දාලා ගිය අප්පච්චි උඹට මන් ආදරෙයි
හූරලා දාලා නුඹ අම්මගෙ පපු කැවුතු..
ප්‍රේමයක් මුලාවක් වූවාද නිරතුරු...
ප්‍රේමයක් බැන්දාම අත්සනින් අත් අකුරු..
ගෑණු හිත් දුර්වලයි අම්මත් ඒ වගෙලු...
ප්‍රේමයක් මුලාවක් වූවාද නිරතුරු...
ප්‍රේමයක් බැන්දාම අත්සනින් අත් අකුරු..
ගෑණු හිත් දුර්වලයි අම්මත් ඒ වගෙලු...
ලේ සුවඳ හරි ඝනයි ප්‍රේමයක මුදුනක..
ඒකමයි බඩ ඇතුලෙ ලේ බිඳු රදන්නෙම..
ලේ බිඳක් හැඳෙනකොට බඩ ඇතුලෙ සැමියගෙම..
කොයි ගෑණි නොරකින්නෙ පණ විලස දරු ගැබ..
ඒකමයි බඩ ඇතුලෙ ලේ බිඳු රදන්නෙම..
ලේ බිඳක් හැඳෙනකොට බඩ ඇතුලෙ සැමියගෙම..
කොයි ගෑණි නොරකින්නෙ පණ විලස දරු ගැබ..
මුලාවක බන්ධනේ තව තවත් බැඳෙනකොට
උඹ ගියේ හැම ලණු කටු කම්බි ඉරාගෙන...
අම්මගෙ ඇඩියාව වැඩි උන හින්දම...
උප්පැන්නෙ කොටුව නෑ හිස් උනේ නුඹෙ නම..
උඹ ගියේ හැම ලණු කටු කම්බි ඉරාගෙන...
අම්මගෙ ඇඩියාව වැඩි උන හින්දම...
උප්පැන්නෙ කොටුව නෑ හිස් උනේ නුඹෙ නම..
නුඹට මා මෙන් අම්මා එපා වූ දවසෙම..
අම්මා තව බැඳුනා ප්‍රේමයෙන් අපටම..
උඹ හෙමින් හැර යද්දි පියකුගෙ යුතුකම..
හංදියෙ බත් කඩෙ ඉඳුල් හේදුවෙ අම්මම...
අම්මා තව බැඳුනා ප්‍රේමයෙන් අපටම..
උඹ හෙමින් හැර යද්දි පියකුගෙ යුතුකම..
හංදියෙ බත් කඩෙ ඉඳුල් හේදුවෙ අම්මම...
බංගලා වල නෝනගෙ යට ඇඳුම් හිට..
හෝදලයි ලොකු කලේ අම්මා මම මේ හට...
නුඹ ගිහින් තව ගෑනු හෙව්වාට යටි කය..
අම්මා නෑ යට උනේ පිරිමින්ගෙ ඇඟකට...
හෝදලයි ලොකු කලේ අම්මා මම මේ හට...
නුඹ ගිහින් තව ගෑනු හෙව්වාට යටි කය..
අම්මා නෑ යට උනේ පිරිමින්ගෙ ඇඟකට...
කණ්නාඩියෙ උඹෙ රූපෙ මට පේනකොට...
ලේ බැම්ම හරි ඝනයි හිතෙනවා මේ මට...
අප්පච්චි හැර ගියත් නුඹ අපේ හිත්වල...
හැමදාම අඩනවා නුඹෙ සුවඳ සිහි කර..
ලේ බැම්ම හරි ඝනයි හිතෙනවා මේ මට...
අප්පච්චි හැර ගියත් නුඹ අපේ හිත්වල...
හැමදාම අඩනවා නුඹෙ සුවඳ සිහි කර..
අම්මා හැමදාකම හිතුවෙම නුඹ ගැනයි...
නෑ කියුවෙ වදනක් නුඹ ඇගෙ ජීවිතෙයි..
වෛරයක් නැතුවාම නොවේ හිත ඉනිකඩයි..
ඒත්...
දාලා ගිය අප්පච්චි මං උඹට ආදරෙයි...
නෑ කියුවෙ වදනක් නුඹ ඇගෙ ජීවිතෙයි..
වෛරයක් නැතුවාම නොවේ හිත ඉනිකඩයි..
ඒත්...
දාලා ගිය අප්පච්චි මං උඹට ආදරෙයි...
නිමිත්ත... කුඩා කල තමාවත් මවත් හැර ගිය පියාට උස් මහත් වූ පුතුගෙ හදින්..
අහින්සා පැහැසරණි
2019.07.12
!->
2019.07.12
