Showing posts with label නව කතා. Show all posts
Showing posts with label නව කතා. Show all posts

Saturday, July 6, 2019

ප්‍රේමයට එහා (පස් වන කොටස)


පස් වන පරිච්ඡේදය
නොපුරුදු එලියක් මූණට වැටෙද්දි තිසරි උත්සහා කලේ සිදුවන දේ තේරුම් ගන්න..
"ර....මේ...ශ්...."
"මහ..ත්..තයෝ..."
තිසරිට මතක් උනේ රමේශ් ලේ පෙරාගෙන වැටිලා හිටිය හැටි...
"හරි...තිසරි...හරි..."
"කලබල නොවී හිමීට ඇස් අරින්න...බලන්න..කෝ...කෝ....මේ පැත්ත බලන්න...කෝ ඔයාගෙ දකුනු අත උස්සන්න..."
තිසරිට එහා ලොකෙකින් කතා කරනවා වගේ ඇහෙද්දි හිමීට ඇස් ඇරියා...
කොල පාට ඇදුමින් සැරසුන කීප දෙනෙක්...ඕඕ...ඉන්ජෙක්ෂන් කට්ටක්...සේලයින් බෝතල්...මම ඉස්පිරිතාලෙද...මාව මැරුනෙ නැද්ද...
මේ සිතුවිලි එක්කම තිසරිට ආයිත් නින්ද ගියෙ දීපු නින්ද යන බෙහෙත නිසා...
..............................
තිසරට සිහිය එනකොට හිටොයෙ රෝහල් වාට්ටුවක..ඔව්...ඒ යුද හමුදා රෝහල..
තිසරි වටපොට බැලුවෙ ගොඩක් අමාරුවෙන්..
"ති...ස..රි.."
තිසරි මුලින්ම දැක්කෙ තම්න්ගෙ දිහා කදුලු පුරවන් බලගෙන ඉන්න පරමේශ්වරී ...ඊලගට  අම්මා...තාත්තා ...නර්ස් කෙනෙක්...කෝ...
තිසරි අමාරුවෙන් වටපිට බැලුවා..
"සාජන්...කෝ....රමේශ් ...."
"මගෙ රත්තරනේ ..."
"හොදයිද චූටි දූ දෙයියනේ කොයි තරම් මම එපා කියුවද ඔය ගමන යන්න...අයියලා දෙන්නා රට වෙනුවෙන් මැරුනා මදිද මගෙ දරුවො..එතකොට මේ අහින්සක තාත්තවයි අම්මවයි බලා ගන්නෙ කවුද..."
තිසරිගෙ අම්මා අඩාගෙන තිසරිගෙ ඔලුව අත ගන්න උනා..
"අම්මා...අපි ටිකකින් කතා කරමු...දැන්නෙ තිසරිට සිහිය ආවෙ.."
නර්ස් ගෙ හඩින් අම්මා පසෙකට උනේ තාත්තා අම්මව එක්කන් ගිය නිසා...
"සාජන්...අපෙ මිශන් එක...???"
"ඒක සක්සස් තිසරි...අපි නන්දු පන පිටින් අල්ලා ගත්තා...ක්‍රිශ්නවත්...ක්‍රිශ්නා වෙඩි පාරි මැරුනෙ නෑ...ඒ වගේම උන්ට උදවු  කරපු අපේ අයත්.."
"එත කොට  ...රමේශ් සර්...එයා කෝ ඇයි මාව බලන්න ආවෙ නැත්තෙ...කෝ රිස්වි.."
"මේ අහන්න..තිසරි...රිස්වි රමේශ් දෙන්නම අපිව දාලා ගියා...දැන් අපි කලබලා කරලා වැඩක් නෑ..ඒ දෙන්නා රට වෙනුවෙන් ජීවිතේ දුන්නා.."
තිසරිට දැනුනෙ ලෝකෙම තමන්ගෙ වටේ කැරකෙනවා වගේ..
"නෑ....."
"නෑ ...සාජන්  ...මගෙ රමේශ් මාව දාලා යන්නෙ නෑ...ඇයි බොරු කියන්නෙ ...කියන්න කියන්න..."
"මම කියුවා ඔයාලට මෙයාව කලබල කරන්න එපා කියලා..ප්ලීස් සාජන් ඔයත් එලියෙන් ඉන්න.."
නර්ස් එහෙම කියමින් තිසරිගෙ කැනියුලාව ට බෙහෙතක් ඇතුල් කලා...
...................................
ආයිත් ඇහැරෙනකොටත් පරමේශ්වරී තිසරිගෙ ඔලුව අත ගානවා..
"සාජන් .."
"තිසරි .."
"මට රමේශ් සර්ගෙ මිනිය බලන්න ඕනි.."
අනේ තිසරි මේ දේවල් වෙලා මාස එකහමාරකට වැඩි..
"මොනවා??"
"ඔව්."
"ඔයාට සිහිය තිබුනෙ නෑ..
"අනේ දෙයියනේ...!!"
"අඩන්න එපා කෙල්ලෙ..එහෙම උනොත් එයා කරපු කැපකිරීමට වටිනාකමක් නෑ.."
.....................................
තවත් දින කීපයකින් තිසරි ගෙදර ආවා...ඊටත් මසෙකට විතර පස්සෙ ආයිත් කෑම්ප් එකට ගියා...අම්මයි තාත්තයි කොයි තරම් අකමැති උනත් තිසරි හිතුවෙ දැන් රමේශ් වෙනුවට එයා මේ රාජකාරිය කරන්න ඕනි කියලා..
මේ වෙනකොට තිසරිට සාජන් විදිහට උසස්වීමක් ලැබිලා තිබුනෙ...
"සාජන් තිසරි..."
"ඔව් කෝප්‍රල් .."
"මේජර් පරමේශ්වරී එන්න කියුවා බිලට් එකේ ඉන්නවා කියුවා"
"ඕ..කේ..මම යන්නම්.."
"තිසරි..."
"ඔව්.මේජර්.."
"මම එන්න කියුවෙ පෞද්ගලික කාරනාවකට.."
"ඔව් මේජර් "
"මේක අපේ රමේශ්ගෙ අවසාන කැමැත්ත..."
"මො..මො..කක්ද මේජර්..??"
"අපේ මේජර් නදුන්...රමේශ්ගෙ යාලුවා.."
"ඉතින්..??"
"එයාව මැරි කරන්න.."
"ප්ලීස් මේජර් ..මම කසාද බදින්නෙ නෑ.."
