පළමු පරිජ්ජේදය
කැලණිය රජමහා විහාරය පුරා තිබුනෙ ශාන්ත බවක්....පෝය දින වලට සිටින දස දහසක් බැතිමතුන් වෙනුවට අද මළුව පුරා සිටින්නේ කීප දෙනෙක් පමණයි.දුර බැහැරින් වන්දනා ගමන් ආ බස් රථ කීපයක සෙනග හැරුණු කොට තවත් කීප දෙනෙක් පමණක් පන්සල් මළුව පුරා විසිරිලා හිටියා..
දිගු සුදු කලිසමට, අත් දිගු දෙපතුල දක්වා වූ කුරුතා බ්ලවුසයට දිගු වරලස මුදා සයිඩ් කට්ටකින් රන්දා තිබූ කෙහෙරැල් මද සුළගට දග කරද්දී සහන්සා මළුවෙ අහරමිණිය ගොතා වාඩි වෙලා නෙළුම් පොහොට්ටුවක් ලෙස දෑත නලලෙ බැඳන් දෑස පියාගෙන ඇහෙන නෑහෙන හඩින් ගාථා කියන්න පටන් ගත්තෙ සන්සුන් හිතින්...
"ඉතිපිසෝ භගවා...
අරහං සම්මා සම්බුද්ධෝ..."
අරහං සම්මා සම්බුද්ධෝ..."
එකවරම සහන්සාට දැනුනෙ තමන්ගෙ කලවය මත කවුරුන් හෝ අතක් තියනවා...
සහන්සා ගැස්සිලා දෑස් ඇරියෙ මෙවන් පන්සල් භූමියක සිදු වූ දේ අදහා ගත නොහැකිව..
හුරතල් ඒ මුව පොඩ්ඩ නතර වෙලා තිබ්බෙ සහන්සගෙ මූණෙ...
සහන්සා ඉදිරියේ හිටියෙ දණගාගෙන ඇවිත් තමන් ලග නතර වෙච්ච චූටි බබෙක්...
"අනේ...තුදු මණික....නැන්දි ඔයාගෙන ආවද...??කෝ පැටික්කිගෙ අම්මි...තාත්තී..."
සහන්සා චූටි පැටියව තමන්ගෙ උකුලට අරන් ඇහුවෙ ගාථා කියන එකත් නවත්තලා.ඒ හුරතල් හිනාව තත්පර කීපයට සහන්සගෙ හිත හොරකම් කලා..
සහන්සා වට පිට බැලුවත් දරුවගෙ අම්මා තාත්තා කියන්න පුළුවන් කෙනෙක් වටේ හිටියෙ නෑ..සහන්සට දැනුනෙ කේන්තියක්.මේ තරම් නොසැලකිල්ලක්...
සහන්සා දරුවව වඩාගෙන වටපිට බැලුවත් නෑ කවුරුත්ම නෑ..
කවුරුහරි මේ බබාව දාලා ගිහින්ද??නෑ වෙන්න බෑ...මේ තරම් හුරතල් දරුවෙක් කවුරු දාලා යන්නද..?තව ටිකක් හොයනවා..
"එක්ස්කියුස්මී මිස්...මගෙ බබාව දෙනවද..?"
සහන්සා අනිත් පැත්ත හැරුනෙ දැනුන කේන්තියට.ඇයි දෙයියනේ ඒ මනුස්සයා කතා කරන්නෙ මම දරුවව හොරෙන් ගෙනාවා වගේනේ..
සහන්සා දැක්කෙ මූණ පුරා දාඩිය දාගෙන බය උන මූණෙන් දරුවා දිහා බලා ඉන්න තරුණයෙක්..
"එක්ස්කියුස් මී මිස්ට ...මොකක් කියලද කියුවෙ ..මගෙ බබා...කටක් ඇරලද කියුවෙ ආ.....මෙච්චර පුන්චි දරුවෙක්...මේ තරම් නොසැලකිල්ලක්...අනික කොහොමද මම විස්වාස කරන්නෙ මේ ඔයාගෙ දරුවා කියලා...කෝ මෙයාගෙ අම්මට එන්න කියන්න "
"අනේ මිස් ප්‍රශ්න ඇතිකරන්න එපා.මම මල් ටිකට පැන් ඉහින්න බබාව අරන් යන්න බැරි නිසා මළුවෙන් පේන දුරින් තියලා ගියෙ.කොහොමහරි මම එහා මෙහා බලපු ටිකට මෙයා දණගාගෙන ගිහින්.මම මේ හැම තැනම හෙවුවා.."
"කෝ බබාගෙ අම්මා..මම එයාට ඇරෙන්න බබාව දෙන්නෙ නෑ.ඔයා වගේ නොසැලකිලිමත් තාත්තෙක්..."
"එ..එයා ආවෙ නෑ
බබයි මායි විතරයි ආවෙ.."
බබයි මායි විතරයි ආවෙ.."
කෙලි පැටියා එකවරම "ත්....තා...ත්...තා.."
කියමින් ඔහු අතට පැන්නෙ ඒ දරුවාගෙ පියා බව තහවුරු කරමින්...
කෙල්ල ඔහු අතට ගියත් ඇගේ කුඩා අතැගිලි වල පටලවාගෙන උන් සහන්සගෙ කෙහෙරැල් අතහැරියෙ නෑ...
"මා...මැණික ...ආන්ටිගෙ කොණ්ඩෙ අතාරින්න..කෝ.."
ඔහු පැවසුවත් බබා හිනා වෙමින් සහන්සගෙ කොණ්ඩෙ ඇද්දෙ සහන්සට රිදෙද්දි..
සහන්සත්, එම තරුණයාත් හෙමීට ඒ අතැගිලි වල සිර වී තිබුන කෙහෙරල් පැටලුම් හරිද්දි පුන්චි පැන්චි හිනා උනා..
"අනේ මිස් සමාවෙන්න ....අපි හින්දා උන කරදර වලට.."
ඔහු පැවසුවෙ හැබෑම පසුතැවීමෙන්..
