එකොළොස් වන පරිච්ඡේදය
ශාලිතගෙ හිතේ මේ පිළිබඳව දැනුනෙ අමනාපයක් ඒක ඔහුගෙ මූණෙන්ම පෙනුනා.තවත් කොල්ලෙක් වෙච්ච කවීෂට ඒ වෙනස අදුනා ගන්න වැඩි වෙලාවක් ගියෙ නෑ..ඒකයි කවීෂ සහන්සා අතේ හිටපු දෝණි වඩා ගත්තෙ..
"ආන්ටි ලගට ගියාම අලිද දෝණි පැටික්කි...අද ආන්ටිගෙ නෑදෑයො ඇවිත්...අපි නන්...අපි නන්..."
සහන්සගෙ අතින් දරුවා ගත්තම දෝණි අඩන්න ගත්ත නිසා කවීෂ දරුවවත් අරන් හැකි ඉක්මනින් එහාට ගියෙ සහන්සගෙ ගෙදර අය වැරදියට තේරුම් ගනී කියන බයට.
සහන්සගෙ අම්මා එතනට ආවෙ ඒ වෙලාවෙ..
"ආ චූටි මැණිකෙ...මේ පිරිමි දරුවයි ඒ පොඩි ලමයයි විතරද මේ දවස් වල ගෙදර ඉන්නෙ....??"
අම්මා ඇහුවෙ ශාලිත එහෙ මෙහෙ වෙනකම් ඉදලා.
"නෑ...අම්මා ඇයි මැණිකා නැන්දා..?"
"අහ්...එහෙමද මම නම් මේ රස්සාවට පොඩ්ඩක්වත් කැමති නෑ..අපෙ අත්තාමුත්තා කාලෙවත් අනුන්ගෙ ගෙවල් වල වැඩපල කරලා නෑ..."
"මොනාද අම්මා මේ ....මම ගෙදර වැඩ පල කරන්නෙ නෑ..මම කරන්නෙ අසනීප කෙනෙක් බලා ගන්න එක.ඒකත් මේ ඒ මනුස්සයට කවනවා පොවනවා නෙමෙයි...ඒ ට්‍රීට්මන්ට්ස් කරන්න ඉගන ගන්න ඕනි.එයා මෙන්ටලි ඩවුන් වෙච්ච පේශන් කෙනෙක් ..."
"හරි...හරි...මම දන්නෙ නෑ...තාත්තගෙන් අහන්නකො..."
"චූටි මැණිකෙ තව දෙයක්...ලෙඩ්ඩු බලා ගත්තම ඇති...කාටවත් අනුකම්පා කරන්න ඕනි නෑ...ඔය අනුකම්පා තමයි භූමිකම්පා වෙන්නෙ...?"
අම්මා කියුවෙ කවීෂයි දරුවයි ගැන කියන්න සහන්සට අටුවා ටීකා ඕනි උනේ නෑ...
යන්න ලෑස්ති වෙලාත් ශාලිත කියුවෙ එන්ගේජ්මෙන්ට් එක නිසා ඉක්මනට ගෙදර එන්න කියලා.සහන්සා මුකුත් නොකියා හිටියෙ මේ දේවල් ගැන සහන්සට ගන්න තීරණයක් නොතිබුන නිසා.
...................................
"සහන්සා මට කතා කරන්න පුලුවන්ද ටිකක් ..?"
කවීෂ කියුවෙ සහන්සගෙ කාමරේ දොරට තට්ටු කරන ගමන්..
"ඉන්න කවීෂ මම එන්නම්..."
සහන්සා කාමරේ ඉදලා කෑ ගැහුවා.සහන්සා සාලෙට එනකොට කවීෂ දරුවා උකුල මත තියාගෙන ලොකු කල්පනාවක.
"කවීෂ..."
"වාඩි වෙන්න සහන්සා ..."
සහන්සා එනකොටම දෝණි අත්දෙකම දාලා සහන්සා වෙතට පැන්නෙ කවීෂ තවත් අවුල් කරමින්..
"කියන්න කවීෂ ප්‍රශ්නයක් ද..?"
සහන්සා ඇහුවෙ දෝණි වඩාගෙන වාඩි වෙන ගමන්..
"ඇත්තටම සහන්සා අම්මලා මේ ගෙදරට එනකම් මම දන්නෙ නෑ ඔයා කවුද කියලා..මම හෙවුවෙත් නෑ.මම හිතුවා ඔයා රස්සාවක් ඕනි කමට ආවා කියලා.මට ඔයාගෙ තාත්තා තමයි කියුවෙ ඔයාගෙ පී.එච්.ඩී එකට ඔයා මේ වගේ රෝගීන් අධ්‍යනය කරනවා කියලා."
සහන්සා බලන් හිටියෙ කවීෂ මොනාද කියන්නෙ කියලා.
"ඔයා ආපු දවසෙ ඉදලා විහඟි උනත් ලොකු වෙනසක් තියනවා..ඊටත් වඩා දෝණි...?"
සහන්සා ගැස්සිලා කවීෂ දිහා බැලුවා.
"ඔව් සහන්සා ..දරුවට ඔයාව ගොඩක් ඕනි.එයා මටත් වඩා මේ දින කීපෙට ඔයත් එක්ක බැඳිලා.."
කවීෂ කියුවෙ සහන්සගෙ ඇස් මගාරිමින්..
"මගෙ දරුවට අම්මෙක්ගෙ උණුසුම ලැබිලා නෑ සහන්සා.එයා ඉතින් ඉක්මනට ඒ ආදරේට හුරු වෙනවා.එයා දැනටත් ඒ ආදරේට හුරු වෙලා."
කවීෂ නොකියා කියුවෙ සහන්සගෙන් දරුවට අම්මගෙ ආදරේ ලැබෙනවා.දරුවා ඒඋණුසුමට නතු වෙනවා කියලා සහන්සට දැනුනා.
"ඔ..ඔයා මට දැන් මොනාද කවීෂ කරන්න කියන්නෙ...?"