"මේක රමේශ්ගෙ අවසන් කැමැත්ත බව මතක තියා ගන්න...නදුන් උනත් කැමති තිසරි මැරි කරන්න"
මුකුත් නොකියා තිසරි නැගිටලා දුවලා ගිහින් කලුවරේ නොපෙනෙන තැනක වාඩි වෙලා අඩන්න ගත්තා...
""මම මේ මිශන් එකේදි මැරුනොත් මම වගේ ආමි කොල්ලෙක්ට ජීවිතේ දීපන් මගෙ මැණිකෙ...""
කෙල්ලට මතක් උනේ රමේශ්ගෙ වචනෙ..
කෙල්ල අඩලා අඩලා තීරනයක් ගත්තා..
.......................
"තිසරි..."
"මේජර් .."
"මම මේජර් නදුන් එක්ක කතා කරන්න කැමති.."
"ගුඩ්..මම දැනගත්තා තිසරි රමේශ්ගෙ අවසාන වචනෙ මගාරින්නෙ නෑ කියල..."
................................
"තිසරි.."
"මේජර් ..."
"මට නදුන් කියන්න තිසරි.."
"ම්ම්ම්..මේජර් ..මට කවදාවත් රමේශ් සර් අමතක කරන්න බෑ..ඒත් මට එයාගෙ වචනෙට පිටින් යන්න බෑ.."
නදුන් ගොඩක් වෙලා කල්පනා කලා..
"හරි ඒ කියන්නෙ තිසරි මාව බදිනවා.."
"ඔව්...රමේශ් සර්ගෙ අවසාන කැමැත්ත ඒකනම්.."
"ඕ..කේ..තිසරි අපි අද හවසට ගමනක් යමු..$
"කොහෙද..??"
"ගමනක් ලමයො..මාව අවිස්වාස නෑනෙ.."
"අපෝ කොටිත් එක්ක හිටපු මම මොකටද මේජර් ට බය වෙන්නෙ.."
හරි මම හවසට එන්නම් ඔයාව ගන්න..
"ඕ..කේ මේජර්.."
"හවසටවත් ඔය මේජර්  කෑල්ල හලාගෙන එනවද..??"
තිසරි මදහසක් නංවලා එතනින් නිකම ගියා..
......
නදුන්ගෙ නවීන පන්නයේ මෝටර් රතය නැවතුනේ තිසරිගෙ ලග...
දිගු සායට අත් වැලමිට ලගට දිග සුදු ටී ශර්ට් 1 ඇදලා කොණ්ඩය මුදා හැරලා තිබ්බ තිසරිගෙන් දිස් උනේ යුද හමුදා සෙබලියකගෙ පෙනුමනම් නෙමෙයි....
ඒ සුන්දරත්වය දෙස නදුන් බලා හිටියෙ හිනැහෙමින්...
"මොකෝ...සාජන් නෝනා...නග්ගවන්න ඕනිද?"
ඉදිරිපස පැති වීදුරුව පහත් කල නදුන් විමසුවෙ කෙලිලොල් අයුරින්...
"සාජන්...??"
තිසරි මදහසක් මුව තවරාගෙන රතයට ගොඩ උනා..
කලු සුදු ඉරි ටී ශර්ට් එකෛ ඩෙනිමටයි නදුන්ගෙ කඩවසම් බව මනාවට පෙනුනා..
"යමු..."
"කොහෙද..?"
"ගමනක්..!!"
"ම්ම්ම්..."
"මම යන ඕනි තැනකට එනවද..?"
තිසරි හිනා උනා විතරයි..රමේශගෙ අවසන් කැමැත්තට එකග උනා මිසක කෙල්ල මේ දේට කොහොමවත් කැමති නෑ..
"තිසරි දෙයක් අහන්නම්..."
"අහන්න මේජර් ..."
"ප්ලීස්...මේ ටික වෙලාවට විතරක් මට නදුන් කියන්න.බැරිනම් අයියා කියන්න.."
"කොහොමත් ඔයාගෙ නේවි එකේ හිටපු අයියා මම දන්නවා.."
"ම්ම්ම්...අයියා කියන්නද..??"
"ඔය තියෙන්නෙ...එහෙම කියන්නකො මගෙ සුදු නන්ගි.."
"සුදු..??"
"ඔව්...පොත්ත සුදු කෙල්ලො අවුවට යද්දි මැරෙනවා වගේ කෑ ගහද්දි උබලා සුදු ලස්සන එඩිතර කෙල්ලො නංගි...උබලා උන්ට වඩා වටිනවා.."
"ම්ම්ම්..."
"ඔයා මට කවදාවත් ආදරේ කරන එකක් නැද්ද නංගි??"
"ඒක කියන්න බෑ අයියෙ...ආදරේ කරාවි...කවදා හරි.."
තිසරි කියුවෙ සුසුමක් හෙලලා.
"ඒත් රමේශ් සර්ට තරම් බෑ..එයාව එයාගෙ ආදරේ අමතක කරන්නත් බෑ..කවදාවත්..."
"මට සමාවෙන්න අයියෙ..මට බොරු කරන්න බෑ ඔයාට..මම මේකට කැමති උනෙත් රමේශ් සර්ගෙ අවසාන කැමැත්තට පිටුපාන්න බැරි නිසා.."
"ඕ...කේ...සාජන් නෝනා..."
මාත් එක්ක ඉද්දි ඇස් වල කදුලු බෑ..හරිද...?
"අනික ලොක්කො ඉස්සරහා අඩන්න එපා බන්..උන්ට වැරදි දේවල් හිතෙනවා..මම මේ කියුවෙ ඔලුව අත ගාලා පපුවට තුරුල් කරන් නලවන්න වගේ"
තිසරි නදුන් දිහා රවල බලද්දි නදුන් තොල පෙරලලා හිනාඋනා..
"අයියෙ "
"මොකෝ??"
"අපි කොහෙද යන්නෙ?"
"ඉන්නකෝ බබී යනකම්"
.............................
නිසන්සල පරිසරයක තිබුන ගෙයක් ලග කාර් එක නතර උනා..
"යමු.."
නදුන් ඉස්සර උනා..
..................
වත්ත හරිම නිස්කලන්කයි.තිසරි නැවතුනේ රෝස ගහක් ලග...
කොයි තරම් දැඩි කරගෙන ප්‍රශ්න වලට මූන දුන්නත් ගෑනු හිත ඉල්ලන්නෙ ගෑනු කමමයි..