""ඒකටනම් කමක් නෑ..ආයිත් ඔහොම නොසැලකිලිමත් වෙන්න එපා..අනික බබාව අම්මා එක්ක තියන්න .මෙයා චූටි වැඩිනෙ.."
"හරි මිස්...කොහොමත් එයා දැන ගත්තොත් මාව මරලා දායි..."
"අපි යන්නම්"
"බුදු සරණයි"
"කෝ දෝණි ආන්න්ටිට බායි කියන්න..."
ඔහු පවසද්දි සහන්සා ඒ චූටි අතක් තමන්ගෙ මුවට ලන් කරලා සිප ගත්තෙ ආදරෙන්...
දෙවන පරිජ්ජේදය
"සහන්සා උඹ හොඳට කල්පනා කලාද මේකට යන්න...ආ...බලපන්...මටත් උබලගෙ ගෙදරින් බැනුම් අහන්න වෙනවා මේ වැඩ නිසා..."
"හරි අනේ ඉතින් ජොබක් සෙට් වෙනකම්නෙ..."
"යකෝ මොන මිනිහද ඩිග්රි තියන් මෙහෙම රස්සාවක් තෝරා ගන්නෙ.."
"නංගි මේක මගෙ ආත්මතෘප්තියට තොරා ගත්තෙ මේ රස්සාව.උබ දන්නවනෙ මම සල්ලි ඕනි කමට ජොබ් කරන කෙල්ලෙක් නෙමෙයි කියලා.."
"හරි...එහෙනම් මම උබට විශ් කරනවා ඉක්මනටම උබේ සුදුසුකම් වලට ගැලපෙන ජොබ් එකක් හම්බ වෙන්න කියලා.."
"අනා මයි ස්වීටි ටෙල් මී මා හනී මගෙ මේ ස්වීට් හාර්ට් එකට සෙට් වෙන ජොබක් සෙට් වෙන්න කීලා."
"ඊයා මොකද උනේ ටීනගෙ උණ හැදුනද බොටත්....බොරුවට බොල් පොශ් නොවී සින්හල කතා කරපන්...හරියට..."
"හරි බන් හරි...මම ගියා..."
"බුදු සරණයි" කෙල්ලෙ මේ බෑග් එක
"බුදු සරණයි"
.........................
"මිස් ඔයා වගේ තරුණ ළමෙක් මේ ජොබ් එක කොහොම බාර ගනීද කියන්න මම දන්නෙ නෑ...අනික මිස් මේ තරම් කොලිෆිකේශන් තියාගෙන."
"ඒක නෝ ප්‍රොබ්ලම් මැඩම්..මේක මගෙ කැමැත්තනෙ..."
"හරි මිස්ට බෑ කියලා හිතුනොත් එන්න.මම එයාලට කියලා තියෙන්නෙ.වෙන අයගෙන්නම් අපි ඇග්‍රිමන්‍ට් එක සයින් කරවා ගන්නවා.ඒත් මිස් ෆස්ට් මන්ත් එක බලලා බැරිනම් අයින් වෙන්න.මිස්ගෙ මේ කොලිෆිකේශන් එක්ක අපි මේ ඩිසිශන් එක ගත්තෙ..."
"තෑන්ක්ස් මැඩම්."
"හරි අපි අද මිස්ව ගිහින් බස්සවනවා..මිස්ට අවශ්‍ය හැම දේම එහෙන් ලැබෙනවා...සැලරි එක.මිස්..."
"ඒක නෝ ප්‍රොබ්ලම් මගෙ වැඩ බලලා එයාලට තීරණය කරන්න කියන්න."
"තෑන්ක්ස් මිස්.."
.................................
සුවිසල් නිවහනේ ගේට්ටුව අරුනේ රිමෝට් එකෙන්...සහන්සා වෑන් එකෙන් බැස්සෙ පුදුමයෙන්...
"අහ්....එන්න එන්න...මම හිතන්නෙ මේ සහන්සා...එන්න දරුවො..."
සුදු හිසකේ තිබුන ඒ පුද්ගලයාට තම පියාගේ වයස පමණ ඇතැයි සහන්සාට හිතුනා..
"මම ජෝර්ජ් බාලසූරිය..මේ ගෙදර තාත්තා.."
"හරි මහත්තයා...මම සහන්සා ..සහන්සා සමනලී..."
"නම වගේම දූත් හරි සිරියාවයි...වාඩි වෙන්නකො....මට මහත්තයා කියන්න එපා..තාත්තා කියන්න..."
සහන්සට හිතුනෙ එම පුද්ගලයා පුහුආටෝප වලින් තොර ගුණවත් මහත්මයෙක් විලස.
"වාඩි වෙන්නකො දුව.මේකයි...මෙච්චර කාලයක් මෙහෙ ආපු කිසිම කෙනෙක්ට මේ රාජකාරිය හරියට කරන්න බැරි උනා...එක්කො එයාලගෙ වැඩ අපිට හරියන්නෙ නෑ..සමහර වෙලාවට එයාලට අපිට අවශ්‍ය දේ කරන්න බෑ .ඉතින් ගොඩක් අය රැදුනෙ නෑ...ඊටත් මම කියනවට වඩා දූටම තේරෙයි...මේ රාජකාරිය ටිකක් අපහසුයි...දුව වැඩි දවසක් රැදෙයි කියන්න බෑ අපි එක්ක "
"අපෙ මහත්තයා ...මොකෝ මේ වැඩට ආපු අයව සාලෙ ඉන්දවන්..."
එවරනම් එළියට ආවෙ ආඩම්බරකාර ඔසරියක් ඇද ගත් රදළ පෙනුමෙ කාන්තාවක්..
"මම ඔයාට කියුවා ඔය කට පරිස්සම් කර ගන්න කියලා...මෙච්චර කල් මෙහෙ ආපු ජාතියේ කෙනෙක් නෙමෙයි මේ දරුවා.කැම්පස් ගිහින් ඒවගෙත් හොඳ ප්‍රතිපල තියන් තමයි මේ ඇවිත් ඉන්නෙ..."