සහන්සා ඇහුවෙ කවීෂ කියන්න යන දේ ඉවෙන් වගේ දැනෙන නිසා.
"මා ගැන වැරදියට හිතන්න එප සහන්සා ...අපේ පවුලෙ කෙනෙක් ගානට ඔයා අපිට උදවු කරනවා.සමහර විට ඊටත් එහා...ඒත්...??"
"ඒත්..??"
සහන්සා ඇහුවා..
"ඒත් මට බයයි ඔයා ගිය දවසට දරුවව මට පාලනය කර ගන්න බැරි වෙයි කියලා .මොකද ඔයාගෙ බෝයිෆ්‍රෙන්ඩ් මට කියුවා ඔයාලගෙ එන්ගේජ්මෙන්ට් එක ඉකමනට ගන්නවා කියල.ඒ කියන්නෙ ඔයාට වැඩි කාලයක් මෙහෙ ඉන්න බෑ.."
කවීෂ කියුවෙ සුසුමක් හෙලලා.
"ඔයා මට කියන්නෙ දරුවගෙන් ඈත් වෙන්න කියලද කවීෂ? කෙලින්ම කියන්න.."
සහන්සා ඇහුවෙ ඇස් වල කඳුලු පිරෙද්දි.
"නෑ...එහෙමමත් නෙමෙයි..."
"නෑ..නෑ...කමක් නෑ ...කවීෂ මට හැමදේම තේරෙනවා.මම මම දෝණි ගෙන් ඈත් වෙන්නම්..."
සහන්සා කියුවෙ ඒ සිගිති මුව සිප ගනිමින්.දරුවව කවීෂ අත තිබ්බ සහන්සා කාමරේට ගියෙ පිටස්තර පිරිමියෙක් ඉදිරියේ අඩන්න බැරි කමට
සහන්සට කාමරේට ගිහින් ඉකි ගසමින් ඇඩුනෙ හිතේ තිබ්බ දරු සෙනෙහසට.එදා කැළණිය පන්සලේ දරුවා දුටු මොහොතෙ ඉදලා මේ වෙලාව දක්වාම තත්පරෙන් තත්පරේ දරුවට සහන්සගෙ හිතේ තිබ්බ ආදරේ වැඩි උනා...දරු සෙනෙහස කියන්නෙ අමතක කරන්න පුලුවන් දෙයක් නෙමෙයි.ඒකට අම්මෙක් තාත්තෙක්ම වෙන්න ඕනි නෑ..
ඒත් කවීෂ කියපු දේ වැරැද්දක් නෑ කියලා සහන්සට හිතුනා.සහන්සා කාමරේටම වෙලා හිටියෙ හිතට දැනුනෙ දුකට..
අන්තිමට සහන්සා තීරණය කලා කවීෂත්, දරුවවත් මුණ නොගැසි ඉන්න.
............................
දිනෙන් දින සුපුරුදු විදිහට ගෙවෙද්දි සහන්සා උත්සහා කලේ කවීෂ වත් දරුවවත් මුණ නොගැහී ඉන්න.
විහඟිගේ ප්‍රතිකාර වරින් වර වෛද්‍ය අනුමැතියෙන් වෙනස් වෙද්දි සහන්සා ඒ හැමදේම හරියට කලා .විහඟිගේ තත්වය කෙමෙන් කෙමෙන් හොඳ අතට හැරෙනවා කියලයි වෛද්‍යවරු කියුවෙ.
කවීෂ උනත් පෙර පුරුදු විදිහට දරුවව ඔෆිස් අරන් ගියා.කවීෂ උනත් පරිස්සම් උනා දරුවවත් සහන්සවත් ඈත් කරලා තියන්න.මොකද සහන්සා දරුවට ගොඩක් ආදරෙයි කියලා කවීෂ උනත් දැනගෙන උන්නා.
"චූටි පුතා...අන්න...අද විහඟිගේ අම්මලා කතා කලා.විහඟි සනීප වෙද්දිනෙ අම්මලට දුවව මතක් වෙලා තියෙන්නෙ.."
කවීෂ ගෙට ගොඩවෙනකොටම කවීෂගෙ අම්මාගෙ ගෝරනාඩුව සහන්සට ඇහුනා.
"දරුවෙක් එක්ක මගෙ කොල්ලා අසරණ වෙද්දි ඔය අම්මලා අප්පලා උන්නෙ නෑනෙ.මට හොදවයින් දෙකක් ආවා කියන්න.ඒත් මම කට පිඅයන් උන්නා.."
"මොනාද අම්මා එයාලා කියුවෙ..?"
කවීෂගෙ හඩ මහන්සියෙන් පිරිලා කියලා සහන්සට හිතුනා.පව්...ගෙට ගොඩ වෙන්නවත් උනේ නෑ ඔෆිස් ඇරිලා ඇවිත්...සහන්සට කවීෂගෙ අම්මා ගැන අපැහැදීමක් ඇති උනා.
"දැන් විහඟිට කොහොමද ඇහුවා.දරුවා සනීපෙන්ද අහනවා..."
කවීෂ මුකුත් නොකියාදරුවා එක්ක පිය ගැට පෙළ නගින හඩ සහන්සට ඇහුනා.
දොළොස්වන පරිච්ඡේදය
ඊළග දවසට හිරු උදා උනේ ගෙදර මහා කලබගෑනියක් කරමින්..සහන්සා විහඟිට ව්‍යායාම කරවලා ගෙට එක්කන් ආවා විතරයි .
"කෝ අපේ දුව...අපි මේ ආවෙ එයාවයි දරුවවයි එක්කන් යන්න.."
නුපුරුදු ගැහැණු කටහඩක් ගේ ඇතුලෙන් ඇහෙද්දි සාලෙට කවීෂගෙ අම්මත් තාත්තත් පැමිණෙන බව සහන්සට දැනුනෙ දෙදෙනගෙම කටහඩින්.
"ආ...නංගි වාඩි වෙන්න.."
ඇහුනෙ බාලසූරිය මහත්තයගෙ කටහඩ.
