Showing posts with label කෙටි කතා. Show all posts
Showing posts with label කෙටි කතා. Show all posts

Monday, July 8, 2019

තවමත් නොදනී නුඹෙ ආදරේ

නොදනී තවමත් ඔබෙ ආදරේ
(අහිමි සෙනෙහස 2 -කෙටි කතාව)


"දුවේ....දුවේ...."
"මොකෝ දරුවො මේ දොර වහගෙන...එන්නකෝ. එලියට .... ආන් මම චොක්ලට් ගෙනාවා...පුතේ චිකන් වගේකුත් ඇති...අයිස් යන්න වතුරට දාන්න..මම හදන්නම්..."
"සුද්දියේ...අනේ මගෙ දුවේ...මොකෝ මේ...දොර අරින්නකො දරුවො..."
"තාත්තෙ   .."
ලිහිණි හෙමිහිට වැහුනු දොර ඇරියත් දොර රෙද්දට මුවා වෙලා හිටියෙ ...පාසල් සුදු ගවුම පිටින්ම එහෙම ඉන්න ලිහිණි දැක්කම ලිහිණිගෙ තාත්තා ගොඩක් බය උනා...
"මොකක් කරනවද සුද්දි...මාව බය නොකර එළියට එන්න.."
"එළියට එන්න බෑ..."
"ඇයි...?උබට මොන යකා ගහලද...?"
"ගවුමෙ මොනාද තියනවා..."
"මොකක්..?"
"තාත්තෙ මේ මේ මොනාද ..මේ..."
"අනේ රත්තරනේ..පොඩ්ඩක් ඉන්න..මේ මේ මන්නෙ ඔයා ලගින් තියා ගනින් තනි වෙනවට.මම එහා ගෙදර නැන්දට කතා කරන්නම්.."
මේ සුමින්ද ...සුමින්ද ලිපිකරුවෙක්...පාසල් වියේදීම පැටලුණු ප්‍රේමයේ ප්‍රතිපලයක් විදිහට සුමින්දත්, රේනුකාත් විවහා උනේ අවුරුදු පහක ප්‍රේම සබඳතාවක විදිහට.
විවහා වෙලා අවුරුදු දෙකක් යද්දි ලිහිණි එයාලගෙ ජීවිතේට ආවෙ ගේම එළිය කරලා...රෝසම රෝස පාට කෙල්ලව සුමින්ද අතට ගත්තෙ ආදරේ දෝරගලද්දි..
ඒත් රේණුකා....
රේණුකා කියුවෙ ළිහිණිට කිරි දෙනකොට එයාගෙ ඇගේ හැඩේ අවුට් යනවා කියලා.එහෙමයි කියලා මේ කිරිසප්පයට පිටි කිරි දෙන්න ගත්තෙ මාස දෙක යන්නත් කලින්..
සුමින්ද  මේ හැම දේම ඉවසුවෙ රේණුකාට තියන ආදරේ නිසා.
ඒත් එන්න එන්නම රේණුකා ගෙදර වැඩත් දරුවාගේ වැඩත් මගෑරියා..ලිහිණිට අවුරුද්ද ලබලා ටික දවසක් යද්දි රේණුකාට ජොබ් එකක් ඕනි උනා..සුමින්දගෙ අකමැත්තෙන්ම ටවුන් එකේ සැලෝන් එකක වැඩට ගියෙ ඔය අතරෙ...
දරුවා හිටියෙ සුමින්දගෙ අම්මා ලග.වැඩ ඇරිලා ආවම මහන්සි කියලා නිදා ගන්නවා ඇරෙන්න රේණුකා දරුවා ගැනවත් බැලුවෙ නෑ..
දෙන්නා අතර පොඩි පොඩි ප්‍රශ්න ඇති උනත් සුමින්ද  නිතරම ඉවසුවා..
මේ අතර තමයි සුමින්දගෙයාලුවෙක් දීපු පණිවිඩේකට සුමින්ද ලැගුම් හලක වෙන පිරිමියෙක් එක්ක හිටපු රේණුකා අතටම අල්ලා ගත්තෙ..
එතකොට ලිහිණිගෙ මල්ලිට මාසහතරයි...එදාම  අවුරුදු පහක් වෙච්ච ලිහිණිවත් , අතදරුවවත් දාලා රේණුකා ගෙදරින් යන්න ගියෙ අර මනුස්සයත් එක්ක..
එදා ඉදන් දරුවො දෙන්නා ඇස් දෙක වගේ රැක්ක සුමින්ද දරුවො දෙන්නා මේ තත්වෙට ගන්න නොවිදිනා දුක් වින්දා...අම්මලගෙ වෙනස් කසාදයක් කර ගන්න කියන බලපෑම වැඩි උනත් සුමින්ද දරුවො දෙන්නා ගැන හිතලා වෙනත් කසාදයක් කර ගත්තෙ නෑ...
.........................
අම්මඑක් නැති දියණියක් වැඩි වියට පත් උනාම තාත්තා කෙනෙක්ට ලොකු වගකීමක්..අම්මා කෙනෙක් වගේ ලොකු මහත් වෙච්ච දියණියක්ගෙ හැම දේටම ඇගිල්ලෙන් ඇන ඇන හොයන්න තාත්තා කෙනෙක්ට බෑ..
ගෑණු ලමෙක්ට අවශ්‍ය මොනාද , අසනීපයක් උනාම කියන්න, ඇදුම් පැළදුම් කරන විදිහ මේ හැම දේටම අම්මෙක් ඕනිමයි..
වැඩි වියට පත් උනාට පස්සෙ ලිහිණි ගෙදර ලොකු වැඩ කොටසක් අතට ගත්තා..තාත්තා වැඩට ගිහින් එනකොට උයන්න, මල්ලිගෙ පාසල් වැඩ කරවන්න, මල්ලිගෙ රෙදි සෝදන්න, ගෙවල් මිදුල් පිළිවලට තියා ගන්න වැඩ එක්ක ඉගන ගන්න වැඩ උනත් කරන්න ලිහිණි ලොකු උත්සහයක් ගත්තා..
............
ලිහිණි හැමදාම පරක්කු වෙලා ඉස්කෝලෙ එන්නෙ..?
ලිහිණි මොකෝ දීපු ගෙදර වැඩ කලේ නැත්තෙ..??
ලිහිණි මොකෝ නිදි කිරන්නෙ...ගෙදරෛදන් ලමයි බල ගන්නවද...?
ඔය වගේ කතා ලිහිණිට පුරුදුයි.යහළුවන්ගෙ හිනා හඩ මැද ලිහිණි හැමදාමත් ඇස් වල කදුලු පුරවා ගන්නවා..
"එයාගෙ අම්මා  දාලා ගිහින්නෙ ටීචර් ...ඉතින් ගෙදර වැඩ කරලා මල්ලි බලා ගන්නෙත් එයා...අලුතින්ම ආපු ගුරුවරියකට ඔය කතාව කියුවම ලිහිණිට මුළු කතාවම එයාට කියන්න වෙන එක සාමාන්‍ය දෙයක්.ඊට පස්සෙ හැමෝම ලිහිණි දිහා බලන්නෙ අනුකම්පාවෙන් .ලිහිණි ඒකට කැමතිත් නෑ..
........................
"මොකෝ සුද්දි අමරුවෙන්  වගේ...මූණත් මැලවෙලා.."
තාත්තා අහද්දි ලිහිණි ලොකු අපහසුතාවයකට පත් වෙන්නෙ...අම්මෙක්ට හැදෙන හැම අසනීපෙම කියුවට තාත්තෙක්ට කියන්න දුවෙක්ට අමාරුයි.ඒ වෙලාවට ලිහිණි කතාව මගාරිනවා..
"නෑ තාත්තා මේ මගෙ ඔලුව රිදෙනවා.."
"කෝ කියුවට අහනවයේ...ගෙදර වැඩ ටික ඔක්කොම බදාගෙන...
තාත්තා කියන්නෙ ලිහිණි ගැන උපන් අනුකම්පාවෙන්..
................
ඉස්කෝලෙට ටියුෂන් පන්ති වලට ලමයි  එන්නෙ අම්මගෙ අතේ එල්ලිලා...ඉස්කෝල පන්ති ඇරෙන වෙලාවටත් ගේට්ටු ලග ඉන්න අම්මල දැක්ක්ම ලිහිණි ඇස් වලට එන කදුලු නවත්තා ගන්නෙ බොහොම අමාරුවෙන්..
"මේ ගවුම මැහුවෙ අපෙ අම්මා..."
"අපෙ අම්මත් ශොපින් කරලා...මට අර ඩෙනිම් කෝට් එක ගෙනත් තිබ්බා.මම එදා කියුවෙ..."
"අපෙ අම්මා කට්ලට් හැදුවනෙ...මේ ඔයලාටත්.."
යාලුවො ඔහොම කතා කරද්දි ලිහිණි කරන්නෙ මුණිවත රකින එක.
............
එක දවසක් බස් එකේ යද්දි ලිහිණි ලගම ශිඋට් එකේ හිටගෙන හිටපු මිනිහා ලිහිණිගෙ ඇගට හේත්තු වෙනවා.ඒ මදිවට කලිසමේ ශිප් එකත් ඇරලා දාලා...ලිහිණි හොදටම බය උනා..
මෙහෙම දෙයකුනාම ඕනිම ගෑණු ලමෙක් මුලින්ම කියන්නෙ අම්මට..එදා ලිහිණි ගෙදර ඇවිත් හොදටම ඇඩුවා..
...............
දැන් ලිහිණිගෙ වයසෙම පිරිමි ලමෙක් ලිහිණිගෙ න් යාලු වෙන්න අහනවා..තාත්තට කියනත්
බයයි තාත්තා ගහන්න යයි කියලා කියන්න කෙනෙක්කුත් නෑ..නොකියත් බෑ ඒ ලමයා කියන දේ අහන්නෙත් නෑ...
"සුද්දී.."
"තාත්තා..."
"මොකක්ද මේ මිනිස්සු කියන කතාව සුද්දි..."
"මොකක්ද තාත්තා "
"උබ කොල්ලෙක් එක්ක යාලු වෙලා කියන කතාව..."
"නෑ තාත්තා අර අර..."
"කට වහපන්..අහන දේට විතරක් උත්තර දියන්..ක"
තාත්තා අද බීලා කියලා ලිහිණිට හිතුනා..ලිහිණිට ඇඩුනෙ ඒ නිසාමයි..
"තාත්තා මම කියන දේ පිලිගන්නත් නෑ...මට මේවා කියන්න කවුද ඉන්නෙ...අම්මෙක් ඉන්නවා කියලයෑ..."
ලිහිණි කෑ ගගහා අඩනකොට තාත්තට ගොඩක් දුක හිතුනා..ලිහිණිව තුරුල් කරන් තාත්තත් ඇඩුවෙ ඒකයි...
................
අද ලිහිණිගෙ මංගල දවස...තාත්තා ලිහිණි ලස්සන මනමාලියක් කලා..ලිහිණිත් අම්මා කෙනෙක් වෙයි ..එයා හැබැයි ලිහිණිගෙ අම්මා වගේ වෙන එකක් නෑ කවදාවත්ම...
......................
මගෙ අහිමි සෙනෙහස කතාව කියවපු යාළුවෙක් මගෙන් ඇහුවා ඇයි එක පැත්තක් ගැන විතරක් කියන්නෙ කියලා..නෑ...මට ඒකෙන් ඕනි උනේ තාත්තා විතරක්  වැරදි කියන්න නෙම්ව්‍යි.මේ සමාජෙ තාත්තලගෙ වැරදි නිසා දුක් විදින ලමයින්ව නියෝජනය කරන්න.
ඉතින් මම මව් සෙනෙහස අහිමි දරුවෙක් ගැන අද ලියුවා..කොයි තරම් දුරට සාර්ථක ද මම දන්නෙ නෑ...එර්ත් හිතට දැනුන දේ ලියලා යන්න.
දරුවන් වෙනුවෙන් කැපවන දහසකුත් අම්මලා තාත්තලට මගේ උපහාරය.නමුත් අද සමාජේ මේ වගේ ප්‍රශ්න වැහි වැහැලා.ට්බිත්ත උනත් ඇත්ත ඒක.
පුන්චි ප්‍රශ්න නිසා, නැත්නම් තාවකාලික සතුටක් නිසා තමන්ගෙ පවුල අතෑරලා දාලා ගියාම දුක් විදින්නෙ දරුවො...ඒකයි ඇත්ත

