"තාත්තා...මම ඔයාට මුල ඉදන්ම කියුවා මට මෙයාට කැමති වෙන්න හේතුවක් නෑ කියලා..ඒ උනාට අද මට මෙයාට අකමැති වෙන්න හේතුවක් හම්බ උනා.."
සහන්සා කියුවෙ ශාලිත ඉදිරිපිට.
"ඒ උනාට අංකල් මෙයාට යුතුකමක් නෑ නෑද අර ගෑණි අසනීප මිනිහෙක් එක්ක පන්සල් ගානෙ කතා කර කර ඉන්න..."
"තාත්තා පේනවද මෙයා මට කතා කරන විදිහ.මාව මොන තත්වෙට දාලද මෙයා මේ කතා කරන්නෙ තාත්තා...??මෙයා මගෙ ආත්මගෞරවයට අභියෝග කරන්නෙ..?"
"අංකල් මම කියන්නෙ...?"
"දෙන්නම වහා ගන්නවා කට..."
ශාලිතත් සහන්සත් කට පියා ගත්තෙ තාත්තගෙ හඩින්..
"දැන් ශාලිත පුතා කියන්නෙ සහන්සයි ඔය කියන කවීෂ ලමයයි අතර සම්බන්දයක් තියනවද...?"
තාත්තා කෙලින්ම ප්‍රශ්නෙ යොමු කලේ ශාලිතට.
"මම ඒක හරියටම කියන්න දන්නෙ නෑ අංකල් ඒත්..."
"ඒත් නෙමෙයි දරුවො...හරියටම දන්නෙ නෑ කියන්නෙ එහෙම දෙයක් ඇති කියලා ඔයා අනුමාන කරනවා.."
ශාලිත බිම බලා ගත්තෙ ඒක අනුමත කරන්න වගේ...
"දැන් දුවට මොනාද මේ ගැන කියන්න තියෙන්නෙ...??"
තාත්තා ඊලගට හැරුනෙ සහන්සා දිහාවට.
"මා ගැන විශ්වාසයක් නැති පිරිමියෙක් එක්ක මට අනාගතයක් ගොඩ නගන්න බෑ තාත්තා .එයා දැන් මාව බැන්දත් බදින්නෙ මායි කවීෂයි අතරෙ සම්බන්දයක් තියනවා කියලා හිතාගෙන.මට එහෙම කෙනෙක් ඕනි නෑ තාත්තා.."
"මමත් හිතන්නෙ එහෙමයි ශාලිත..ඔයාට එතනට ගිහින් කෑ ගහන්න කලින් මෙයාලගෙන් අහන්න තිබ්බා මොකද වෙන්නෙ කියලවත්...කවීෂ මොනවා හිතන්න ඇද්ද..??අනික ඔයාට තවත් සහන්සා ගැන ලොකු විශ්වාසයක් නෑ...."
තාත්තා කියද්දි ශාලිතගෙ මූණ ඇද වෙලා යනවා සහන්සා දැක්කා.සහන්සට දැනුනෙ ලොකු නිදහසක්.
"මම ඔය ළමයගෙ දෙමව්පියන්ට කතා කරන්නම්.මගෙ කෙල්ලගෙ ජීවිතේට නොගැලපෙන දේ දකින්නෙ අන්තිම ත්තපරේඋනත් මම ඒ තීරනේ වෙනස් කරන්න දෙපාරක් හිතන්නෙ නෑ...."
තාත්තා කියුවෙ ගාම්භීර හඩකින්.සහන්සට තාත්තා ගැන ඇති උනේ ආඩම්බරය මිශ්‍ර ගෞරවයක් .
................................
කාමරයට ගිය ජෝඩුව එළියට එනකම් කවීෂ පැයක් බලන් උන්නත් කවුරුත් තවම එළියට ආවෙ නෑ.
කෑම ගෙනාවත් කන්න පිරියක් කවීෂට තිබුනෙ නෑ.කවීෂගෙ බඩකින්න අතුරුදහන් වෙලා තිබුනෙ.
"මල්ලි මම මේ කෑම ගත්තෙ නෑ.තමුසෙ මේක අරන් ගිහින් යාලුවො එක්ක කනවා.."
කවීෂ රූම් බෝයිට කතා කරලා කියලා දරුවත් අරන් කාර් එකට ආවා.කරන්න ඕනි මොනාද...කියන්නෙ මොනාද ...කවීෂට කිසිම තේරුමක් තිබුනෙ නෑ හැමදේම අවුල් ජාලයක් වගේ කවීෂට දැනුනෙ..
කවීෂ දරුවත් අරන් ගෙදර ගියෙ මැලවුන දෙනෙතින්..
දරුවාව මැණිකා නැන්දට දීලා ඇදන් ආපු ඇදුම් පිටින්ම ඇද උඩට වැටුන කවීෂට ඇහුනෙ කාර් එකක් ගේ ඉදිරියේ නතර කරන හඩ.ටික වෙලාවකින් විහඟි කාමරේට ආවෙ මුකුත් සිදු නොවන ගානට.
කවීෂ ඇස් තද කරන් හිටියෙ තරහා පාලනය කර ගන්න බැරුව.
කවීෂ ඇස් අඩවන් කරලා විහඟි දිහා බැලුවා .රතු වූ තොල් පෙති හා කම්මුල් කවීෂට මතක් කලේ අද දහවල් දැකපු දේවල්.විහඟි කැඩපත ඉදිරියේ තම ගෙල දෙපස රතු වූ පැල්ලම් නිරික්සන අයුරුත් ඉන්පසු ඇදගෙන ආ ටී ශර්ට් එක ගලවා දමා කොලර් සහිත ටී ශර්ට් එකක් ඇගලා ගන්න අයුරුත් කවීෂ බලා හිටියෙ කේන්තියෙන්.
මේ ගෑණි මීට කලින් කී පාරක් මාව මෙහෙම රවට්ටන්න ඇතිද..අසනීප වෙන්න කලින් ෆොටෝ ශූට් වලට ගිහින් ආපු සමහර දින වලට මෙවන් කොලර් සහිත ටී ශර්ට් අදින අයුරුත් එදින රාත්‍රියට කෙසේ හෝ ඇය සමග සිටින්නට තමාව පොළඹවා ගන්නා අයුරුත් කවීෂට මතක් උනා.
කවීෂගෙ කේන්තිය පාලනය කර ගන්න බැරිම තැන ඇදේ වාඩි උනා..
"විහඟි..."
කවීෂ ඇමතුවෙ ටිකක් උස් හඩින්..
"අහ්...ඔයා නිදි නැද්ද..??"
ඇය ඇහුවෙ හුරතලයෙන්.