"ඕවගෙ ඉගන ගත්ත දේවල් මේවට වැඩක් වෙයිද කියන්න මම දන්නෙ නෑ මහත්තයා..ඒත් ඒ ඒ මිනිස්සු තියා ගන්න ඕනි තැන් වලින් තියා ගන්න..."
ඇය ගියෙ එහෙම කියලා..
"අනේ දරුවො ඒ එයාගෙ හැටි.."
"කමක් නෑ තාත්තෙ..."
පුද්ගල මානසික ගැටළු පිලිබද හදුනා ගැනීම පිළිබද සහන්සා අවුරුදු තුනක පාඨමාලවක් හදාරලා තිබුන නිසා මිනිසුන් තේරුම් ගැනීමේ ගැඹුරු හැකියාවක් සහන්සට තිබුනා.
"ඒකට මොකෝ තාත්තා අපෙ අම්මත් වෙලාවකට ඔහොමයි..."
"අපි එහෙනම් යමුද දරුවො ඇතුලට...ඔය දරුවම තීරණය කරන්නකො...මේ වැඩේ කරන්න පුළුවන්ද බැරිද කියලා.."
"යමු තාත්තා .."
සහන්සා තමන්ගෙ බෑග් ටික දිහා බැලුවා...
"ආ දූට කාමරයක් වෙන් කලා ..ඉන්න.."
"හාමිනා....මේ නෝනට ලෑස්ති කරපු කාමරේට මේ බෑග් ගෙනියන්න..."
"හරි අපෙ මහත්තයා.."
සහන්සා බාලසූරිය මහත්මයා පිටුපසින් වැටුනේ මෙතරම් අපහසුයි කියන තම රාජකාරිය දෑසින් දැක ගන්න...
තුන් වන පරිච්ඡේදය
කාමරේ කොණක තිබුන අල්මාරිය, කැටයම් කණ්නාඩි මේසය , කලුවර ලීයෙන් වැඩ දැමූ ඒ සුවිසල් යුගල යහන සහන්සගෙ නෙත් නතරවුනේ ඒ සුවිසල් ගෘහ භාණ්ඩ අතර..
සහන්සා කාමරය සිසාරා දෙනෙත් හෙළුවා...කාමරය අඳුරුයි...සහන්සට හිතුනෙ එහෙම.
ඒ අඳුරු කාමරයෙ කොණක රෝද පුටුවක යමෙකු වාඩි වෙලා ඉන්නවා සහන්සා දැක්කා..ඇගේ වරලස ඉහලට කරලා බැඳලා තිබුනා..කාමරේ අඩ අඳුර නිසා ඇගේ මූණ පැහැදිලිව නොපෙනුනත් ඇය රූමතියක් කියලා සහන්සට හිතුනෙ දිගැටි අත පය දැක්කම..
"මේ..."
බාලසූරිය මහතා හඬ අවදි කරන්නට හැදුවත් සහන්සගෙ ඉඟියෙන් ඔහු හඩ යටපත් කර ගත්තා...
"නම මොකක්ද එයාගෙ.."
"විහඟි.."
සහන්සා අතින් සන් කිරීම තේරුම් ගත් බාලසූරිය මහතා කාමරයෙන් එළියට ගියෙ මෙතෙක් කල් තම ලේලිය බලා ගැනීමට පැමිණි සියල්ලන්ට වඩා මේ තරුණියගේ විශේෂත්වයක් ඇතැයි සිතමින්.
සහන්සා කාමරය තුලට ගිහින් මුලින්ම කලේ ඒ කාමරේ ජනෙල් විවර කරපු එක.හිරු එළිය කාමරයේ හැම අස්සක් මුල්ලක් නෑරම සිප ගනිද්දි නිහඩ ඇගේ අවදානය තමා වෙත යොමු උනා කියලා සහන්සට හිතුනෙ රෝද පුටුවෙන් යම් හඩක් නැගුන නිසා.
සහන්සා ඇගේ ප්‍රතිචාරය තමාගේ අවදානයට යොමු වූ බව ඇයට දැනෙන්නට නොහැර තම කාර්‍යයෙහි යෙදුනා..
ඇද රෙදි තිබුනෙ කොළ පැහැයට හුරුව...කැටයම් අල්මාරිය ඇර එහි පහලම තට්ටුවක තිබුන ලා කහා පැහැ ගත් ඇද රෙදි හා කොට්ට උර තෝරා ගත් සහන්සා ඒවා මාරු කලේ කාමරයට අලුත් පැහැයක් ගෙනදෙමින්.
කණ්නාඩි මේසය දූවිලි පිස ඒ මත එහෙ මෙහෙ විසිරිලා තිබුන සුවද විලවුන්, ක්‍රීම් පිළිවලකට තිබ්බා.සමහර ඒවා දින කල් ඉකුත් වෙලා දැක්කම සහන්සට හිතුනෙ කාගෙවත් අවදානයක් මේ කාමරය වෙත එල්ල වෙලා නැති බව.
කාමරය අතුගාලා ඉවර උනාම කාමරය නවමු මුහුණුවරක් ගත්තා..නලලෙහි දා බිඳු අත්ලෙන් පිහ දාන ගමන් සහන්සා ඇයදෙස දෙනෙත් රැන්දුවා..
ඒ මූණ දිහා කෙලින් බලපු පළමු වර උනත් සහන්සට හිතුනෙ ඒ මූණ එළිය වැටිලා කියලා..
සහන්සා ඇය ලගට ගිහින් රෝද පුටුව තල්ලු කරගෙන ජනේලය ලගට ගියා.
"ලස්සනද...??"
සහන්සා හඬ අවදි කලා..
ඇද වෙලා තිබුන ඇගේ මුහුණෙ කට පැත්තකට ගිහින් තිබුනා..ඇගේ අත් පා ඇඹරී කොර වී තිබුනු බව බැලූ බැල්මට තිබුනත් මේ සියල්ල සිදු වීමට ප්‍රථම ඇය සුරූපිනියක් බව දකින්නට තවමත් සාක්ෂි ඉතුරු වෙලා තිබුනා...