අහිමි සෙනෙහස

අහිමි සෙනෙහස

"දූ ඇයි මේ....අනේ ළමයො කතා කරන්නකෝ...මාව බය නොකර..."
"ඕඕඕක්...ඕඕඕක්ක්..."
"අනේ සුදු මැණිකෙ...මොකෝ මේ....අද මේ කොල්ල උදේම වැඩට ගියානෙ අනේ...ෆෝන් එකත් වැඩ නෑ...වාඩි වෙන්න දුවේ...මම එහා ගෙදර පොඩි මල්ලිට කතා කරන්නම්..මොකෝ වාහන තිබ්බට අපිට අරන් යන්න පුලුවනෑ..."
අම්මා හොඳටම කලබල උනේ ගිත්මිට හිටපු ගමන් උදේම වමනෙ යන්න පටන්ගත්ත නිසා...
"අම්මා....."
ගිත්මිට දැනුනෙ මුලු ලෝකෙම කැරකැවෙනවා වගේ...එක පාරටම හැම දේම නිලංකාරවෙලා යද්දි ගිත්මිට මතක අම්මා අල්ලා ගන්නවා වගේ...
.................
"පීක්ක්ක්...පීක්ක්ක්...පීක්ක්ක්...."
කැරකෙන සිවිලිම් ෆෑන් එකේ තටු එකිනෙක් පැහැදිලි වෙද්දි ගීත්මි අහුනෙ නුපුරුදු ශබ්දයක්...අතට දැනුන සියුම් වේදනාවත් එක්ක  ගීත්මි වට පිට බැලුවා...ඇදවල් පේළියක රෝගීන් දකිද්දි ගීත්මිට හැමදේම මතක් උනා..
"අම්මා...."
"ඉන්න....අම්මට කතා කරන්නම් මම...."
කරුණාවන්ත හෙදියකගේ හඩ  ඇසෙද්දි ගීත්මි නැවතත් දෑස් පියා ගත්තා..
"අම්මා...."
"සුදු දූ...."
"සුදු අයියා  ...."
"හරි මැණික අයියා එයි...."
.......................
"මොකෝ මේ අම්මයි දුවයි....?"
ඩොක්ටර් ආවෙ සිනාමුසු මුහුණින්...
"මේ අම්මද...?"
"ඔව් ඩොක්ටර් ...අයියගෙ අම්මා..."
"ඒ කියන්නෙ නැන්දා අම්මා...??"
"ම්ම්ම්"
"ඔන්න අම්මෙ ලේලි මුණුබුරෙක් ගේන්නයි යන්නෙ..."
"අනේ රත්තරන් ...දෙයියන්ගෙම පිහිටයි.."
"ඔයාට අසනීපයක් නෑ...බය වෙන්න එපා..හොදට කාලා බීල සතුටින් ඉන්න ......ගිහින් මහන්සි වෙන්න එපා මේ දවස් ටිකේ..."
"හරි ඩොක්ටර් ..."
ගීත්මි කියුවෙ දහසක් මල් හිතේ පිපෙද්දි..
...................................
"අම්මා සුදු අයියට දැම්ම කියන්න එපා.මම හවස පන්සල් ගිහින්ම කියන්නම්.."
"හා පුතේ..."
...................................
"අනේ මන්දා සුදු නෝනා .ඔයා හරිම මුරණ්ඩුයි...අම්මා කෝල් කරද්දි මම ගොඩක් බය උනා.ඒ මදිවට අසනීප තියන් පන්සල් එන්න ඕනි කියලාඅ කෑ ගැහුවා....අපෙ අම්මත් මෙයාගෙ පදේටම නටනවනෙ..."
"ශ්ශ්...සුදු අයියා මේ පන්සල...කෑ ගහන්න එපා..."
කෙල්ල හිනා වෙවී කියද්දි මදූකටත් හිනා.
සුදු සැහැල්ලු ගවුමට නාලා කඩලා දාපු කොණ්ඩෙ ඒ මූන වෙනදට වඩා පින් පාට කරලා කියලා මදූකට හිතුනා.
පන්සලට ආවම නිවී සැනසිල්ලෙ බුදුන් වදින එක පුරුද්දක් කියලා දන්න නිසා මදූක වැදලා නැගිටින්න හැදුවෙ පුරුද්දට වගේ බෝ මළුව පැත්තටයන්න .වෙනදා කෙල්ලට  නිදහසේ වදින්න දීලා කොල්ලා එහෙම යනවා.
"එපා...මා ලගින්ම ඉන්න..."
කෙල්ල කියුව විදිහට කොල්ලට දුක හිතුනා.මටත් පිස්සු උදේ කලන්තෙ හැදුන කෙල්ල ට්ගනියම දාලා යන්න... කොල්ලා තමන්ටම හිතින් දොස් පවරා ගත්තා .
"සුදු අයියෙ "
"ම්ම්ම්"
"මට ලොකු කතාවක් කියන්න තියනවා..මගෙ තාත්තා ගැන."
"සුදු නෝනා...ඇයි මේ...මතකද මුල් කාලෙ තාත්තා ගැන අහද්දි ඔයා කියුවා...ඒක ගැනනම් අහන්න එපා කියලා...ඒත් අද ඇයි මේ..."
"නෑ ...මට හැම දේම කියන්න ඕනි..."
"කියන්න සුදු නංගි...ඔයා කියන ඕනි දෙයක් මම අහගෙන ඉන්නෙ..."
"දන්නවද සුදු අයියා......මගෙ තාත්තා...මට තාමත් මතකයි...එයා උස මහත කඩවසම් කෙනෙක්...එයාගෙ උඩු රැවුල හරිම ගාම්භීරයි..."
"එයා හවසට ගෙදර එනකොට මාව උස්සලා කරෙන් තියා ගත්තා..මට තාම මතකයි හීනෙනෙ වගේ...එයා මට කියුවෙ සුදු අම්මි කියලා..."
කෙල්ලගෙ තරු ඇස් කදුලු පිරෙනවා දැක්කත් වෙනදා වගේ කොල්ලා ඒවා පිහදාන්න නොගියෙ කෙල්ල ලොකු කතාවක් කියන බව දැනුන නිසා..
මම මොන්ටිසෝරි යද්දි මට මතකයි තාත්තා අම්මා එක්ක රණ්ඩු වෙනවා...අම්මා හැමදාම අඩනවා..
"අන්තිමට..."
"අන්තිමට තාත්තා ගෙදර එන එක අඩු උනා.."
"අම්මයි මායි දෙන්නම ගියා තාත්තගෙ ඔෆිස් එක ලගට...අපි ගිහින් පැය ගනන් රස්තියාදු වෙනකොට තාත්තා කීයක් හරි ගෙනත් අම්මගෙ අතට දීලා යනවා.."
"මුකුත් නොතේරෙන මම පැය ගනන් බලා ඉන්නෙ තාත්තා ඇවිත් මාව කරේ තියා ගන්නකම්..ඒත් එයා මා දිහා බැලුවෙවත් නෑ..."
කෙල්ල ඉකිගහද්දි මදූක ඇයව තම උරහිසට වාරු කර ගත්තා..
"ඊට පස්සෙ තාත්තා ගෙදර නෑවිත්ම ගියා සුදු අයියෙ ...ඊට පස්සෙ තමයි අපේ ජීවිත අපායක් උනේ.."
"අම්මා හරියට දුක් වින්දා...ගොඩාක්.එයා මාව හදා ගන්න නොකරපු රස්සාවක් නෑ..."
"ඒත් එයා එකපාරටම අසනීප උනා..ඒකෙන් ප්‍රයෝජන ගත්තෙ වටේ උන්නු නෑදෑයො...එයාලා තරුණ වයසට ලන් වෙලාවත් නැති මට කසාද යෝජනා ගෙනාවා.."
"අපේ පවුලට සල්ලි බාගෙන් උදවු කලා...අම්මගෙ අසනීපෙට විතරක් නෙමෙයි..කන්න බොන්න ඉගන ගන්න පවා..."
"ඒත් එයාලා මගෙන් ඊට වඩා ගොඩක් වටින මගෙ ජීවිතේ බලාපොරොත්තු උනා..මාමගෙ ලොකු පුතා කීප වරක්ම මට කරදර කරන්න හැදුවා..පෙර වාසනාවකට මාව බේරුනා ..."
"අනේ මැණික ඔයා අසනීපෙන් ඔහොම අඩන්න බෑ ඔයාට..."
මදූක කියුවෙ කෙල්ලගෙ කදුල දරා ගන්න බැරුව..
"ඔයා දන්නවද...පවුලෙ නෑදෑයින්ගෙ ලමයි මාව කොන් කල..
එයාලා කියුවෙ මම ජීවත් වෙන්නෙ අනුන්ගෙන් කාලා කියලා..."
"එයාලා හිතුවෙ එයාලගෙ සල්ලි උඩ මමයි අම්මයි එයාලට බැල මෙහෙවරකම් කරන්න ඕනි කියලා...අපි සෑහෙන්න දුක් වින්දා..බැනුම් ඇහුවා නින්දා ඇහුවා..."
"හරි මැණික ඇයි මේ පරණ කතා...??"
"අහන්න සුදු අයියෙ ...මට කියන්න ඕනි..."
"කියන්න මැණික...අඩන්නැතුව...ප්ලීස්..."
"ගමේ මිනිස්සු කියලත් වෙනසක් නෑ...තාත්තෙක් නැති දුවෙක්ට මේ සමාජෙ ජීවත් වෙන්න අමාරුයි අයියෙ ...තාත්තා කියන්නෙ පවුලෙ හයිය...එයා දාලා ගියා කියුවම මිනිසු බලන්නෙ වපර ඇහෙන්..
"ඒ මිනිස්සු උදවු කරන මානෙන් අපේ ජීවිත බිලි ගන්න බලාගෙන ඉන්නෙ..."
"මගෙ අම්මට පින් සිද්ද වෙන්න අම්මා මාව පරිස්සම් කලා..ඒක නිසා අද මම ඔයා ලග ඉන්නවා රත්තරන්..."
"තාත්තෙක් නැතුව දරුවෙක්ට හැදෙන්න ගොඩක් අමාරුයි සුදු අයියෙ ...
"තාත්තෙක්ගෙ ආදරය, ආරක්ෂාව ,දරුවෙක්ට කොයි  තරම් වැදගත්ද කියලා දන්නෙ තාත්තා නැති දරුවෙක් විතරයි සුදු අයියෙ ..."
"තාත්තා මැරුණොත් හිත හදා ගන්න පුලුවන්..ඒත් දාලා ගියොත්..."
"අනේ රත්තරන් ඔය හොදටම ඇති.ඔයා මා ලගට ආපු දවසෙ ඉදල මම ඔයාව තාත්තෙක් වගේ බලා ගත්තා නේද...කිසිම අඩුවක් කලාද..?"
කොල්ලා කියුවෙ අඩන ගමන්..කෙල්ලගෙ මේ වෙනස කොල්ලවත් හොදටම හෙම්බත් කරලයි තිබුනෙ..
"සුදු අයියෙ ...මට පොරොන්දු වෙන්න්න..."
"මොකක්ද...??"
"කවදාවත් දරුවන්ට දුකක් දෙන්නෙ නෑ කියලා...අපෙ.."
"මොනාද මැණික මේ කියන්නෙ...අපිට දරුවො ලැබුන කාලෙක මම ඔයාලව ඇස් දෙක වගේ බලා ගන්නවා.."
"එහෙනම් මම ඔයාට රහසක් කියන්නද...?"
"මොකක්ද...??"
"මගෙ සුදු අයියත් තාත්තා කෙනෙක් වෙන්න යන්නෙ..."
"අනේ මැණික...ඕකද මෙච්චර දේවල් කියෙව්වෙ...අනේ ....මගෙ මෝඩි..."
"මම මගේ පැටියවයි මගෙ මැණිකවයි බලා ගන්නවා ඇස් දෙක වගේ...මේ බුදු සාදු ඉස්සරහා පොරොන්දු වෙනවා මැණික ..."
මදූක ගීත්මිව තුරුල් කර ගත්තෙ ගොඩක් ආදරෙන්න්..
........................
කතාව ඇතුලෙ ඒ තරම් දෙයක් නැතිව ඇති.ඒත් මේකේ ගීත්මි ඇත්තම කෙනෙක්.අද සමාජෙ ගොඩක් ඩිවෝස් වෙනවා..පිරිමි ගෑණු  අයව රවට්ටලා දරුවො දීලා පැනලා යනවා.. කසාදෙ අත් ඇරලා වෙන අයව බදිනවා..ඒත් ටිකක් හිතන්න...ඔයාගෙ දුවත් ඒ වගේ වංචාකාරෙකුට අහු උනොත්...එයාට තාත්තෙක්ගෙ ආදරේ අම්මට පූර්ණ කරන්න පුලුවන්ද..?එයාට තාත්තෙකගෙ ආරක්ෂාව කාටද දෙන්න පුලුවන්...සමාජෙ අනිත් ලමයි තාත්තා ගැන කතා වෙනකොට මේ ලමයි සමාජය ඇතුලෙ කොයි තරම් අසරණ වෙනවද??තමන්ගෙ ලෙයින් උපන් දරුවෙක්ව ඒ තරම් අසරණ කිරීම පිරිමි කමටත් නිගාවක්..
ආදරණීය  අයියේ, මල්ලි මේ ඔයාලට ...ටිකක් හිතන්න...ආදරේ කරන්න කලින්, කසාද බදින්න කලින්...උපදින්න ඉන්න දරුවන්ට විදවන්න ඉඩ තියන්න එපා..

<!- start disable copy paste --> </!->

පසුතැවීම

පසුතැවීම  

(කෙටිකතාව)