"කොහෙද ගියෙ..??"
"ෆොටෝ ශූට් එකකට ලොකේශන් බලන්න ගියා..."
"ඇයි මේ පාර ශූට් එක පූල් එකේද..??"
එවරනම් ඇය ගැස්සී යනවා කවීෂ බලා ගෙන..
"අහ්...ඔ..ඔව්නෙ..ඔයා කොහොමද දන්නෙ..."
"මම දැක්කා තමුසෙ ෆොටෝ ශූට් එකට රියසල් කරනවා.."
කවීෂ කියුවෙ මෙට්ටෙ තදින් මිරිකාගෙන.
"ක...වී......"
"ඔව්..ගෑණියේ..මම දැක්කා උබ අර ශේන් කාරය එක්ක රෙදි ගලෝගෙන පෙම් කෙලිනවා..මාව කොච්චර රැවැට්ටුවද බැල්ලියේ උබ....කියපන්...කියපන්...මගෙ පොඩි කෙල්ලටයි මටයි වෙනස්කම් කර කර උබ අවලමේ ගියාද ....කියපන්..."
කවීෂ කෑ ගැහුවෙ විහඟිගේ කෙස් මුලින් අල්ලගෙන..ඊට පෙර කවීෂ දොර ලොක් කලේ සද්දෙට අම්මයි තාත්තයි මැණිකයි එන බව දන්න නිසා.
"මගෙ දරුවට කිරි ටික දෙන්න බෑ කියුවා...ඒ දරුවගෙ මුණ දකින්න කැමති නෑ.. ඒ දරුවට ආදරේ නෑ වඩා ගන්නෙ නෑ හුරතල් කරන්නෙ නෑ. .....ඒ උනාට අවලමේ ගිහින් මිනිස්සු එක්ක හුරතල් වෙන්න පුළුවන් උබට..."
කවීෂ කෑ ගැහුවෙ විහඟිගේ කොණ්ඩෙ තවත් පටලවා ගනිමින්...
"ඌයි කවීෂ මට රිදෙනවා..මාව අතාරිනවා..."
"උබට දැන්ද රිදෙන්නෙ...මට රිදෙන්නෙ මගෙ පොඩි කෙල්ලට රිදෙන්නෙ ගොඩ දවසක ඉදලා...ගොඩක් කල් ඉදලා..."
කවීෂ කියුවෙ විහඟිට කම්මුල් පාරක් ගහන ගමන්...
"මාව අතාරිනවා "
"උබව අතාරිනවා නෙමෙයි මම උබව මරනවා.."
"පුතේ මොකද මේ දෙයියනේ දොර අරින්නකො..."
අම්මා කෑ ගහන හඩ ඇහෙද්දි කවීෂට තවත් කේන්ති ගියා.විහඟි පැනපුගමන් දොරේ අගුල ඇරියෙ කවීෂ තවත් ගහයි කියන බයට වෙන්න ඇති.
"ඔව්...මම අවලමේ ගියා තමයි.උබ ඔය ඇහේ මූණෙ තියන් හුරතල් කරන එකිත් උබෙ නෙමෙයි....ශේන්ගෙ..."
විහඟි කියපු දෙයින් කවීෂගෙ දෙපා පණ නැතුව යද්දි කවීෂ එතනම බිම වාඩි උනා...
..........කිරි සුවඳ ගලාවි ආදරෙන් .........
කිරි සුවඳට පෙම් බඳිමි
27 කොටස
27 කොටස
කවීෂගෙ අම්මා පුටුවක් උඩ ඇදන් වැටෙද්දි තාත්තා මැණිකා අතේ හිටපු දෝණි උදුරලා ගත්ට්ගෙ වෙන කවුරුහරි උදුරා ගනී වගේ..
විහඟි විතරක් ඔළුව කෙලින් තියන් හිටියෙ ලෝකෙ තියන නම්බුකාරම වැඩේ කරපු ගානට.
කවීෂට සිහිය ආවෙ විනාඩි කීපයකට කලින්..
"පට්ට්..## තෝ මොකක්ද කියුවෙ ....??මගෙ දරු පැටියා වෙන එකෙක්ගෙ කියන්න තෝ කොහොමද හිත හදා ගත්තෙ කියපන්...තෝ යන අවලම් ගමන්ක් ගියාට මට කමක් නෑ.මගෙ දරු පැටියා ඕවට ගාවා ගන්න එපා..."
කවීෂ කෑ ගැහුවෙ හඩමින්.තම එකම පුතුගෙ කදුලු වේදනාව දකිද්දි කවීෂගෙ අම්මා ඇඩුවෙ පපුවත් මිරිකාගෙන .
"ඇයි මොකද මහත්තයා ....මෙච්චර කල් තිබ්බ ආදරේ හුළගෙ ගියාද මේකි ශේන්ගෙ කිවුවම...මේකි බඩට ආවෙ ශේන්ගෙවත් මගෙවත් උවමනාවකට නෙමෙයි..ඉතින් මම මොකටද මේකිට ආදරේ කරන්නෙ...ඒකට මොකෝ...උබනම් රැක්කෙ මල් පෙත්ට්බක් වගේ...මටම හිනා."
විහඟි හිනා උනේ වියරුවෙන් වගේ...
"උබ හිතුවද උබට වගේ මේ කිරිසප්පයා වෙන එකෙක්ගෙ කියුවම මම එළියට දායි කියලා.ඒත් උබට ආයිත් මේ ගෙදර ඉඩක් නෑ..පලයන්..."
කවීෂ විහඟි ඇදගෙන ගිහින් ගෙදරින් එළියට දාලා දොර වැහුවෙ අම්මයි තාත්තයි බලන් ඉදිද්දි.රටේ ලැජ්ජාවට කියලා මේවා නවත්තන්න ගියොත් මේ නොදරුවගෙත් තම පුතාගෙත් ජීවිතය අනතුරේ බව දැනුන නිසා අම්මයි තාත්තයි මුකුත් කියුවෙ නෑ.
"අනේ මගෙ අම්මෙ...ඇයි මට මෙහෙම උනේ..කියන්න අම්මෙ...මමයි මගෙ දරු පැටියයි මොකක්ද ඒ ගෑණිට කරපු වැරැද්ද...මගෙ පන මගෙ නෙමෙයිලු...වෙන එකෙක්ගෙලු....හරි එහෙම උනාමයි කියන්න...මට පුලුවන්ද මේ මගේ දරුවා නෙමෙයි කියන්න..මගෙ ලේ නෙමෙයි කියලා මගෙ දරු පැටියා අර බල්ලට දෙන්න...බෑ බෑ...අම්මෙ බෑ..."