"වාඩි වෙන්නෙ මොකටද...අපි ආවෙ අපේ දරුවො දෙන්නව එක්කන් යන්න.."
නැවත ඇහුනෙ නුපුරුදු හඩ.ඊයෙ රෑ ඇහුන විදිහට මේ ඇවිත් ඉන්නෙ විහඟිගේ අම්මලා වෙන්න ඕනි.සහන්සට හිතුන.
"මොන දරුවො ගැනද....."
කවීෂගෙ අම්මගෙ හඩ යටපත් උනේ කවීෂගෙ තාත්තගෙ හඩින්.
"නෝනා කට පියා ගත්තනම් හොදයි."
බාලසූරිය මහත්තයා කියුවෙ ටිකක් සැර හඩින්.ඒ හඩට වෙන්න ඕනි කවීෂත් පඩිපෙළ බහින සද්දෙ ඇහුනා.
"නංගි...කරුණාකරලා වාඩි වෙලා කතා කරමු.කිරි සප්පයෙක් එක්ක මගෙ පුතා මීට මාස පහා හයකට කලින් තනි උනේ ඔයාලගෙ අසනීප දුවත් එක්ක...එතකොට මට පේන්නෙ ඔයාලට මේ ගැන ආරංචි උනේ අද වෙන්න ඕනි..."
බාලසූරිය මහත්තයගෙ සරදම් පිරුන කටහට ඇහුනා.ඒ හඩටනම් විහඟිගේ අම්මගෙ සැර බාල උනා.
"එහෙම නෙමෙයි අයියෙ ...ඔයාලත් දන්නවා මේවා අපෙ කැමැත්තට උන කසාද නෙමෙයිනෙ...අපි අකමැත්තෙන් වෙච්ච දේවල්..ඉතින් අපි...??"
"ඔව්...අපිත් කිසිම කැමැත්තක් තිබුනෙ නෑ විහඟි වගේ කෙනෙක් අපේ පුතාට කසාද බන්දන්න.ඒත් අන්තිමට ඒක උනා.ඊට පස්සෙ මොනා කරන්නද...?"
කවීෂගෙ තාත්තා දිගටම කතා කලා.විහඟිගේ අම්මගෙ කට මේ වෙනකොට වැහිලා තිබුනෙ.
"මේ දරුවා අම්මෙක් උනා..මොකෝ අකමැති කියලා ඔයාලා මෙහෙ නෑවිත් උන්නෙ නෑනෙ...ඒත් දරුවට දවස් තුනයි ඔයාලගෙ දරුවට මේ කරදරේ වෙනකොට.විහඟි ඉස්පිරිතාලෙන් ගෙදර ගේනකම් හිටියා."
"ඊට පස්සෙ අපෙ කොල්ලා තනියම මේ දරුවෙක් බලා ගන්නෙ කොහොමද කියලවත් බැලුවද..?"
"හිතුවක්කාරකම් කලානම් විදවන්න ඕනි..."
විහඟිගේ අම්මා අන්තිමට කියනවා ඇහුනා.
"හරි ඒ ළමයි දැනටත් විදවනවනෙ.මගේ පුතා ඕනිවටත් වඩා විදවනවා.දැන් එතකොට මේ කිරි දරුවවයි විහඟි එක්කන් යන්න හිත හදා ගත්තෙ.. මොකද එකපාරටම ?"
බාලසූරිය මහත්තයා ගොඩක් සාමකාමී විදිහට ප්‍රශ්න විසදද්දි මට තවම දෑසටවත් නොදුටු විහඟිගේ අය සමග ඇති උනේ පුදුමකාර කලකිරීමක්.
"අපිට අපේ දරුවා බලන්න ඕනි..."
විහඟිගේ අම්මා කියද්දි කවුරුහරි කාමරේ පැත්තට එනවා ඇහුනා.
"දරුවො සහන්සා ...ඔය විහඟි පොඩ්ඩක් ඉස්සරහට ගෙනාවනම්.."
කවීෂගෙ අම්මා කියුවෙ බාල කරපු හඬින් ..
සහන්සා නිහඩව විහඟිගේ රෝද පුටුව තල්ලු කරගෙන ඉස්සරහට ආවා.සහන්සා පිටුපසින් කවීෂගෙ අම්මා එද්දි මම දැක්කා සාලෙට නොපෙනෙන තැනක කවීෂ පුටුවක වාඩි වෙලා ඉන්නවා.ඒ මූණ පුරා තිබුනෙ කියවාගත නොහැකි යමක් .
"ආ....මට ආරංචි උනා හරි එහෙනම්...මටත් ඕනි උනේ මේ දේවල් අතටම අල්ලා ගන්න.ආයි මොනාද ...ඔය අහු උනේ අතටම.."
විහඟිගේ අම්මා කෑ ගහන්න ගත්තා.සහන්සා පළමුවර ඇය දැක්කෙ.කළුපාට දිග කළු ජීන්ස් එකකට අත් කපපු හැට්ටයක් ඇදලා ටින්ට් කරපු කොට කර්ලි කොණ්ඩෙ මුදුනට කරලා බැදලා තිබුනා.
තද රතුපාටට තොල් පාට කරලා තිබුනෙ ..සහන්සට ඒ පෙනුම ගැන වගේම හැසිරීම ගැනත් ඇති උනේ අපහැදිලි බවක්.
"දැන් ඔය මොනා ගැනද කතා කරන්නෙ...?"
කවීෂගෙ තාත්තගෙ හඩේ තිබුනෙ ඉවසීමෙන් කතා කරන බවක්.
"කතා කරන්නෙ ..?කතා කරන්නෙ මගෙ ලෙඩ කෙල්ල පානෙන් ඒකි බලා ගන්න කියලා තමුන්ගෙ පුතා වෙන ගෑනියෙක් එක්ක මේ ගේ අස්සෙ පවුල් කන කතාව.."
සහන්සගෙ කන් වලින් ගින්දර පිටවෙන්නා වගේ දැනුනෙ ඒ ඇහුන දේට.