"මචන් මම එහෙනම් යන්නම්."
"ඔව් මම දන්නවා උබ ආයිත් ගිහින් එන්නම් කියන්නෙ නෑ කියලා...ඒත් මචන් ඉන්න තැනක පරිස්සමින්.."
"මම කවුරු වෙනුවෙන් එන්නද බන්...මම මේ රටට ආදරෙයි.ඒත් මම කොහොම හිත  හදා ගන්නද ආයිත් එන්න."
"ලංකාවෙ ඉන්න අන්තිම මොහොතෙ තෝ මගෙන් කුණුහර්ප අහාගන්න එපා බන්..."
"සුමියා......අපේ ගෙයි වැඩේ.."
"ඒක මම බලලා උබට විස්තර කියන්නම්..දැන් එහෙනම් පරිස්සමට...බුදු සරණයි මචන්.."
සුමාල්ගෙත්, ලශාන්ගෙත් දෙනෙත් බොඳව ගියේ මිත්‍රත්වයේ නාමයට...එක වසරෙ ඉදලා උසස්පෙළ වගේම වෛද්‍ය පීටයේ අවසන් වසර දක්වාමත් එකටම සිටි සුමාල් වගේම ලශාන් හොඳම යාලුවො..
"ඒ...ලසෝ...වෙච්ච දේවල් උනා..දැන්වත් ජීවිතේ හදා ගනින්.."
සුමාල් ලංකාවේදී දෙන අවසන් අවවාදයත් ලශාන්ගේ සවනතට ලගා උනේ ගොඩක් දේවල් සිහිපත් කරමින්..
......................................................
"අම්මා...මෙයාට තියෙන්නෙ ස්නායු රෝගයක්..මේකට ඔපරේශන් එකක් කරන්න ඕනි.බෙහෙත් වලෛන් සනීප කරන්න බෑ අම්මා.ඔයාලගෙ කැමැත්ත නැතුව අපිට ඕලුව ඔපරේශන් එකට ගන්න බෑ.."
අසනීපයෙන් හිටපු ඕලුව පරීක්ෂා කරපු වෛද්‍යවරයා පිට වෙලා ගියෙ ඕලුගෙ අම්මවත් තාත්තවත් අසරණ කරමින්...
"ඒත් නෝනෙ අපිට මේවට වියදම් කරන්න සල්ලිබාගෙ නෑනොවැ"
"ඒ ගැන බය වෙන්න එපා තාත්තා.දොස්තරමහත්තයා කියුවෙ ඔපරේශන් එක කරන්න කියලනෙ රජයේ රෝහල් නිසා ඒක නොමිලෙ කරනවා."
"ඒත් කෙලීගෙ ජීවිතේට අනතුරක්..."
"මෙහෙමයි තාත්තා...අපිට ඕලුට ඔපරේශන් එක නොකර ජීවත් කරන්න පුලුවන් අවුරුදු දෙකක්නම්, ඔපරේශන් එක සාර්ථක උනොත් අවුරුදු දහයක් පහළොවක් උනත්...."
අම්මත් තාත්තත් රෝහලෙන් පිටවෙලා ගියෙ තීරණයක් ගන්නබැරුව.
"ඩොක්ටර්"
"ඕලු"
"මට මේ ඔපරේශන් එකට කැමැත්ත දෙන්න බැරිද?"
"ඇයි...අම්මලා කරන්න අකමැති කියුවද?"
"එයාලා බයයි ඩොක්ටර් "
"ඕලුගෙ වයස කීයද?"
"දහනවය ලැබුවා විතරයි"
"මේකයි ඕලු..දහා අටට වැඩිනිසා ඕනිනම් ඕලුගෙ කැමැත්තෙන් අපිට මේ ඔපරේශන් එක කරන්න පුලුවන්.....ඒත් අම්මලා අකමැතිනම්..."
"මම අම්මලට කතා කරන්නම් ඩොක්ටර්"
..............
"ආ...පොඩ්ඩියේ...ඇයි හිතුවක්කාර වෙන්නෙ?දොස්තර මහත්තයා කියන්නෙ මේක සාර්ථක උනොත් හොදයි කියලා.ඒත් සාර්ථක නොවුනොත්"
"කොහොමත් මැරෙන එකනෙ අම්මෙ...අපි බලමු"
හිරිමල්වියේ ඉදපු ඕලු තනි තීරණයක් මත සැත්කමට කැමැත්ත දුන්නා..
............
"ඕලුලගෙ අම්මෙ...ඕලු ගොඩක් වාසනාවන්තයි.මොකද දන්නවද??මේ ඔපරේශන් එක කරපු සාර්ථකම පේශන් ඕලු...ඒත් එක දෙයක්.."
"ඔව් දොස්තරමහත්තයා "
"ඕලුට කිසිම දුකක් පීඩනයක් දෙන්න එපා...අනික ඕලු කසාද නොබදිනවනම් තමයි හොද...මොකද දරුවෙක් ලැබෙද්දි එහෙම ගොඩක් අමාරු වෙන්න පුලුවන්.."
"හරි මහත්තයෝ...පින් මයෙ කෙල්ල සනීප කලාට"
................
ගෙදර ආවත් ඕලුට මූණ දෙන්න උනේ සුපුරුදු අගහිගකම් වලට...දරුවො හය දෙනෙක් හිටපු  පවුලක දෙවනියා වෙච්ච ඕලු අසනීපෙ නිසාම මග අධ්‍යාපනය නැවැත්තුවා.ගෙදර අගහිගකම් මදිවට ඕලුගෙ අසනීපෙට වියදම් නිසා ගෙදර ගොඩක් අඩුපාඩු තිබුනා.
ගෙදර ආවට පස්සෙ ඕලුගෙ අසනීපෙ ගොඩක් දුරට අඩු උනා.ඕලු කියන්නෙ කොහොමත් උපතින්ම හිතුවක්කාරකම අරගෙන ආපු කෙනෙක්.
"අම්මා...මම සුදු අක්කා එක්ක එයාගෙ ගාමන්ට් එකේ වැඩට යනවා.."
"මගෙන් ඕවා අහන්න එපා.තාත්තගෙන් අහපන්"
.......
"කරදඩු උස්මහත් වෙච්ච ලමිස්සියන්ට කන්න අදින්න දෙන එකත් ලේසි නෑ."
හවස ටිකක මත්වතුරෙන් පදම් වෙච්ච තාත්තාගෙන් කියවෙච්ච දේ නිසා ඕලු තීරණය කලා ගාමන්ට් එකට යන්න..
නමටම ගැලපෙන රූපයකුයි  දණහිසින් ටිකක් පහලට වැටුන කෙස් කලඹයි කොළඹ අනංගයන් ඕලු පස්සෙන් එන්න පාර කැපුවා...
"නංගි අන්තිම වතාවට අහන්නෙ...මට උත්තරයක් නොදුන්නොත් මේ එන කෝච්චියට පැනලා මැරෙනවා.."
ඉරිදා නිවාඩුවට කෙල්ලො ටික ගෝල්ෆේස් ගිය වෙලාවෙ ජගත් පුරුදු විදිහටම පස්සෙන් එන්න ගත්තා..
"අයියෙ මම ලෙඩෙක්.මට කසාද බදින්න හොද නෑ.තේරුම් ගන්න.."
ඕලු ඇත්තම කියුවෙ හිතේ තෙරෙපෙන  හැඟීම් වලට උපන්ගෙයිම මියදෙන්න ඇරලා.
"මම ඔයාව මලක් වගේ බලා ගන්නවා...දෙයියම්පල්ලා"
අන්තිමට කොහොමහරි ජගත් ජය ගත්තා..පොලිස් නිළධාරියෙක් වෙච්ච ජගත් ඕලුව ගෙදර එක්කන් ගොයෙ ඕලුගෙ ගෙදරටත් හොරා..කුරුණෑගල ගමක් වෙච්ච ජගත්ගෙ ගමේ දෙමව්පියො, නෑදෑයො ඕලුව හොදින් පිලි ගත්තා.