කවීෂ පුටුවෙ වාඩි වෙලා හිටපු අම්මා ලග බිම වාඩි වෙලා උකුලෙ ඔලුව ගහගෙන ඇඩුවෙ අම්මවත් තාත්තවත් වගේම මැණිකවත් හොදටම අඩවමින්.
"කෝ තාත්තෙ මගෙ පන මට දෙන්න...මගෙ දෝණි මට දෙන්න්..."
කවීෂ ඉල්ලද්දි තාත්තා කවීෂගෙ අතට දෝණි දුන්නෙ මේ වෙලාවෙ එයාට අවශ්‍ය දෝණි බව දන්න නිසා.
"මගෙ දෝණි මැණික...මගෙ පණ...ඔයා මගෙ පුතේ...ඔයා මගෙ...කොහෙවත් යන උන්ගෙ හුළගක්වත් ඔයාට වදින්න මම ඉඩ තියන්නෙ නෑ..මම දන්නෙ නෑ..එර්කි කියන විදිහට ඔයාගෙ ඇගේ දුවන්නෙ ඌගෙ ලේ උනත් මම ඔයාව කාටවත් දෙන්නෙ නෑ.කියන්න..කියන්න..මගෙ රත්තරන් තාත්තා දාලා යන්නෙ නෑ කියලා කියන්න ...කියන්න වස්තුවෙ..."
"තාත්තා නැතුව දෝ ගන්න බෑ කියලා කියන්න..තත්තගෙ පපුව නැතුව මගෙ මැණිකට දෝ ගන්න ආ කියන්න රන්...කියන්න...මගෙ පණ මාව දාලා කොහෙවත් යන්නෙ නෑ නේද...?"
"තාත්තෙ එන්නකො...මට බයයි ...මගෙ දරුවා අරන් යයිද ශේන් ඇවිත්..අනේ දොර වහන්නකො..."
කවීෂ කෑ ගසමින් අඩන විදිහට අම්මා විලාප තියලා ඇඩුවෙ අම්ම කෙනෙක්ට තමන්ගෙ දරුවගෙ දුක දරා ගන්න බැරි නිසා වෙන්න ඇති.
කවීෂ දෝණිව පපුවට ටුරුල් කර ගනිමින්...ඒ මූණ සිඹිමින් ඇඩුවෙ ඒ වෙලාවෙ කවුරුහරි දෝණි අරන් යන්න ආපු ගානට.
..........................
ගෙදරින් එළියට දාපු විහඟි ශේන්ට කෝල් එකක් දීලා ගෙන්නා ගත්තා.
"ශේන්...අපි අපේ දරුවා ගන්න ඕනි.."
"ආ.යූ මෑඩ් විහඟි ...අපිට ඔය ළමයෙක් අරන් පුළුවන්ද...?"
"මට පිස්සු නෑ අනේ.ඒත් කවීෂගෙන් පලි ගන්න අපි ළමයා අපි ළගට ගන්න ඕනි...එයා මාව ගෙදරින් එළියට ඇදලා දැම්මා...ඔයාට තේරෙනවනෙ...ඔයාගෙ ඩී එන්.ඒ චෙක් වෙච්ච ගමන් ළමයා අපේ...ඊට පස්සෙ ඔය කාට හරි දීලා දාමු...ප්ලීස් ශේන් ප්ලීස්..."
........................................
විහඟිගේ බල කිරීමට නඩුවකට ඉදිරිපත් වෙන්න ශේන් ඉදිරිපත් වෙද්දි විහඟි තමන්ගෙ දරුවගෙ අයිතියත් ඩිවෝස් එකත් ඉල්ලලා නඩු දැම්මෙ කවීෂ තවත් අසරණ කරමින්..
.......කිරි සුවඳ ගලාවි ආදරෙන් ...........
අද පොඩ්ඩයි.බනින්න එපා.මම ලොකු අවුලක ඉන්නෙ...
කිරි සුවඳට පෙම් බඳිමි
28 කොටස
28 කොටස
විහඟි ඩිවෝස් එක හා දරුවාගේ අයිතිය ඉල්වමින් නඩුවක් දැම්මෙ කවීෂට විරුද්දව.දරුවා තමාගෙන් උදුරාගනීයැයි බියෙන් කවීෂ හිටියෙ සිහියක් නැතුව.
ඔෆිස් එකටවත් නොගිය කවීෂ දෝණි සමඟ නිතරම කැළණිය රජමාහා විහාරෙ බුදුරුව ඉදිරිපිට වැද වැටෙන අයුරු දකින්නට තිබුනා.
"පුතා...ඔයා මෙහෙම වැටුණ කියලා අපිට මේ ප්‍රශ්නෙ පැනලා යන්න පුළුවන් දෙයක් නෙමෙයිනෙ.ඔයා සිහියෙන් ජීවත් වෙන්න ඕනි දරුවො...අපිට බෑ මේ විදිහට අඩලා දොඩලා ප්‍රශ්න විසදන්න.."
කවීෂගෙ තාත්තා කතා කලේ මේ දේවල් දිහා බලන් ඉදලා බැරිම තැන.තම පුතු මේ විදිහට වැටිලා තියනවා කවීෂගෙ පියා මීට කලින් දැකලා තිබුනෙ නෑ.
"අනේ තාත්තා මගෙ දරුවා කාටවත් දෙන්න මට බෑ..."
කවීෂ කියුවෙ දරුවව පපුවට තද කර ගන්න ගමන්.
"ඔයාට විතරක් නෙමෙයි දරුවො අපිටත් බෑ..අපේ බැරි පුළුවන් කම් පැත්තකින් තියලා දරුවගෙ පැත්තෙන් හිතන්න..විහඟි වගේ ගෑණියෙක්ට දරුවව දෙන්න බෑ...ඔය ගෑණි ඔය දරුවා ඉල්ලන්නෙ තියන ආදරයකට නොවන වග අපි දන්නවනෙ.."
"ඔව් තාත්තා ...ඔය ගෑණිය ඕනි අපෙන් පලි ගන්න"
"කොහොමත් මුලින්ම එයාගෙන් ඩිවෝස් වෙමු පුතා..."
"ඒත් තාත්තා ..."
"ඔව් මම දන්නවා ඔයා කියන්න හදන දේ..එයා කියන විදිහට දරුවා ශේන්ගෙ නම් ඩිවෝස් එක දුන්නම අපිට දරුවා එක්ක තියන සම්බන්දය සම්පූර්ණයෙන් ඉවර වෙනවා."
