දහා අට වන පරිච්ඡේදය
කවීෂ කොයි තරම් උත්සහා කලත් විහඟි සති තුනක් වගේ දිගු කාලයක් දරුවව බලා ගන්න කැමති උනේම නෑ..දෙතුන් වතාවක්ම රණ්ඩු කලත්, හොඳින් තේරුම් කරලා දුන්නත් කිසිම වෙනසක් සිද්ද උනේ නෑ...
එක දවසක් උදේම විහඟි කෑ ගැහුවෙ මැණිකට..
"මැණිකා....මැණිකා..."
"ඇයි ඇයි විහඟි නෝනා...??"
"ඇයි කියලා අහන්නෙ...පේන්නෙ නැද්ද මේ ළමයා...ඊඊඊ....බලන්න අනේ හැමතැනම ජරාව
..ඊයා අනේ...අඩනවා ඒ මදිවට ..මම හිතුවෙ ශිට් ... වඩාගන්න වෙලාවට මම දැක්කෙ...ගන්න මෙයාව හෝදන්න.."
..ඊයා අනේ...අඩනවා ඒ මදිවට ..මම හිතුවෙ ශිට් ... වඩාගන්න වෙලාවට මම දැක්කෙ...ගන්න මෙයාව හෝදන්න.."
මැණිකට කේන්ති ගියෙ ඇග පුරාම තමාගෙම අසූචි තවරගෙන අඩන පොඩි එකී දැකලා...ඇය අඩලම මූණ රතු වෙලා...බාත් රූම් එක ඇතුලෙ වතුර වැටෙන හඩින් තවමත් කවීෂ එහි තුල ඇය තේරුම් ගත්තා..ඇයට ඇය ඒ ගෙදර සේවිකාව බව අමතක උනේ පුන්චි දරුවව විහඟි ප්‍රතික්ෂේප කරපු විදිහ දැකලා.
"මොන ඊයද විහඟි නෝනා ...?හැම අම්මෙක්ම තමන්ගෙ දරුවගෙ කැත කුණු අත ගානවා.අප්පිරියාවෙන් නෙමෙයි...ආදරයෙන්...තරහා ගන්න එපා විහඟි නෝනා මම මෙහෙම කියුවට...රත්තරන් ගෑණු ලමයි නැතුව දුක් විදින ලෝකෙ විහඟි නෝනා වගේ ගෑණියෙකුට මොකට මේතරම් අහින්සක කිරිසප්පයෙක් මොකට දෙවියො දුන්නද මන්දා....."
විහඟි පුදුමෙන් බලා ඉද්දි දරුවව වඩා ගත්ත මැණිකා කාමරෙන් යන්න හදනකොටම කවීෂ බාත් රූම් එකේ ඉදලා එළියට ආවා.
"ඇයි මැණිකා නැන්දා...??"
"නෑ පොඩි මහත්තයා...මේ චූටි බේබි කක්කි ගාන් ඇග හැමතැනම.."
"ආ...එච්චරයි ද මැණිකා හාමු නෝනා..මේ නාකි ගෑණිට මතක නෑ මේ ගෙදර වැඩකාරි කියලා...නෝනා හාමු කියලා හිතන් ඉන්නෙ...මම ළමයා හෝදන්න කියුවම මට බැන්නා කවී..."
විහඟි කියුවෙ අහින්සක මූණක් හදාගෙන...
"මොකක්ද මැණිකා නැන්දා උනේ..."
විහඟිගේ හැටි දන්න නිසා කවීෂ ප්‍රශ්නෙ ඇහුවෙ මැණිකගෙන්..
මැණිකා තවමත් හිටියෙ කේන්තියෙන්... විහඟි මේ පුන්චි දරුවට කරන වෙනස් කම් වලට.
"පුන්චි මහත්තයා මම වැරදි නම් සමා වෙන්න.මේ කිරි සප්පයා ඇගේ ජරාව ගාගන්නකම් දරුවා දිහා නොබලා ඉදලා දරුවව දැකලා ඊයා කියනවා..සමාවෙන්න මහත්තයෝ...අපෙ අප්පච්චිලා නම් මෙහෙම ගෑණු ගෙවල්වලටවත් වද්දා ගන්නෙ නෑ...දරුවන්ට ඊයා කියන්න.."
"මැණිකා නැන්දා දෝණි සෝදන්නකො..."
මැණිකා යනකම් ඉදලා කවීෂ හැරුවෙ විහඟි දිහාවට..
"තමුසෙ මොන ජාතියේ ගෑණියෙක්ද විහඟි .."
"ඔයාත් මට බනිනවද..??අර නාකි ගෑණි ..."
"වහනවා කට.මැණිකා නැන්දට වචනයක් කියන්න එපා.තමුසෙ අසනීප කාලෙ ඒ මනුස්සයා ඔය දරුවව කොච්චර හොඳට බලා ගත්තද..?තමුන් සනීප උනාට පස්සෙ එක දවසක් දරුවව හුරතල් කලාද..?දරුවගෙ රෙද්දක් හේදුවද..?අඩුම තරමෙ දරුවා ලගට අරන් කෑම ටිකක් කැවුවද..?"
"අනේ කවී ."
"ප්ලීස් කට වහනවා...බොරුවට හුරතල් නොවී..."
කවීෂ බොටමකුත් ටී ශර්ට් එකකුත් දාගෙන එළිඅය ආවෙ දෝණි ගන්න..
.....................
"තාත්තා"
"කියන්න දූ..."
සහන්සා ගිහින් තාත්තා වාඩි වෙලා හිටිය පුටුවෙ ඇන්ද උඩින් වාඩි උනා.