ගෙදරට  හොරෙන් හිතුවක්කාර විවාහයක් කර ගත්ත ඕලුගෙ දෙමව්පියො සමාව දුන්නෙ අසනීපෙ නිසාමයි..
"ජගත්"
"ම්ම්ම්"
"අපි ඩොක්ටර් කෙනෙක්  හම්බෙමුද??අම්මලා බබාලා ගැන අහනවා ජගත්..මම කොහොමද එයාලට මූණ දෙන්නෙ...එයාලා වැරදිත් නෑ ජගත්..අපි බැදලත් අවුරුදු දෙකක්නෙ.."
"හරි හරි යමුකො"
"යමු කියලා බෑ ජගත්...හවසට යමු..නිවාඩු ඉවර වෙන්න කලින්"
"හ්හ්හ්හ්ම්ම්ම්"
...............
"මේ මොන කාලකන්නි කමක්ද අම්මෙ?අපෙ අයියටත් ගෑණු හිටියෙ නෑ රටේ..එකක් ලෙඩෙක්...අනිත් අතට වඳ ගෑණියෙක්..."
ජගත්ගෙ නංගිගෙ ගෝරණාඩුව අතරෙ ඕලු වෙනදා වගේම ඉකි බින්දා..ඒත් වරද තමන්ගෙ නෙමෙයි..ජගත්ගෙ කියලා කාටවත් කියන්න ඕලු තියා ජගත්වත් කට ඇරියෙ නෑ.ඕලු හැම නෙමෙයි න්දාවක්ම විද ගත්තා..
"බැහැපන් එළියට...අපේ කොල්ලට වඳ ගෑණු ඕනි නෑ.."
"අනේ අම්මෙ...ජගත්  කියන්නකො ..අම්මට අනේ මාව එලවන්න එපා ජගත්...අම්මට කියන්නකො.."
ඕලු කොච්චර  ඇඩුවත් ජගත් කටක් ඇරියෙ නෑ..ඕලු ආයිත් ගමට ආවෙ හිස් අතින්..
"ආ...මේක අත්සන් කරලම යනවා..ඩොක්ටර් කියුවෙ බොරු.මගෙ කිසිම අඩුපාඩුවක් නෑ.තමුසෙගෙ ලෙඩේ හින්දා ඔක්කොම"
ඕලු ගෙදරින් පිට වෙන්න කලින් ජගත් දික්කසාදෙට අත්සන් ගත්තෙ එහෙම කියලා.
..................
"මේකනම් වදයක් අම්මෙ...මගුලක් කර ගත්තනම් ඉන්න ඕනි එහෙට වෙලා..ආයිත් ගෙදර ආවා අපිට ලැජ්ජා කරන්න.."
නංගි රණ්ඩුවෙන්න පටන් ගත්තෙ ඕලු හීනෙකින්වත් නොහිතපු විදිහට.ආයිත් ගාමන්ට් ජීවිතේට ඕලු හුරු උනේ ගෙදර ඉදීමෙන් තවත් ප්‍රශ්න ඇති වෙනනිසා.
.............
"අයියෙ මම බැදපු ගෑණියෙක්..පින් සිද්ද වෙයි.මට මගෙ පාඩුවෙ ඉන්න දෙන්න."
ලසන්ත ඕලුගෙ ආදරේ ඉල්ලලා වද දෙද්දි ඕලු කියුවා.
"මම ගෙදරට ඇවිත් අහන්නද..මට ඔයා බැන්ද කෙනෙක් උනාට කමක් නෑ..."
ඕලු නිහඩ උනේ කතා කරලා තේරුමක් නැති නිසා.ලසන්ත කියුවා වගේම ඇවිත් ගෙදරින් ඇහුවා.
"අනේ තාත්තෙ මගෙ අම්මයි තාත්තයි දෙන්නම නෑ.මම හැදුනෙ ආච්චි ලග..මම දන්නවා ඕලු ගැන හැම දේම.මම එයාව බදින්න කැමති."
ලසන්ත ගෙදර අය ඉස්සරහා වීරයෙක් වෙද්දි පවුල්බරින් මිරිකුන ඕලුගෙ දෙමව්පියන්ටත් ඕනිඋනේ කසාදෙ ඇරිලා ආපු දියණියගෙන් ගැලවෙන්න..
ලසන්ත ඕලු එක්ක විවහා උනේ ඊට පස්සෙ.ලසන්ත කවදාවත් ඕලුගෙ හිත රිද්දුවෙ නෑ.ඕලු ගැබිනියක් උනේ මේ කාලෙ...ජගත්ගෙ බොරුව බොරුවක් කරලා.
............
"ලශාන් ඕලුක විජේමාන්න "
පුතුට අවුරුද්දක් ලබන උපන්දිනය..ඕලු පුන්චි කේක් එකක් ලෑස්ති කරලා බලන් හිටියෙ ලසන්ත ගෙදර එනකම්..රජයේ රැකියාවක් කරපු ලසන්ත ගෙදර ආවෙ මාසෙකට වතාවක්.දුෂ්කර රාජකාරි නිසා.
ඒත් ලසන්ත වෙනුවට ගෙදර ආවෙ දරුවො දෙන්නෙක් එක්ක කාන්තාවක්..
"ඔයාද ඕලු..?"
"ඔව්...ඔයා..."
"මම නිරූපා...ලසන්තගෙ වයිෆ්..මේ ඉන්නෙ එයාගෙ දරුවො දෙන්නා..."
"මොකක්...ඔයාට වැරදීමක් වෙලා..."
ඕලු කියුවෙ හදවත හත් අට  පොලකින් බිඳිලා යද්දි.
"නෑ ඕලු...එයා ඔයාව බැන්දෙ බොරු රෙජිස්ට්‍රාර් කෙනෙක් ලග.මේ තියෙන්නෙ අපෙ කසාද සහතිගෙ.මගෙ ලසන්තගෙන් ඈත් වෙන්න."
ඇය දරුවො දෙන්නත් එක්ක බැහැලා ගියෙ ඕලුගෙ හිතේ සතුට අරගෙන.එදායින් පස්සෙ ලසන්ත කවදාවත් ගෙදර ආවෙ නෑ..
................
"අම්මා...තීත කූවා අම්මටයි තාත්තටයි හැමදාම වදින්න   කීලා..මම කූවා මම තාත්තිගෙ පොටෝ එකට ඇමදාම වදිනවා කීලා...යාලුවො හිනා උනා අම්මි"
පෙරපාසල් ගිහින් ආපු ලශාන් ඕලු තුරුල් කරගත්තෙ ආදරෙන්..
"එයාලා දන්නෙ නෑනෙ පුතාගෙ තාත්තා සෙල්ලම්බඩු ගේන්න ඈත ගිහින් කියල...ඒකයි...මගෙ පුතා ඕවා හිතන්න එපා..
ලශාන්ගෙ පාසල් ගමනත් එක්ක වියදම් හොදටම වැඩි උනා..ඕලු කඩේක රස්සාවට ගියෙ ඒකයි..
"ජයේ මම කැමති නෑ මිනිහා නැති ගෑනු කඩේ වැඩ කරනවට.මිනිස්සු මොනා නොකියයිද"
කඩේ මුදලාලිගෙ බිරිද කියනවා ඇහුනම ඕලුට හිතුනෙ පොළව පලන් යන්න..ඇය ආයිත් කඩේ වැඩට ගියෙ නෑ..
රස්සාවක් හොයද්දි ගල් වැඩපොළක වැඩ අහන්න  ඕලු ගියෙ කරන්න පුලුවන්කමකට නෙමෙයි.ලශාන්ගේ පාසල් වැඩ කටයුතු වගේම කෑම බීම වලට සල්ලි ඕනි නිසා.
ගල් වැඩපලේ අයිතිකාරයා  ඕලුට හෙලුවෙ කෑදර බැල්මක්..
"දවසට දෙසිය පනහක් දෙන්නම්...උබට පුලුවන්ද මේ වැඩ"
"පුලුවන් මහත්තයා"
"පඩි වැඩි කරගන්න ක්‍රමත් තියනවා..ඒවට ඉතින් අපිට සලකන්න ඕනි.."
ඔහු පැවසුවෙ පලමු දවසෙ පඩිය ඕලු අතට දීලා අතත් මිරිකන ගමන්..
පිරිමි දෙන්නෙක්ගෙන්ම බැට කාපු ඕලු අත ගසලා දැම්මෙ තරහින්..