"මොකක්...?"
එවර හඩ අවදි කලේ කවීෂගෙ අම්මා..
"ඔව්..ඔය කියන්නෙක් හැමෝම..අපේ ලෙඩ එකී බලාගන්න කියලා කෙල්ලෙක් ගේ අස්සෙ දාගෙන කවීෂයි දරුවයි එක්ක කාර් එකේ එහෙ මෙහෙ යනවා...කොටින්ම පවුල් කනවා කියලා.මේ ලගදි අපෙ අක්කගෙ දුව දැකලා තිබුනා මේ ජෝඩුව බෙහෙත් ගන්න ගිහින් ඉන්නවත්..."
මේ අහස පොළව නුහුලන කතාවට සහන්සගෙ ඇස් වලට කඳුලු ආවා.
"මොකක්ද දැන් අම්මා කියන්නෙ..?"
එවරනම් ඉස්සරහට ආවෙ කවීෂ ...හැම වෙලේම සන්සුන්ව තියන ඒ ඇස් ලේ රතුපාටට හැරිලා තිබුනා.ඒ මූණත් රත් පැහැ ගැන්විලා තිබුනෙ කේන්තියෙන් .
"ආ...මේ ඉන්නෙ නල්ලමලේ බෑනා පොඩ්ඩ.මොනවා කියන්නද මම මේ කියන්නෙ කවීෂ පවුල්කන මේ ගෑණි ගැන."
විහඟිගේ අම්මා කියුවෙ සහන්සා දිහාට ඇගිල්ල දික් කරලා.
"අම්මපා මගෙ අම්මගෙ වයසෙ නිසා ඉවසනවා මිසක් වෙන කවුරුහරි ඔය කතාව කියුවනම් ආයි බත් කන්න වෙන්නෙ අඹරල..."
කවීෂ කියද්දි කවීෂගෙ අම්මත් තාත්තත් කවීෂ ලගට ආවෙ කවීෂට හොදටම කේන්ති ගිහින් ඉන්නවා කියලා දැනුන නිසා වෙන්න ඇති.
"පුතා...පුතා..ඔයා යන්න.අපි මෙයාට තේරුම් කරන්නම්.."
කවීෂගෙ අම්මා කවීෂගෙ අතකින් අල්ලා ගත්තා.
"මට මේ වෙන දේවල්වලට සමාවෙන්න සහන්සා .ප්ලීස් ඔයා කාමරේට යන්න..."
කවීෂගෙ හඩ දැඩියි. සහන්සා කවීෂගෙ අම්මා දිහා බැලුවෙ මොකක්ද කරන්නෙ කියලා අහන්න වගේ.
"ඔය දුව කාමරේට යන්න.."
කවීෂගෙ අම්මත් කියුවම සහන්සා කාමරේට යන්න හැරුනා.
"සහන්සා මේ දරුවා අරන් යන්න.මේ වගේ මිනිස්සු ඉන්න තැනක හුලගක්වත් වදින්න මම මගෙ දරුවා තියන්නෙ නෑ.."
කවීෂ කියුවෙ දෝණි සහන්සට දෙමින්..ඒ පුන්චි ඇස් මුකුත් නොදැන සහන්සා අතට පැන්නෙ හිනා වෙමින්.
සිදු වන දේ අයහපත් උනත් සහන්සා දෝණි අරන් කාමරේට ආවෙ පවුලෙ ප්‍රශ්න වලට තමාට මැදිහත් වෙන්න බැරි නිසා.මොනවා උනත් විහඟිගේ අම්මා ඉන්නෙ වැරදි වැටහීමක කියලා සහන්සට හිතුනා.
දෝණිගෙ හිසමතට දෙතොල් තද කරපු සහන්සා සාලෙ කතාවට ඇහුම්කන් දුන්නෙ ඒක පවුල් ප්‍රශ්නයක් උනත් මේ වෙනකොටත් ඇය ඒ ප්‍රශ්නෙ ප්‍රධාන පුරුකක් වෙච්ච නිසා.
"මේ නංගි අපි මේ ගොඩක් වැදගත් විදිහට කතා කරන්නෙ..අපේ දරුවට වෙන කසාදයක් ඕනි උනානම් ඔයාට ඔයාගෙ දුව බලන්න අද මෙහාට එන්න වෙන්නෙ නෑ.එහෙනම් විහඟි දැනටත් ඔයාලගෙ ගෙදර.."
ඒ කවීෂගෙ අම්මා.
"ඒ දරුවා සහන්සා ...විහඟි බලා ගන්නවා.එච්චරයි .."
කවීෂගෙ අම්මයි තාත්තයි කොච්චර කියුවත් විහඟිගේ අම්ම පොඩ්ඩක්වත් ඇහුම්කන් දුන්නෙ නෑ...
කියවලා කෑ ගහලා එයා එළියට බැහැලා ගියෙ තමන්ගෙ දුව වෙච්ච විහඟි එක්කවත් කතා නොකර..
විහඟිගේ අම්මා ගියාට පස්සෙ ගේ ඇතුලෙ ඇති උනේ පුදුමාකාර නිහඩ බවක්.ඒ නිහඩබව එකවරම බිදිලා ගියෙ වීදුරු යමක් බිදෙන හඩින්...
සහන්සා ඒ සද්දෙට කලබල උනා වගේම චූටි දෝණිත් එකපාරටම අඩන්න ගත්තෙ ඒ සද්දෙට බයේ.සහන්සා දරුවව වඩාගෙන සාලෙට එනකොට කවීෂ , බාලසූරිය යුවල ,මැණිකා වගේම විහඟි එතන හිටියා.
විහඟිගේ රෝද පුටුව ලග තිබුනෙ විසිරිලා ගිය වීදුරු කටු ගොඩක්.ඊට ටිකක් එහායින් වැටිලා තිබුනෙ විහඟිගෙයි කවීෂගෙයි මංගල ජායාරූපය.