"තාත්තා මොනාද කියවන්නෙ...මගෙ දරුවා එක්ක තියෙන්නෙ කොළ කෑලි වලට තියන සම්බන්දයක් නෙමෙයි..ඒක තාත්තෙක්ට දරුවෙක් ගැන ඇතිවෙම හැගිමක්.."
කවීෂ කියුවෙ කේන්තියෙන්
"ඒක අපි දන්නවා පුතේ..දෙයියො බුදුන් ඉන්නවනම් දරුවට වරදක් වෙන්න ඉඩ තියන එකක් නෑ..පත්තිනි මෑණියො මේ පොඩි දරුවො බලා ගන්නවා."
කවීෂගෙ අම්මා කියුවෙ කවීෂගෙ ඔලුව අත ගාමින්..
......................
සහන්සගෙ හා ශාලිතගෙ එන්ගේජ්මෙන්ට් එක කැන්සල් උනාට පස්සෙ සහන්සා ගෙදරින් පිටට නොගිය තරම් .අම්මා තාත්තා උනත් වැඩිය කතා බහක් නොකලෙ කවීෂගෙ දරුවා ගැන වැඩිපුර තිබූ ඇල්ම නිසා ශාලිත හා සහන්සා අතර ප්‍රශ්න ඇති වූ බව හිතමුන්.
"තාත්තා මම ආයිත් කොළඹ යනවා..."
"ඇයි...?"
"මට තාත්තට බොරු කියන්න ඕනි නෑ..ඒත් මට දෝණි ගැන බයක් දැනෙනවා තාත්තා ...මොකක්ද අමුත්තක් දැනෙනවා..."
"දරුවො...ඒ ළමයට අම්මයි තාත්තයි ඉන්නවා..ඊටත් තරුණ පවුලක්.හිතන්න...ඔයා වගේ කසාද නොබැදපු ගෑණු ලමයෙක් ඒ පවුලට ලන් වෙනවට ඔය විහඟි ළමයා උනත් කැමති වෙන්නෙ නෑනෙ..."
තාත්තා කියුවෙ ඇත්ත උනත් සහන්සට හිත හදා ගන්න බැරි උනා.
"ප්ලීස් තාත්තා මේ වතාවෙ විතරයි...මම ආයිත් යන්නෙ නෑ..."
සහන්සා නහයෙක් අඩන්න ගත්ත නිසා තාත්තා කැමැත්ත දුන්නා.
..............................
ඊළග දවසෙ උසාවි දවස නිසා කවීෂ අම්මත් එක්ක පන්සල් ගියෙ බුදුන් වැදලා ආශිර්වාද ගන්න..
මේ වෙනකොට විහඟි ශේන් එක්ක එකට ජීවත් උනේ...එදා රෑත් දෙන්නා හිටියෙ ගොඩක් විනෝදෙන් ..
"ඕකේ.බබී විහඟි ..දැන් හෙට ඩිවෝස් එකනම් ලැබෙයි...අනික ඊටත් පස්සෙ දරුවා ලැබුනම ඒ ළමයට මොකද කරන්නෙ.අපි ...මට නම් ඔය ලමයි එක්ක සෙල්ලම් බෑ..."
ශේන් කියුවෙ විහඟිගේ හිසකෙස් අවුස්සමින්..
"මුලින්ම ඕනි ළමයව ගන්නනෙ...අනික බබා අපෙ අම්මි කියුවා දරුවගෙ වැඩ එයා බලා ගන්නම් කියලා..ආෆ්ට දැට් අපි දෙන්නට මැරි කරන්න පුලුවන්.."
"ඕ...නෝ විහඟි ...මැරි කරන්න බෑ...මම තාම මගෙ වයිෆ්ගෙන් ඩිවෝස් වෙලා නෑනෙ..."
"අනේ ශේන් ඒකත් ඉක්මනට ගමු...ප්ලීස්..."
"ඕ..කේ.බබා බලමුකො..."
ශේන් විහඟි යට කරගෙන අනිත් පැත්තට පෙරළුනේ තම සිතැගි වලට ඉඩ දෙමින්..
ටික වෙලාවකින් ෆෝන් එක රින්ග් වෙන්න ගත්තෙ ශේන්ව කේන්ති කරමින්...විහඟිගේ සිරුර මතින් ඉවත්ව ෆෝන් එක කලබලෙන් ආන්ස්වර් කලේ නම්බර් එක දැකපු නිසා
"යස් මමී....යස්..."
.....................
"නෝ මමී ඩැඩිට කවුරුහරි බොරු කියන්න ඇති...නෝ නෝ..."
.......................
"වට් ද හෙල් මමී...ටුමෝරෝ මම ටිකක් බුක් කලෙත් නෑනෙ ..."
........................
"ඔහ්...ඒ කවද්ද..??ඒ ඔක්කොම බොරු...හරි මමී මම හෙට උදේම ෆ්ලයි කරනවා...ඕ..කේ.
බායි..."
බායි..."
ශේන්ගෙ මූණෙ ලොකු වියවුලක් සටහන් වෙලා තිබුනා.
"මොකක්ද ශේන් හෙට ෆ්ලයි කරන කතාව."
"ඔව්.බබී...අපෙ මමීලට කවුරුහරි කියලා මම මැරි කරපු ගෑණියෙකුයි දරුවෙකුයි බාර ගන්න යනවා කියල..එයාලා හොදටම කලබල වෙලා..මට හෙට ගිහින් එයාලටෙ මේ දේවල් පැහැදිලි කරන්න වෙනවා..අනික ඩැඩී හාර්ට් පේශන්නෙ..ඩැඩී මට ටිකට්ස් බුක් කරලා"
"එතකොට හෙට නඩුව..."
විහඟි ඇහුවෙ බාගෙට ඇඩෙද්දි..
"හෙට හම්බෙන්නෙ ඩිවෝස් එකනෙ බබා..ඒකට මාව ඕනි නෑනෙ.ඔයාගෙ අම්මි එක්ක ගිහින් ඒක කර ගන්නකො...අපේ මමීටයි ඩැඩීටයි මේවා පැහැදිලි කරලා මම ආයිත් එනවා...."
ශේන් කියුවෙ තම ඇගිලි තුඩු වලින් නැවතත් විහඟිගේ හැගීම් අවුස්සවාලමින්..
""ඒත් ශේන්...."
"නෝ බබී...බය වෙන්න එපා.මම ඉකමන්ට එනවනෙ..."
ශේන් පැවසුවේ තම සිරුරට නැවතත් විහඟි තෙරපවා ගනිමින්.
..................................