"මම ආයිත් කොළඹ ගිහින් එන්නම්..."
"අර මොකෝ...ඉෂාරාට ඉන්වයිට් කරලා, කැළණිය පන්සලටත් ගිහින් එන්න ඕනි..තව..."
"තව මොකක්ද..?"
"මට ආයිත් පාරක් දෝණි බලන්න ඕනි තාත්තා ..."
"එහෙනම් ශාලිත ළමයා එක්ක..."
"ප්ලීස් තාත්තා මම තනියම යන්නම්.මගෙ හිතෙ නිදහස යනවා එයා එක්ක ගියාම.."
"අනේ මන්දා දරුවො...මටනම් හිතේ නිදහස තියෙන්නෙ ඔයාලගෙ අම්මා ඉන්න තැන.."
තාත්තා කියුවෙ කල්පනාවකට වැටෙන ගමන්...
දහ නව වන පරිච්ඡේදය
සහන්සා ගෙදරින් ඉක්මනට ආවෙ ටිකක් වෙලා කැලණිය පන්සලේ ගෙවන්න ඕනි නිසා.ඉෂාරව මුණ ගැහෙන්නත් කලින් පන්සලට ගියෙ රෑ වෙලා ඉෂාරගෙ ගෙදර ගිහින් හෙට උදේම දෝණි බලන්න යනවා කියලා හිතලා.
පාර අයිනෙ විකුණන නෙළුම් මල් පොකුරක් අරන්, පොල්තෙල් බාගයක් , පහන් තිර පැකට් කීපයක්, අම් රිතා හඳුන්කූරු පැකට් එකකුත් ගත්තා...
සහන්සා දෝවනය කර ගත්ත මල් ටික බුදුන්ට පූජාකරලා පොල්තෙල් බාගෙම ඉවර වෙනකම් ලොකු පහන් වැටක් පත්තු කලා...සුවඳ කූරු පත්තු කරලා ඉවර වෙනකොට හිතට ආවෙ ලොකු නිදහසක්..
ඊට පස්සෙ පන්සල් මළුවෙ බිම වාඩි වෙලා දොහොත් මුදුන් දීලා වැඳ ගත්තෙ හිතේ නිදහසට බුදුන් වදින්න..විනාඩි තිහ හතලිහක් එක දිගටම බුදුම් වැදලා පිරිත් කියලා ඇස් දෙක ඇරියෙ හිතට දැනුන පුදුම සැහැල්ලුවකින්....
හෙමීට ඇස් පියන් ඇරපු සහන්සාගෙ ඇස් පුදුමයෙන් මහත් උනේ ඉස්සරහා හිටපු දෙන්නව දැකලා...
..................
දරුවව දාලා තමන්ගෙ බිස්නස් වැඩ වලට පිටයන්න හිත හදා ගන්න බැරුව කවීෂ හිටියෙ පුදුම කලකිරීමකින්.අම්මට තාත්තට උනත් තමන්ගෙ දරුවා නිසා වදයක් වෙනවට කවීෂ කැමති උනේ නෑ.ඒ දෙන්නා දැන් වන්දනා ගමන් යමින්, පින් දහම් කරමින් ජීවත් වීමට නිදහස දිය යුතු මිසක් තම දරුවා වැනි කුඩා දරුවෙකුගේ වගකීමක් ලබා දීමෙන් ඒ අයගේ නිදහස සීමා වෙතැයි කවීෂට හිතුනා.
දරුවා බලා ගැනීමට වැඩට ආයා කෙනෙක් ගැනීමටද කවීෂ එතරම් කැමැත්තක් තිබුනෙ නෑ...දරුවාට ආදරය , සෙනෙහස උණුසුම ලැබෙන්නට එලෙස පිටස්තරයෙක් වෙත යොමු කරන්නට කවීෂ කැමති උනේ නෑ..
විහඟි මේ තරම්ම දරුවා ප්‍රතික්ෂේප කරන බව දන්නවානම් කිසිදු අයුරකින් තම දරුවාට ජන්මය තමා ලබා නොදෙන බව කවීෂ සිතුවෙ ඇස් වලට කඳුලු පිරෙද්දි .විටක ඒ ලෙස සිතුවත් අදටත් තමා සැනසීමෙන් ජීවත් වෙන්නේ එදා ගත් තීරණයට පින් සිදු වන්නට බව කවීෂ සිතන්නේ සිත සනසාලමින්..
බිස්නස් ගමන ගැන සිතමින් දරුවාත් සමඟ පදවාගෙන ආපු කාර් එක ඉබේම වගේ පැදවුනේ හැමදාමත් ජීවිතේ සැනසීම හොයපු තැනට..කැලණිය පන්සලට...
කාර් එක පාර්ක් කරලා මල් ගන්න ගියත් එදා දෝණි මල් වලට පැන් ඉහින්න ගිහින් මගහැරුන බව මතක් වෙච්ච නිසා එහෙමම මලුත් නොගෙන විහාරය දෙසට පා එසෙව්වෙ මලක් පිදීමටවත් නොසන්සුන් සිත මදක් සන්සුන් කර ගැනීමේ අටියෙන්..
ඒත්,
දුටු දසුන කවීෂගෙ හිත මදකට නතර කලා..සහන්සා නිදහසේ වාඩි වෙලා දොහොත් මුදුන් දීලා ඇහෙන නෑහෙන ගානට ගාථා මුමුණමින් වදින හැටි කවීෂ බලන් හිටියෙ නිවුන සිතින්..