සැකයක් නෑ විහඟි ඒකට යමකින් ගහන්න ඇති සහන්සට හිතුනා.ඒ සැකය තහවුරු කරමින් ඊට එහායින් පොඩි පිත්තල මල් පෝච්චියක් වැටිලා තිබුනා.
"වි..හ..ඟි..."
කවීෂගෙ උස්ව නැගුන හඩට බය වෙච්ච දෝණි තවත් අඩන්න ගත්තා.
"ඔයාට මොකක්ද මේ වෙලා තියෙන්නෙ..?"
කවීෂ අහද්දි සහන්සා දෝණි කවීෂට දීලා විහඟි කාමරේට එක්කන් යන්න හැදුවෙ අද සිද්ද වෙච්ච දේවල් විහඟිගේ මානසික තත්වයට ගොඩක් බලපාන නිසා.
නමුත් සිද්ද උනේ නොසිතූ දෙයක්.විහඟි සහන්සව තල්ලු කලා.
විහඟිගේ අම්මාකියපු හැමදේම විහඟිට ඇහුනා.සමහරවිට විහඟි සහන්සා එක්ක කේන්තිය ඒක නිසා වෙන්න ඇති.සහන්සා ගොඩක් අසරණ වෙද්දි මැණිකා විහඟි කාමරේට එක්කන් ගියා.
"මොනාද අපෙ මහත්තයා මේ වෙන්නෙ...මේ කිසි දෙයක් නොදත් මේ දරුවටත් නින්දා විදින්න වෙලානෙ..."
කවීෂගෙ අම්මා ඔලුවෙ අත ගහගෙන පුටුවක වාඩි වෙද්දි කවීෂ දරුවා එක්ක ටයිල් පොළවෙ බිම වාඩි උනා.ඒ ඇස්වල කඳුලු පිරිලා තියනවා සහන්සා දැක්කා
"තාත්තෙ තවත් මේ දේවල් මෙහෙම වෙන්න ඕනි නෑ..මේ වෙච්ච දේවල් එක්ක මම මේ ගෙදර ඉන්න එක විහඟිගේ මානසික තත්වයට හොඳ නෑ...අනික දැන් එයාට ගොඩක් හොඳයි...ඩොක්ටර් කියුවෙ නෙක්ස්ට් මන්ත් වෙද්දි එයාට ස්පීච් තෙරපි පටන් ගමු කියලා.(කතාකිරීමට හුරු කිරීම.හොඳින් ඉදලා අසනීප වෙච්ච රෝගීන්ට කතා කරන්න බැරුව ටික කාලයක් ඉදලා හොද වෙනකොට කතාකරන්න්න උදවුකරන ප්‍රතිකාර ක්‍රමයක්.)
"මාස දෙක තුනකින් එයාව හිටපු තත්වෙට ගන්න පුලුවන් කියුවා.මම දැන් වැඩක් නෑ.මම යන්නම්.."
සහන්සා කියුවෙ මේ පෞද්ගලික ප්‍රශ්නයට තමා හේතුවක් නොවිය යුතු නිසා.
"ඒත් දරුවො ඔය දෙන්නම වරදක් නොකරන බව අපි දෙන්නා දන්නවා.ඔය දෙන්න දන්නවා.ඒ ඇති ඔය මෝඩ ගෑණු මොනවා කියුවත් අපිට අදාල නෑ දරුවො.
කවීෂගෙ අම්මා කියුවෙ සහන්සව තවත් පුදුම කරමින්.
"අනේ දරුවො මාත් ඔය දරුවා ගැන හිතුවෙ වැරදියට.ඒත් මම දන්නවා ඔය ලමයා හොඳ දරුවෙක් කියලා.."
ඇය කියුවෙ පාපොච්චාරණයක් කරන විලසින්.
"අනේ සහන්සා....ඔයා නිසා විහඟි ගොඩක් සනීප උනා.අනේ ඔයා ගියොත් අපිට එයාව සනීප කරගන්න බැරි වෙනවා.මම ආත්මාර්ථකාමී කියලා හිතන්න එපා..මට ගෑණියෙක් ඕනි නෑ..ඒත් මගෙ අහින්සකීට අම්මෙක් ඕනි.."
කවීෂ කියුවෙ සහන්සව තවත් අසරණ කරමින්.
"ඒත් කවීෂ ...??"
"මම දන්නවා.මම ඔයාට පොරොන්දු වෙනවා.ආයිත් කවදාවත් ඔයාට මේ වගේ කතා කාගෙන්වත් අහන්න මම ඉඩ තියන්නෙ නෑ.ඒක මගෙ දෝණිගෙ නමින් මම වෙන පොරොන්දුවක් ..."
කවීෂ කියද්දි සහන්සට දුක හිතුනා.
එක අතකට විහඟිගේ අම්මා කියන්නෙ තමන්ගෙ දුව ගැනවත් නොහිතුව අම්මෙක්.එයා කියන දේවල් වලට ඇයි මම සැලෙන්නෙ..?සහන්සා හිතුවෙ එහෙම.ඒකයි සහන්සා තමන්ගෙ තීරණය වෙනස් කලේ.
.................
දින සති ගෙවෙද්දි විහඟිගේ අසනීප තත්වෙ හොඳ අතර හැරුනා ..විහඟි දැන් ඉස්සර වගේම කතා කරනවා.එයාට බැරි ඇවිදින්න විතරයි ..
"විහූ...අද දෝණි මම ගෙදර දාලා යන්නද...ඔයාට දෝණි බලා ගන්න පුළුවන් නේද..?"
"අනේ කවී..මම කොහොමද රෝද පුටුවෙ ඉදන් එයාව බලා ගන්නෙ..අනික එයා ඒ හැම තැනම යනවා..ඒක කරදරයිනෙ.."
"නෑ විහූ අද මට ටිකක් දුර යන්න වෙනවා.දෝණිට මහන්සිනෙ..ඒකයි මේ..."
"අනේ මන්දා...හරි හරි ..මම සහන්සටවත් ටිකක් බලන්න කියන්නම්කො.."