සහන්සා උදේම දෝණි බලන්න යන්න එළියට බැස්සෙ ඉෂාරත් නිදි අතරෙ...අද දවසම දෝණි එක්ක ඉන්න විහඟිගෙයි කවීෂගෙයි අවසර ඉල්ලා ගන්න හිතාගෙන කවීෂගෙ ගෙදරට සහන්සා ගොඩ උනා
ඒත් සහන්සා යනකොට ඒ ගෙදර හැමෝම සුදු ඇදුම් ඇදගෙන ...
"අම්මලා කොහේ හරි යන්නද..?"
සහන්සා ගෙට ගොඩ වෙමින් කවීෂගෙ අම්මගෙන් ඇහුවා.
"ඔව්.දරුවො...මේ උසාවි යන්න කියල..."
"උසාවි...?"
කවීෂගෙ අම්මා කෙටියෙන් සහනසට විස්තරය කියුවෙ මේ ගෙදර ගොඩක් දේවල් සහන්සට රහසක් නොවන වග දන්න නිසා.
"ඒත් අම්මා එතකොට දෝණි විහඟිට දෙනවද..?"
සහන්සා ඇහුවෙ කඳුලු පුරවන්..
"නෑ සහන්සා කවදාවත් මගෙ දරුවා කාටවත් අයිති වෙන්න මම ඉඩ තියන්නෙ නෑ..මරාගෙන මැරෙනවා.."
කවීෂ කියුවෙ දෝණිටත් අන්දගෙන පහළට බහින ගමන්..
"අනේ කවීෂ මම මේ ආවෙ දෝණි බලලායන්න ඔයාලට කරදරක් කියලා මම දන්නෙ නෑ..."
"නෑ සහන්සා ...අදින් කරදරේ ඉවරවෙයි..."
"එහෙනම් මම යන්නම් අම්මා...කවීෂ මම ගිහින් එන්නම්.."
සහන්සා යන්නට හැරුනෙ පවුලෙ ප්‍රශ්න වලට තමා මැදිහත් වීම හොඳ නැති නිසා.
"සහන්සා
..ඔයාට කරදරයක් නැත්නම් අපි උසාවියට ගිහින් එනකම් දරුවා එක්ක කාර් එකේ ඉන්න පුළුවන්ද ..."
..ඔයාට කරදරයක් නැත්නම් අපි උසාවියට ගිහින් එනකම් දරුවා එක්ක කාර් එකේ ඉන්න පුළුවන්ද ..."
සහන්සා එක පයින් කැමති උනේ දෝණි එක්ක ඉන්න ලැබෙන අවස්ථාවක් නිසා..
"අද ඩිවෝස් නඩුව විතරක් නිසා මම කැමති නෑ මගෙ දරුවා උසාවියේ හෙවනැල්ල යටටවත් අරන් යන්න.."
"මම එන්නම්..."
සහන්සා එකඟ උනේ සතුටින්
........කිරි සුවඳ ගලාවි ආදරෙන් ........
කිරි සුවඳට පෙම් බඳිමි
29 කොටස
29 කොටස
සහන්සා දෝණිවත් වඩාගෙන කවීෂගෙ අම්මත් එක්ක කාර් එකේ පිටිපස්සෙන් නගිද්දි කවීෂගෙ තාත්තයි කවීෂයි කාර් එකේ ඉස්සරහා වාඩි උනා.
දෝණි පැටික්කි හිටියෙ ගොඩක් ලොකු සතුටකින්.කොහොමත් සහන්සා එක්ක ඉන්නකොට දෝණි ගොඩක් සතුටින් හිටියෙ..සහන්සගෙ උකුල උඩට කකුල් දෙක තියලා හිනා වෙමින්, ආච්චිගෙ උකුලට පනිමින් සෙල්ලම් කලේ ගොඩක් සතුටින්.
"අර ගෑණි මේ දරුවව අපෙන් උදුරා ගනීද මන්දා..?"
කවීෂගෙ අම්මා කියුවෙ සුසුමක් හෙලලා.
"අම්මා මේ වගේ වෙලාවල්වල ප්ලීස් විකාර කියවන්න එපා..."
කවීෂ කෑ ගැහුවෙ අමනාපයෙන්
විහඟි ඇවිත් හිටියෙ අම්මා එක්ක.කවීෂගෙ කාර් එක දැක්කම අම්මයි දුවයි දෙන්නම ගස්සගෙන යනවා කාර් එකේ හිටපු හැමෝම දැක්කා.
"සහන්සා මම මේ හෙවන තැන නවත්තන්නම්.කාර් එක වැඩිය රත් වෙන්නෙ නෑ එතකොට.කාර් එකේ ඉන්න බෑ වගේනම් අතන තියන රෙස්ටොරනට් එකට යන්න.හරිද..?"
"හරි කවීෂ ..ඔයාලා ඔයාලගෙ වැඩේ කරහෙන එන්නකො.බුදු සරණයි" ..
සහන්සා කියුවෙ හදවතින් සුභ පතන ගමන්.
...............
"හෙලෝ කියපන් සුදූ..."
ඉෂාරගෙන් ආපු කෝල් එක දෝණිවත් වඩාගෙන සහන්සා ආන්ස්වර් කලේ බැනුම් අහන්න බලාගෙන.
"කියපන් කියන්නෙ මෝඩි...උදෙන්ම පැනලා..ආන්ටි මට තනියම යවන්නත් එපා කියුවා.කොහෙද කවීෂගෙ ගෙදරද ඉන්නෙ..?"
ඉෂාරා ඇහුවෙ දෝණිගෙ සද්දෙ ඇහුන නිසා.
"නෑ බන් උසාවියේ.."
"මොකක් උසාවියේ...??"
සහන්සා කෙටියෙන් කියුවා හැමදේම.
"තොට මොන්ගල්ද යකෝ...මිනිහෙක් ඩිවෝස් වෙද්දි ඌත් එක්ක උසාවි යන්නෙ උගෙ දෙවනි ගෑණි...දැන් උබ ගියෙ මොන රෙද්දකටද..?"
ඉෂාරා බැන්නෙ තරහින්.
"අනේ බන්...ඔය ගෙදර මහා මිනිස්සුන්ටවත් මොලේ නැද්ද..??"
"කෑ ගහන්න එපා ඉෂාරා.මම ආවෙ කැමැත්තෙන් .."
ඉෂාරා ෆෝන් එක තිබ්බෙ තවත් ගොඩක් කාරණා කියලා.
.....................
"දැන් මොකද පුතා වෙන්නෙ..?"
කවීෂගෙ අම්මා ඇහුවෙ කාර් එක නැවත ගෙදර යද්දි..