දුටු දසුන කවීෂගෙ හිත මදකට නතර කලා..සහන්සා නිදහසේ වාඩි වෙලා දොහොත් මුදුන් දීලා ඇහෙන නෑහෙන ගානට ගාථා මුමුණමින් වදින හැටි කවීෂ බලන් හිටියෙ නිවුන සිතින්..
ශාලිත හරිම පින් කරපු කොල්ලෙක්.නැත්නම් මේ වගේ කෙල්ලෙක් ලබන්න බෑ..කවීෂට හිතුනා..කොච්චර මොනවා කියුවත් හැම කොල්ලෙක්ම තමන් ආදරේ කරන කෙල්ලගෙ අහින්සක නිවුන පැතිකඩට පෙම් බඳිනවා..ඒ නිවුන සුන්දරත්වයට ලොබ බදිනවා..තමාට එවැනි පිනක් නැති බව සිහි වීමෙන් නැවත සන්සුන් වූ සිත අවුල්ව යනවා කවීෂට දැනුනා.
කොතරම් වෙලා සහන්සා දෙස බලා හිටියද කියලා මතකයක් නැතත් සහන්සා දෑස් අරිනකොටම කවීෂ කලබල උනා.
"අනේ...කවීෂ ..දෝණි පැටික්කි...ඔයාලා මෙහෙ..??කෝ විහඟි ...??මම මේ ඔයාලව බලලා යන්න ආවෙ.."
කවීෂට සියුම් ලැජ්ජාවක් ඇති උනේ තමා ඇය දෙස බලා සිටින අයුරු ඇය දුටු බව සපථ නිසා..
"ආ...මේ...මේ..අ..අපි නිකමට වගේ පන්සල පැත්තෙ ආවා .."
කවීෂ අකුරු ඇමුණුවෙ අපහසුවෙන්..
"මගෙ මැණික්ගල....ඇන්ටිව මතක් උනාද සුදු බෝලේ..."
සහනසා අත් දෙක දික් කරනකොටම චූටි පැටික්කි සහන්සා අතට පැන්නා..හිනා වෙලා..
"කෝ කවීෂ විහඟි ..?"
සහන්සා ආයිත් ඇහුවෙ විහඟි පේන්න නැති නිසා..
"අපි දෙන්නා විතරයි සහන්සා ආවෙ..?"
කවීෂගෙ මූණ දැක්කම සහන්සට හිතුනා මොකක් හරි ප්‍රශ්නයක් කියලා..
"ඇයි කවීෂ ...මොකක් හරි ප්‍රශ්නයක් ද..?"
"ආ...නෑ...සහන්සා.
.මේ...නෑ..නෑ..."
.මේ...නෑ..නෑ..."
කවීෂ කියුවෙ සහන්සගෙ දෙනෙත් මගහරිමින්..පන්සලේ ඉදන් බොරුවක් ගොතන්නට කවීෂගෙ හිත ඉඩ දුන්නෙ නෑ..
"නැත්තෙමත් නෑ සහන්සා ..."
"සහන්සට තේරුනා කවීෂ ඉන්නෙ මොකක්ද ලොකු ගැටළුවක කියලා.."
"මම ඔයාගෙ ගෙදරට වැඩට ආපු කෙනෙක්...ඒත් කවීෂ ඔයා දන්නවා මට ඩිග්‍රි එකක් තියනවා මානසික විද්‍යාව සම්බන්දව..ඔයා කැමතිනම් මට ඔයාගෙ ගැටළුවට විසදන්න බැරි උනත් යාළුවෙක් විදිහට අහගෙන ඉන්න පුළුවන් වෙයි කවීෂ ..."
කවීෂ සහන්සා දිහා බැලුවෙ අමුතු විදිහට..
"ඔ..ඔයාට කරදරක් නැද්ද..?"
"අනේ.නෑ...කියන්න.."
"අනේ මන්දා සහන්සා ...මගෙ කතාව පටන් ගත්තෙ මේ පන්සලෙන්..."
වැලි මලුවෙ අහරමිණිය ගොතාගන්න ගමන් කවීෂ හඩ අවදි කලා..
විසි වන පරිච්ඡේදය
කවීෂට තමන්ගෙ පාඩුවේ කතාව කියන්න ඇරලා සහන්සා නිහඩ උනේ තමාව ඒ කතාවට බාදාවක් වෙයි කියලා හිතුන නිසා.
"එදා ගොඩක් ලස්සනට ඉර පායලා තිබ්බ දවසක් සහන්සා...හවස් උනත් ඉර අවුව බැහැලා ගිහින් තිබ්බෙ නෑ..හැමදාම සෙනසුරාදා දවසට පන්සලට ඇවිත් වාඩි වෙලා පැයක් දෙකක් ඉදලා යන එක මගෙ පුරුද්දක් ..."
කවීෂ කියුවෙ අතීතෙට යන ගමන්...
"එදත් මම ඇවිත් අන්න අතන වාඩි වෙලා හිටියෙ...මට අද වගේ මතකයි.."
සහන්සා බැලුවෙ කවීෂ අත දික් කරපු පැත්ත...තවත් පෙම්වතුන් දෙදෙනෙක් එතන වාඩි වෙලා බුදුන් වදින අයුරු සහන්සා දැක්කා.
"එදා තමයි මගෙ හිතේ ඇඳිලා හිටපු රූපෙ මම දැක්කෙ...දිගම දිග සුදුසායක් ඇඳලා....කලු දිග කොණ්ඩෙ දණහිසටත් වඩා පාතයි....රවුම්කර අත් දිග සුදු ටීශර්ට් එක....ඒ අත්වල සුදු නෙළුම් පොකුරක් තිබුනා..."