ඒ ඇස් ආශාවෙන් ගෙමිදුලේ නතර වෙලා තිබුනෙ...බෙල්ල අමාරුවෙන් හරවමින් ඇය ගෙවත්ත දෙස බැලුවෙ ජීවිතේ පළමු වර ඒ දෙස බලන ගානට.
"හරි අපි හෙට යමු මිදුල බලන්න..උදේම...පිනි වැටිලා තියනකොට.මල් පිපෙද්දි යමු බලන්න.."
සහන්සා කියද්දි ඒ මූණ පුරා ගලා ගිය හැගීම් වල රේකා රාශියක් සහන්සා අමුණා ගන්න උත්සහා කලා..
ඒත් එක්කම කාර් එකක් වත්තෙන් පිටතට යනවා සහන්සා දැක්කා..ඒත් එක්කම විහඟිත් කලබලා උනා කියලා සහන්සට දැනුන නිසා සහන්සා කාර් එක දිහා උනන්දුවෙන් බැලුවා.
ඔව්...ඒ ඔහුම තමයි...එදා පන්සලේදි අර පුන්චි සුරංගනාවි එක්ක හිටියෙ...මේ එයා...එයා කොහෙද මෙහෙ ...සමහර විට නෑදෑයො වෙන්න ඇති...නැත්නම් මේ ගෙදර...කෝ බබා...
සහන්සා ප්‍රශ්න ගොඩක පටලැවෙද්දි ඇගේ නෙත් නතර වෙලා තිබුනෙ ගේට්ටුව මත..
...........................
සහන්සා මහන්සි නොබලා ඇයව බාත් රූම් එකට ගිහින් නෑව්වා...ඊට පස්සෙ දිගු සායක් හා ඊටම ගැලපෙන හැට්ටයක් ඇයට ඇන්දුවා..
මෙතෙක් දවස් දිගටම ඇය හැඳ සිටින්නට ඇත්තේ සැහැල්ලු නයිටි ලෙස මැසූ ගවුම් බව කාමරය පුරා ඇති එවැනි ගවුම් වලින් සහන්සා තේරුම් ගත්තා...ඇය ඒ නිසාමයි ඇයට වෙනස් ඇඳුමක් ඇන්දුවෙ.
ඊට පස්සෙ සහන්සා ඇගේ කස් වැටිය රෝද පුටුවෙන් පහලට දැම්මෙ වතුර පහලට බේරෙන්න...
...
මේ සියල්ල සහන්සා කලේ පැය දෙකක් විතර කාලයකදී..අලුතින් පැමිණි සේවිකාව කාමරයද වසාගෙන තම ලේලියගේ කාමරය තුල කුමක් කරනවාදැයි බාලසූරිය යුවල සිතුවත් බාලසූරිය මහතාගේ ඇවිටිලි කිරීම මත ඒ පිළිබඳ සෙවීමට යාම දෙදෙනාම නතර කලේ නව සේවිකාව අමුතු කෙනෙක් බව සිතුන නිසා.
..........
සහන්සා සියල්ල අවසන් කරලා බාලසූරිය යුවල හමුවන්නට ගියෙ දෙයක් දැන ගන්න.
"තාත්තා විහඟි වැඩිපුරම ආදරේ කරන කෙනෙක්ගෙ ෆොටෝ එකක් ගන්න පුළුවන්ද මට.ලොකුවට රාමු කරපු එකක්නම් ගොඩක් හොඳයි..."
"එන්න..."
බාලසූරිය මහතා සහන්සව එක්කන් ගියෙ සාලයේ ඇය නොදුටු පැත්තකට.එය රූපවාහිනිය නැරඹීමට සාදා තිබූ කොටසක්.එහි විවිද චායාරූප තිබුනත් සහන්සගෙ නෙත් නතර උනේ ඔහුත්, ඒ පුන්චි පැටියත් හිටපු ෆොටෝ එකට.
බාලසූරිය මහතා අතට ගත්තෙ ඒ ෆොටෝ එක.
"මේ ඉන්නෙ විහඟි වැඩිපුරම ආදරේ කරන දෙන්නා ..මගෙ පුතා කවීෂ මේ අපෙ මිණිපිරී. විඟිගෙයි කවීෂගෙයි චූටි දෝණි නෙතුසරා..."
සහන්සට දැනුනෙ එකවරම කවුරුහරි තද ආයුධයකින් ඔලුවට ගැහුවා වගේ..එතකොට ඒ පැන්චිගෙ අම්මා මෙහෙම උනාම දෙයියනේ...සහන්සට දැනුනෙ පුදුම දුකක්..
"නෙතුසරා ලැබිලා දවස් තුනයි...විහඟි පඩිපෙළ ලෙස්සලා වැටුනා..එයාගෙ සුෂුම්නාවටයි මොළයටයි හානි වෙලා.අපි කියන දේ තේරුනාට එයාට කතා කර ගන්න බෑ..."
"අපිට පුදුම දුව ඔයා කාමරේ පැය ගානක් කොහොම හිටියද කියලා.මොකද විහඟි ට ගොඩක් කේන්ති යනවා.එයා බඩු වලින් ගහනවා කාමරේට යනකොට.වැඩට ආපු ගොඩදෙනෙක් ගියෙ විහඟිගෙ කරදර නිසා..."
"එතකොට තාත්තා දැන් කෝ නෙතුසරා...??"
සහන්සා ඇහුවෙ ගොඩ වෙලා හිතේ තෙරපුන ප්‍රශ්නෙ...
"එයා පුතා ඔෆිස් එක්කන් යනවා.අපි එයාගෙ දෙමව්පියො උනත් එයා කැමති නෑ අපි ලග දරුවා දාලා යන්න.බිස්නස් එක එයාගෙම නිසා කරදරයක් නෑ.ඔෆිස් රූම් එකේ බබාට තැනක් තියනව..එයාගෙ අතින් තමයි දරුවගෙ හැම දේම කරන්නෙ.."