"මේකයි...දෙපැත්තෙන්ම ඩිවෝස් එකට අකමැත්තක් නෑනෙ.අනික විහඟි පිළිගෙන තියනවා මාත් එක්කිද්දි ශේන් එක්ක සම්බන්දයක් තිබුනා.දරුවා එයාගෙ දැන් දරුවව එයාලා ලගට අරන් කසාද බදින්නයි ඩිවෝස් එක ඕනි කියලා..මගෙත් අකමැත්තක් නැති නිසා ඩිවෝස් එක ලබන නඩු වාරෙ ලැබෙයි.."
"එ එතකොට දෝණි...?"
සහන්සා ඇහුවා නෙමෙයි.ඇහුණා.
"ඔව් සහන්සා දරුවගෙ තාත්තා විදිහට මම ඉදිරිපත් වෙන නිසා ශේන්ට ඉදිරිපත් වෙන්න වෙනවා දරුවගෙ තාත්තා විදිහට.ඒක ඔප්පු ඉනොත් එයාලා දරුවව හොදින් බලා ගනී කියන සහතිකය උසාවියට ලැබෙන්න ඕනිලු.තව මොනාද වැඩ ගොඩක් තියනවා.."
"ඒත් ලෝයර් කියුවා විහඟිගේ ක්‍රියාකලාපය වැරදි නිසා ගෑණු දරුවෙක්ගෙ අයිතිය එයාල ලැබෙන එකක් නෑ කියුවා .."
කවීෂ කියුවෙ සැනසුම් සුසුමක් හෙලන ගමන්.
.....................................
දින දෙක තුන්ක්ම සහන්සා කවීෂගෙ ගෙදරට ගියෙ දෝණි බලන්න.ඒත් ඉෂාරගෙ බැනුම් මැද
"සහන්සා මම ආන්ටිට කියනවා..උබ මෙහෙම ඩිවෝස් වෙච්ච පිරිමියෙක්ගෙ දරුවෙක් බලන්න යනකොට ශාලිත අයියා කියපු දේවල් ඇත්ත වෙයි.."
"ඒත් ඉෂාරා ඒ අම්මා නැති දරුවා මම ගියාම ඉන්නෙ හරිම සතුටින් .මම කොහොමද ඒ සතුට උදුරාගන්නෙ..."
"මම නම් දන්නෙ නෑ මේවා කොහෙන් කෙලවර වෙයිද කියලා.."
.......................................
ඊළග නඩු වාරයේදි කවීෂ හා විහඟි දික්කසාද උනේ මීට වසර එකහමාරකකට පමණ පෙර බැඳුනු සියලු බැඳීම් ලෙහා දමමින්.
"අනේ අම්මෝ...ලොකු සහනයක් දැනෙන්නෙ..."
කවීෂ කියුවෙ ගෙදර ඇවිත්..
.......................................
.......................................
මේ වෙනකොට විහඟි පැටලිලා හිටියෙ ලොකු අවුලක.මොකද ශේන්ගෙන් කිසිම තොරතුරක් ලැබුනෙ නෑ.ශේන් නාවොත් දරුවව තමන් ලගට ගන්න බැරි බව විහඟි දැනන් උන්නා.
ශේන්ගෙ ෆෝන් එක වැඩ කලේ නෑ වගේම ශේන්ගෙ යාලුවො කියුවෙ එයා ගැන කිසිම දෙයක් දන්නෙ නෑ කියලා.ශේන් නොයෙන නිසා ලෝයර්ට කියලා නඩු වාරය කල් දැම්මෙ ශේන් අත්‍යවශ්‍ය වැඩකට රටින් පිට වූ බව කියමින්.
මේ වෙනකොට සහන්සා වරින් වර කවීෂගෙ ගෙදර ආවෙ ගියෙ හැමෝගෙම අකමැත්ත නොසලකා.
ඊළග නඩු වාරය ලැබුනෙ මාස තුනකින් නිසා කවීෂ හිටියෙ ලොකු සතුටකින්.ශේන් මේ දේවල් වලට සම්බන්ද නොවේවි කියන විශ්වාය දැන් කවීෂට ඇති වෙලා තිබුනා.
විහඟි අසනීප උනේ මේ එක්කමයි...එකවරම සෑදුන කලන්තයක් නිසා ඇගේ මව ඇයව රෝහල් ගත කලේ නැවත ඇගේ කොන්දෙ වේදනාවත් වැඩි වූ නිසා.
"අහ්...මිසිස් විහඟි ...ඔයා අම්මා කෙනෙක් වෙන්න යන්නෙ..ඒත් මේක බරපතල තත්වයක්..ඔයාගෙ තිබුන රෝග තත්වයත් එක්ක අපි ඔයාට උපදෙස් දුන්නා නේද ආයිත් දරුවෙක් ගැන බලාපොරොත්තු වෙන්න එපා කියලා.ඔයාලා මෙහෙම අනාරක්ෂිත උනාම බලන්න දැන් මොකද කරන්නෙ..??ඔයා අම්මා කෙනෙක් වෙන්න සුදුසු සෞඛ්‍ය තත්වයක නෑ.."
වෛද්‍යවරයා දිගු පැහැදිලි කිරීමක් කරන අතරෙ විහඟි හිටියෙ ලොකු පැටලිල්ලක.දෝණි ගැන කෙසේ වෙතත් මේ දරුවාගේනම් පූර්ණ අයිතිය ශේන්ගෙ බව ඇය දැන හිටියා.නමුත් ශේන්ගෙ කිසිදු ආරංචියක් නොමැති නිසා විහඟි තවත් අසරණ උනා.
"ඩොක්ටර් අපි දැන් මොකද කරන්නෙ..??"
"ඒක තමයි ලොකුම ප්‍රශ්නෙ ...ඔයාට දරු ගැබක් දරන්න තරම් ඔයාගෙ සෞඛ්‍ය තත්වය හොද නෑ.මට තේරෙන්නෙ නැත්තෙ ඔයාලා ඇයි ජීවිත ගැන හිතන්නෙ නැත්තෙ කියලා.."
වෛද්‍යවරයා දිගින් දිගටම දොස් පවරද්දි විහඟි දිගින් දිගටම ශේන්ට කෝල් කලා.කවීෂ සමග දික්කසාද නොවුනානම් කුමක් හෝ කරන්නට තිබුනා යැයි විහඟිගේ අම්මාද විහඟිට බැන වැදුනෙ තවත් විහඟි අවුල් කරමින්..
.............................
මේ වෙනකොට සහන්සා දිගින් දිගටම කවීෂගෙ ගෙදරව්‍යනවා එනවා ඇහැ ගහගෙන හිටපු කෙනෙක් හිටියා.ඔහු හිටියෙ ගොඩක්තරහින්..
එක් දිනක් සහන්සා දරුවා සමග පැයක් දෙකක් ගත කර එළියට ආවෙ ඉෂාරගෙ ගෙදර යන්න.