සහන්සට කියන්න මට මගෙ ඇස් අහකට ගන්න බැරුව මම බලන් උන්නෙ..ඒ තරම්ම්....ලස්සනක්...ඒ මූණෙ තිබ්බ හැම රේකාවක් ම මට ලස්සනට හිතේ ඇඳුනා සහන්සා..මට පිස්සු කියලා හිතන්න එපා.මම කියුවෙ මට දැනුන දේ..
"ඒකට පුදුම වෙන්න දෙයක් නෑ කවීෂ ...විහඟි තාමත් ගොඩක් ලස්සනයි..."
සහන්සා කියුවෙ හිතට දැනුන දේ..
ඒත් එක්කම තාත්තා කෝල් එකක් ගත්තෙ හදිසියලට කියලා.මට එයාව මගඇරුනා..මට ගෙදර යන්න උනා..
"ඉතින්...ආයිත් විහඟි මීට් උනේ කොහොමද..??"
"ඒකත් අහම්බයක්...මම ඊට සතියකට විතර පස්සෙ තාත්තගෙ යාලුවෙක්ගෙ බිස්නස් පාටියකට ගියා...විහඟි ඇවිත් හිටියා....හැබැයි එදා පන්සලේදි තරම් සංවරව ඇදලා තිබුනෙ නෑ..ඒත් පාටියක්නෙ....පන්සල නෙමෙයිනෙ.මට හිතුනෙ එහෙමයි.."
"මමකොහොම හරි ට්‍රයි කරලා ෆෝන් නම්බර් එක ගත්තා..."
"අපි ගොඩක් ලන් උනා සහන්සා...අම්මලා ඒ තරම් කැමැත්තක් නොතිබුනත් මගෙ අදහසට අකමැති උනේ නෑ...හරියටම ඊට මාස හතරකට පස්සෙ අපි මැරි කලා."
"මම දෙයක් ඇහුවට කමක් නැද්ද කවීෂ ..??"
සහන්සා ඇහුවෙ යමක් හිතේ තෙරපෙද්දි
"අහන්න.."
"ඇයි අම්මලා අකමැති උනේ...??"
"ඇත්තටම ඒකට හේතුවක් තිබුනා සහන්සා..විහඟිගේ අම්මට සමාජයෙ ඒ තරම් හොඳ නමක් තිබුනෙ නෑ..තාත්තා කියුවෙ තාත්තගෙ බිස්නස් පාර්ටිනර්සලා කීප දෙනෙක් එක්කම විහඟිගේ අම්මට සම්බන්ධකම් තිබුනා කියලා...ඒවා ඉතින් මට අදාලා උනේ නෑ.."
"ඊට පස්සෙ වෙඩින් එකෙන් සතියකට පස්සෙ තමයි මම දැන ගත්තෙ විහඟි එදාඅර විදිහට පන්සල් ආවෙ ෆොටෝ ශූට් එකකට කියලා.මම ඒක දන්නෙ මම වෙඩින් එකෙන් පස්සෙ එයාට පන්සල් යන්න කතා කලා..එයා බෑ කියුවා..එදා ගියෙ ඇයි කියලා අහනකොට තමයි කියුවෙ ඒක ෆොටෝ ශූට් එකක් කියලා.."
"ඔයාට කියන්න මගෙ ලෝකෙම දෙදරලා ගියා
වගේ දැනුනා සහන්සා ...මම ගොඩක් ආදරේ කරපු ඒ කළු කොණ්ඩෙ එයා කැපුවෙ මොඩ්ලින් වලට කියලා.."
වගේ දැනුනා සහන්සා ...මම ගොඩක් ආදරේ කරපු ඒ කළු කොණ්ඩෙ එයා කැපුවෙ මොඩ්ලින් වලට කියලා.."
"මම අකමැති ඇඳුම් ඇන්දා..එපා කියන දේම කලා."
"ඔයා එයාව හිර කරගන්න උත්සහා කලාද..?"
සහන්සා ඇහුවෙ හිතට ආපු ප්‍රශ්නෙ විවෘත ව..
"ආදරේ නිසා නොගැලපෙන දෙයක් එපා කියන එක කෙනෙක් හිර කරනවනම් මම ඒක කලා සහන්සා...මොකද මම එයාට මොඩ්ලින් එපා කියුවෙ නෑ..ඒත් බැඳපු සින්හල කෙල්ලෙක් විදිහට එයාට මම සීමාවන් දුන්නා..එයා ඒ සීමාවන් කැඩුවා..."
"ඉතින්...??"
"මම හිතුවෙ අපිට දරුවෙක් ලැබුනම මේ ඔක්කොම හරියයි කියලා...ඒත් එයා ඒකට කැමති උනේම නෑ.එයා කියුවෙ එයාගෙ ෆිගර් එක අවුට් යනවා කියලා..ඒත් මගෙ බල කිරීමටම එයා ප්‍රෙග්නන්ට් උනා..."
"හ්ම්ම්ම්..ඊට පස්සෙ..."
"එයා දරුවා වෙනුවෙන් පොඩ්ඩක්වත් පරිස්සම් උනේ නෑ..එපා කියන හ්ම දේම කලා."
"ඒත් දෙවියො මගෙ සුරංගනාවි මට ගෙනත් දුන්නා.."
කවීෂ කියුවෙ දෝණිගෙ හිස සිබිමින්..
"ඒත්...ඒ සතුට මා ලග තිබුනෙ දවස් තුනයි..."