සහන්සට එකිනෙක ගැලපුන සියල්ල යතා ලෙස තේරෙද්දි සහන්සා බැලුවෙ බිම තියලා තිබුන කවීෂගෙයි විහඟිගෙයි වෙඩින් ෆොටෝ එකදිහා..
ඇත්තටම ඇය සුරූපිනියක්.කවීෂ වගේම ඇයත් දෙදෙනට දෙදෙනා මනා ලෙස ගැලපිලා තිබුනා.
සහන්සා කවීෂ හා නෙතුසරා ඉන්න් ෆොටෝ එක අරන් කාමරේට ගියෙ අවුල් වූ සිතුවිලි රැසක් එක්ක.....
සිව් වන පරිච්ඡේදය
කාමරේ බිත්තියේ ඇඳට කෙලින්ම පෙනෙන විදිහට ෆොටෝ එක බිමින් තිබ්බා..
විහඟි ඒ ෆොටෝ එක දැකලා කලබල උනා කියලා සහන්සට දැනුනා...
විහඟි ඒ ෆොටෝ එක දැකලා කලබල උනා කියලා සහන්සට දැනුනා...
දින තුනක් වයසැති බිළිඳියගෙන් වෙන් වී දැන් මාස හත අටක් පුරාවට රෝද පුටුවකට වී සිටින මවකට තම සුරතල් දියණිය හා ස්වාමිපුරුෂයා දැකීමෙන් ඇති වන හැඟීම වචන කරන්නට සහන්සා දැන සිටියේ නෑ.
තම කූඩුවට අලුතින් පැමිණි තම සිඟිත්තිය වටා තමාගේත් කවීෂගේත් ලෝකය තනන්නට විහඟි හීන මවන්නට ඇති.තම දියණියගේ සුරතල් බලන්නට, ඇගේ සියළුම වැඩ තමන් අතින් කරන්නට , කවීෂ සමග සතුටින් ඉන්නට ඇය සිතන්නට ඇති.
නුමුදු කුරිරු වූ දෛවය නිසා අද විහඟි රෝද පුටුවක් මත කායිකව හා මානසිකව විදවන හැටි දැක්කම සහන්සට දුක හිතුනා.
මට පුලුවන් විදිහට මෙයාලගේ ලෝකෙ හදා ගන්න මම උදවු කරනවා..
සහන්සා තීරණය කලේ ෆොටෝ එකේ හිටපු ඒ සුරතලියගෙ මූණ බලාගෙන.
..................
විහඟිගේ සියලු කටයුතු අවසන් කල සහන්සා තමාට වෙන් වූ කාමරයට ගියේ වෙහෙසින්.මනා ලෙස පිළියෙළ කර තිබූ කාමරය සහන්සගේ සිත් ගත්තා.කාමරේ ජනේලයක් විවෘත කල සහන්සා පිටතින් පෙනෙන ගෙවත්ත දිහා මද වෙලාවක් බලා හිටියා.
හොඳින් සාත්තු වන රෝස හා ඇන්තූරියම් පැළ වලින් ගෙවත්ත ලස්සන වෙලා තිබුනා.
.......................
"මැඩම් මිස්ට කවීෂට අද ටිකක් ඉක්මනට ගෙදර එන්න කියලා පණිවිඩයක් දෙන පුළුවන්නම් හොඳයි...මොකද අපිට විහඟිව සනීප කරන්න බැරි කමක් නෑ...අපි ඒකට උත්සහා කලොත්.."
බාලසූරිය මහතා පේන තෙක් මානයක නොවූවෙන් සහන්සා බාලසූරිය නෝනට කතා කලා.ඇයට මැඩම් ලෙස ඇමතීමට සහන්සා තීරණය කලේ ඇය දුටු පළමු මොහොතෙමයි.ඇය මුදල් හා රදළ බව ආරූඪ කර ගත් කාන්තාවක් බව සහන්සා ඇය දුටු වනම තේරුම් ගෙන තිබුනා.
"ඔය ළමයා ඩොක්ටර් කෙනෙක් නෙමෙයිනෙ.අපි නොගිය ඩොක්ටර් කෙනෙක් නෑ විහඟි සනීප කරන්න.එයාලට බැරි වෙච්ච එක ඔය ළමයා කොහොම කරන්නද..?ඔය ළමයා ආවෙ මෙයාව බලා ගන්නනෙ.."
ඇය කියුවෙ උපහාසාත්මක සිනාවක් මුවග රදවාගෙන.
"ඔව් මැඩම්...මම මනෝචිකිත්සාව සම්බන්ඳ ඉගනගෙන තියනවා .ඉතින් විහඟිගෙ අනිත් ප්‍රතිකාර වලට විහඟි කායිකව සනීප කරද්දි මට පුළුවන් වෙයි විහඟි මානසිකව සනීප කරන්න."
"ඔව් දුව...ඔයාට පුළුවන් වෙයි.අද දවසටම විහඟි කිසි කරදරයක් කලේ නෑ.මම පුතාට කෝල් එකක් දෙන්නම්.."
බාලසූරිය මහතා එතනට ආවෙ ඒ වෙලාවෙ.
සහන්සගෙ හිතට සැහැල්ලුවක් දැනුනෙ ඔහු ආවම.
...................
සහන්සා දැනුවත් කරපු විදිහට රාත්‍රී ආහාරය සඳහා සියළු දෙනාම මේසය වටා වාඩි වෙලා හිටියෙ.
කවීෂ තාත්තගෙ දුරකථන ඇමතුම නිසා ඉක්මනින් ඇවිත් නෙතුසරා සමඟ කෑම මේසයට ඇවිත් තිබුනා.
කවීෂ තවමත් තම බිරිඳ ගේ උපස්ථායිකාව දැක තිබුනේ නෑ.
................
සහන්සා විහඟිගේ කොණ්ඩය තනි කරලකට ගෙතුවා...ඇගේ වතෙහි සුවඳ විලවුන් බිඳක්ද තැවරූ සහන්සා විහඟිගෙ රෝද පුටුවත් තල්ලු කරගෙන කෑම මේසෙට ආවෙ හැමෝම පුදුම කරමින්.