"ඉන්න සහන්සා මම ඩ්‍රොප් කරන්නම්.."
"එපා කවීෂ ..මම කැබ් එකකට එන්න කියුවා.."
සහන්සා පාරට එද්දි කවීෂ දෝණිත් අරන් පාරට ආවෙ දෝණි දිගින් දිගටම සහන්සට අත වනපු නිසා.
"ඔය එන්නෙ ඒක මම හිතන්නෙ..."
වේගෙන් එන කැබ් රතයක් කවීෂ පෙන්නුවා.ඒත් ඒක වේගෙ අඩු කරන පාටක් තිබුනෙ නෑ..
"සහන්සා අයින් වෙන්න ..ස...හ...න්..ස..."
කවීෂ කෑ ගහනකොට ඒ වාහනේ සහන්සා හප්පගෙන ගොඩක් දුර ගිහින් ඉවරයි..
විසි තුන් වන පරිච්ඡේදය
"දෝණි කෝ මෙහෙ එන්න...කෝ තාත්ති...??"
"දොයි අම්මි...දෝණි තාත්ති දෙන්නම දෝ ගෙන හිටියෙ...දෝණිට චූටි බබීට සූතිං මාතිං බාන්න තීනවානෙ...දෝණි නැගිත්තා..."
"අනේ අනේ දැන්ම කොහෙන්ද සූටිං මාටිං...තාම උදේ එකොළහයි...තව හවස් වෙන්න ගොඩක් වෙලා තියනවනෙ.."
"අනී දෝණි පව්....තාත්ති ලගට ගීන් දෝණි ආයි දෝ ගන්නවා...අම්මි දෝණිට කීන්න කලන්න ඔදේ...."
"අනේ මගෙ පැහිච්ච ආච්චි...මෙහෙ එන්නයි කියුවෙ...තාත්තිටයි දෝණිටයි චෝක් සෙල්ලම...උදේ අටට විතර නැගිටිනවා..කාටුන් ෆිල්ම් බලනවා...ආයි කාලා දහය හමාරට විතර නිදා ගන්නවා..ආයි නැගිටිනවා...කාර් එකේ රවුමක් යනවා..."
"අම්මි නාකයි...තාත්තිටයි දෝණි බබාටයි බයිනා..."
"අපි ගිහින් තාත්ති ඇහැරවමුද..?"
"ආආ...තෝයි තෝයි...අපි තාත්තිට කුචු කුචු කමූ.."
"යන්..."
අම්මයි දෝණි කාමරේට ගිහින් හොරෙන් ඇද උඩ වාඩි උනා..
"තාත්තිට කුචු කරන්න...හිතුවා මදි මගෙ ආච්චි...කෝ බලන්න..."
කවීෂ දෝණි ඇඳේ පෙරලා ගත්තෙ හිනා වෙවී...දෝණි හුස්ම අල්ලමින් හිනා වෙන විදිහට ඉෂාරට හොදටම හිනා.
............................
"කවී අයියෙ..."
"ඉෂූ..."
"මේ අවුරුද්දෙ සහන්සගෙ දානෙ ලඟයි...."
කවීෂ ඇඳ විට්ටමට හේත්තු උනේ සුසුමක් හෙලලා.
"ඔව් ඉෂූ ...මේ පාරත් ලොකුවට දානෙ දෙන ඕනි..මගෙ මේ ජීවිතේ ලස්සන කලේ සහන්සා ඉෂූ..."
"ඔව් කවී අයියෙ...එදා ශාලිත බීලා ඇවිත් සහන්සව හැප්පුවෙ නැත්නම් අද මේ තැන ඉන්නෙ සහන්සා.."
"මට සමාවෙන්න ඉෂූ ඇත්තමයි මට සහන්සට තරම් ඔයාට ආදරේ කරන්න බෑ නංගි.."
"මම ඒක දන්නවා අයියෙ...සති ගානක් අයි සී යූ ඉදලා සහන්සා කතා කරපු පළවෙනි වචනෙ දෝණි...ඒකි මැරෙන්න කලින් මගෙන් ඉල්ලුවෙ දෝණිට පුලුවන්නම් අම්මා කෙනෙක් වෙයන් කියලා විතරයි.."
"ඔව්...සහන්සට ඕනි උනේ දෝණිව බලන්න.අන්තිම මොහොතෙත්...දෝණි කුසින් වදාපු අම්මට වඩා දෝණිට ආදරේ කලේ සහන්සා...ඔයාට බොරු කියන්නෙ මොකටද ඉෂූ මට සහන්සා ගැන පළවෙනි හැඟීම ඇති උනේ එයාව පන්සලේ දැකපු දවසෙ .එයා කාගෙ කවුද කියලා මම දැනන් හිටියෙ නෑ..."
"ඔය කියන්නෙ එදා කැලණියේදි..ඔයාට දෝණි මගඇරුන දවසෙ.."
.ඉෂාරත් ඇඳ විට්ටමට හේත්තු වෙලා කවීෂගෙ උරහිසට බර වෙන ගමන් ඇහුවෙ..දෝණිනම් තාත්තගෙ කොණ්ඩෙ අල්ලගෙන එහෙට පීරනවා.මෙහෙට පීරනවා.
"ඔව්..එදා කවදාවත් නොදැකපු මගෙ දරුවව වඩාගෙන මට බැන්නෙ දරුවගෙ අම්මා වගේ..ඊට පස්සෙ දෝණි අසනීප වෙලා හොස්පිටල් නවත්තපු දවස.දෝණි කිරි බොනකම් සහන්සා වතුර උගුරක් බිවුවෙ නෑ.."
"ම්ම්...කෙල්ල එදා දෝණි ලග ඉන්න ගමන් මට කතා කරලා ගොඩක් ඇඩුවා.දෝණිට බෙහෙත් විදිනවා බලන් ඉන්න බෑ කියලා.."
කවීෂ ඉෂාරගෙ නෙරූ කුස අත ගෑවෙ ආදරෙන්.
"ඔව් ඔයාට මතකද විහඟිට සනීප වෙලා සහන්සා ගෙදර යන්න ගිය දවස.එදා තමයි මට සහන්සට ආදරෙයි කියන්න හිතුනෙ.මගෙ දරුවා වෙනුවෙන් එච්චර අඩපු පළවෙනි ගෑණි සහන්සා .."
"ඔව් කවී අයියෙ..මම දැනන් හිටියා සහන්සා දෝණිට කොච්චර ආදරේද කියලා.ඒ ආදරේට වෙන මුකුත් සම කරන්න බෑ ඒ මව් සෙනෙහස.අම්මෙක් වෙන්න දරුවෙක් වදන්න ඕනි.නෑ.."