"විහගි දරුවට කිරි දෙන්න බෑ කියුවා බ්‍රෙස්ට් එක සවුත්තු වෙනවා කියලා..."
"මොකක්...??"
සහන්සට කියවුනේ පුදුමෙන්..
"ඔව්.සහන්සා ..එයා කැමති උනේ නෑ දරුවට කිරි දෙන්න..දරුවා බඩකින්නෙ අඩද්දි එයා නොදැක්කා වගේ උන්නා.මගෙ උවමනාවකට හදා ගත්තනම් බලා ගන්න කියුවා..එදා මගෙත් එක්ක එහෙම රණ්ඩු වෙලා පහලට බහිද්දි තමයි එයා පය පැටලිලා වැටිලා ඔය ඇක්සිඩන්ට් එක උනේ..."
කවීෂගෙ ඇස් වලින් කඳුලු බේරෙද්දි සහන්සා අසරණ උනා...
"එහෙනම් තාමත් විහඟි දරුවට ආදරේ නැත්තෙ ඒකයි..."
"ඔව් සහන්සා අදටත් එයා දරුවා දිහා බලන්නෙ නෑ එයා හිතන්නෙ එයාව ඇක්සිඩන්ට් උනෙත් දරුවා නිසා කියලා..ඒ මදිවට දරුවට වෛර කරනවා..."
කවීෂ කියුවෙ සුසුමක් හෙලන ගමන්...
"ඒත් එයා ඇයි මෙහෙම කරන්නෙ..තමන්ගෙම දරුවට..."
සහන්සා ඇහුවෙ කම්පනේකින් ඇත්තටම මේ කතාව ඇයව කම්පනේකට පත් කරලා තිබුනේ..
"දැන් මට බිස්නස් වැඩකට පිටරටකට යන්න වෙලා..එයා දෝණි බලා ගන්න අකමැති.මට ගමන කැන්සල් වෙලා සහන්සා මගෙ හිත අවුල් වෙලා.ඒකයි මම පන්සලට ආවෙ.."
සහන්සට ඇත්තටම හිතුනෙ දුකක්...හරි මුලින් විහඟි තමන්ගෙ හීනෙ නිසා දරුවො හදන්න අක්මැති වෙන්න ඇති.ඒත් දරුවා බඩකින්නෙ අඩද්දි කිරි නොදී ඉන්න...දරුවගෙ මූණ දැක දැක දරුවා ප්‍රතික්ෂේප කරන්න පුළුවන් මොන අම්මටද...??
සහන්සා ටිකක් වෙලා නිහඩව හිටියෙ කවීෂට සන්සුන් වෙන්න ඉඩ දීලා..
"කවීෂ අපිට විහඟි එක්ක කතා කරලා මේ දේවල් විසඳා ගන්න බැරි වෙයිද..."
සහන්සා ඇහුවෙ කරන්න ඕනි දේ හරියටම ඇයටත් පැහැදීමක් නොතිබූ නිසාවෙන්..
"ඔයා හිතනවද එහෙම පුළුවන් වෙයි කියලා...මම ඇහුවෙ දරුවා අඩනකොට එරෙන කිරිටික දරුවට නොපෙව්ව අම්මට ඒ වෙලාවෙ ඇති නොවිච්ච දරු සෙනෙහස දැන් ඇති වෙයි කියලා හිතනවද..??"
කවීෂ කියපු දේත් ඇත්තක් කියලා සහන්සට හිතුනා.
"මන්දා සහන්සා මම ඔයාට මේ දේවල් කියුවෙ මගෙ හිතේ මේ දේවල් මටම වද දීපු නිසා.මාව පිස්සෙක් වෙන තරමටම මට මේව වද දෙනවා.මගෙ දරුවයි මායි විදවනවා..ඇත්තටම පින් මම කියවපු දේවල් අහගෙන හිටියට..."
කවීෂ කියුවෙ දරුවවත් වඩාගෙන නැගිටින ගමන්.
"අනේ එහෙම දෙයක් නෑ...අපි මොනාහරි කරන්න බලමු...හරිද..?"
සහන්සා කියුවෙ ඇයත් වැලි මළුවෙන් නැගිටින ගමන්..
"සහන්සා දැන් කොළඹ ආවෙ...??"
"නෙක්ස්ට් වීක් එකේ මගෙ එන්ගේජ්මෙන්ට් එක කවීෂ ..මම ඉෂාරට කියලා දෝණිවත් බලලා යන්න ආවෙ..."
කවීෂ සුසුමක් හෙළුවෙ හේතුවක් නැතුව...ඒත් සහන්සා ඒ සුසුමට කලබල උනා.ඒත් ඒක පෙන්නුවේ නෑ.ඒ සුසුම සහන්සගෙ හිතට මහා බරට දැනුනා.
..........................................
මේ හැම දේම මෙහෙම වෙනකොට කෙනෙක් මේ දේවල් දිහා බලා උන්නෙ ඉරිසියාව පිරුන ඇස් වලින්...ඒ ශාලිත..
සහන්සා මුණ ගැහෙන්න ගෙදරට ගියාමයි දැන ගත්තෙ සහන්සා කොළඹ ගියා කියලා..ඒත් ඉෂාරට කෝල් කලාම කියුවෙ තවම එහෙ ආවෙ නෑ කියලා.සහන්සගෙ තාත්තා කියුවා සහන්සා කැළණිය පන්සලටත් යනවා කියුවා කියලා.
කොළඹ වැඩ ටිකකුත් තිබ්බ නිසා කෙලින්ම පන්සලට ආවෙ සහන්සා එක්ක ටිකක් නිදහසේ කතා කරන්න.මොකද සහන්සා හරිම අමුතුයි කියලා ශාලිතට හිතිලා තිබුනා...