එදායින් පස්සෙ ඕලු දන්න කියන ගෙවල්වල ලමයි බලා ගත්ත..උයලා පිහලා දීල කීයක් හරි හොයා ගත්තා..ඒත් කවදාවත් ලශාන්ට අඩුවක් කලේ නෑ..
ලශාන් හොදට ඉගන ගත්තා.සාමාන්‍ය පෙළ සමත් වෙලා ටවුමෙ ඉස්කෝලෙටත් ගියා.
"අම්මා මට සල්ලි ටිකක් ඕනි.යාලුවෙක්ගෙ බර්ත්ඩේ පාටියක්."
ඕලු දැන් මාස ගානක ඉදලා සල්ලි එකතු කලේ ආයිත් එන බෙල්ලෙ කැක්කුම පෙන්නන්න ඩොක්ටර් චැනල් කරන්න.ඕලු මුකුත් නොකියම ලශාන්ට සල්ලි දුන්නා.
....................
"අම්මගෙ වැරදි නිසා වෙන්න ඇති තාත්තා අපිව දාලා ගියෙත්..අම්ම කසාද දෙකකුත් බැන්දලුනෙ"
ලශාන්ට අවවාදයක් දෙන්න ගිය මොහොතක කිය වෙච්ච දේට ඕලුට සිහියක් නැතුව ගියා.කවදාවත් ලශාන්ගෙ කටින් එහෙම දෙයක් අහන්න ඕලු බලාපොරොත්තු උනේ නෑ..
"ඉරෝලගෙ අම්මලා අපේ සම්බන්දෙට කැමති නෑ  මේක හින්දා.මේ ඔක්කොම අම්මා නිසා.එයාලා කියනවා ඉරෝව ඕනිනම් මට එහෙ එන්නලු.මම එහෙ යනවා"
ඕලුට වචනයක්වත් කියන්න ඉඩ නොතියා ලශාන් ගෙදරින් එළියට බැස්සා.එතකොට ලශාන්ට වෛද්‍යවරයෙක් විදිහට පත්වීම ගන්න තිබ්බෙ මාසයයි.
එදායින් පස්සෙ ලශාන් ගෙදර ආවෙ රටයන්න ඕනි සහතික වගයක් ගන්න.ඕලුට කියන්නෙවත් නැතුව ලශාන් රට ගියා..
......
"ඩොක්ටර් සුමාල්  පන්සලේ වැටිලා ඉදලා අම්මා කෙනෙක් ගෙනාවා..ටිකක් අමාරුයි ..බලනවද.."
"අම්මෙ ඔයා..?"
"මේ...."
"මම සුමාල් අම්මෙ.ලශාන්ගෙ හොදම යාලුවා.ඌ අම්මව බලන්න ආවෙ නැද්ද?"
"මයෙ පුතේ...මම මැරෙන්න ලගයි.මගෙ පුතා හිතන් ඉන්නෙ මගෙ වැරැද්දෙන් එයාගෙ තාත්තාමාව දාලා ගියා කියලා.එයාට මගෙ කතාව කියන්න පුතේ...
එහෙම කියලා පටන් ගත්ත කතාව පන්සලේ වැටුන තැන වෙනකම්ම ඕලු සුමාල්ට කියුවා.කැමරාව ඔන් කරලා ඕලුගෙ හැම වචනයක්ම රෙකෝඩ් කරපු සුමාල් ඒක ලශාන්ට සෙන්ඩ් කලා.
ඒ අතර ඕලුගෙ අසනීප තත්වය දිගටම වැඩි උනා.වරින්වර සිහිසුන් උනේ ස්නායු රෝග තත්වෙ නිසා..
"සුමියා...මම ලංකාවට එනවා.."
සුමාල්ට ලැබුනෙ ලශාන්ගෙ මේල් එකේතිබුනෙ එච්චරයි..
"ඉක්මනට වරෙන්...උබට වැඩි වෙලාවක් නෑ.."
සුමාල් රිප්ලයි කලත් ඒක දකින්න ලශාන්ට ලැබුනෙ නැත්තෙ ඒ වෙනකොටත් ගුවනයානෙට නැගලා හිටපු නිසා..
................
"මිස්...අම්මගෙ බී.පී.ඩ්‍රොප් වෙනවා.ඉක්මනට ඩෝපමින් එකක් දාමු.."
සුමාල් කොච්චර උත්සහාකලත් ලශාන් ලංකාවටවට ගොඩබහිද්දිම  ඕලු අවසන් සුසුම් හෙලුවෙ,
"පුතේ මගෙ පුතාට කියන්න මගේ වැරැද්දක් නිසා නෙමෙයි තාත්තා ගියෙ කියලා"
සුමාල්ට එහෙම කියලා..
.........
"මචන් මගෙ අම්මා"
ලශාන් කෙලිම නැවතුනෙ සුමාල් ලග...
"සොරි මචන්...අම්මා කියන්න කියුවා උබලගෙ තාත්තා ගියෙ අම්මගෙ වැරැද්දෙන් නෙමෙයි කියලා.."
"සුමියා...උබට මගෙ අම්මව බේරා ගන්න බැරි උනාද...අනේ මට මගෙ අම්මට කතා කරන්න ඕනි සුමියො...අම්මට වැදලා සමාව ගන්න ඕනි...උබට බැරි උනාද මගෙ අම්මව බේරා ගන්න.."
සුමාල්ගෙ කොලර් එකෙන් අල්ලගෙන ලශාන් කෑ ගහලා හැඩුවා..
ලශාන් පියවි සිහියට ආවෙ සුමාල්ගෙන් ලැබුන දැඩි අතුල් පහර නිසා..
"තෝ වගේ බල්ලෙක් මොකට මගෙ යාලුවෙක් කර ගත්තද කියලා හිතෙනවා මට..ගෙවල්වල  දැලි කුණු අත ගාලා තෝ දොස්තර කරපු අම්මට වඩා තොට අර උඩැක්කි ලොකු උනා.උන්ගෙ අම්මා අප්පා ලොකු උනා.තොට දැන්ද අම්මව ඕනි උනේ...පල මගෙ දැහැට නොපෙනි.."
ඕලුගෙ ජීවිතේ බේරාගන්න බැරි උන සන්තාපෙන් හිටපු සුමාල් කේන්තිය පිට කලේ ලශාන්ගෙන්.
"මට සමා වෙයන් සුමියො...මට වැරදුනා බන්.මම මහා පව් කාරයෙක්..මගෙ අම්මව බලා ගන්න බැරි වෙච්ච පුතෙක් මම.උබ හරි.මම මහා බල්ලෙක් යකෝ..."
...........
ඕලුගෙ අවසන් කටයුතු චාමෙට සිද්ද උනේ ඕලුගෙ අවසන් කැමැත්ත විදිහට.
"මට තවත් දවසක්වත් ලන්කාවෙ ඉන්න බෑ බන්.අම්මගෙ කැමැත්ත විදිහට ගේයි ඉඩමයි වැඩිහිටි නිවාසෙට ලියලා මට ඩොකියුමන්ට් ටික එවපන්..."
අවසන් වරට ඕලුගෙ සොහොන්කොතේ මල්වඩමක් තිබ්බ ලශාන් පැවසුවෙ ගොඩක් පසුතැවීමෙන්..
...............................................
දුක් විදිමින් තමාව හදාවඩාගත් අම්ම්ව බලාගන්න, සලකන්න බැරි උන පශ්චප්තාවයත් සමගම ලශාන් ලංකාවට සමු දුන්නෙ තමාගෙන් වෙච්ච වැරැද්දට තමාටම සාප කර ගනිමින්...
ලංකාවෙන් ගොස් මිනිසුන්ගේ විවිද ඇනුම්පද නින්දා වලින් ගැලවුනත් ලශාන්ට කෙදිනකවත් තම හෘද සාක්ශියෙන් ගැළවිය නොහැකිවනු ඇත.
<!- start disable copy paste --> </!->

