අතිශයින් සිසුහෙදියන්ට පමණයි
නර්සින් එක්ක හිනා වෙන්න..
"මිස්ට නර්සින් එපා උනෙ නැද්ද nts කාලෙ...?"
ඉන්බොක්ස් මැසේජ් එක ඇවිත් ටික දවසක්.. ඒකට දෙන්න ඕනි උත්තරේ කෙටියෙන් කියලා ඉවර කරන්න බැරි නිසා මන් නිහඩ උනා..
හරියටම කියුවොත් මට නර්සින් එපා උනේ ඉන්වවීව් දවසෙ... 5000ක් දවස් දෙකකින් ඉන්ටවීව් කරන්න අරගෙන මන් ගිය දවසෙ මාව ඉන්ටවීව් එකට ගන්නකොට හවස පහයි.. උදෙ තුනෙ ඉදන් ඇද ගත්ත සාරිය (මොකො ඒ කාලෙ සාරි ඇදලා පුරුද්දක් තිබුනෑ..) එපාම වෙලා හිටියෙ.. පැයගානක් නැතුව වතුර බෝතලෙවත් ලග නැතුව පෝලිම් වල කට්ට කනකොට හිතුනෙ ඉන්ටවීව් කියන්නෙ මෙ තරම් ජරාවක්ද කියලා.. මොකද ඒ මගෙ පළවෙනි ඉන්ටවීව් එක... හැබැයි ඒකෙන් උන හොදම දේ මගෙ ජීවිතේට වටිනම යාළුවෙක් ලැබුන එක...
දෙවනියට නර්සින් එපා උනේ nts එකේ ඉන්ටවීව් දවස.. බැජ් එක A, B කියලා කොටස් දෙකකට කඩලා A බැජ් එක ඉන්ටවීව් කලෙ අන්තිමට... එදත් කට්ට..
ඒකත් කමක් නැ කියලා හිත හදා ගත්තම යුනිෆෝම් එකට දුන්නා කොට්ට උරෙ වගෙ සුදු ගවුමකුයි , කළු සපත්තු දෙකකුයි... කෝ අර හොයාගෙන ආපු යුනිෆොම් එක...
අදුරන මනුස්සයෙක් හම්බවෙනකොට මූණ දෙන්න ලැජ්ජයි.. ඒ තරම් කැතයි... ඒත් මොනා කරන්නද .?
හෙට තියන ෆන්ක්ශන් එකට අද හවස රෙඩි වෙන්න ගියාම... අර කොතනත් වගෙ පොදු වැඩකට කැප වෙන උන් ඉන්නෙ ටිකයි... ඉතින් උන් ටිකත් ලාහෙට ගෙම්බො එකතු කරනව වගෙ කරන්න ගියාම.. කරලා ඉවර වෙලා බැනුම් අහනකොට...
ඔක්කොමත් හරි වෝඩ් ගිය දවසෙ ඉදන් " පොඩි මිස් මේක මෙහෙමද කියලා තියෙන්නෙ..මෙහෙමද... මෙහෙමද...??"
දවල් දොළහට පේශන්ලා බලන්න ගෙදරින් එන වෙලාවට, සමහර වෙලාවට පේශන්ලා මුළු වෝඩ් එකම ඉස්සරහා පළු යනකම් බැනුම් අහලා ඇති.. අම්මෝ ඇස් වල කඳුළු පුරවගෙන..
සමහර වෙලාවට පේශන්ලම කියනවා අනෙ පොඩිමිස් අඩන්න එපා කියලා..
බැනුම් අහන එක ගැනනම් කවර කතාද... බුදු අම්මෝ.. ගෑණු ළමයි මෙ තරම් බැනුම් අහන වෙන රස්සා තියෙයිද කියලා ඇහුවොත් මන් නම් දන්නෙ නෑ..
පේශන් කෙයා එකත් ලේසි වැඩක් නෙමෙ... කෙල්ලෙක්ට පුළුවන්ද කිලො අසූවක් අනුවක් වෙච්ව පේශන් කෙනෙක් එගා මෙහා කරන්න.. බෙඩ් බාත් දෙනකොට කොන්ද නමාගෙන දාඩිය පෙරාගෙන ඇදගෙන ඉන්න පැම්පස් පවා මාරු කරනකොට එපා වෙනවද කියලා අහනන් දෙයක් නෑ... එපා වෙනවා ...
