හතරවන පරිච්ඡේදය
"ක්‍රිශ්නා ...ක්‍රිශ්නා..."
තිසරි කතා කලේ ක්‍රිශ්නාගේ බංකරේ දොර පග ඉදගෙන..
"වරෙන් මංගම්මා...කොහොමද කොල්ලො ටිකට..."
"ටික දෙනෙක්නම් නැගිට්ටා..ගොඩක් උන්ගෙ ලේ ගොඩක් ගිහින්..."
"මට දොස්තරයා කියුවා...ලේ ගැන බය වෙන්න දෙයක් නෑ..ඒවා ලග එනවා.."
ක්‍රිශ්නා කියුවෙ මදහසක් තවරා ගනිමින්..
"මම ආවෙ අපේ උන් ටිකට සනීප වෙනකම් මම උන්ව බලා ගන්නම් සාත්තු කරන්නම් කියන්න.රාජේශ් අණ්නා ලග ඉදිද්දි මම ඒවා පුහුනු උනා.."
"හරි එතකොට අරුන් දෙන්නා..?? මොනා හරි දැන ගත්තද??"
"උන් දෙන්නා කට හොල්ලන්නෙ නෑ.බඩකින්නෙ ඉන්නකොට කියයි...කාට හරි බාර දෙමු.කොහොමත් කූඩුවෙනෙ..""
"හරි එහෙනම් බලලා කරපන්..."
රමේශ්ගේ සැලැස්මට අනුව හැමදේම සිද්ද උනා...
.............................................
මේ අතර ට්‍රක් රතයක් කදවුරට ඇතුල් උනේ දූවිලි නංවමින්...තිසරි ඒ දෙස දෑස රැන්දුවා.
ඉන් තල්ලු කරමින් බිමට බැස්සුවෙ යුද හමුදා සෙබලුන් බව හදුනා ගන්නට තිසරිට වෙලා ගියෙ නෑ..
තිසරි ඉක්මනින් ඒ දෙසට දිව ගියා.පහර දීමෙන් තුවාල ලැබූ කිව හැකි යුද හමුදා සෙබලුන් දස දෙනෙක් ට්‍රක් රතයෙන් බැස්සා..
ඔවුන්ට පා පහර දෙමින් අරගෙන ගියෙ විශාල ශාලාවකට.ඒ සමගම ඔවුන්ගේ වෛද්‍ය වරයාද දිව ගියා..තිසරිත් ඒ පසුපස වැටුනෙ වෙන්නෙ මොකක්ද කියලා බලා ගන්න..
"මංගම්මා ..."
පිටුපසින් ඇහුනෙ ක්‍රිශ්නාගේ හඩ...
"ක්‍රිශ්නා .."
"ඩොක්ටර්ට උදවු කරනවද..."
"හා..හරි හරි..."
අවසර ලැබුන නිසා තිසරි ඒ දෙසට දිවුවෙ කුතුහලයෙන්...
සෙබලුන් දස දෙනා බිම වාඩි වී සිටියා..
අවට සිටි ත්‍රස්තවාදී තරුණ්‍යන්ගෙන් පා පහර දරා ගනිමින් ඔවුන් දැඩි වෙහෙසකර බවක් කියා පෑවා..
වෛද්‍යවරයාගේ අණින් සෙබලුන් දස දෙනාට ආහාර හා වතුර ලබා දුන්නා..
ඔවුන්ගේ අත් ලෙහුවෙ කෑම කන්න..
එක් සෙබලෙක් කෑම පිගාන අතින් තල්ලු කල අතර අනිකා කෑම පිගානට කෙල ගැහුවා..
දස දෙනාම කෑම දිහා හැරිලවත් බැලුවෙ නෑ..
අපේ කොල්ලන්ගෙ තිබ්බ එඩිතර කමට තිසරිගෙ නෙතට කදුලක් ඉනුවෙ නිරායාසයෙන්.
"කාපන්....උබලා හිතුවද ආදරේට කවනවා කියලා...නේ අපිට වැඩක් ගන්න තියනවා..කාපන්.."