"මගෙ යාළුකම වෙනුවෙන් මට සහන්සා වෙනුවෙන් කරන්න පුළුවන් උපරිමය තමයි මේ..හැබැයි සහන්සා හිටියනම් ඔය දෙන්නාව මීට වඩා හොඳින් බලා ගන්නවා..මට ඒ තරම් බෑ.."
"අනේ නෑ ඉෂූ...මම අකමැති වෙද්දිත් ඔයා ඔයාලගෙ අම්මලා කැමති කරවගෙන සහන්සා වෙනුවෙන් මේ යෝජනාව කලා.මාත් ඒකට කැමති උනේ සහන්සා නිසා.."
"මම දන්නවා..ඒත් ඔයා මට ආදරේ අඩු කලේ නෑනෙ.මට හොඳ මහත්තයකුයි දග මල්ලකුයි ලැබුනනෙ..."
ඉෂූ කියුවෙ දෝණි පරිස්සමට ලගට ගන්න ගමන්.
"විහඟි පව් නේද..??අන්තිමට ජීවිතෙත් නැති උනා.."
"ඔව් එයාට ප්‍රෙග්නන්ට් වෙන්න එපා කියුවනෙ...ඒක දරා ගන්න බැරි උනා.."
"අර කැමරා කාරයා ආවෙ නෑ නේද ආයිත් ලංකාවට.."
"අහ්..ශේන් ඌ බොරු කාරයෙක්..."
"ශාලිතගෙ අම්මලත් මෙහෙ ඔක්කොම විකුණලා රට ගියාලු..."
"ඔව් ඉතින් ඒ පවුලෙ එකම ලමයා ශාලිතනේ..ඌ එදා සහන්සා හප්පලා යද්දී ඉස්සරහට ආපු කන්ටේනර් එකට කැබ් එක අල්ලලා තිබුනනෙ.මිනිහා ඉස්පිරිතාලෙ යනකොටත් මැරිලලු."
"අනේ මන්දා කොහොමින් කොහොම හරි සහන්සා මට දාහිකින් හොයා ගන්න බැරි රත්තරන් මහත්තෙකුයි, මට පණටත් වඩා ආදරේ දූ පොඩ්ඩකුයි තෑගි කරලා අපි හැමෝම දාලා යන්න ගියා."
ඉෂාරා කියුවෙ කඳුලු පිහමින්..
"ඔන්න බබෝ අඩන්න ඔට්ටු නෑ.සහන්සා දැන ගත්තොත් මම ඔයාව අඩවනවා කියලා මාව දඩු කදේ ගහයි.ඔය කඳුලු පිහ ගන්න.."
කවීෂ කියුවෙ ඉෂාරගෙ කඳුලු පිහමින්.
"අයි අම්මි..මල්ලි බබා අම්මිට සිද්දනවද...??"
දෝණි ඇහුවෙ ඉෂාරගෙ කඳුලු දැකලා.කවීෂ බන්ඩිය අතගාන නිසා දෝණිගෙ හිතේ මල්ලි බබා රිද්ද්ලා අඩනවා කියලා.
"නෑ..මල්ලි බබත් අක්කි වගේ අම්මිට ආදලෙයිනේ..අම්මිට සිද්දන්නෙ නෑ..දෝණි මල්ලි බබාට කියන්නකෝ ..අම්මිට සිද්දන්න එපා කියලා.."
දෝණි කර කර හිටපු වැඩේ පැත්තකින් තියලා ඇදේ පෙරලිලා ඉෂාරගෙ නෙරපු කුස වෙතට කිට්ටු උනා..
ඊට පස්සෙ රහසින් වගේ කියවන්න ගත්තෙ කවීෂත් ඉෂාරත් හිනස්සවමින්.
"මල්ලි බබෝ...අම්මි පාව්ව්...අම්මිට සිද්දන්න අපා...ඔයා ආවම මගෙ සෝස පාට ඔකුම ඩෝල් ඔයාට දෙනම්...ඒක නිසා අම්මිට සිද්දන්න අපා..අම්මි අඩනකොට අක්කි බබාට දුකයිනෙ..."
කටයි බෙල්ලයි ඇද කර කර කියන ලස්සනට කවීෂ වගේම ඉෂාරත් හොදටම හිනා...
කවීෂ සුසුමක් හෙලමින් දෝණිවත් ඉෂාරවත් තුරුල් කර ගත්තෙ මල්මාලය දාපු සහන්සගෙ සේයාරුව දෙස බලාගෙන හදවතින් ස්තූති කරන ගමන්..
පසුවදනක්...
සහන්සා කවීෂගෙ ගෙදර ආවෙ රස්සාවකට.සහන්සා දෝණි එක්ක බැඳුනෙ මව් සෙනෙහස නොලැබෙන ඒ දරුවට සැබෑ මව් සෙනෙහසක් ඒ සිත තුල ඇති වෙච්ච නිසා.සහන්සා තනිකඩ යුවතියක් විදිහට දරුවා වෙනුවෙන් ගොඩක් කැප කිරීම් කලා.තමන්ගෙ කසාදෙ පවා අතෑරලා දැම්මා.ඒත් එයාගෙ මග නැවතුම කවීෂ ලග උනොත් දරුවගෙ ආදරේ සෙනෙහස මාර්ගයෙන් සහන්සා කවීෂට ලන් වෙන්න උත්සහා කලා කියලා කෙනෙකුට තර්ක කරන්න පුලුවන්.
සහන්සාට ඒ පදය ශාලිතම බැන්දා.කිසිම හේතුවක් නැතුව.ඉතින් සහන්සගෙ මව් සෙනෙහසට නින්දා කරන්න මට ඕනි උනේ නෑ..කවීෂ කියන්නෙ අද කාලෙ කොහේ හරි තම දරුවා වෙනුවෙන් ජීවත් වන තරුණයෙක් වන්නට පුළුවන්.තරුණ අවදියේ විවහා පත් වෙලා තම සැමියා දරුවන් අතහැර වරදෙහි බැදෙන විහඟිලාද, විහඟි වැනි අයාලේ යන ගෑණුන්ගෙන් ප්‍රයෝජන ලබන ශේන්ලාද අද සමාජයේ බහුලයි.එවැන්නන් අතර අසරණ දරුවෙක්ට සැබෑ මව් සෙනෙහස දෙන සහන්සලා ඉෂාරලා නැතුවාම
නොවේ
නොවේ
ඔයාලට බුදු සරණයි"
මම අහින්සා.
කමෙන්ට් එකක් දාලා යන්න...❤️
!->