ගද ගහන තුවාල වල සිරි සිරි ගාන පණුවො අයින් කරනකොට එපා වෙනවද කියලා අහන්නත් දෙයක්ද ..?
කොච්චර කලත් හොඳක් නම් මෙ කපේදි අහන්න වෙන්නෙ නෑ..ඒක තමා තිත්ත ඇත්ත...
ඒ අස්සෙ එක්සෑම් අසයින්මන්ට් ප්‍රොසීඩියර් තව ප්‍රොසීඩියර් කරලා සයින් කර ගන්න පොත් හදන්න ඔය අස්සෙ මාසෙට දෙක තුන ෆන්ක්ශන් කරන්න මාසෙකට සැරයක් පිරිත් කියන්න තව ෆීල්ඩ් යන්න වැඩ කෝටියක්...
අර දිනෙ මේ දිනෙ වෙනුවෙන් උත්සව ලෙක්චර්ස් ....
එපා වෙන එක අහන්නත් දෙයක් නෙමෙයි.. ඒ මේ අස්සෙ ෆර්ස්ට් ඉයර් ෆේල් උනොත් ආසාවෙන් අදින්න ආපු යුනිෆොම් එකත් නෑ.. එතන වැටෙන වැටිල්ල ආයෙ සක්‍රයා ආවත් නැගිට්ටන්න බෑ..
ඒත්....
ප්‍රශ්නයක් තියනවා..
මෙහෙම එපා වෙන තරමට එපා උනානම්..
අද මේ තරම් සතුටින් නර්සින් කරන්නෙ කොහොමද...?
අන්න එතනයි කාරණාව..
හිතන්න..
කොච්චර අමාරුවෙන් කොන්ද කඩාගෙන හේදුවත් පේශන් සනීපෙට හිනා වෙනකොට පින් දෙනකොට ඒ මහන්සිය කොහෙන් ගියාද දන්නෙ නෑ..
ඇවිදගන්න බැරුව එන පේශන් කකුල් දෙකෙන් ඇවිදන් ගෙදර යනකොට.. සමහරවිට පේශන් යන්නෙත් අපිට බැන බැන වෙන්න පුළුවන්..ඒත්... ඒ යන්නෙ අපි හින්දා කියලා දැනෙනකොට හිතට දැනෙන හැගීම..
ඒක හරි නිරාමිශයි...
ෆන්ක්ශන් කරන්න කොච්චර කට්ටක් කෑවත් කරලා කොච්චර බැනුම් ඇහුවත් යාළුවො එක්ක එකතු වෙලා කරපු වැඩේ ප්‍රතිපලය ස්ටේජ් එකක් උඩ ලස්සනට දිගෑරෙනකොට...
අද ඔය එපා වෙන්නෙ නැද්ද අහපු NTS එක අවුරුදු තුන ඉවර වෙලා එළියට බහිනකොට දැනේවි... අනෙ අපි ගත කලෙ කොයිතරම් ලස්සන කාලයක්ද කියලා.. අපි කොයිතරම් නිදහසක් වින්දද කියලා... බැන්නත් සිස්ටර්ස්ලා ජීවිතෙට එකතු කරපු දේවල් කොයි තරම් වටිනවද කියලා දැනේවි.. එතනින් එළියට ආවමහම...
මොන ප්‍රශ්නෙ ආවත් බැජ් එකක් එක්ක මූණ දුන්න කාලෙ ආයෙ එන්නෙ නෑ.. තනියම වගකීම් ගොඩක් අතට ගන්න වෙනකොට, තනියම වාට්ටුවෙ වගකීම් බලා ගනන් වෙනකොට ලෙඩ්ඩු 60ක් 70 ක් ඉන්න වාට්ටුවක තනියම නයිට් ඩියුටියක් වැටුනම ඔය ජීවිතේ කොයිතරම් ලස්සනද කියලා තේරෙයි...