පන්සල පුරාම සහන්සා හෙව්ව ශාලිත දැක්කෙ පන්සලේ කොණක ගස් සෙවනක සහන්සා කවීෂ එක්ක කතා කර කර ඉන්නවා..
මුල් දවස් වල ඉදලම කවීෂ සහන්සා එක්ක කතා බහා කරන එක ගැන ශාලිතගෙ හිතේ කැමැත්තක් තිබුනෙ නෑ..
රෝගී වෙච්ච බිරිඳක් ඉන්න ස්වාමියෙක් ලග සහන්සා වැඩ කරනවට අකමැති උනත් සහන්සගෙ ගතිපැවතුම් දන්න නිසා ඒකට විරුද්ධ උනේ නෑ..
කේන්තියේ අවසන් සීමාව පනිද්දි ශාලිත ආවෙ සහන්සත් කවීෂත් හිටපු තැනට.
"ශාලිත අයියා ඔයා මෙහෙ...?"
සහන්සා පුදුමෙන් උනත් කියුවෙ සාමාන්‍ය විදිහට.
"ඔව්...ඇයි...බය උනාද..??"
"මම මොකටද බය වෙන්නෙ...??"
"නෑ..ඉතින් නිදහසේ එන්න ඕනි කියලා ගෙදරින් ආවා කියුවම මම හිතුවෙ...."
"ඒත් දැන් බලනකොට වෙන වැඩ තිබිලනෙ..."
ශාලිත කියුවෙ කවීෂ දිහා රවලා බලන ගමන්..ඒ ඇස් වල තිබ්බ ඉරිසියාව නොරිස්සුම් බව හඳුනා ගන්න කවීෂට මහා වෙලාවක් ගියෙ නෑ..
"ඒකනේ..මෙයා කසාදෙට කලින් නිදහසෙ ඉන්න කියලා පන්සල් ඇවිත්...අපි දෙන්නත් මේ වෙලාවෙම පන්සලට ආවා නිකන්..එතකොට සහන්සා දැක්කෙ..."
කවීෂ පැහැදිලිව කියුවෙ ශාලිතගෙ සිතුවිල්ල තේරුම් ගත්ත නිසා..
"මටත් පේනවා දැන් ගොඩක් දේවල් අහම්බයක් කියලා..නැත්නම් මේ වෙලාවෙ මාත් පන්සලට එන්න ඕනි නෑනෙ..."
"ශාලිත අයියා ...??"
සහන්සා හඩ අවදි කලේ කේන්තියෙන් .ශාලිතගෙන් ඒ වගේ දෙයක් ඇය බලාපොරොත්තු උනේ නෑ..
"මම පන්සලට ආවෙ නිකන්.මම ඒක තාත්තට කියලා ආවෙ..මට මේ දෙන්න මුණ ගැහුනෙ අහම්බෙන්...ප්ලීස් ටිකක් වැදගත් විදිහට හිතලා වචන පාවිච්චි කරන්න..."
"ඔව්..මම වැදගත් වෙන්නම්කො...නෝනලට හොඳයි...වැදගත් නැති වැඩ කරන්න."
"මිස්ට ශාලිත ..ප්ලීස්...වැරදියට තේරුම් ගන්නවත් අපි හින්දා ප්‍රශ්නයක් ඇති කර ගන්නවත් එපා...මේක ඇත්තටම අහම්බයක්..."
"සුදූ නගිනවා කාර් එකට...මට ඔයත් එක්ක විසදා ගන්න දේවල් ගොඩක් තියනවා.."
"මටනම් හිතෙන්නෙ මෙච්චරකල් විසදා ගන්න බැරුව හිටිය ප්‍රශ්නෙ මම අද විසදා ගත්තා ශාලිත අයියෙ .....ඔයා යන්න..මම ගෙදර එනවා...අද...ඇවිත් තාත්තා මුණ ගැගෙන්න..දැන් මට ඉෂාරා මුණ ගැහෙන්න හේතුවක් නෑ..."
"මම යනවා කවීෂ ....මට සමාවෙන්න ....මේ වෙච්ච දේට.දෝණි පැටික්කි...ආන්ටි වෙන දවසක එන්නම් බලන්න.....උම්ම්ම්ම්මා..""
දෝණිගෙ නලලත හාදුවක් තියලා සහන්සා කියුවෙ බිඳුන හඩින්.ශාලිතගෙ මේ හැසිරීම සහන්සා කලකිරීමට පත් කරලා තිබුනෙ..උනේ මොකක්ද කියලා අහන්නෙ නැතුව චෝදනා කරනවට සහන්සා කැමති උනේ නෑ.
කවීෂත්, ශාලිතත් එතනම ඉදිද්දි සහන්සා ගියෙ කවීෂ තවත් අසරණ වෙද්දි..
"මම තමුසෙ එක්ක පස්සෙ බලා ගන්නම්..."
කවීෂ දෙසට ඇගිල්ලක් දිගු කල ශාලිත වේගෙන් යන්නට ගියෙ කවීෂ කිසිවක් කියන්නත් කලින්..
............................
සහන්සා ඉක්මනින් පාරට ඇවිත් ත්‍රීවීලර් එකක නැග ගත්තා .ශාලිත පාරට එනකොට සහන්සා ගිය දිහාවක සලකුණු වත් තිබුනෙ නෑ.
සහන්සා ඉෂාරගෙ ගෙදර යන්න හිතුවත් හොඳම දේ ඉක්මනට ගෙදර ගිහින් අම්මටයි තාත්තටයි හැමදේම කියන එක කියලා සහන්සා තීරණය කලා.