"රෝස මලක් රෝස මල් කඩනව දැක්කමයි.."
තිසරි ආයිත් පියවි සිහියට ආවෙ නදුන්ගෙ හඩින්..
"මැඩම් අපි යමුද.??"
තිසරි ආයිත් නදුන් පස්සෙන් වැහැන්නා...
සාක්කුවට අතදාපු නදුන් යතුරක් අරන් දොර ඇරියා..
"මේ..මේ ගේ අයියගෙද...???"
"ඕ..ශිට්..."
"මම ෆෝන් එක දාලා ඇවිත්..නංගි ගේ ඇතුලට යන්න.මම එන්නම්.."
නදුන් ආපහු හැරුනෙ තිසරිට මුකුත් කියන්න ඉඩ නොතියා...
විවර උන දොරින් තිසරි හිමීට ඇතුලට ගියා...
වත්තෙම ෆ්‍රෙශ් රෝසෙස් දාපු ලොකු වාස් දෙකක්..
.;;    
සෙරෙප්පු ගැලවලා නිරුවත් දෙපා සීතල ටයිල් පොලව මත තියමින් තිසරි ඉදිරියට ගියා..
"මො...මො..නවා???"
තිසරිට කෑ ගැස්සුනේ තමන්ගෙ යුනිෆෝම් ඵොටෝ එකක් බිත්තියෙ ලොකු කරල ගහල තියනවා දැකල...ඒක සාජන් ඇදපු දවසෙ ගත්ත එකක්..
"ම්ම්...නදුන්  අයියා මට ආදරේ කරනවා."
"පව්..මාව පුදුම කරන්න තමයි මේ හැමදේම.."
තිසරිට නදුන් ගැන ඇති උනේ අනුකම්පාවක්..
ඒත් එක්කම කාමරෙන් ඇහුනෙ කිසිවෙක් කහින හඩක්..
කවුද තව ඒ ගෙදර ඉන්නෙ.
කෝ ෆෝන් එක ගේන්න ගියපු නදුන් තාමත් නෑ..
තිසරි හිමීට සද්දය ඇහුන පැත්තට ගියා..
කාමරේ දොර රෙද්ද හිමීට ඈත් කලේ තමන්ට හඩ ඇහුනෙ මේ කාමරෙන්ද කියලා හරියටම දැන ගන්න..
තමුන්ට පිටුපාලා හිටියත් කණ්නාඩියට මූන දාලා හිටපු ඒ රූපෙ අදුර ගන්න තිසරිට මහා වෙලාවක් ගියෙ නෑ..
"මගෙ මහත්තයෝ ...!!!"
තිසරි අඩාගෙන රමේශ් ලගා දිවුවත්...එකවරම තිසරි නතර උනේ බියපත් වූ දෑසින්..
"මැණික ..."
"අනේ රත්තරන්  ඔයා ..ඔයා..???"
"කවුද මෙහෙට එන්න කියුවෙ..ආ..????"
රමේශ් එකවරම කෑ ගැහුවෙ කණ්නාඩි මේසය මත තිබූ මල් පෝච්චියත් පොලවෙ ගසමින්
"මම එක්කන් ආවෙ ඇයි..???"
කාමරේ දොරකඩින් ඇහුනෙ නදුන්ගෙ හඩ..
"නදුන් තෝ තෝ මොකක්ද හු## කලේ..??
"මම තොට කියුවා..උබට බැරිනම් කියන්න තිබුනා..මේ වගේ බලු වැඩ නොකර.."
"උබ කියන්නෙ උබ පන වගේ ආදරේ කරන මේ කෙල්ල උබට නැති කරලා ,
උබට පන වගේ ආදරේ කරන මේ කෙල්ල උබට නැති කරලා ,
මැරිච්ච නැති උබේ සොහොන උඩ මට මාලිගා හදන්න කියලද හරකො..??"
මේ නදුන්ගෙත් රමේශ්ගෙත් අතර දෙබසට මැදි වෙලා හිටපු තිසරි එක පාරටම කෑ ගැහුවා..
"නවත්තන්න ඔය විකාරෙ..."
"ඇයි මගෙ මහත්තයෝ ඇයි මේ කියන්න...ඔයා මැරුනා කියලා ලොකු බොරුවක් කරලා "
තිසරි රමේශ්ගෙ පුටුව ලග වාඩි වෙලා ඒ උකුලෙන් අත තිබ්බා..
ඒත්...
අතට අහු උනේ පුටුව.තිසරි ආයිත් රමේශ්ගෙ කකුල් දෙක හෙවුවෙ පිස්සුවෙන් වගේ...
අන්තිමට තිසරි රමේශ්ගෙ සරම කෙමෙන් කෙමෙන්  උඩට කලේ තමන්ගෙ ඇස් වලට සාප කරමින්..
"මගෙ මහත්තයෝ..."
"මේ...මේ කකුල් දෙකක් නිසාද මට බොරු  කරලා හැන්ගුනේ...මගේ ආදරේ එ තරම් පහත්ද රත්තරනේ...කියන්න..."
"ඔයා හිතුවද මට ඔයාව බලා ගන්න බැරි වෙයි කියලා...??"
"ඔයාගෙ හුස්ම ටික මට ඇති මහත්තයෝ...කකුල් දෙක නෙමෙයි අත් දෙකෛ ඇස් දෙකයි නැති උනත් මම ඔයාව බලා ගන්නවා.."
"ඔයාට පින් නදුන් අයියෙ...මගෙ ජීවිතේ මට ගෙනත් දුන්නට.."
තිසරි කියුවෙ අඩමින්..
"ඔය ඇස් වල ආදරේ තිබ්බෙ මේ හරකට නංගි.ඒක අදුරා ගන්න බැරි කමක් නෑ මට..."
"අපි මූට කොයි තරම් තේරුම් කරන්න හැදුවද...මෝඩයා..."
"අනේ ඇයි මහත්තයෝ මට මේතරම් දුකක් දුන්නෙ...ඔයා මැරුනා කියුවම මගෙ ආදරේ මැරෙයි කියලා හිතුවද...??"
"මැණික ...!!"
"ඇති ඇති මම වගේ අබ්බගාතයෙක් ඕනි නෑ...නදුන්ව බැදලා සතුටින් ඉන්න රන්..."
"මම මෙතනම මැරෙනවා...!!"
තිසරිගෙ හඩින් නදුනුත් රමේශුත් බය වෙලා බැලුවෙ තිසරි කියන්නෙ කියන දේ කරන කෙල්ලෙක් කියලා දන්න නිසා...