එක් අයෙක් සෙබලෙක්ට පහර දුන්නෙ එලෙස කියමින්.
තිසරි මොනාද වෙන්නෙ නොදන්න නිසා නිහඩව සිටියෙ ප්‍රශ්න කිරීමට යාම සැකයකට මුල බව මතක තබා ගනිමින්..
එක සෙබලෙක්ව හාන්සි කල ඔවුන් ඔහුව මැස්සට තියල ගැට ගැහුවෙ හෙලවෙන්නවත් බැරි වෙන්න..
ඉන්පසු පැමිනි වෛද්‍ය වරයා සීරුවට සෙබලාගෙන් ලේ ගන්නට උනා..
"ඔහෝ ගෝඩ්...!!!"
තිසරිට කිය උනේ වැඩේ තේරුම් ගිය නිසා..
ඔවුන් මේ සෙබලුන්ගෙන් ලේ අරගෙන වෙඩි වැදී සිටි ඔවුන්ගේ ත්‍රස්තවාදී අයට ලබා දීමට කටයුතු කරන බව තිසරිට පැහැදිලි විය..
කෝපයත් දුකත්...මිශ්‍ර ගැගීම් සමූදායක් හිත තුල පොරකද්දි ඉවසා සිටියේ මෙතෙක් දවසක් කල මෙහෙයුමේ අවසානය ලන් වෙනවා කියන හැගීමත් කලබල වූවොත් සියල්ල නැති වෙයි කියන බිය නිසාත්..
වෛද්‍ය වරයා රුදිරය අවසන් බිදුව දක්වාම ගෙන නොනවත්වන බව පැහැදිලි ඌ නිසා තිසරි වෛද්‍ය වරයා අසලට ගියේ කුමක් හෝ කරන අටියෙන්..
"ඩොක්ටර්..."
"මංගම්මා ...???"
"අපි එක එකාගෙන් ගමු.ගොඩක් දුර්වල කරන්නෙපා...කන්න බොන්න දීලා ආයිත් ලේ ගන්න පුලුවන්.දැක්කම පේන්නෙ නැද්ද..."
ඒ අවස්තාවෙ සෙබලුන්ගේ ජීවිත රැක ගැනීමට කල හැකි එකම තුරුම්පුව ඇය මුදා හැරියා..
මදක් කල්පනා කල ඔහු ඊලග සෙබලා සූදානම් කරන්න යැයි ලග හිටි බයෙකුට පැවසුවෙ තිසරිගෙ හිතට සහනයක් ලබා දෙමින්..
සෙබලා තිසරි දෙස හෙලුවෙ පුදුම සහගත බැල්මක්...
...................
කලින් අවි සූදානම් කර සගවා ඒ පිලිබදව පරමේශ්වරී හා රිස්වි දැනුවත් කල තිසරි තුවාල කරුවනට උපකාර කරමින් බෙහෙත් කරමින් ඒ අසලම ගැවසුනේ කාටවත් සැක නොහිතෙන්න..
"මංගම්මා ....වතුර..."
රමේශ් තිසරිට කතා කලේ කාටවත් සැක නොහිතෙන්න..
වතුර බෝතලයකුත් අරන් තිසරි රමේශ්ට ලන් උනා...
"වැඩේ හරිද...??"
"සේරම හරි..."
"හරි එහෙනම් ...හැමෝම නින්දට වැටෙන්න ඇරලා ඉතුරු ටිකත් සම්පූර්ණ කරන්න.."
"හරි .."
දෙදෙනාගේම රහස් කතාවෙන් පස්සෙ තිසරි කාටත් හොරෙන් පිටවෙලා ගියා...
.............................................
පරමේශ්වරීගේත් රිස්විගෙත් සිරමැදිරි වලට එපිටින් තුන් දෙනෙක්ම රැකවල්ලා සිටිනු දුටු තිසරි මදක් පසු බැස්සා...
කලුවරේ එහා මෙහා යන එක් අයෙක්ගේ අවදානය වෙන දෙසකට යොමු කිරීමටයි ඇයට අවශ්‍ය උනේ..