වැදගත් වෙන්නෙ කොයිතරම් ප්‍රශ්න එනවද කියන එක නෙමෙයි..
අපි ඒවට මූන විදිහට මූණ දෙනවද කියන එක...
මොන දේ උනත් මූණෙ රැදෙන හිනාව නැති කර ගනන් එපා.. මොකද අපෙ ප්‍රශ්න ප්‍රශ්නයක් වෙන්නෙ අපිට විතරමයි... ඒක තව කෙනෙක්ට කවදාවත් ප්‍රශ්නයක් නෙමෙයි...
ඉතින් ඔයාගෙ මූණෙ හිනාව අතුරුදහන් උනාම අනිත් අය ඔයා ගැන හිතන පතන විදිහ වෙනස් වෙනවා..
ප්‍රශ්න එන්නෙ මිනිස්සුන්ට ... අඩන්නම ඔනි නම් කෑ ගහලා අඩපන්... ඒත් ඒ කදුළු පිහලා ඊලග තත්පරෙ හිනා වෙන්න ඕනි... ඕනිමයි...
මොකද තමන්ට ඉතුරු වෙන්නෙ ඒ හිතෙ හයිය . කවදාවත් තව කෙනෙක්ගෙ හයියෙන් ජීවත් වෙන්න එපා.. මොකද ඒ හයිය නැතුව යන පළවෙනි තත්පරේම අපි වැටෙනවා.. ඒ හින්දා තමන්ගෙ හයිය තමන්මයි.. ඒක මතක තියා ගන්න..
පුන්චිම පුන්චි දෙයින් සතුටු වෙන්න...
ඔය සුදු ගවුම් රතු පටි නිල් අටි මාරු වෙලා කළු පටිය අස්සෙ ජීවිතේ හැංගෙනකොට , කැලැන්ඩර් අස්සෙ රොස්ටරෙ ඇතුලෙ ජීවිතේ තීරණය වෙනකොට හිතේවි.. NTS කාලෙ කොච්චර ලස්සනද කියලා..
එහෙමයි කියලා ස්ටාෆ් ජීවිතේ නරකම නෑ.. ඉන්න තැන හිනා වෙලා තමන්ගෙ පරිසරය තමන් හදා ගන්න.. ඉන්න මිනිස්සු එක්ක හිනා වෙලා කතා කරලා ප්‍රියමනාප පරිසරය හදා ගන්න...
ඔයා දිහටම හිනා වෙනකොට ඔරවන කෙනාට හැමදාම ඔරවන්න බෑ. ඒක මතක තියා ගන්න..එයා හෙමිහිට හිනා වෙන්න පුරුදු වෙනවා.. ඒකට කියන්නෙ අනුවර්තනය ...
තමන්ගෙ ජීවිතේ අදාල තැනට අනුවර්තනය කර ගන්න... සතුට මවා ගන්න.. නොපෙනන සතුටක් හදවතින් විදින්න..
NTS නෙමෙ ජීවිතේ කොයිම තැනක්වත් ඔයාට එපා වෙන්නෙ නෑ.. ඒක ස්තීරයි.
අඩ අඩ හිනා වෙන හිත් හරි හයියයි... ඒක දන්නෙ අත්දැකීමෙන්.. දවස් බාගෙක ලීව් එකකට බැජ් එකක්ම මිස් වෙලා ජූනියර් බැජ් එකත් එක්ක එක්සෑම් කරලා රටෙ අන්තිම කෙරවලෙ ජොබ් එක කරන මට එපා නොවුන නර්සින් සිස්ටර් කෙනෙක් මිස් කෙනෙක් බැන්නට ප්‍රොසීඩියර් අමාරු උනාට ඔයාට කොහොම එපා වෙන්නද...
නංගි...
මේ අදින යුනිෆොම් එකෙ ඉදන් රස්සාවෙ හැම දේකටම ආදරේ කරන්න.. කවදාවත් එපා වෙන්න නෑ... අත්දැකීමෙන් කියන්නෙ..
වෙනදා ලියන අහින්සා අක්කා නෙමෙයි මේ... පුන්චි කාලෙකට රස්සාව උපරිමේට විදින මම
අහින්සා මිස්
2019.06.24
!->