..............................
අවුරුදු හයකට පසු......
"හෙලෝ...."
.......................
"ඔව් ටීචර්..."
........................
"මොකක්.???"
.....................
"අනේ මට සමාවෙන්න ටීචර් ..මම එයාට අවවාද කරන්නම්...අනේ මම ඒ බබාගෙ අම්මව මීට් වෙන්නම්...මම එන්නම්.."
...................
"ඕ......අනේ ඔව්...මම සොරි කියුවා කියන්න..මමත් කතා කරන්නම්.."
..............
"තෑන්ක්ස් ටීචර්..."
"ඕ...කේ.බායි"
"මොකෝ සුදු අම්මි....??"
"අදත් නඩුවක්ද...?"
"අනේ තාත්ති එක්කො ඔයා පොඩි උන් දෙන්නට ඔය ගහාමරා ගන්න , වෙඩි තියන ෆිල්ම් පෙන්නන්නැතුව ඉන්නවද...?"
"අදත් නසරි එකේ ලමෙක්ට  අර වතුර විදින තුවක්කුව අරන් ගිහින් වෙඩි තියනවා කියලා වතුර විදලා..."
"උන හැදිලා හිටපු ලමෙක්ලු...ඒ මදිවට නංගි ඒට හපන්..."
"අයියා වෙඩි තිබ්බම මැරිලා වැටුනෙ නෑ කියලා අර උන හැදිච්ච දරුවට පැන්සල් පෙට්ටියෙන් ගහලා.."
"ඔයා  හිනා වෙන්න...අද ආවදෙන්කො ඔය අයියයි නංගියි....මම බලා ගන්නම්..."
"ඕවට මම විතරක් පලි නෑනෙ අම්මි...අම්මගෙයි තාත්තගෙයි ඇගේ දුවන්නෙ වීර ලේ...ඉතින් පොඩි උනුත් එහෙමයි.."
"ඔයාට විහිලු..."
..................
ඒත් එක්කම  ස්කූල් වෑන් එකේ හෝන් එක ඇහුනා....
"අම්මී..."
"තාත්තී...."
තත්පරේක වෙනසට අයියයි නංගි වෙච්ච රෝස මල් දෙකක් වගේ මොන්රිසෝරි පැටැව් දෙන්නා ගෙට ආවා...
"මගෙ දගයො දෙන්නා ආවද..???"
".මොනාද මේ චන්ඩිකම් කලා කියන්නෙ...අර ලෙඩ වෙච්ච යාලුවෙක්ට..."
"පව්නෙ පුතේ  ."
දරුවො දෙන්නගෙ අත් දෙකෙන් අල්ලගෙන උඩු මහලට නගින තිසරි දෙස බලාගෙන රමේශ් හිනා උනේ මේ ටිකකට කලින් දරුවො දෙන්නට දඩුවම් දෙනවා කියලා කෑ ගහපු අම්මා නේද කියලා...
.......................
තමන්ගෙ දැඩි අකමැත්ත පිට තමන්ව කසාදෙට කැමති කරගෙන ,
තමුන්ට රෝස පැටව් දෙන්නෙකුත් දීලා ,
කකුල් දෙකකුත් නැති තමාවත් බලගෙන පවුලෙ ,
හැම බරක්ම ඔලුව උඩ තියන් හිනා වෙලා ඉන්න කෙල්ල ගැන හිත ආදරෙන් පිරෙද්දි..
ඇය යුදහමුදාවෙන් ඉවත් උනේ  රමේශ්ව ලගම ඉදන් බලා ගන්න ඕනි නිසා බව රමේශ් දන්නවා...
රට වෙනුවෙන් හැම යුතු කමකමම කරලා ආදරේ වෙනුවෙනුත් ජීවිතේ දුන්න මේ ගැහැණිය තුල ආදරේට """ප්‍රේමයට එහා""" ගිය උතුම් සිතුවිලි ඇති බව රමේශ්ට හිතුනෙ අතීතෙ මතක් වෙලා තෙත් වෙච්ච දෑසින්...
තමගෙ කකුල් දෙක නැති බව තමාට දැනෙන්නවත් නැත්තෙ මේ ගැහැණියගෙ ශක්තිය නිසා බව රමේශ් සිහිකලේ තමන්ගේත් ඇයගෙත් දරු දෙදෙනාගෙත් පවුලේ චායාරූපය දෙස බලන ගමන්...
............................................
අවසන් නොවනු ඇත....ඔවුන් වියපත් වූවත් ඔවුන්ගේ දරුවන් මේ රට රකින්නට සූදානම්....
ප්‍රේමයට එහා .....මගෙ දෙවනි කතාව...
.
ප්‍රේමයට එහා..
ඒ කැප කිරීම් ගැන ඒ අයුරින්  ම දැනවීමට මා සාර්ථක නොවන්නට ඇති..ඒත් යුද හමුදාවේ ගෞරවයට කැලලක් නොවන්නට මම උත්සහා දැරුවා නොදැන හරි වරදක් උනානම් සමා වෙන්න..
මම මේ කතාව ඉක්මනට ඉවර කලේ මේ කතාවෙ කටුකත්වය ඒ විදිහටම තියන්න ඕනි නිසා
මගේ රට...  රැක ගත්ත ඒ විරුවන්ට මේ කතාව ගෞරවයක්ම වේවා...

ප්‍රේමයට එහා (හතර වන කොටස )


හතරවන පරිච්ඡේදය
"ක්‍රිශ්නා ...ක්‍රිශ්නා..."
තිසරි කතා කලේ ක්‍රිශ්නාගේ බංකරේ දොර පග ඉදගෙන..
"වරෙන් මංගම්මා...කොහොමද කොල්ලො ටිකට..."
"ටික දෙනෙක්නම් නැගිට්ටා..ගොඩක් උන්ගෙ ලේ ගොඩක් ගිහින්..."
"මට දොස්තරයා කියුවා...ලේ ගැන බය වෙන්න දෙයක් නෑ..ඒවා ලග එනවා.."
ක්‍රිශ්නා කියුවෙ මදහසක් තවරා ගනිමින්..
"මම ආවෙ අපේ උන් ටිකට සනීප වෙනකම් මම උන්ව බලා ගන්නම් සාත්තු කරන්නම් කියන්න.රාජේශ් අණ්නා ලග ඉදිද්දි මම ඒවා පුහුනු උනා.."