ඈතින් ඇති පදුරක් දෙසට ගලක් වීසි කලා..
සිතූ ලෙසම ඔහුගේ අවදානය ඒ දෙසට යොමු උනා..ඔහු ඒ දෙසට යද්දි තිසරි අනෙක් දෙදෙනාටම තමන්ගේ හඩ නොහැගෙන අවියෙන් වෙඩි ප්‍රහාර එල්ල කලා..
ඔවුන් දෙදෙනා බිම වැටෙන හඩින් ඒ දෙසට දිව ආ තුන් වැන්නාටද හිමි උනේ ඒ ඉරණමමයි..
ඉක්මනින් පරමේශ්වරී ගේ හා රිස්විගේ කූඩු කඩා දැම්මේ ඒවා ඔවුන් කඩා ගත් බවට සාක්කි ඉතුරු කරමින්
"තිසරි..!!"
එලියට ආපු දෙදෙනා තිසරිව තුරුල් කර ගත්තා...
"සාජන්."
"ඔයා රිස්වි එක්ක තොරතුරු ටිකත් අරන් අපේ සීමාවට පැන ගන්න."
"ඒත් ...???"
"සාජන් කතා කරන්න වෙලා නෑ..මුන් අපේ කොල්ලො දහයක් තියාගෙන ලේ ගන්නවා මුන්ගෙ ඩැමේජ් වෙච්ච උන්ට...ඉක්මනට අපේ අයත් එක්ක එන්න..."
තිසරිගේ හඩේ තිබූ අවදානම දෙදෙනාම හැදින ගත්තා.
"හරි...අපි එනවා..බය වෙන්න එපා.මම ඔය දෙන්නව බේරා ගන්නවා.."
පරමේශ්වරී කියුවෙ තිසරිව තුරුල් කරන්...
නන්දු ඇතුලු ත්‍රස්තවාදීන්ගේත් ඔවුන්ට උදවු කල සින්හල අයගේත් තොරතුරු රැගෙන පරමේශ්වරීත් රිස්විත් කොටි කටෙන් පැන ගත්තා..
තිසරි මුකුත් නොවුනා සේ රමේශ් සොයා දිව ගියා...
"මහත්තයෝ ...වැඩේ හරි...දෙවියන්ගෙ පිහිටෙන් අපේ අය හරි තැනට ගියොත් වැඩේ ගොඩ
"
රමේශ්ට තම ආදරවන්තිය ගැන ඇති උනේ ආඩම්බරයක්...තුරුනුකම පරයා නැගෙන මේ ජාතික හැගීම් ගැන කොල්ලා ගොඩක් සතුටු උනා..
"
රමේශ්ට තම ආදරවන්තිය ගැන ඇති උනේ ආඩම්බරයක්...තුරුනුකම පරයා නැගෙන මේ ජාතික හැගීම් ගැන කොල්ලා ගොඩක් සතුටු උනා..
"උබ ඒක තනියම කලා එහෙනම්...ආදරෙයි මැණිකෙ..."
රමේශ් තිසරිව තම ලයට තද කර ගත්තා...
තුවාල ලැබූ සියල්ලන් නිදි නිසාත්...රැකවලුන් තැන තැන නිදි කිරන නිසාත් විශාල බංකරය පුරාවට තිබුනෙ නිහැඩියාවක්.
තුරුනු පෙම්වතුන් දෙදෙනෙක්ගෙ හැගීම් ඇවිලෙන්න මේ නිහැඩියාව හොදටම ඇති.
ඒත් මේ තුරුනු හිත් දෙක යට මහා ගින්නක් ඇවිලෙමින් තිබුනා..පරමේශ්වරීටත් රිස්විටත් අදාල සීමාවට පැන ගන්නට අද රාත්‍රිය කෙලෙස උපකාර වේදැයි දෙදෙනාම තැනුනා..
"මැණිකෙ..."