මොකද විහඟිගේ අසනීපෙන් පස්සෙ විහඟි කෑම මේසයට ආපු පළවෙනි දවස අද.
"මිස් ඔයා..."
කවීෂ පුටුවෙන් නැගිට්ටත් සහන්සා හිසින් කියුවෙ කලබල කරන්න එපා.කියලා.මොකද මේ වෙලාවෙ හැමෝගෙම අවදානය ලැබෙන්න ඕනි විහඟිට.එය ඇයට සතුටක් වේවි කියලා සහන්සට හිතුනා.
සහන්සා ඇසින් කවීෂට රෝද පුටුව පෙන්නුවෙ විහඟිට වැඩිපුරම අවශ්‍ය කවීෂ නිසා.
සහන්සගෙ ඉඟියෙන් කවීෂ රෝද පුටුව තල්ලු කරලා කෑම මේසෙට ගත්තා...
ඊට පස්සෙ මොකද කරන්නෙ වගේ අහන්න සහන්සගෙ මූණ දිහා බැලුවම සහන්සා සුප් එක පෙන්නුවා...
"ආ...දැන් ඉතින් හැමෝම කමු..."
සහන්සා කියුවෙ අනිත් අය දිහා බලලා..
"අද විහඟිට කවීෂ සුප් පොවනවද..?"
සහන්සා කියුවෙ කවීෂට මතක් කරන්න වගේ...
කවීෂ සුප් හැන්ද බැගින් විහඟිගේ මුවට ලන් කරද්දි වෙනදා වගේ දැගලිල්ලකින් හා කබලයකින් තොරව ඇය මුව විවර කලේ හැමෝගෙම ඇස් වල කඳුලක් උනමින්.
කවීෂගෙ දෑස් තෙත්ව යනවා සහන්සා දැක්කම සහන්සට හිතුනෙ මේ සතුට දෙවියන් කුමන හේතුවක් නිසා උදුරා ගත්තද කියලා.
හැමෝම කෑම බෙදාගෙන කන්න ගත්තෙ සහන්සා කලින් එයාලව ඒ විදිහට දැනුවත් කරලා තිබුන නිසා.
සහන්සා පිගාන අතට ගන්නකොටම නෙතුසරා අඩන්න ගත්ත නිසා සහන්සා පිගාන එහෙමම තිබ්බා.කවීෂ කලබල වෙද්දි සහන්සා ඉක්මනින් නෙතුසරා වඩා ගත්තෙ ඒ මොහොත කවීෂ නෙතුසරා දිහා බලනවට වඩා විහඟි එක්ක ඉන්න එක වැදගත් නිසා.
කවීෂ නොමනාපයෙන් සහන්සා දිහා බලද්දි බාලසූරිය යුවල කවීෂ දිහා බැලුවෙ දරුවා අඩන වෙලාවට කවීෂ දරුවව වෙන කාටවත් නොදෙන බව දන්න නිසාත්, දරුවාත් කවීෂ අත මිස නැලවෙන්නෙ නැති නිසාත්.
සහන්සා දරුවව වඩාගෙන එළියට ගියා...කවීෂ ඉක්මනින් සුප් ටික විහඟිට පොවද්දි එකවරම විහඟි සුප් එකට අතින් ගැහුවෙ මෙතෙක් තිබූ සන්සුන් බව නැතිකරමින්...
හැමෝම පුදුමයෙන් බලද්දි විහඟි පෙර නොසන්සුන්තාව පෙන්වපු නිසා කවීෂ ඇයව ඇගේ කාමරය වෙත ගෙන ගියා.මොනවා උනත් වෙනදට වඩා ඇගේ හැසිරීම් හොඳයි කියලා ගෙදර හැමෝටම හිතුනා.
විහඟි කාමරේට දාපු කවීෂ එළියට ගියෙ දරුවව බලන්න.මොකද නෙතුසරා අඩද්දි තමන්ට ඇරෙන්න වෙන කිසිම කෙනෙක්ට නෙතුසරා නලවන්නට බැරි බව කවීෂ දැන හිටියා.
..............
කවීෂට ඇහුනෙ නෙතුසරාගෙ සිඟිති සිනා හඬ...කවීෂ දැක්කෙ පුදුම හිතෙන දෙයක්.තමන් අත පමණක් මෙතුවක් නැලවුනු තමන්ගේ කිරි කැටියා මේ අමුත්තිය සමඟින් සිනා වෙමින්, හුරතල් වෙන අයුරු...
"මිස්..."
සහන්සා හැරිලා බැලුවෙ කවීෂගෙ හඩින්...
"ආ...එන්න මිස්ට කවීෂ මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕනි.."
"ඇත්තටම මිස් ඔයා මෙහෙ...විහඟි බලා ගන්න කෙනෙක් එනවා කියුවට මම කවදාවත් මිස් වගේ කෙනෙක් බලාපොරොත්තු උනේ නෑ.."
"ප්ලීස් මිස්ට කවීෂ ඔයාට පුලුවන්නම් මට සහන්සා කියලා කතාකරන්න මට ගොඩක් පහසු වෙයි.මොකද මට බර වැඩි වගේ ඒ වචනෙ..."
"හරි එහෙනම් ඔයාගෙ මිස්ට කෑල්ලත් හලලා දාන්න.."
"වයි නොට්...ඕ...කේ කවීෂ ඇත්තටම මම හොඳ ජොබ් එකක් හොයද්දි තමයි මට මේක හම්බ උනේ..ජොබ් එක ලැබුන සතුටට පන්සල් ගිය දවසෙ තමයි මට ඔයාවයි දෝණි හම්බ උනේ..."
සහන්සා කියුවෙ ඇගේ කොපුලක් සිඹිමින් ..
"මම දෙයක් අහන්න කමක් නැද්ද..?"
"අහන්න.."
"ඔයා විහඟිට දීලා තියන අවදානය මදි කියලා හිතෙන්නෙ නැද්ද...?"