විහඟි කියුවෙ අමනාපෙන්.සහන්සට මේ හැම දේම ඇහෙද්දි ඇය අහගෙන හිටියෙ පුදුමය කැටිව.
කවීෂ දරුවව දාලා ගියෙ හිතකින් නොවන බව සහන්සා දන්නවා.මොකද පුලුවන්කමක් තිබුනනම් කවීෂ දරුවා දාලා නොයන බව සහන්සා දැනන් උන්නා.
දැන් සහන්සා විහඟිගේ කාමරේට යන්නෙ ව්‍යායාම හා ප්‍රතිකාර කරන්න ඕනි වෙලාවට විතරයි.මොකද කවීෂ නිතරම ඒ කාමරේ හිටපු නිසා සහන්සා ඒකට යන එක අඩු කලා.
දෝණි අඩන්න ගත්තෙ එකපාරටම .සමහරවිට තාත්තා ලග නැති අඩුව ඇයට දැනෙන්නට ඇති.බිම කාපට් එකක් දාලා සෙල්ලම්බඩු ගොඩක් මැද්දෙ තියලා තිබ්බ දෝණි අඩද්දි සහන්සා විහඟිගේ කකුල් මසාජ් කරන එක නතර කරලා දෝණි ලගට යන්න හැදුවා.ඒත්,
"අනේ ටිකක් අඩපුවාවෙ සහන්සා ..ඔය වැඩේ නතර කරන්න එපා.ඉස්සර වගේ නෙමෙයි.මසාජ් එක මට දැනෙනවා.සනීපයි.."
විහඟි කියද්දි සහන්සා ඇය දෙස බැලුවෙ ගැස්සිලා .
ඒ කතාව බාලසූරිය මහත්තයට ඇහුනා.ඔහු දෝණි වඩාගෙන එළියට එක්කන් ගියෙ කලකිරුන සිතින්.
දහතුන් වන පරිච්ඡේදය
සහන්සට විහඟි ගැන දැනුනෙ අපුලක්.දෙයියනේ ඉපදිලා දවස් තුනකින් තමාගෙන් වෙන් කරන්න සිද්ද වෙච්ච මේ පුන්චි පැටියා ගැන විහඟිගේ හිතේ අසීමිත ආදරයක් ඇතියි කියලා සහන්සා විශ්වාස කලා.විහඟිගේ අසනීප තත්වය එක්ක විහඟි නපුරු ලෙස හැසිරෙනවා කියලා හිතුවට තමන්ගෙ කුසින් වදාපු දරුවට මෙහෙම කරයි කියලා සහන්සා කොහොමටවත් හිතුවෙ නෑ.
මුලින්ම ගෙදරට එනකොට රෝගියා කවුද කියලා දැන නොගත්තත් විහඟි ගැනත් දෝණි ගැනත් දැන ගත්තට පස්සෙ සහන්සගෙ එකම අරමුණ උනේ දෝණිට දෝණිගෙ අම්මව සනීප කරලා දෙන එක.නිවාඩුවක්වත් නොගෙන විහඟි වෙනුවෙන්ම කැප උනේ දෝණිගෙ අම්මව දෝණිට දෙන්න ඒත් විහඟිගේ හැසිරීම සහන්සට පුදුමයක් වගේම පිළිකුලක් එක් කලා.
"සහන්සා..."
විහඟි කතාකලාම විහඟිගේ බෙහෙත් ටික අරන් හිටපු සහන්සා විහඟි දිහා බැලුවා.
"මට උදවුවක් කරනවද..?"
"කියන්න විහඟි .."
"මම මේ කාලෙ පුරාවටම කවී ලගට ගිහින් නෑ සහන්සා..මට එයත් එක්ක ආයිත් පරණ ජීවිතේ ඕනි...ඉතින් මට ඒකට ඔයාගෙ උදවු ඕනි..."
සහන්සට දුක හිතුනා.මොකද තරුණ බිරිඳක් විදිහට තමන්ගෙ ස්වාමිපුරුෂයාගෙ උණුසුම නැතුව අසනීපව රෝද පුටුවක ගත කරන්න ලැබුනා කියන්නෙ සුන්දර අත්දැකීමක්නම් නෙමෙයි.ඇය බොහෝ සේ සිතින් විඳවන්නට ඇති.තම ස්වාමියාට ලන් වීමට සාධාරණ ආශාවකින් ඒ සිත පෙළීම අරුමයක් නෙමෙයි.
"හරි මම දැන් මොනාද කරන්න ඕනි..."
සහන්සා ඇහුවෙ ඒ වෙනුවෙන් තමාට කරන්න පුලුවන් උපරිමය කරන්න හිතාගෙන.
"මට ෆ්ලවර්ස් ටිකක් ගෙනත් ඕනි..තව කාමරේ ටිකක් ඩෙකරේට් කර ගන්නත් ඕනි...තව හවසට මාව ටිකක් ලස්සනට අන්දවනවද..?"
සහන්සට හිනා ගියා වගේම දුකකුත් සතුටකුත් ඇති උනා... අසනීපය නිසා අහිමි වී අවසන් වීමට ගිය ආදර කතාවක් තමා නිසා මේ තරම් හෝ සතුටක් විදීම පිළිබද සතුටක් ඇති උනත් බිරිඳක් විදිහට විහඟිට ඒ දේවල්වලට තවත් කෙනෙක්ගෙ උපකාර බලාපොරොත්තු වීමට සිදුවීම ගැන සහන්සට විහඟි ගැන දුක හිතුනා.
"ඕ...කේ..එහෙනම් අද කවීෂට සප්‍රයිස් එකක් දෙමුකො...මම ලෑස්ති කරන්නම්.."
"තෑන්ක්ස් සහන්සා.."
විහඟි කියද්දි සහන්සා හිනාඋනා විතරයි .
සහන්සා දවල් වරුව පුරාවටම විහඟිගේ කාමරේ හැඩ කලා.හවස් වෙනකොට කාමරේ හනිමූන් කපල් එකකට වගේ ලස්සනට තිබුනා.