ආදර කතාවක්

ආදර කතාවක්

"දෙයියනේ සුදු  මහතතයෝ....කී වෙනි පාරද ෆෝන් එක රින්ග් වෙන්නෙ ....ආන්ස්වර් කරන්නකෝ... "
කෙල්ලට හොදටම ඇඩිලා.....ඇස් වල කදුලු පුරවගෙන ආයිත් ඩයල් කලා..
"මේ...සකුනි
දැනට ප්‍රයිවට් බෑන්ක් එකක වැඩ.පවුලෙ එකම කෙල්ල...ඒ උනාට කෙල්ලට ගෙදරින් නිදහසක් තිබුනෙ නෑ.කිසි දේකින් අඩුවක් තිබුනෙ නැතත් නිදහසක් නැති ජීවිතේ කෙල්ලට එපා වෙලා තිබුනෙ...
මිහිරාන්..
එයා තමයි මේ සුදු මහත්තයා..කෙල්ලගෙ ජීවිතේට ඇවිත් අවුරුද්දක් නෑ...කෙල්ලගෙ අහින්සක ඇස් දෙකට කොල්ලා වශී වෙලා උන්නෙ..ගෙදරට හොරෙන් ගලාගෙන ගිය මේ ආදරේ ...මේ දෙන්නා මේ අවුරුද්දටම මීට් වෙලා තිබුනෙ දෙපාරයි..මේ තුන් වෙනි පාර.මිහිරාන් කැම්පස් එකේ අවසන් වසරෙ කලමනාකරණ පීඨයේ..
"හෙලෝ..හෙලෝ සුදු  අම්මි...මාව ඇහෙනවද?? "
"රත්තරන් ඔයා කොහෙද?මම බස් එකට නැග්ගා.හය වෙනකොට මම ටවුන් එකේ .ඔයා ඇවිත් නේද ඉන්නෙ?ඇයි ආන්ස්වර්  නොකලෙ..ම්ම්ම්?? "
"සුදු  අම්මි...චුට්ටක් අහන්න මැණික..මම  මම තාම බෝඩිමේ...මට මට නින්ද ගියා වස්තු...අනේ සුදු අම්මි...කොළඹ බස් එකක නැගලා අවිස්සාවේල්ල ට එන්න..මම පුලවන් ඉක්මනට  එනවා.. "
"මොනාද ඔයා මේ කියන්නෙ..ගෙදරින් ආවෙ වැඩට යන්න.ඔය දන්නව...මේ හැමදේම ගෙදරට හොරෙන් කරන්න මම කොයි තරම් බයකින්ද කියල...මොනාද ඔය??මම කවදාවත් බස් එකේ ඒ තරම් දුරක් ගිහින් නෑ... "
සකුනි අඩන්න ගත්තෙ මේ පාර කියලා නොබලා..ගෙදර කවුරු හරි දැක්කොත්....
"මගෙ අම්මි මේ අහන්න...මගෙ පන පරිස්සමට ගෙදර යන්න..අම්මට කියන්න අසනීපයි කියලා..මට මගෙ පන අඩනවා බලා ඉන්න බෑ..... "
"බෑ...බෑ...සුදු අයියා....ඔයා දන්නවා අපෙ ආදරේ අපි මීට් වෙන අන්තිම  දවස  මේ..තාත්ති මාව කැලුම්ට බන්දල දෙයි ඉක්මනට.මට ඔයාව බලන්නැතුව යන්න බෑ...අනේ...ඉහි ඉහි....
මම එනවා..ඔයා එන්න....ම්ම්ම්.... "
මිහිරාන්ට තමන් ගැනම ආවෙ කේන්තියක්...අමතර පන්ති කරන නිසා රෑ ටියුට් වගයක් හැදුවා.ඒකයි කොල්ලට නින්ද ගියෙ...
කෙල්ල  බලංගොඩ කොළඹ බස් 1ට නැගලා ජැකට් එක දාගෙන ශෝල් 1කින් මුස්ලිම් වගේ මූන වහා ගත්තෙ බයට.ටික දුරක් එනකොට වමනෙට එනව..මේ ගමන සකූට හරිම නුහුරුයි...
"ඇයි දුව...මේ බෑග් එකට වමනෙ කරන්න..ම්ම්ම්ම්ම්.....හරිනෙ... "
එහා පැත්ත  ශීට් 1 හිටපු ඇන්ටි කෙල්ලට උදව්  කල...
"මැණික...මම අවිස්සාවේල්ලට ආවා.. "
ඒ මිහිරාන්...එක හුස්මට බයික් 1 ආපු කොල්ල  නැවත්තුවෙ අවිස්සාවේල්ලදි.....
"හ හරි සුදූ...මත් තව චුට්ට දුරයි... "
"ඇයි මගෙ මැණික....අමාරුවෙන් වගේ.... ?"
"මට වමනෙ ගියා සුදු ...බය වෙන්න එපා..අවිස්සාවේල්ල  බහින්න..... "
එතකොටම සකූ බහිනවා මිහිරාන් දැක්කා...කෙල්ලගෙ මැලවුණු  මූන  දැක්කම  කොල්ලට දුක හිතුනා...
දෙන්නගෙම ප්ලෑන් එක මේ වෙනකොට අවුල් වෙලා තිබුනෙ.මිහිරාන්  සකූ වත් බයික් එකේ දාගෙන සමන් දේවාලෙ වදින්න යන්න හිතන් හිටියෙ.මිහිරාන් ගෙ පරක්කුව නිසා හැමදේම වෙනස් වෙලා...
"මට සමා වෙන්න පන...මගේ වැරැද්ද....අපි.මේ ලග පන්සලක් බලලා යමු.....ම්ම්ම්... "
"හා   සුදු අයියා....කමක් නෑ...හිතල දොයියා ගත්ත නෙමෙයිනෙ......... "
දෙන්නාම කොල්ලගෙ බයික් එකට නැගලා ඉස්සරහට ගියෙ කන්න හිතාගෙන උදේට..ඒත්....
"දෙයියනේ අයියේ කැලුම්.......එයාලගෙ ෆැමිලි එකම ඉන්නවා.අනේ අපිව දකී...මොකද කරන්නෙ කියන්න මට....අනේ... "
 