"හරි එතකොට අරුන් දෙන්නා..?? මොනා හරි දැන ගත්තද??"
"උන් දෙන්නා කට හොල්ලන්නෙ නෑ.බඩකින්නෙ ඉන්නකොට කියයි...කාට හරි බාර දෙමු.කොහොමත් කූඩුවෙනෙ..""
"හරි එහෙනම් බලලා කරපන්..."
රමේශ්ගේ සැලැස්මට අනුව හැමදේම සිද්ද උනා...
.............................................
මේ අතර ට්‍රක් රතයක් කදවුරට ඇතුල් උනේ දූවිලි නංවමින්...තිසරි ඒ දෙස දෑස රැන්දුවා.
ඉන් තල්ලු කරමින් බිමට බැස්සුවෙ යුද හමුදා සෙබලුන් බව හදුනා ගන්නට තිසරිට වෙලා ගියෙ නෑ..
තිසරි ඉක්මනින් ඒ දෙසට දිව ගියා.පහර දීමෙන් තුවාල ලැබූ කිව හැකි යුද හමුදා සෙබලුන් දස දෙනෙක් ට්‍රක් රතයෙන් බැස්සා..
ඔවුන්ට පා පහර දෙමින් අරගෙන ගියෙ විශාල ශාලාවකට.ඒ සමගම ඔවුන්ගේ වෛද්‍ය වරයාද දිව ගියා..තිසරිත් ඒ පසුපස වැටුනෙ වෙන්නෙ මොකක්ද කියලා බලා ගන්න..
"මංගම්මා ..."
පිටුපසින් ඇහුනෙ ක්‍රිශ්නාගේ හඩ...
"ක්‍රිශ්නා .."
"ඩොක්ටර්ට උදවු  කරනවද..."
"හා..හරි හරි..."
අවසර ලැබුන නිසා තිසරි ඒ දෙසට දිවුවෙ කුතුහලයෙන්...
සෙබලුන් දස දෙනා බිම වාඩි වී සිටියා..
අවට සිටි ත්‍රස්තවාදී තරුණ්‍යන්ගෙන් පා පහර දරා ගනිමින් ඔවුන් දැඩි වෙහෙසකර බවක් කියා පෑවා..
වෛද්‍යවරයාගේ අණින් සෙබලුන් දස දෙනාට ආහාර හා වතුර ලබා දුන්නා..
ඔවුන්ගේ අත් ලෙහුවෙ කෑම කන්න..
එක් සෙබලෙක් කෑම පිගාන අතින් තල්ලු කල අතර අනිකා කෑම පිගානට කෙල ගැහුවා..
දස දෙනාම කෑම දිහා හැරිලවත් බැලුවෙ නෑ..
අපේ කොල්ලන්ගෙ තිබ්බ එඩිතර කමට තිසරිගෙ නෙතට කදුලක් ඉනුවෙ නිරායාසයෙන්.
"කාපන්....උබලා හිතුවද ආදරේට  කවනවා කියලා...නේ අපිට වැඩක් ගන්න තියනවා..කාපන්.."
එක් අයෙක් සෙබලෙක්ට පහර දුන්නෙ එලෙස කියමින්.
තිසරි  මොනාද වෙන්නෙ නොදන්න නිසා නිහඩව සිටියෙ ප්‍රශ්න  කිරීමට යාම සැකයකට මුල බව මතක තබා ගනිමින්..
එක සෙබලෙක්ව හාන්සි කල ඔවුන් ඔහුව මැස්සට තියල ගැට ගැහුවෙ හෙලවෙන්නවත් බැරි වෙන්න..
ඉන්පසු පැමිනි වෛද්‍ය වරයා සීරුවට සෙබලාගෙන් ලේ ගන්නට උනා..
"ඔහෝ ගෝඩ්...!!!"
තිසරිට කිය උනේ වැඩේ තේරුම් ගිය නිසා..
ඔවුන් මේ සෙබලුන්ගෙන් ලේ අරගෙන වෙඩි වැදී සිටි ඔවුන්ගේ ත්‍රස්තවාදී අයට ලබා දීමට කටයුතු කරන බව තිසරිට පැහැදිලි විය..
කෝපයත් දුකත්...මිශ්‍ර ගැගීම් සමූදායක් හිත තුල පොරකද්දි ඉවසා සිටියේ මෙතෙක් දවසක් කල මෙහෙයුමේ අවසානය ලන් වෙනවා කියන හැගීමත් කලබල වූවොත් සියල්ල නැති වෙයි කියන බිය නිසාත්..
වෛද්‍ය වරයා රුදිරය අවසන් බිදුව දක්වාම ගෙන නොනවත්වන බව පැහැදිලි ඌ නිසා තිසරි වෛද්‍ය වරයා අසලට ගියේ කුමක් හෝ කරන අටියෙන්..
"ඩොක්ටර්..."
"මංගම්මා ...???"
"අපි එක එකාගෙන් ගමු.ගොඩක් දුර්වල කරන්නෙපා...කන්න බොන්න දීලා ආයිත් ලේ ගන්න පුලුවන්.දැක්කම පේන්නෙ නැද්ද..."
ඒ අවස්තාවෙ සෙබලුන්ගේ ජීවිත රැක ගැනීමට කල හැකි එකම තුරුම්පුව ඇය මුදා හැරියා..
මදක් කල්පනා කල ඔහු ඊලග සෙබලා සූදානම්  කරන්න යැයි ලග හිටි බයෙකුට පැවසුවෙ තිසරිගෙ හිතට සහනයක් ලබා දෙමින්..
සෙබලා තිසරි දෙස හෙලුවෙ පුදුම සහගත බැල්මක්...
...................
කලින් අවි සූදානම් කර සගවා ඒ පිලිබදව පරමේශ්වරී හා රිස්වි දැනුවත් කල තිසරි තුවාල කරුවනට උපකාර කරමින් බෙහෙත් කරමින් ඒ අසලම ගැවසුනේ කාටවත් සැක නොහිතෙන්න..
"මංගම්මා ....වතුර..."
රමේශ් තිසරිට කතා කලේ කාටවත් සැක නොහිතෙන්න..
වතුර බෝතලයකුත් අරන් තිසරි රමේශ්ට ලන් උනා...
"වැඩේ හරිද...??"
"සේරම හරි..."
"හරි එහෙනම් ...හැමෝම නින්දට වැටෙන්න ඇරලා ඉතුරු ටිකත් සම්පූර්ණ කරන්න.."
"හරි .."