විහඟි ලග තිබුන රතු පාට ගවුමකුත් අන්දවලා කොණ්ඩෙ ලස්සනට පීරලා කඩලා දැම්මා..
විහඟිගේ මූණෙ හිනාව දැක්කම සහන්සට සතුටු හිතුනා.
"ඕ...කේ...ඔන්න.දැන් මනමාලි ලෑස්ති.මනමාලයයි සුරංගනාවි ආවම සම්පූර්ණයි."
සහන්සා කියද්දි විහඟිගේ මූණ අමුතු උනා.
"සහන්සා තව පොඩි උදවුවක් ඕනි.."
"කියන්න.."
"ඔයාට බැරිද බබාව ඔයා ලග තියා ගන්න අදට .එයාව ගත්තොත් අපිට ඩිස්ටර්බ්...ඔයාට තේරෙනවනෙ.."
සහන්සා ගැස්සුනේ ඒ වචන වලට.හා හා පුරා කියලා ගොඩ දවසකින් සමරන්න යන අද දවස දෝණි නැතුව සම්පූර්ණ කරගන්න පුළුවන්ද කියලා අහන්න හිතුනත් සහන්සා කට පියා ගත්තෙ එය තමන්‍ට අදාල නොවන නිසා.
"ම්ම්ම්ම්ම් ඒක මටනම් ප්‍රශ්නයක් නෙමෙයි..ඒත් කවීෂ ...?"
"මම එයාව බලා ගන්නම්.."
"හා.."
සහන්සා උත්තර දුන්නෙ කල්පනාබරව.
...............
කවීෂ ඇවිත් වොශ් දාලා විහඟිගේ කාමරේට ගියාම මේ හැම දේම දැකලා පුදුම උනා.මේ වෙනකොටත් දරුවා සහන්සා වත්තට එක්කන් ගිහින් තිබුනෙ විහඟිට වෙච්ච පොරොන්දුව ඉෂ්ට කරන්න.
"විහූ ඔයාද මේ හැමදේම කලේ..ලස්සනයි මැණික..ඔයත් අද ගොඩක් ලස්සනයි..."
කවීෂ කියුවෙ ඇස් වල කඳුලු පුරවන්.විහඟිගේ නලලත මත හාදුවක් සටහන් කරමින්.
"විහූ ඉන්න.මම දෝණි එක්කන් එන්නම්...එයාගෙ අම්මි තාත්ති ගොඩ කාලෙකින් ආදරෙන් ඉන්නවා දකින්න එයා කැමති වෙයි..."
කවීෂ ඇදෙන් නැගිට්ටා.
"නෑ....මේ...නෑ..මම කියුවෙ කවීෂ එයා සහන්සා බලා ගනී ..දැන් අපි දෙන්න ඉන්නවනෙ.."
විහඟි කියුවෙ අමනාපෙන් ..ඒත් කවීෂ කාමරෙන් පිටවෙලා ඉවරයි.කවීෂ ඇවිත් දරුවා අරන් යද්දි සහන්සා කිසිවක් කර ගත නොහැකිව බලන් උන්නා.
"දෝණි මේ බලන්න..ඔයාගෙ අම්මි ඔයාටයි මටයි ලස්සන කාමරයක් රෙඩි කරලා..ඇත්තටම තාත්ති පුදුම උනා..බලන්න.."
කවීෂ දුව හුරතල් කරද්දි විහඟි හිටියෙ අමනාපෙන් ...
"කවී...බබා...කොච්චර දවසකින්ද මම ඔයා ලගට ආවෙ..ප්ලීස් බබී...මෙයාව සහන්සට දෙන්න එයා බලා ගනී.මට ඔයා ලග ඉන්න ඕනි.ඒ මැද්දට මෙයාටවත් එන්න බෑ..."
විහඟි කියුවෙ රාගයෙන් රත් වූ දෙනෙතින්...මාස ගණනකින් නොලද උණුසුම බලාපොරොත්තුවෙන් ඇය හිටියෙ නොවිසිල්ලෙන්...
ඒත්,
කවීෂ හිටියෙ දෝණි ගැන සිතිවිල්ලෙන්.ඇයට අවශ්‍ය උනේ මේ සතුට තුන්දෙනම එක්ව සැමරීමට.
"ප්ලීස්.බබා මෙයාව ගිහින්දාලා එන්නකෝ .."
කවීෂට කේන්ති ගියත් අසනීපය මදක් සුවපත්ව සිට තමාගෙන් ආදරය අයදින තම බිරිඳගේ අයදුමට කන් දීමට කවීෂ හිත හදා ගත්තා.
"ඉන්න..මම දෝණි දීලා එන්නම්.."
කවීෂ ඇවිත් දරුවා සහන්සා අත තැබුවෙ දුකින්..
"කරදරයක් නෑ නේද..?දෝණි...??"
"අනේ නෑ කවීෂ මම බලා ගන්නම්.."
සහන්සා දරුවව වඩාගෙන මුව සිපගනිමින් කියුවා.කවීෂ කාමරේට ආවෙ කලකිරීමෙන් .කවීෂ අවශ්‍යතාව නැතත් තම බිරියගේ සිතැගි සැපිරුවේ රොබෝවරයෙක් විලස
දා හතර වන පරිච්ඡේදය
කවීෂට එකවරම ඇහැරුනේ දෝණි මතක් වෙලා...වෙනදා වගේ පුරුද්දට ඇඳ එහා මෙහා අත ගානකොට දෝණි වෙනුවට අතට අහු උනේ විහඟි ..
කවීෂට ඊයෙ රාත්‍රිය මතක් උනා.විහඟි කාමරය සරසලා තිබුන විදිහත්, විහඟි දෝණි ප්‍රතික්ෂේප කරපු විදිහත් ඉන්පසු
සහන්සට දරුවා දීලා ආපු විදිහත් කවීෂගෙ උණුසුමට විහඟි පිස්සුවෙන් මෙන් නතු වූ අයුරුත් කවීෂට මැවිලා පෙනුනා.