සහන්සා ඇහුවෙ ඒ ඇස් දිහා කෙලින්ම බලලා.කවීෂ සහන්සා හිතුන තරම් කලබල උනේ නෑ...ඔහු සහන්සට ඉදිරි අසුනෙ ඉද ගත්තෙ බරටම සුසුමක් හෙලලා.
"ඔයාට හිතෙන්නෙ නැද්ද සහන්සා ඔයා ආපු පළවෙනිම දවසෙ මුකුත් නොදැන මට ඔහොම චෝදනා කරන එක වැරදි කියලා."
කවීෂ අහද්දි තමා ඒ ප්‍රශ්නය අහන්න ඉක්මන් උනා වැඩිදැයි සහන්සට හිතුනා.
"ම්ම්ම් හරි .ඔයාලගෙ පෞද්ගලික ජීවිත මට අදාල නෑ.ඒත් විහඟි බලා ගන්න මට ටික දුරකට හරි විස්තර දැන ගන්න ඕනි වෙනවා කවීෂ .."
"ඔව් සහන්සා මට තේරුම් ගන්න පුලුවන් ඔයා විහඟි බලා ගන්න ආපු හැමෝටම වඩා වෙනස් .අනික එක දවසට ඔයා ලොකු වෙනසක් කරලා තියනවා.ඉතින් ඔයාට මම කියන්නම් විස්තර..."
එහෙම කියපු කවීෂ සුසුමක් හෙලුවා.
"විහඟිට මේ දේ වෙනකොට නෙතූට දවස් තුනයි.එයා උඩ තට්ටුවේ පඩිපෙලින් පහලට වැටුනා.අපි දන්න ඩොක්ටර්ස්ලා හැමෝටම පෙන්නුවා..ඒත් එයාගෙ ඉම්පෲව්මන්ට් එකක් ගන්න බැරි උනා අපිට .."
"ඉතින්..."
"මුල් දවස් වල මම එයා ලගින් හෙල උනේවත් නෑ...මම නෙතූ එක්ක එයා ලගට වෙලා එයාවත් තුරුල් කරන් අඩලා ඇති ඇති වෙන්න...කතා කර කර රෑ කීයක් ඇහැරලාඉන්න ඇද්ද...??"
"ඒත් ටික දවසක් යද්දි එයා කෑම එකෙන් ගහන්න ගත්තා...අතට අහු වෙන ඕනිම දෙයකින්..කෙල ගහන්න පටන් ගත්තා..."
"අපි මුලින් හිතුවෙ ඔලුව වැදුන නිසා මොකක් හරි මානසික වෙනස් වීමක් නිසා.එත් ඩොක්ටර්ස්ලා කියන්නෙ එයාට තේරුම් ගැනීම හා මනසින් තීරණ ගැනීම ක්‍රියා කිරීම පිළිබද කිසිම ගැටළුවක් නෑලු.මේක එයා හිතලම කරන දේවල්ලු..."
"එක දවසක් මම නෙතූව ඇඳ උඩින් තියලා බාත් රූම් ගියා.විහඟි හිටියෙත් ඇඳ උඩ..."
"මම එනකොට ....මම එනකොට...."
ඔහුගේ හඩ එකවරම බිඳිලා යද්දි කවීෂ කතාව නැවැත්තුවා.
"ඔව්.කවීෂ ..."
"විහඟි බබාව ඇදෙන් පහලට කකුලින් තල්ලු කරනවා...මම එනකොට නෙතූ හිටියෙ ඇඳ ගැට්ටෙ..."
"මට ගොඩක් බය හිතුනා සහන්සා ...විහඟි දරුවට කරදරයක් කරයි කියලා...එක දවසක් දරුවගෙ කිරි බෝතලේ පොළවෙ ගැහුවා."
"එයාට මාවයි නෙතූවයි පෙන්නන්න බැරුව ගියා..."
"ඉතින් මම කලේ කාමරේට යන එක අඩු කරපු එක.මොකද එයා අපිව දැක්කම දරුණු වැඩි...වැඩට ආපු ගොඩ දෙනෙක් ගියෙත් එයාගෙ මේ හැසිරීම් නිසා..."
සහන්සා මේ හැම දේම අහගෙන හිටියෙ පුදුමයෙන්..සහන්සා හඬ අවදි කලා..
"සමහර විට කවීෂ විහඟිට මේ වෙච්ච දේ නිසා එයාට දුක ඇති.එයා ඒ දුක කේන්තියෙන් පිට කරනවා වෙන්න පුලුවන්.අපි බලමු.දෝණිගෙ අම්මා ආයි අපිට ගේන්න පුළුවන් වෙයිද කියලා.."
සහන්සා කියුවෙ කවීෂට බලාපොරොත්තු ඇති කරන්න..නමුත් ඔහුගේ සුසුම් හඩ සහන්සට දැනුනෙ බලාපොරොත්තු රහිත බවක්.
"අනේ කවීෂ මෙන්න දෝණි දොයි..."
සහන්සා කියුවෙ තම පපුතුරට තුරුලුව නිදන රෝස පැටික්කි දෙස බලමින්.
"පුදුමයි..."
"ඇයි..?"
"නෑ...නෙතූ කවදාවත් මගෙ අතේ නැතුව නිදා ගන්නෙ නෑ..අනික ඔයා එයාව අඩද්දි නලවා ගත්තා..අපෙ අම්මටවත් බෑ මම නැතුව එයාව අඩද්දි නලවන්න.ඒ තරම්ම එයාට මාව හුරුයි...ඒ වගේම ඕනි.අද උනේ පුදුම දෙයක්.."
"ම්ම්ම්..ඕක මොකක්ද ...ආදරේ තියන තැන පොඩි ළමයි නැලවෙනවා කවීෂ ..."
සහන්සා නොසිතා කියපු දෙයින් කවීෂගෙ හිත රිදුනා කියලා සහන්සට හිතුනෙ කවීෂගෙ සුසුම් හඩින්..
"මම නෙතූ තියලා එන්නම්.මිස් කන්න.කන්නත් බැරි උනානෙ..."