දෙදෙනාගේම රහස් කතාවෙන් පස්සෙ තිසරි කාටත් හොරෙන් පිටවෙලා ගියා...
.............................................
පරමේශ්වරීගේත් රිස්විගෙත් සිරමැදිරි වලට එපිටින් තුන් දෙනෙක්ම රැකවල්ලා සිටිනු දුටු තිසරි මදක් පසු  බැස්සා...
කලුවරේ එහා මෙහා යන එක් අයෙක්ගේ අවදානය වෙන දෙසකට යොමු කිරීමටයි ඇයට අවශ්‍ය උනේ..
ඈතින් ඇති පදුරක් දෙසට ගලක් වීසි කලා..
සිතූ ලෙසම ඔහුගේ අවදානය ඒ දෙසට යොමු උනා..ඔහු ඒ දෙසට යද්දි තිසරි අනෙක් දෙදෙනාටම තමන්ගේ හඩ නොහැගෙන අවියෙන් වෙඩි ප්‍රහාර එල්ල කලා..
ඔවුන් දෙදෙනා බිම වැටෙන හඩින් ඒ දෙසට දිව ආ තුන් වැන්නාටද හිමි උනේ ඒ ඉරණමමයි..
ඉක්මනින් පරමේශ්වරී ගේ හා රිස්විගේ කූඩු කඩා දැම්මේ ඒවා ඔවුන් කඩා ගත් බවට සාක්කි  ඉතුරු කරමින්
"තිසරි..!!"
එලියට ආපු දෙදෙනා තිසරිව තුරුල් කර ගත්තා...
"සාජන්."
"ඔයා රිස්වි එක්ක තොරතුරු ටිකත් අරන් අපේ සීමාවට පැන ගන්න."
"ඒත් ...???"
"සාජන්  කතා කරන්න වෙලා නෑ..මුන් අපේ කොල්ලො දහයක් තියාගෙන ලේ ගන්නවා මුන්ගෙ ඩැමේජ් වෙච්ච උන්ට...ඉක්මනට අපේ අයත් එක්ක එන්න..."
තිසරිගේ හඩේ තිබූ අවදානම දෙදෙනාම හැදින ගත්තා.
"හරි...අපි එනවා..බය වෙන්න එපා.මම ඔය දෙන්නව බේරා ගන්නවා.."
පරමේශ්වරී කියුවෙ තිසරිව තුරුල් කරන්...
නන්දු ඇතුලු ත්‍රස්තවාදීන්ගේත් ඔවුන්ට උදවු කල සින්හල අයගේත් තොරතුරු රැගෙන පරමේශ්වරීත් රිස්විත් කොටි කටෙන් පැන ගත්තා..
තිසරි මුකුත් නොවුනා සේ රමේශ් සොයා දිව ගියා...
"මහත්තයෝ ...වැඩේ හරි...දෙවියන්ගෙ පිහිටෙන් අපේ අය හරි තැනට ගියොත් වැඩේ ගොඩ
"
රමේශ්ට තම ආදරවන්තිය ගැන ඇති උනේ ආඩම්බරයක්...තුරුනුකම පරයා නැගෙන මේ ජාතික හැගීම් ගැන කොල්ලා ගොඩක් සතුටු උනා..
"උබ ඒක තනියම කලා එහෙනම්...ආදරෙයි මැණිකෙ..."
රමේශ් තිසරිව තම ලයට තද කර ගත්තා...
තුවාල ලැබූ සියල්ලන් නිදි නිසාත්...රැකවලුන් තැන තැන නිදි කිරන නිසාත් විශාල බංකරය පුරාවට තිබුනෙ නිහැඩියාවක්.
තුරුනු පෙම්වතුන් දෙදෙනෙක්ගෙ හැගීම් ඇවිලෙන්න මේ නිහැඩියාව හොදටම ඇති.
ඒත් මේ තුරුනු හිත් දෙක යට මහා ගින්නක් ඇවිලෙමින් තිබුනා..පරමේශ්වරීටත් රිස්විටත් අදාල සීමාවට පැන ගන්නට අද රාත්‍රිය කෙලෙස උපකාර වේදැයි දෙදෙනාම තැනුනා..
"මැණිකෙ..."
"ම්ම්"
"දන්නවද..මම මැරුනත් බය නෑ බන්..උබ වගේ එඩිතර කෙල්ලෙක්ට ආදරේ කලා කියලා දැනෙද්දි..."
"මොනාද මේ කියන්නෙ.."
මරු කටේ හිටියත් රමේශ්ගෙ කටින් මරණය ගැන කියවෙනවට තිසරි කැමති උනේ නෑ..
තම පපුවෙන් ඉහලට එස වී ඇස් දෙකත් ලොකු කරගෙන තමන් දිහා බලන් ඉන්න කෙල්ලව දැක්කම රමේශ්ට ඉවසුන් නැතුව ගියා..
තිසරිගෙ දෙතොලට පහත් වෙනකොට කෙල්ලගෙ ඇස් පිය උනේ ඒ දේ බලාපොරොත්තු උනා වගේ..
"මැණිකෙ..."
රමේශ්ගෙ හඩින් තිසරි පුදුමයෙන් ඇස් ඇරියා..
"නෑ කෙල්ලෙ...අපි කවදාහරි මෙතනින් ගියොත් අන්න එදාට මේ දේවල් මට දීපන් පන.මම මැරුනොත්...එහෙම උනොත් තව මන් වගේම ආමි කොල්ලෙක්ට ඔය ජීවිතේ දීපන් මගෙ රත්තරන් .. "
රමේශ්  කියුවෙ තිසරිව තමන්ගෙ පපුවට තද කර ගන්ම ගමන්...
............
මේ වෙනකොට පරමේශ්වරී සහා රිස්වි බොහෝ දුර ගෙවා ඇවිත් අවසන්..
ඔවුන් ඇද සිටියෙ ත්‍රස්තවාදී නිල ඇදුම්  වීමත් , දමිල බස හැසිර විමෙ හැකියාවත් ත්‍රස්තවාදී බංකරය තුල සිටියදී ලැබුන විවිද තොරතුරු සංනිවේදන ක්‍රමත් උපයෝගී කර ගනිමින් මුර කපොලු මගහැර රනවිරු බලප්‍ර්‍රදේශයට ලන් වීමට අවස්තාව ලබා ගත්ත...
.........................................................
යන්තමින් හිරු නැගෙන විටත් තිසරි හිටියෙ රමේශ්ගෙ තුරුලෙ නිදි සුව විදිමින්...
