල් සහන්සා කාටවත් ආදරය කරල තිබ්බෙ නෑ.....
..................
මේ වෙනකොට කවීෂගෙ ගෙදර අවුල් ජාලයක් වෙලා තිබුනේ...විහඟි පුළුවන් හැම වෙලේම තනියම ගෙදරින් එළියට ගියෙ කවීෂගෙ විරෝදය නොතකා..
"විහූ....."
කවීෂ කතාව පටන් ගත්තෙ ඇඳ උඩ ඉදගෙන.සහන්සා හෙයා ඩ්‍රයර් එකෙන් කොණ්ඩෙ වේලමින් උන්නෙ..
"ම්ම්ම්ම්"
"දැන් ඔයාට හොදටම හොඳයිනෙ..."
"ම්ම්ම්"
"මට බිස්නස් වැඩකට ඕස්ට්‍රේලියා යනවා...ත්‍රී වීක්ස්..."
"ඔහ්...රියලි...මාත් එනවා...කවී..."
විහඟි ඇඳට පැන්නෙ ඇඳගෙන හිටපු කොට නයිට් ඩ්‍රෙස් එක තවත් එහෙ මෙහෙ වෙද්දි..එහෙමම කවීෂගෙ බෙල්ලෙ එල්ලුනු විහඟි කවීෂ තමන්ගෙ වසඟයට ගන්න වගේ ඒ ඇස් දිහා බලන් උන්නෙ අඩවන් දෑසින්..
"නෝ විහූ මම මේ කතා කරන්න හැදුවෙ ඒ ගැන නෙමෙයි.."
"වට් කවී...??"
විහඟි තවත් කවීෂට ලං වෙලා හුරතල් වෙන්න ගත්තා.
"කෝ චුට්ටක් එහාට වෙලා අහගන්නකො..."
කවීෂ කියුවෙ ඒ දෑත් තම ගෙලින් මුදන ගමන්..
"මම යන්නෙ බිස්නස් වැඩකට.කම්පැනි ඕනර්ස්ලා විතරයි ...ඔයාට දෝණි බලාගන්න වෙනවා විහූ..ප්ලීස් ඔයා සනීප උනා කියලා තාමත් දරුවා එක්ක එකතු උනේ නෑ..අපි අපේ විසිරුන පවුල හදා ගන්න ඕනි...ඒකට ඔයා ඕනි මූලික වෙන්න විහූ...මට තනියම බෑ..."
විහඟි මූණත් අකුලගෙන එහාට උනේ කවීෂ කියන දේ කරදරක් බව පෙන්වමින්..
"විහූ මේ අහන්න..ඇහෙන්නෙ නෑ වගේ යන්න එපා...මම ගියාම ඔයාට තමයි දෝණි බලා ගන්න වෙන්නෙ...මට ලැජ්ජයි විහූ දරුවගෙ අම්මට දරුවා බලා ගන්න කියලා මේතරම් වඳින්න උනාට...දෙයියනේ ඒ පුන්චි කෙල්ලට රිද්දන්නෙ නැතුව බලා ගන්න.."
"මොනාද කවී...ඔයා දන්නවා.මට එයාව එදත් එපා...අදත් එපා...ඔයා දන්නවා මං ගැන...මම දැන් මගෙ මගෑරුණ වැඩ ෆලෝ කරනවා..ඔයා ත්‍රී වීක්ස් වලට මෙයාඑක්ක මාව හිර කලාම...මගෙ වැඩ ආයි බ්‍රේක් වෙනවා..."
"විහූ තමුසෙ මගෙ යකා අවුස්සන්න එපා.."
"අනේ මට කරදර කරන්න එපා කවී...අපි මෙහෙම කරමු.එයාව බලා ගන්න ආයා අම්මා කෙනෙක් ගමු .."
"වට් මගෙ දරුවා බලන්න ආයා කෙනෙක් ඕනි නම් මම එහෙම කෙනෙක් ගන්නෙ තමුසෙ අසනීපෙ කාලෙ...නෙතූ මීට වඩා පුන්චි කාලෙ..."
"මන්දා කවී...අයි ඩෝන්ට් නෝ...බට් මට බෑ මගෙ වැඩ නතර කරන්න "
විහඟි අනිත් පැත්ත හැරිලා නිදා ගත්තෙ කවීෂ කියන දේ සතයකට මායිම් නොකර.කේන්ති ගියපු කවීෂ කොට් එකේ හිටපු දෝණි අරගෙන උඩ තට්ටුවට ගියෙ විහඟිගේ මූණ දකින එකත් කේන්තියක් නිසා...
![]() |
| පස්වන කොටසට |