හිතුවෙ නැති මේ කරදරේ නිසා දෙන්නම හොදටම බය උනා...කොල්ලා දැක්කෙ ඉස්සරහ තිබ්බ බෝඩ් එක....කොල්ලා දෙපාරක් නොහිතා බයික් එක ඇතුලට දැම්ම...
"හෙල්මට් එක ගලවන්න එපා...ඔහොම ඉන්න.... "
කියපු කොල්ලා ඇතුලට ගිහින් කාමරයක් වෙන් කර ගත්තා.
"යමූ...."
සකූගෙ අතින් අදගෙන කාමරේට ආපු මිහිරාන් දොර ලොක් කලා...බය වෙලා හිටපු කෙල්ල පියවි සිහියට ආවෙ ඒ හඩින්..
"අනේ තාත්ති...මෙහෙ අපි අනේ..... "
ආයිත් කෙල්ල මහ හයියෙන් අඩන්න ගත්තෙ කෙල්ල මෙහෙම තැනකට එන්න හීනෙන් වත් නොහිතුව නිසා...
කොල්ලටත් දැනුනෙ පුදුම කලකිරීමක්...
"කැලුම් ව දැක්කම මට බය හිතුනා අම්මි.මට සමා වෙන්න ...අපි තව චුට්ට කින් යමු..ම්ම්ම්....හොද ලමයනෙ...අඩන්න එපා..එන්න මගෙ ලගට...එන්න කෝ.... "
කෙල්ල ඒ පපුවට බර උනේ අඩාගෙනමයි...
"මාව විස්වාස කරන්න අම්මි..මට ඔයාව මෙහෙම තැනකට ගේන්න ඕනි උනේ නෑ.අපේ ආදර කතාවෙ අන්තිම දවස පන්සලක ගෙවන්න මට ඕනි උනේ.මට බය හිතුන අරුන් අපිව දකී කියල... "
"මට ඕනි  උනේ බුදු  සාදුගෙන් ඔයව් ඊලග අත්මෙවත් මට දෙන්න කියලා ඉල්ලන්න...තේරුනාද??? "
කොල්ලා කියෙයුවෙ සකූ වැරදියට හිතයි කියල බයෙන්..ඒ ඇස් වල කදුලු  කෙල්ලගෙ ඔලුවට වැටුන .කෙල්ල ඇස් උස්සල බැලුවේ  කොල්ලගෙ මූන දිහා...දෙයිය්නේ කදුලු....කෙල්ලට ඉහිලුම් නැතුව ගියා....කොලලව ඇදේ ඇදේ වාඩි කරවපු කෙල්ල කොල්ලගෙ මූන දෝතට ගත්තා...
"අනේ ඇයි මහත්තයෝ මේ...ම්ම්ම්ම්   බලන්න.මට ඔයාව විස්වාසයි..මට ඔය පපුවට තුරුල් වෙල ඉන්නත් පුලුවන් ...මෙතන හොදයි...ම්ම්ම් "
කෙල්ලට ඕනි උනේ කොල්ලගෙ දුක නැති කරන්න.තමන් මෙතනට  කැමති කියල පෙන්නන්න.කෙල්ල හිත යටින් පිච්චි පිච්චි උන්නෙ.
"සුදු අම්මි....මේ බලන්න....ආදරෙයි  ගොඩක්..උම්ම්ම්ම්ම.....මා.. "
කොල්ල කෙල්ලගෙ නලල මත හාදුවක් තියල සකූව තුරුල් කර ගත්ත...දෙන්න පැයක් විතර එහෙම ඉන්න ඇති......
"තාත්තී ... "
"ම්ම්ම්ම්ම්...."
"පොරොන්දු වෙන්න.... "
"මොකක්ද?? "
&apos;මම නැති උනාට සතුටින් ඉන්නවා කියලා..... "
"ම්ම්ම්හ්හ්හ්හ්... "
"අනේ...මට සමාවෙන්න මහත්තයෝ....අපේ අම්මලා කවදාවත් අපිට කැමැත්ත දෙන්නෙ නෑ...ඔයාව මට ලන් කරන් මම කලේ වැරැද්ද ක්...මට සමා වෙන්න .මට කැලුම්ව බදින්න වෙනවා...අද අපි මුනගැගෙන අන්තිම දවස.ලස්සන කෙල්ලෙක් ඔයාගෙ ජීවිතේ ලස්සන කරයි...මට සමා වෙන්න.... "
"මොනාද මැණික මේ කියවනේ.මේ අපේ ලැබීම.ඔයා නමින් දියුරනවා...මම හොදින් ඉන්න්වා..හැබැයි මේ ඇස් දෙකට  තරම් කාටවත් ආදරේ  කරන්නෙ  නෑ.... "
"දෙන්නම හොදටම අඩනව..... "
කෙල්ලට මේ දේවල් දරා ගන්න බෑ.....ඒත් කෙල්ල තීරනයක් ගත්තා...අන්තිමට....මගෙ හැම වටිනාක්මක්ම දෙන්නෙ මගෙ මහත්ත්‍යට් විතරයි ...
"සුදු  අයියෙ.... "
"ම්ම් "
"දෙයක්  කියන්නම්.. "
"ම්ම්ම් "
"මාව ඔයාගෙම කර ගන්න...මේ කාමරේ ඇතුලෙම.මට හැමදාම සතුටින් ඉන්න පුලුවන්..මගේ හැම වටිනාකමක්ම ඔයාට දුන්න කියලා. "
මිහිරාන්  පුදුම වෙලා කෙල්ල  දිහා බලන් හිටියා...නෑ ඒ ඇස් කියන්නෙත් ඒ කතාවමයි...ඒ ආදරේ....
"කමක් නැද්ද...."
ටිකක් වෙලා නිහඩව හිටපු.කොල්ල...  ඇහුවා
 
"කමක් නෑ.... "
ඒ හඩේ තිබුනේ  ස්තීර බවක්...
"මම ගෙදර යන්න එක්ක ආවෙ.මගෙ බෑග් එකේ ශෝටකුයි ටී ශර්ට් එකකුයි ඇති...වොශ්  එකක් දාගෙන ඇද ගන්න...මම එන්නම්.... "
එහෙම කියපු කොල්ලා  කාමරෙන් එලියට ගියා...
හිමින් ඇදෙන් නැගිටපු සකූ බාත් රෑම් එකට ගියෙ සතුටින්...
මේ ආදරේ  වෙනුවෙන්  මට කරන්න  පුලුවන්  මෙච්චරයි ....වතුර  මල යට ඉදන් කෙල්ල හිතුවා....කොල්ලගෙ ඇදුම  ටිකක් ලොකුයි....ඒකත් දාගෙන කෙල්ල එනකොට කොල්ලා කෑම ගෙන්නලා...ඇදට වෙලා බර කල්පනාවක.
"ඉන්න...මාත් එන්නම්..."
.කොල්ලා බාත් රූම් 1ට ගියා...කොල්ලා ගෙදර ගෙනියන්න ගෙනාපු බෙඩ්ශීට් 1 ඇදට දැම්මෙ කෙල්ලව මේ ඇද රෙදි උඩ තියන්න තිබුනු අකමැත්ත නිසා.කොහේ කොහේ යන මිනිස්සු  එනවද දන්නෙ නෑ....
මිහිරාන්  එනකොට කෙල්ල මලක් වගේ ඇස් දෙකත් පියන්...ඇද උඩ...කෙල්ල ලගින් වාඩි උන මිහිරාන්  කෙල්ලගෙ මූනට බර උනා...කෙල්ල හීනියට ඇස් ඇරල බැලුවා..
"සුදු අම්මි...කමු.... "
"ම මට බඩකිනි නෑ... "
කෙල්ල කියපු හුරතලේට කොල්ලට හිනා...ඉමෝ වලින් මේ හුරතලේ දැක්කට ලගටම දැක්කෙ  අද....
කොල්ලටත් නොදැනි ඒ තොල් පෙති වලට බර උනේ ඒකයි.පලමු වතාවට තොල් පෙති  වලට දැනුනු පහසට වෙව්ලල ගිය කෙල්ල ඒ උනුසුමට නතු උනේ ඉබේමයි...
මිහිරාන්  ඒ තොල් අතෑරියෙ ගොඩක් වෙලාවකින්...රෝස තොල් රතු පාට වෙලා...කොල්ලට ලෝබ හිතුන...තාමත් කොල්ලා හිටියේ බාත් රූම් ඉදල ආපු ගම්න් ශෝට පිටින්.
කොල්ලා කෙල්ලගෙන් ඈත් වෙන්න හැදුවෙ ටී ශර්ට්  1 දා ගන්න.ඒත් කෙල්ල තාමත් ඇස් පියන් කොල්ලගෙ කර වටේ අත් දෙක දාගෙන කොල්ලට  තුරුල් උනා...කෙල්ලගෙ හිතේ තිබුනෙ එකම දෙයයි...ඒ කොල්ලට අඩ තමන්ගෙ ජීවිතේම දෙනවා කියලා...
සකූගෙ මේ උනුසුම මිහිරාන්ටත් අලුත් අත්දැකීමක්..මේ කොල්ලගෙත් පලවෙනි ආදරේ.... "සුදු  අම්මි කෝ ඉන්නකෝ..අයියා ටී ශර්ට්  එකක් දා ගන්නකම්... "
"ම්ම්ම්ම්හ්හ්හ්හ් "
කෙල්ල කියුවෙ ඇස් තවත් තද කර ගන්න ගම්න්...
මිහිරාන්ටත් දැනුනෙ මහ පුදුමාකාර හැගීමක්...කොල්ලා  කෙල්ලවත් තුරුල් කරන් ඇදට  බර උණා...
ටිකෙන් ටික ඇග උනුසුම් වෙද්දි....කොල්ලගෙ තොල් පෙති කෙල්ලගෙ මූණෙ දග කරන්න පටන් ගත්තා...ජීවිතේ පලමු වතාවට දැනෙන මේ ආදරණීය හැගීම් එක්ක සකූ නම් හොදටම මත් උනා....
මිහිරාන්ගෙ තොල් සකූගෙ බෙල්ල කන් පෙති හොයන් ආවෙ කෙල්ල කිතියෙන් කෙදිරි ගාද්දි...
 