සහන්සට දරුවා දීලා ආපු විදිහත් කවීෂගෙ උණුසුමට විහඟි පිස්සුවෙන් මෙන් නතු වූ අයුරුත් කවීෂට මැවිලා පෙනුනා.
දෝණි එදා අසනීප වෙලා සහන්සා ලග හිටියට පස්සෙ අද තමයි ආයිත් කවීෂගෙන් ඈත් උනේ.විහඟිට ආදරේ උනත් ඒ ආදරේ දරුවාත් විහඟිත් එක්ක බෙදාගෙන ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්නයි කවීෂට ඕනි උනේ..නමුත් සෑම වරකම විහඟිට ඕනි උනේ ඒ ආදරේ තමාත් ඇයත් අතර පවත්වා ගැනීමට පමණයි.කොයිම අවස්ථාවකවත් ඒ ආදරේ මැද්දට දරුවා එනවට අකමැති බව කවීෂට දැනිලා තිබුනා.
කවීෂ බැලුවෙ විහඟි දිහා.මාස ගනනකට පසු තම උණුහුමට නතු වූ තම බිරිඳ දෙස බැලූ කවීෂට ඇති උනේ ආදරයක්.අහිමි වීමට ගිය මේ ආදර කතාව නැවත පරිපූර්ණ උනේ සහන්සා නිසා.ඒක අමතක කරන්නම බෑ..
කවීෂ බෙඩ්ශීට් එක විහඟිට පෙරවලා ඇදෙන් නැගිට්ටෙ දෝණි ගැන සිතමින්.ඒත් සහන්සගෙ කාමරේට යන්න බැරි නිසා ඔහු කුස්සියට ගියෙ වතුර එකක් බොන්න.ඒ යන්නෙ සහන්සගෙ කාමරේ පහු කරන්.කාමරේ ලයිට් දාලා දොර බාගෙට ඇරලා තිබුන නිසා කවීෂ කාමරේ දිහා බැලුවා.එහා මෙහා වෙලා තිබුන දොර රෙද්ද ඇතුලෙන් පෙනුනෙ සහන්සා දෝණිවත් තුරුල් කරන් නිදා සිටින අපූරුව.
මදක් නැවතුන කවීෂ සදාචාර සම්පන්න නොවූවත් ඒ දෙස බැලුවෙ ආශාවෙන්.තවමත් මවක් වීමට පෙරුම් නොපිරූ ඒ තරුණිය කිරි සුවඳ අහලකවත් නැති ඒ ලය මඩලට තම ලෙයින් ජාතක වූ කිරි කැටියා තුරුල් කරගෙන නිදා උන් යුරු දුටු කවීෂගෙ සිත නොදන්නා කරුණකට සැලී යනවා කවීෂට දැනුනා.
කවීෂ වතුර බීලා නැවත ඇදට ආවත් කවීෂගෙ දෙනෙත් මත ඇදී මැකී ගියේ සහන්සා දෝණි තුරුල් කරන් හිටපු විදිහ.
සනීප උනාට පස්සෙවත් විහඟි දරුවව ඒ ලෙස තුරුල් කරන් ඉන්නවා කවීෂ දැක්කෙ නෑ..
..................
උදෙන්ම සහන්සට ඇමතුමක් ආවෙ අම්මා අසනීප උනයි කියලා.විහඟිගේ අසනීප තත්වය වඩාත් සුව අතට හැරිලා තිබුන නිසා සහන්සාට ගෙදර යන්න පුලුවන් කම තිබුනා.
"විහඟි අම්මට ටිකක් අසනීපලු.මම ගිහින් එන්නම් ආපු ගමන් ආයිත් ට්‍රීට්මන්ට්ස් පටන් ගමු."
"ඉට්ස් ඕ.කේ සහන්සා ...ඔයා ගිහින් එන්න.කවීෂ ඔයාව බස් එකට දායි...ඔයාගෙ පේමන්ට්ස් හරියට කරනවා නේද කවී..."
"අනේ ඒවා හරි විහඟි ...එයා හැමදාම අකවුන්ට් එකට පේ එක දානවා.මම නම් චෙක් කලෙත් නෑ.."
"සහන්සා ඕනි උවමනාවක්නම් කෝල් එකක් දෙන්න.."
සහන්සා කවීෂ එක්ක පිටත් වෙන්න හදනකොට විහඟි කියුවා.
සහන්සා චූටි දෝණි වඩාගෙන ඒ මුව කමල සිප හුරතක් කරමින් විනාඩි පහක් විතර ගත කලේ දෝණි දාලා යන්න බැරි දුකින්..
"ආන්ටි ඉක්මනට එනවා මණික...අම්මි එක්ක පරිස්සමට ඉන්න.."
සහන්සා කියුවෙ දෝණි විහඟිට දෙන ගමන්..දෝණි අඩන්න ගත්තෙ ඒත් එක්කමයි .ගේට්ටුවෙන් කාර් එක පිට වෙනකම්ම දෝණි අඩන හඩ ඇහෙද්දි සහන්සට දැනුනෙ තමාව පිච්චෙනවා වගේ.
"කවීෂ දෝණි පරිස්සමට බලා ගන්න..මම ගිහින් එන්නම්.."
සහන්සා කාර් එකෙන් බහිනකොටත් කියුවා.ඒත් එක්කම කවීෂගෙ ෆෝන් එක රින්ග් උනා.
"හෙලෝ...කියන්න අම්මා...මොකක්....????හරි අනේ මම එනවා...ඉන්න මම එනවා.."
කවීෂට දුරකථන ඇමතුමක් එන අයුරුත් වේගයෙන් වාහනය හරවාගෙන නැවත යන අයුරුත් සහන්සා බලාගෙන.හදිස්සියක්දෝ සිතුනත් සහන්සට තවත් ඒ ගැන සිතන්නට ඉඩ නොතබා බස් රථයක් ආවෙ සහන්සගෙ ගමනට..
....කිරි සුවඳ ගලාවි ආදරෙන්
![]() |
| හතරවන කොටසට |