ආදරේ උපරිමයට විදිය හැකි සීමාව එය නිසා ඔවුන් එය උපරිමයෙන් විද ගත්තෙ ගොඩක් නිර්මල හැගීමෙන්..
....................................................
ත්‍රස්තවාදී බංකරය තුල ගින්න ඇවිලෙමින් තිබුනා...
ආරක්ශාවට සිටි තිදෙනාගේ මලසිරුරුත් හිස් සිරමැදිරි දෙකත් බොහෝ දේ කියා පෑවා...
ක්‍රිශ්නා කෙලින්ම ආවෙ තිසරිව හොයාගෙන..
"මංගම්මා ..."
!ක්‍රිශ්නා ..."
"කොහොමද මෙහෙම දෙයක් උනේ...???"
"අනේ මම ඊයෙ ක්‍රිශ්නා ඔයාට කියුවා මම ඩැමේජ් එවුන් ටික බලා ගන්නම් කියලා..."
"ක්‍රිශ්නා  කියපු තුන් දෙනා තමයි මම මුරට දැම්මෙත්..."
"එතකොට උබ කොහෙද හිටියෙ... ???"
"ම...මම මේ..."
"ඒක අහන්න ඕනි කෝඩණ්නාගෙන් තමයි.."
මුරකටයුතු සදහා යෙදී සිටි කොල්ලෙක් කියුවෙ තිසරිව පුදුම කරමින්..
පුදුමෙන් බලා සිටි ක්‍රිශ්නා ..
"උබලා දන්නවා..සංවිධානයේ ඇතුලේආදර කතා තහනම්.."
"හරි ක්‍රිශ්නා  දැන් අපි මොකද කරන්නෙ??"
තිසරි ඇහුවෙ කතාව වෙනතකට යොමු කිරීමට..
"මම අපේ කොල්ලො යැවුවා...උන් දෙන්නා පන පිටින් හරි නැතුව හරි මට ඕනි...එච්චරයි"
.............................
දහවල් වන විට පරමේශ්වරී සොයා ගිය ත්‍රස්තවාදීන් හිස් අතින් පැමිණියේ තිසරිටත්, රමේශ්ටත් සහනයක් ගෙන දෙමින්..
"ලොක්කා...අපිට උන්ව හොයා ගන්න බැරි උනා.."
එක් තරුනයෙක් පැවසුවෙ බයෙන්...
ක්‍රිශ්නාගේ උණ්ඩය නතර උනේ ඔහුගෙ පපුවෙ..තරුණයා බිම වැටෙද්දි ක්‍රිශ්නා මහා හඩින් කෑ ගැහුවා...
"උබලට උන්ව බලා ගන්න ඹැරි උනා...මෝඩ තකතීරුවො..."
.........................................
රාත්‍රිය උදා උනා...මොන දේ උනත් රමේශ් හා තිසරි හිටියෙ සතුටින්..
එකවරම කලුවර කපාගෙන වෙඩි එලි පිටවෙන්න උනේ තිසරිගෙත් රමේශ්ගෙත් සිත් සතුටින් පුරවාලමින්..
"ආමි කාරයා ගහනවා...ලෑස්ති වෙයල්ලා"
කාගේදෝ හඩක් සමගම මුලු පලාතම වෙඩි හඩින් පිරී ගියා...තිසරිත් රමේශුත් ඒ අවට සිටි අයට වෙඩි තිබ්බෙ අත රැදි අවියෙන්..
තිසරි රමේශ්වත් කවර් කරගෙන බංකරෙන් එලියට ආවා...
යුද හමුදා සෙබලුන් ඉතා සූක්ෂම ලෙස කදවුර වටලලා තිබුනෙ කාටවත් පැන ගන්න බැරි වෙන්න..
ඉදිරියටම වෙඩි තබමින් රමේශ් සමග ඇදුන තිසරි තමා ඉදිරියට ක්‍රිශ්නා එනු දුටුවා...
"මංගම්මා.. බලාගෙන ..උන් අපිට ඇටෑක් කරනවා...පහු බැහැපන්..."
"අපිට පහු බැහැලා පුරුදු නෑ යකෝ..."
තිසරි කියුවෙ ක්‍රිශ්නා ට අවිය එල්ල කරන ගමන්...
පුදුමෙන් තිසරි දෙස බලා සිටි ක්‍රිශ්නා ...
"එතකොට  එතකොට උබලා අපිව ගොනාට ඇන්දුවා...හිටපන් උබට..."
ක්‍රිශ්නාගේ අවියට වඩා රමේශ්ගෙ අවිය වේගවත් උනා..ක්‍රිශ්නා මිහිතලය බදා ගත්තෙ කරපු පව් වලට වන්දි ගෙවමින්
"අපි යමු තිසරි..."
තිසරිත් රමේශුත් ර්හම සෙබලු සිටින පැත්තට යන්නට ගියෙ වෙඩි ඉලක්ක වලින් බෙර්‍රෙමින්....
ඒත් එක්කම පැමිනි අත් බෝම්බයක් ඔවුන් දෙදෙනා ඉදිරියෙන් පතිත උනේ මහා හඩක් නංවමින්..
තිසරිත් රම්‍රෙශුත් දෙප්සට වීසි වෙද්දි තිසරි දැක්කා රමේශ් ලේ පෙරාගෙන බිම වැටිලා ඉන්නවා..
කලු පාට දුමාරය හා වෙඩි එලි මැද තිසරි අවසන් වරට දෙනෙත් පියා ගත්තෙ තමා ඉපදුනු රට වෙනුවෙන් කල හැකි උපරිමය කරමින් අවසන් හුස්ම වා තලයට මුසු වේවායි පතමින්...
.......................
රට වෙනුවෙන් ඔවුන් පෙරට

ප්‍රේමයට එහා (තුන්වන කොටස)


තුන්වන පරිච්ඡේදය
රමේශ් ඉතිරි සය දෙනා සමග තම බලප්‍රදේශයේ අවසන් මායිමට වී සිටින විට අනිත් කීප දෙනාගෙ කතාවෙන්  උනේ ලොරිය මේ දක්වා ගෙන එන්නේ ඔවුන් සින්හලයා ලෙස හදුන්වන කවුරු හෝ සින්හල පුද්ගලයෙකු බවයි...
"කෝඩණ්නා ..."
"ලොරිය ආවා..."
කලු රෙද්දකින් මුව ආවරණය කර ගත් පුද්ගලයෙකු ලොරියෙන් බැස්සා...