"ම්ම්"
"දන්නවද..මම මැරුනත් බය නෑ බන්..උබ වගේ එඩිතර කෙල්ලෙක්ට ආදරේ කලා කියලා දැනෙද්දි..."
"මොනාද මේ කියන්නෙ.."
මරු කටේ හිටියත් රමේශ්ගෙ කටින් මරණය ගැන කියවෙනවට තිසරි කැමති උනේ නෑ..
තම පපුවෙන් ඉහලට එස වී ඇස් දෙකත් ලොකු කරගෙන තමන් දිහා බලන් ඉන්න කෙල්ලව දැක්කම රමේශ්ට ඉවසුන් නැතුව ගියා..
තිසරිගෙ දෙතොලට පහත් වෙනකොට කෙල්ලගෙ ඇස් පිය උනේ ඒ දේ බලාපොරොත්තු උනා වගේ..
"මැණිකෙ..."
රමේශ්ගෙ හඩින් තිසරි පුදුමයෙන් ඇස් ඇරියා..
"නෑ කෙල්ලෙ...අපි කවදාහරි මෙතනින් ගියොත් අන්න එදාට මේ දේවල් මට දීපන් පන.මම මැරුනොත්...එහෙම උනොත් තව මන් වගේම ආමි කොල්ලෙක්ට ඔය ජීවිතේ දීපන් මගෙ රත්තරන් .. "
රමේශ් කියුවෙ තිසරිව තමන්ගෙ පපුවට තද කර ගන්ම ගමන්...
............
මේ වෙනකොට පරමේශ්වරී සහා රිස්වි බොහෝ දුර ගෙවා ඇවිත් අවසන්..
ඔවුන් ඇද සිටියෙ ත්‍රස්තවාදී නිල ඇදුම් වීමත් , දමිල බස හැසිර විමෙ හැකියාවත් ත්‍රස්තවාදී බංකරය තුල සිටියදී ලැබුන විවිද තොරතුරු සංනිවේදන ක්‍රමත් උපයෝගී කර ගනිමින් මුර කපොලු මගහැර රනවිරු බලප්‍ර්‍රදේශයට ලන් වීමට අවස්තාව ලබා ගත්ත...
.........................................................
යන්තමින් හිරු නැගෙන විටත් තිසරි හිටියෙ රමේශ්ගෙ තුරුලෙ නිදි සුව විදිමින්...
ආදරේ උපරිමයට විදිය හැකි සීමාව එය නිසා ඔවුන් එය උපරිමයෙන් විද ගත්තෙ ගොඩක් නිර්මල හැගීමෙන්..
....................................................
ත්‍රස්තවාදී බංකරය තුල ගින්න ඇවිලෙමින් තිබුනා...
ආරක්ශාවට සිටි තිදෙනාගේ මලසිරුරුත් හිස් සිරමැදිරි දෙකත් බොහෝ දේ කියා පෑවා...
ක්‍රිශ්නා කෙලින්ම ආවෙ තිසරිව හොයාගෙන..
"මංගම්මා ..."
!ක්‍රිශ්නා ..."
"කොහොමද මෙහෙම දෙයක් උනේ...???"
"අනේ මම ඊයෙ ක්‍රිශ්නා ඔයාට කියුවා මම ඩැමේජ් එවුන් ටික බලා ගන්නම් කියලා..."
"ක්‍රිශ්නා කියපු තුන් දෙනා තමයි මම මුරට දැම්මෙත්..."
"එතකොට උබ කොහෙද හිටියෙ... ???"
"ම...මම මේ..."
"ඒක අහන්න ඕනි කෝඩණ්නාගෙන් තමයි.."
මුරකටයුතු සදහා යෙදී සිටි කොල්ලෙක් කියුවෙ තිසරිව පුදුම කරමින්..
පුදුමෙන් බලා සිටි ක්‍රිශ්නා ..
"උබලා දන්නවා..සංවිධානයේ ඇතුලේආදර කතා තහනම්.."
"හරි ක්‍රිශ්නා දැන් අපි මොකද කරන්නෙ??"
තිසරි ඇහුවෙ කතාව වෙනතකට යොමු කිරීමට..
