උඹව මතක් වෙන හැමකල
හුස්ම ඇයි මේ තරම් තද..
හිත තියෙන්නෙ පෙනහළු අස්සෙද
තාම හොයනවා මන්...
විඳින්නට ප්‍රේමයක උණූම
අසීමාන්තික වූ හැඟීමක තෙරපුම
තුරුල්ව දෙනෙත් පියා ගත්තෙමි...
මසැසින් නුඹේ පපුවට...
උණුහුමින් පපුතුරෙහි නිම්මිත..
ගිනියමින් වෙළුනු විට සියොලඟ..
දැරිය හැකිවද පොපියනා දෙතොලට..
නිර්මල ප්‍රේමයේ සුරැකුම්..
මිදෙන විට සළු එකිනෙක
සතපවා සිතින් ගත මත..
අවුළුවා සිතැඟි රිසි ලෙස..
නිවාලණු ප්‍රේමයෙ රැස්..
සිතින් පමණක් පෙම් බැඳ...
තුරුල් වී සිතැඟි උණුකර..
කියන්නේ කවදාද ප්‍රේමය
හිතම විමසයි දැන්..
දැකුමත් ප්‍රේමයක් වූ කල...
මුවින් නොපවසා ප්‍රේමය..
හඬටත් ආලය පිරූ කාලය...
වෙලා දැන් පොළවටම පස් ...
අයිතියක් නැති අවන්හල්වල
ගාල් කලවිට උතුරනා ප්‍රේමය
ගාස්තුව කඳුලකට දියකර
ගෙවාපන් මයෙ මැණික දැන්..
ප්‍රේමය කොහේදැයි ඇසූවිට
මංගල මුදුව කෙලවර..
සින්දූර් රතු පොට්ටු මැද විතරද..
හොරෙන් ඉකිලෑව ඇස්වල..
නැද්ද ඇහුවා බන්...
උඹව මතක් වෙන හැමකල
හුස්ම ඇයි මේ තරම් තද..
හිත තියෙන්නෙ පෙනහළු අස්සෙද
තාම හොයනවා මන්...
අහින්සා පැහැසරණි
2019.06.24