ඉතින් ඉක්මනින් බසයකට නැග්ගෙ ගෙදර එන බව කියලා තාත්තට කෝල් එකකුත් දීලා.
කවීෂට තමන් ගැනම දැනුනෙ තරහක්.සහන්සා තමන්ගෙ ප්‍රශ්නෙ අහගෙන ඉන්න ගිහින් තමයි මේ කතන්දර අහ ගත්තෙ.ඊලග සතියෙ එන්ගේජ්මෙන්ට් එක ගන්න තිබුන ඒ යුවල මැද්දට තමන් ඇවිත් කලේ ලොකු වරදක් කියලා කවීෂට හිතුනා.
තමන් වගේම තම සුරතල් දියණියත් ලෝකයටම කරදරයක් වී ඇතැයි කවීෂ හිතුවෙ තවත් අවුල් වෙන ගමන්.
දරුවත් එක්ක පාරට ආපු කවීෂ යන්න තැනක් හිතා ගන්න බැරුව හිතෙන හිතෙන පාරක් ගානෙ කාර් එක පදවන් ගියෙ අවුල් වූ සිතින්.අන්තිමට කවීෂ නතර උනේ....
විසි එක් වන පරිච්ඡේදය
විහඟි උදේම කවීෂ එක්ක රණ්ඩුවක් අල්ලපු නිසා කවීෂ දරුවත් එක්ක එළියට බැහැලා යනකම් බලා හිටියෙ තමන්ගෙ ගමන යන්න.
"ශේන් ඔයා ආවද....??නෝ අනේ...කොහෙද...?බිස්නස් වැඩකට යනවා කියලා අර ලමයා මා ලග දාලා යන්න බලා ඉන්නවා.මම බෑ කියුවා."
...........
"ඕ..කේ මම එනවා..."
විහඟි ඉස්සරහා නවත්තලා තිබ්බ කාර් එකට දුවගෙන ගියා.වියත් දෙකක් විතර උස ඩෙනිම් ශෝටට ඇගට ලොකු ටීශර්ට් එකක ඇදලා පාට කරපු කොණ්ඩෙ හිස මුදුනට බැදලා සන්ග්ලාස් දෙක හිස මුදුනෙ රදවන් කාර් එකට නැග්ගෙ හදිසියෙන්.
........................................................
"කවුද අපෙ මහත්තයා ඒ කාර් එකේ ආවෙ..."
"කවුරුහරි යාලුවෙක් වෙන්න ඇති...කෝ අපේ පුතා..."
"එයා දෝණි එක්ක උදෙන්ම කොහෙද ගියා.කොහෙද මම අහගෙන උදෙන්ම රණ්ඩු වෙනවා.."
"අනේ මන්දා...එක්කො මේ කසාදෙ කටු ගාලා මේ දේවල් කෙලවරක් වෙන්න ඕනි..."
"අනේ මන්දා..."
.....................
"ඕ...විහඟි යූ ආ සෝ හොට් බේබි..."
ශේන් කියුවෙ විහඟිගේ කකුල් දිහා කෑදරෙන් බලලා.
"ඉතින් කියන්නකො...අද කොහෙද යන්නෙ...ශූට් එකට තැන රෙඩිද...??"
"ආවෙනම් ශූට් එකට තැන බලන්න..ඒ උනාට දැන්නම් වෙන කොහෙ හරි යන්න හිතෙනවා.."
"ඕ...නෝ..ශේන් ...යූ ආ නෝටි ..."
විහඟි ශේන්ට පාරක් ගැහුවෙ හිනා වෙවී.
......................................
ශේන් කියන්නෙ විහඟිගෙ ඉස්සර මොඩ්ලින් වැඩ වල කැමරාමන්.ඒ දෙන්නා අතර මේ සම්බන්දකම් වලට අමතර වෙන වෙන සම්බන්දකම් තිබුනා කියලත් ක්ෂේත්‍රයේ අය අතර කතාබහක් තිබුනා.
විහඟි අසනීප උනාට පස්සෙ ශේන් නිකමටවත් විහඟි බලන්න නාවත් දැන් ආයිත් දෙන්නා එකතු වෙලා..
......................................
ශේන් එක පාරටම කාර් එකේ බ්‍රේක් ගැහුවෙ වාහන අඩු හෙවන ගස් පේළියක් බලලා.
"ශේ...න්..."
විහඟි හුරතල් වෙන්න ගත්තෙ තම ප්‍රේමවන්තයා ඉදිරියේ පළමු වරට හුරතල් වෙන කෙල්ලෙක් වගේ.
"ඕ...හ්...වයි මා බේබි...."
ශේන් කියුවෙ විහඟිගේ උරහිසට අතක් දාන ගමන්.
අසනීපෙන් පස්සෙ විහඟි ශේන් එක්ක තනිවෙච්ච පළවෙනි අවස්ථාව.ඉතින් ශේන්ට ඉවසුමක් තිබුනෙ නෑ වගේම විහඟිට දැනුනෙ කෝල බවක්..
සුක්කානම මත තිබූ අත විහඟිගේ කකුල් අතර අතරමන් උනේ විහඟිට උන් හිටිතැන් අමතක කරමින්.
ශේන් විහඟිගේ දෙතොලට පාත් උනෙත්, විහඟිගේ දෙනෙත් අඩවන්ව ගියෙත් එකවරම.
දෙදෙනම ආයිත් පියවි සිහියට ආවෙ විනාඩි කීපයකට පස්සෙ..ඒත් පාරෙ ගිය වාහනයක හෝන් හඩකට.