"හරි මම කන්නම්..."
කවීෂ චූටි පැටියා ඇදෙන් තියලා කෑම මේසෙට ආවෙ කවීෂ මුකුත් නොකාපු නිසා.
"අහ්..ඔයා කෑවෙත් නැද්ද..?"
සහන්සා අහද්දි කවීෂ හිනා උනා..
"නෑ...විහඟි අන්තිමට සුප් එකට ගැහුවා.මමත් කන්නෙ නැතුව එළියට ආවෙ.."
"ඔහ්...ඒ කියන්නෙ විහඟි කලබල කලාද..?ඒකට කමක් නෑ.කවීෂ .ඔයාගෙ ලොකු උදවුවක් ඕනි මට එයාව බලා ගන්න.අනික මට විශ්වාසයි .අපිට එයාව ගොඩක් දුරට ගොඩ ගන්න පුලුවන් වෙයි.."
................
"කෑම කාලා විහඟිගේ කාමරේට ගියපු සහන්සා දැක්කෙ ඇස් අදහා ගන්න බැරි දෙයක්.සහන්සා දවල් විහඟිගේ කාමරෙන් ගෙනත් තියපු කවීෂගෙ හා දෝණිගෙ ෆොටෝ එක පොළවෙ ගහලා..වීදුරු කටු හැම තැනම.
කාමරේ පුරා විසිරිලා තිබුන ලේ බිඳු දැක්කම සහන්සා කලබල උනා..
ඔව් සහන්සා හිතුවා හරි...විහඟි වීදුරු කපුවකට අත කපාගෙන..
"මොනාද විහඟි මේ....ඇයි මේ ආ..."
"ඕ....කේ...කමක් නෑ...කමක් නෑ...අපි බෙහෙත් දාමුකෝ...හරිද...??"
සහන්සා එළියට ගිහින් බාලසූරිය මහතාට විස්තරේ කියලා ඉක්මනින් ප්‍රථමාදාර පෙට්ටියත් අරන් ඇවිත් තුවාලය පිරිසිදුකරලා බෙහෙත් දැම්මා..ඊට පස්සෙ බැන්ඩේජ් කලා ..
"හරි අපි දැන් නිදා ගමු.මම මේ ටික අස් කරලා දාන්නම්කො..."
සහන්සා විහඟි ඇඳට දාලා වීදුරු කටු ටික අස් කලා ..සහන්සට හිතාගන්න බැරි විහඟි මෙහෙම හැසිරෙන්නෙ ඇයි කියලා..සහන්සා කාමරේට ගියෙ විහඟි නිදාගත්තට පස්සෙ.
පස් වන පරිච්ඡේදය
සහන්සා උදේම නැගිට්ටා.ඊට පස්සෙ විහඟි නැගිට්ටවලා මූණ සෝදලා ඇඳුමක් ඇන්දුවා...හය විතර වෙනකොට සහන්සා විහඟිගෙ රෝද පුටුවත් තල්ලු කරන් මිදුලට ආවෙ විහඟිට ඊයෙ වෙච්ච පොරොන්දුව ඉෂ්ට කරන්න.
අඩ අදුර නිසා පැහැදිලිව නොපෙනුනත් මීදුම් පටලයකින් වැසුන ගෙවත්ත හරිම ලස්සනයි.කොහේ හෝ සිට හඬන කුරුල්ලෙක්ගේ නාදය නිසා අවට පරිසරයේ නිහඬ බව බිඳිලා ගියෙ සුන්දරව..
විහඟිගෙ පීඩාකාරී වූ මනසට මේ පරිසරය මනා ඖෂධයක් බව සහන්සා දන්නවා..ඒකයි සහන්සා ඇයව උදෙන්ම මිදුලට එක්කන් ආවෙ..
රෝස ගස් යායෙන් කඩා ගත් තද රතු පාට රෝස මලක් විහඟිට දිගු කරපු සහන්සා ඇය එය ගත්තෙ නැති නිසා එය විහඟිගෙ කොණ්ඩෙ රැන්දුවා.
විහඟි වත්ත වටේම ඇවිද්දවපු සහන්සා ඇයව ගෙට එක්කන් ආවෙ පැයකට විතර පස්සෙ ...
ගෙට ඇතුල් වෙනකොටම සුරතල් නෙතුසරා වඩා ගත් කවීෂ පහලට බැස්සෙ සරමක් හා ටී ශර්ට් එකක් ඇදගෙන...විහඟිගේ නෙත් නතර උනේ ඒ දෙදෙනා මත.
සහන්සා කවීෂ ලගට ගිහින් නෙතුසරා වඩා ගත්තා.කවීෂ බලන් හිටියෙ සහන්සා කරන දේ හිතා ගන්න බැරුව.
"විහඟි...මේ බලන්න...ඔයාගෙ චූටි දෝණි...බලන්න..එයා ඉස්සරට වඩා ගොඩක් ලොකුයි.බලන්න මේ හුරතල්පාට ....මේ බලන්නකො...."
සහන්සා නෙතුසරාව විහඟිට ලන් කලේ බයෙන්.මොකද ඊයෙ කවීෂ කියපු දේවල් සහන්සගෙ යටි සිතෙහි තැම්පත් වෙලා තිබුනා.
ටික වෙලාවක් නෙතුසරා දිහා බලන් හිටපු විහඟි හෙමීට අත උස්සලා නෙතූගෙ අතක් අල්ලා ගත්තා.සහන්සට සතුටු හිතුනා.ඒත් ඒ සතුට ටික වෙලාවයි...
මොකද විහඟි ඒ සියුම් අත වේගෙන් තද කලේ පුන්චි දෝණි හයියෙන් අඩද්දි...කවීෂ පැනපු ගමන් නෙතූව වඩාගනිද්දි සහන්සාගෙ ඇස් වල කදුලු පිරුනෙ මේ සිද්ද වෙච්ච දේ ඇයට කම්පනයක් උන නිසා..
කිරි සුවඳ ආදරෙන් ගලාවි...❤️
![]() |
| දෙවන කොටසට |