"මම අපේ කොල්ලො යැවුවා...උන් දෙන්නා පන පිටින් හරි නැතුව හරි මට ඕනි...එච්චරයි"
.............................
දහවල් වන විට පරමේශ්වරී සොයා ගිය ත්‍රස්තවාදීන් හිස් අතින් පැමිණියේ තිසරිටත්, රමේශ්ටත් සහනයක් ගෙන දෙමින්..
"ලොක්කා...අපිට උන්ව හොයා ගන්න බැරි උනා.."
එක් තරුනයෙක් පැවසුවෙ බයෙන්...
ක්‍රිශ්නාගේ උණ්ඩය නතර උනේ ඔහුගෙ පපුවෙ..තරුණයා බිම වැටෙද්දි ක්‍රිශ්නා මහා හඩින් කෑ ගැහුවා...
"උබලට උන්ව බලා ගන්න ඹැරි උනා...මෝඩ තකතීරුවො..."
.........................................
රාත්‍රිය උදා උනා...මොන දේ උනත් රමේශ් හා තිසරි හිටියෙ සතුටින්..
එකවරම කලුවර කපාගෙන වෙඩි එලි පිටවෙන්න උනේ තිසරිගෙත් රමේශ්ගෙත් සිත් සතුටින් පුරවාලමින්..
"ආමි කාරයා ගහනවා...ලෑස්ති වෙයල්ලා"
කාගේදෝ හඩක් සමගම මුලු පලාතම වෙඩි හඩින් පිරී ගියා...තිසරිත් රමේශුත් ඒ අවට සිටි අයට වෙඩි තිබ්බෙ අත රැදි අවියෙන්..
තිසරි රමේශ්වත් කවර් කරගෙන බංකරෙන් එලියට ආවා...
යුද හමුදා සෙබලුන් ඉතා සූක්ෂම ලෙස කදවුර වටලලා තිබුනෙ කාටවත් පැන ගන්න බැරි වෙන්න..
ඉදිරියටම වෙඩි තබමින් රමේශ් සමග ඇදුන තිසරි තමා ඉදිරියට ක්‍රිශ්නා එනු දුටුවා...
"මංගම්මා.. බලාගෙන ..උන් අපිට ඇටෑක් කරනවා...පහු බැහැපන්..."
"අපිට පහු බැහැලා පුරුදු නෑ යකෝ..."
තිසරි කියුවෙ ක්‍රිශ්නා ට අවිය එල්ල කරන ගමන්...
පුදුමෙන් තිසරි දෙස බලා සිටි ක්‍රිශ්නා ...
"එතකොට එතකොට උබලා අපිව ගොනාට ඇන්දුවා...හිටපන් උබට..."
ක්‍රිශ්නාගේ අවියට වඩා රමේශ්ගෙ අවිය වේගවත් උනා..ක්‍රිශ්නා මිහිතලය බදා ගත්තෙ කරපු පව් වලට වන්දි ගෙවමින්
"අපි යමු තිසරි..."
තිසරිත් රමේශුත් ර්හම සෙබලු සිටින පැත්තට යන්නට ගියෙ වෙඩි ඉලක්ක වලින් බෙර්‍රෙමින්....
ඒත් එක්කම පැමිනි අත් බෝම්බයක් ඔවුන් දෙදෙනා ඉදිරියෙන් පතිත උනේ මහා හඩක් නංවමින්..
තිසරිත් රම්‍රෙශුත් දෙප්සට වීසි වෙද්දි තිසරි දැක්කා රමේශ් ලේ පෙරාගෙන බිම වැටිලා ඉන්නවා..
කලු පාට දුමාරය හා වෙඩි එලි මැද තිසරි අවසන් වරට දෙනෙත් පියා ගත්තෙ තමා ඉපදුනු රට වෙනුවෙන් කල හැකි උපරිමය කරමින් අවසන් හුස්ම වා තලයට මුසු වේවායි පතමින්...
.......................
රට වෙනුවෙන් ඔවුන් පෙරට