"මහත්තයෝ .....ම්ම්ම්ම්ම්.. "
"මගෙ මැණික... "
හිමීට පටන් ගත්ත මේ සිප ගැනීම චුට්ට  චුට්ට  වේගවත් උනා...
කොල්ලගේ ඇගිලි තුඩු කෙල්ලගෙ සුදු  බන්ඩියේ දග කලේ කෙල්ලගෙ කෙදිරිලි හඩ මැද....
"අනේ පන....ම්ම්ම්ම්...මම.ම්ම්..ගොඩක් ආදරෙයි...ම්ම්ම් "
සකූ කෙදිරිලි හඩින් පවසද්දි කොල්ලාටත් සීමාවන් අමතක උනා....
කෙල්ලගෙ ටී ශර්ට්  1 ගෙලෙන් පන්නල ඒ සුදු  පපුව දිහා බලා හිටියෙ පුදුමෙන්..කිරිම කිරි පාට පපුව දුටු මිහිරාන් මත් උනා....අගිලි තුඩුත් තොල් පෙතිත් පපුව පුරා දග කරද්දි සකූ කලේ කෙදිරිලි හඩක් නගපු එක විතරයි.කෙල්ල හිටියෙ වෙනමම ලෝකෙක..
කොට ශෝටෙන් මතු උන කෙල්ලගෙ සුදු  කකුල් දිහාවට මිහිරාන් ඇදිල ගියෙ නොවිවසිල්ලෙන්..
ඒත්....
කරන්ට් 1ක් වැදිල වගේ මිහිරාන් නතර උනා....
මම මොනාද මේ කරන්නෙ....පිස්සෙක්
මිහිරාන් ට තමුන් ගැනම ආපු කේන්තිය පාලනය කර ගත්තෙ ඇද විට්ටමට අතින් ගහල...මාව විස්වාස  කරලා ආපු කෙල්ල..මම නම් බල්ලෙක්....ඉක්මනින් උඩට ආපු මිහිරාන් බෙඩ් ශීට් 1 කෙල්ලගෙ ඇග වටේ එතුවා..
හාදු නොවැටෙන කල්හි..සකූ හිමීට ඇස් අරියා...ඇස් වල කදුලු පුරවන් තම් දිහා කොල්ල බල්න් ඉන්නවා...
"මට සම වෙන්න  මගෙ මැණික ...මම බල්ලෙක්...අනේ... "
කෙල්ලට හිතන්න ඉඩක් නොතියම කොල්ල කෙල්ලව තුරු කර ගත්තා.හුස්ම හිරවෙන තරමටම අගට තද කර ගත්තා..
"මට ආදරේ  කලේ...ලස්සන මලක්....මම ඒ මලට ආදරේ කලා විතරයි මගෙ මැණික ...මට මේ ආත්මෙ ඒ මල අයිති නෑ...එහෙමෛ කියලා ඒ මලේ පෙති කඩල දාන්න මට බෑ... "
"මම කැලම්ට බාර දෙන්නෙ.මේ මලව "
"මේතරම් දුර ගියාට මට සමා වෙන්න වස්තු .මට මාව පාලනය කර ගන්න බැරි උනා..මට සමා වෙන්න... "
කෙල්ලව තුරල් කරන් කොල්ල අඩනවා.
"අනේ මහත්තයෝ  ඇයි  ඔයා  අඩන්නෙ.මේ හැමදේම උනේ.මගෙ  කැමැත්තෙන්.මට මීටත් වඩා දුර යන්න ඕනි...ප්ලීස්.... "
"මරනවා මන් උබව..."
මිහිරාන්  කෙල්ලට රිදෙන්න අත තද කල...
"ඌයි..... "
"අම්මා තාත්තා  ඔයාව හැදුවෙ  මලක් වගේ ඔයාගෙ මහත්තයා ට බාර දෙන්න්...ථේරුම් ගන්න මගෙ පන.මට ඒ දේවල් ගන්න පුලුව්න්...ඒත් ඔයගෙ දරුවන්ගෙ තාත්ත්ට ඔයා මොනාද දෙන්නෙ....ම්ම්ම්.. "
"ඔයාට ආදරේ  කලාට ඔයගෙ වටිනාකම නැති කරන්න මට බෑ..ඔයා මට දීපු ආදරේ  ඇති.ඔයා මෙහෙම තීරනයක්  ගත්තෙත් ඒ ආදරේ  නිසා .ඉතින් වෙන මොනවද්...ම්ම්ම්..මගෙ පන අයියට තුරුල් වෙලා දොයියා ගන්න.අපි ටිකකින් නැගිටල පන්සලුත් ගිහින් ගෙදර යමු...ම්ම්ම්.. "
"ම්ම්ම්ම්....ආදරෙයි තාත්තියෝ....
කෙල්ල  කොල්ලව බදාගෙන අඩල අඩල නින්ද ගියා..කොල්ලා කෙල්ල ඇහැරෙනකොටත් ඔලුව අත ගානව... "
"උම්ම්ම්ම්ම .. "
"මගෙ පන නැගිට්ටද...හරියටම පැයක් දොයි ...හ පැටික්කි වගේ..... "
"නැගිටින්න මැණික ...අපි පන්සල් යමු.. "
කොල්ලා කියුවා වගේ කෙල්ල මූන හෝදගෙන හිමීට ලෑස්ති උනා...කාමරෙන් එලියට යන්න හදදි කොල්ලා ගෙ කකුල් බදාගෙන කෙල්ල වැද වැටුනා..
"ඔයා දෙවි කෙනෙක් මගේ පන ...ඔයාව ලබන්න මගෙ පින් මදි..මට සමා වෙන්න.. "
මුකුත් නොකියපු කොල්ල..ඒ නලලට තොල් තඩ කලේ තමන් ඇඩුවොත් කෙල්ලව පාලනය කර ගන්න බැරි නිසාමයි..
දෙන්න පන්සල්  ගිහින් බුදුන්  වැදලා ප්‍රාර්ථනා  කලේ  ලබන ආත්මෙවත් දෙන්නට දෙන්න ලැබෙන්න...
පසුවදන......
මේක වෙලා දැනට මාස 3ක්.සකූ මගෙ හොද යාලුවෙක්.සකූ මාත් එක්ක මේ දේවල් කියුවෙ අඩ අඩ.සකූව කැලුම්ට බන්දනවා මැයි වල.සකූ තාමත් අඩනව..නොකා නොබී ඉන්නවා....හූල්ලනවා...මිහිරාන්  කියලා වෙනසක් නෑ..එයා සකූට කතා කරන එක අඩු කලා.එයා බයයි සකූ වැරැද්දක් කරෛ කියලා.ඒත් එයා හැමදාම හවසට කතා කරලා මගෙන් සකූ ගැන අහනව..එයාව බලා ගන්න කියනව...ඒක වෙන්න ඇති ඇත්තම ආදරේ ...මටත් දුකයි ඒ දෙන්න  ගැන.මේ කතාවෙ එච්චර ලස්සන නැතුව ඇති...ඒත් තමන්ගෙ කෙල්ල අතෑරල ගියාම අතින්වත් අල්ලලා නැතත් නිදා ගත්ත කියන පිරිමි ඉන්න ලෝකෙ මිහිරාන්ල වගේ අය දෙවිවරු..
මිහිරාන්ට තිබුනා හැමදේම අරන් පැත්තකට වෙන්න .ඒත්....ඉතුරු ටික ඔයාලට බාරයි.
ආ...මිහිරාන් මට කියුවා  එයා සකූට වෙච්ච පොරොන්දු  ඉශ්ට කරනවලු
අම්මල හොයල දෙන කෙනෙක් බදිනවලු.ඒත් සකූට තරම් කාටවත් ආදරේ කරන්නෙ නෑලු.


<!- start disable copy paste --> </!->