"ඕ...බේබි...හව් ස්වීට්..ඔයා තාමත් ඉස්සර වගේම ෆෝර්වර්ඩ්...ආ..."
ශේන් කියුවෙ විහඟිගේ කොපුලක් සිබිමින්..
"නැතුව..අපි එහෙමයි..දැන්වත් යමුද..??"
"දැන්නම් කොහොමත් නොයා බෑ..."
ශේන් කියුවෙ ඇහැක් ඉඟි මරලා.
......................
"මේ පාර ශූට් එක කරන්නෙ මේ හොටෙල් එකේ පූල් එකේ..."
ශේන් කියුවෙ කාර් එක හොටෙල් එකටාන් හරවන ගමන්..
"අලුත් හොටෙල් එකක් නේද..??මම අසනීප වුන කාලෙට ගොඩක් දේවල් වෙනස් වෙලා.."
විහඟි කියුවෙ කාර් එකෙන් බහින ගමන්.
"නෝ බේබි ...මමනම් තවම එහෙමමයි..."
ශේන් කියුවෙ ඒ උරහිස ට අතක් දාලා විහඟි ලගට ඇද ගන්න ගමන්.
"ඒක දැක්කා මම කාර් එකේදි..."
විහඟි කියුවෙත් ඒ පපුවට තවත් බර වෙමින්..
""තව දේවල් තියනවා පෙන්නන්න යමුකො..."
...............
"ඕ..ශේන්..පූල් එකනම් මාරයි....ශූට් එක කොලටි එකට තියේවි..."
"නැතුව...ඔයානෙ මොඩ්ලර්..."
ශේන් නොහිතූ වෙලාවක විහඟි වතුරට තල්ලු කලේ සිනාවෙමින්..
"නෝ.ශේන්...ඕහ්....කමෝන් බබා...ඔයත් එන්නකො..."
විහඟි කෑ ගහද්දි ශේන් බෑ කියුවා.
"උඩට එන්න...අපි චේන්ජ් කරන් ටිකක් එන්ජෝයි කරමු..."
විහඟි හිනාවෙවී උඩට නැගලා චේන්ජින් රූම් එකට ගිහින් ස්විම් කිට් එකක් දා ගත්තෙ තමුන් කවුද කියලා අමතක කරමින්.ශේනුත් එළියට ආවෙ ශෝටක් හා නිරුවත් උඩුකයෙන්..
විහඟි දැක්කම ශේන්ගෙ ඉවසීමේ සීමාව පනිද්දි ශේන් විහඟි හරහට ඔසවගෙන පූල් එකට පැන්නා..එහා මෙහා පීනමින් , විනොඉද වෙමින් ඒ මැද්දේ අනග රැගුම් පාන මේ යුවල දෙස පිටස්තරයෙක් බැලුවානන් පිළිකුලක් දනවන්නට තිබුනා..
"විහඟි බේබි...."
"ශේන්..."
"අපි රූම් එකට යන්.."
ගෙන්වා ගත් මිළ අධික මත්වතුරෙන්ද මත් වී සිටි විහඟි වගේම ශේන් හැඟීම් වලින්ද මත් වෙලා උපරිමයක හිටියෙ. .
ශේන්ගේ ආරාදනාව එකසිතින් පිළි ගත්ත විහඟි ශේන්ගෙ බෙල්ලෙ එල්ලුනේ රාගයෙන් මත් වෙලා..
....................
හිතෙන හිතෙන පාරවල් දිගේ කාර් එක අරන් ආපු කවීෂට බඩකින්නක් දැනුනා.අලුතින් ආරම්භ කරපු හෝටල් මිදුලෙ කාර් එක නවත්තලා දෝණිත් අරන් බැහැපු කවීෂ හෝටලයෙ කෙලවරක නිදහස් තැනක වාඩි උනා..
කන්න ඕනි උනත් චූටි දෝණි එක්ක කෑම කන්න බැරි නිසා කවීෂ කාමරයක් ඕඩර් කලේ දෝණි නිදිකරලා කෑම ටිකක් කන්න පුලුවන් නිසා.
"මල්ලි අපිට රූම් එකක් ඕනි..."
"හරි සර්...එන්න..."
"මල්ලි කාර් එකේ බබාගෙ බඩු තියන බෑග් එකක් ඇති.ඒක අරන් එන්න.කවීෂ යතුර සේවකයට දුන්නා.."
ඔහු ආවම කවීෂ ඔහු පස්සෙ වැටුනෙ කාමරේට යන්න...පූල් එක ඉදිරියේම උඩු මහලේ කාමරයක බබාට කිරිටික දීල බබාව නිදි කරපු කවීෂ එළියට ආවෙ දවල් කෑම කාමරට එනකම්.
ඒත් කවීෂ දැකපු දෙයින් කවීෂ අන්ද මන්ද උනා..
තටාකයේ අඩ නිරුවතින් පිරිමියෙක් එක්ක වෙලී හිටියෙ විහඟි ..කකුල් පණ නැතුව යද්දි කවීෂ බිත්තිය තදින් අල්ලා ගත්තා.
සිනා වෙමින් තටාකයෙන් ගොඩ ආපු යුවල ටවල් එකත් පෙරවන් තටාකය ලගම තිබූ කාමරයට රින්ගා ගන්නවා කවීෂ බල හිටියෙ ගිනි විසි වන දෙනෙතින්..
........කිරි සුවඳ ගලාවි ආදරෙන් ❤️❤️.....
.
![]() |
| හයවන කොටසට |