රමේශ් තමා අත වූ මුදල් පාර්සලය ඔහුට දීමට පෙර ඔහු සමග යමක් කතා කරන්නට උත්සහා කලා..
ඒ අතර ලොරියේ පැමිනි කීප දෙනෙක් වැටෙන් මේ පැත්තට ආයුද ගෙනත් දෙද්දී රමේශ් සමග පැමිණි අය ආයුද තම ලොරියට පටවා ගත්තා...
"ගින්දර තියනවද..???"
රමේශ් මුහුණ  ආවරණය කල කෙනා සමග කතාවකට මුල පුරමින් සිගැරැට්ටුවක් කටේ රුවා ගත්තා..
ලයිටරය රමේශ්  වෙත විසි කල ඔහු වචනයක්වත් කතා කලේ නෑ..
ආයුද පැටවීමට පැය එකහමාරක පමණ  කාලයක් ගියා...
රමේශ් අත තිබූ මුදල් පාර්සලය ඔහුට දීමෙන් පසුව ගණුදෙනුව අවසන් උනා..
...........................................
මේ අතර පරමේශ්වරී නන්දුගේ බංකරයට ගියා..
"නන්දූ..."
"සරස්වතී..."
"අද මොකෝ  තනියම ???කෙල්ලෙක් නෑ.."
"හහ්...නෑ...අෆ්ෆා...මට මේ පරණ උන් ඇති වෙලා..."
ඒ වන විටත් නන්දු මත්පැන් පානය කර මදක් මත් වී සිටිය බව පරමේශ්වරී  තේරුම්  ගත්තා..
පරමේශ්වරී තම උඩට ඇද සිටි යුනිෆෝම් හැට්ටය ගැලෙවුවෙ රවුම් කර ටී ශර්ට්  එක ඉතිරි වෙද්දි..
"මේ බන්කරේ දාඩිය දානවා නේද...???"
පරමේශ්වරී ගේ සිරුර දෙස කෑදර බැල්ලමක් හෙලූ නන්දු තවත් කෝප්පයක් වක් කර ගත්තා...
"සරස්වතී ගන්නවද...???"
"නැතුව...ඉස්සර රාජේශුයි මායි එකට බොනවා.."
පරමේශ්වරී කියුවෙ කෝප්පයකට මත්පැන් වත් කර යන්තමින් තොල ගාන බව රග පාමින්..
ටිකකින් නන්දුගේ පරන පුරුදු ඉස්මතු වූයෙන් පරමේශ්වරී ගේ ඇග පුරා නෙතු ගමන් කරන්නට උනා..
"මොකද හදිස්සි ....."
"පරමේශ්වරී  කියුවෙ තරවට්ටු බැල්මක් හෙලන ගමන්..."
හදිසි නැද්ද??උබව දැක්කම පිස්සු වැටෙනවා"
පරමේශ්වරීට අවශ්‍ය  වූයේ නන්දුව හොදින් මත්පැන් වලින් මත් කිරීමට...
නන්දු පරමේශ්වරී තමන් ලගට ගෙන සිප ගන්නට පටන් ගත්තා...
පරමේශ්වරී හොදින් මත්පැන් වත් කරමින් නන්දුව මත් කලා..
ඒ අතර බංකරයට රින්ගා ගත් රිස්වි හා තිසරි නන්දුගේ ලැප්ටොප් විස්තර තමන්ගේ චිප් වලට බා ගත කරමින් උන්නා..
නන්දුට පුලුවන් උනේ පරමේශ්වරී ව සිප ගැනීමට පමණයි ..
මත් බව වැඩි වූ ඔහු එහෙමම ඇද මතට කඩා වැන්නා..
රාත්‍රියට නන්දු බොහෝ විට රැය පහන් කරන්නේ කාන්තාවක් සමග බැවින් මේ පැත්තට පැමිනීම අනිත් අයට තහනම් උනා..ඉන් වැඩිම ප්‍රයෝජන ගත්තෙ මේ යුද හමුදා සෙබලියන් තිදෙනායි...
ඉක්මනින් සියලු තොරතුරු චිප් වල සගවා ගත් ඔවුන් තිදෙනාගෙන් තිසරි සහා රිස්වි තමන්ගේ බංකර් වලට යද්දි නන්දුගෙ ඇදුම් බුරුල් කල පරමේශ්වරී ඔහුට එහායින් හාන්සි උනේ උදේට මේ රංගනයේ ඉතිරිය කරන්නට සිතාගෙන..
......................................
මේ අතර ආයුද රැගෙන රමේශ් බංකරයට ලගා උනා...
"නන්දු අණ්නා  ..නන්දු අණ්නා..."
නන්දුට නිදි මතේ ඇහුනෙ තමාව අමතන හඩ..
තමාට එහායින් වැතිර සිටින සරස්වතී දුටු ඔහුගේ මූණෙ ඇදුනෙ තෘප්තිමත් සිනහවක්..
"සරස්වතී...සරස්වතී..."
"ආයුද ගෙනාපු කොල්ලො ඇවිත්...උබ බන්කරයට පලයන්..මම හෙට හම්බ වෙන්නම්...මට වැඩි උනා බන්.."
"වැඩි උනා තමා..."
එසේ කියු පරමේශ්වරී  ගස්සාගෙන බන්කරයේ පිටුපස දොරටුවෙන් පැන ගත්තා...
තමාගේ ඇදුම් සකසා ගත් නන්දු බන්කරයේ දොර විවර කලා...
"කෝඩණ්නා ...වැඩේ හරිද..."
"හරි නන්දු අයියා...මේ කෝඩණ්නා  අත ගහපු වැඩක් වැරදිලා නෑ.."
"හරි...උදේට ආයුද ගනිමු... උබ නිදා ගනින් කොල්ලො"
"ශිව රාජා..උබ කොල්ලො දෙන්නෙක් එක්ක ඕක මුර කරපන් .."
රමේශ් බංකරේට ආවෙ හෙට උදේම තිසරිව දකින බලාපොරොත්තුවෙන් ...
..........................................................
"නැගිටපන් ආමි කාරයා..තොපි හිතුවද අපිව රවට්ටන්න..."
රමේශ් ඇහැරුනේ කෑ ගහන සද්දෙට...
රමේශ්ගෙ අත් ගැට ගහල පිටටට තුවක්කුව තිබ්බ තරුණයා රමේශ්ව ඉදිරියට තල්ලු කලා.......
රමේශ් දැක්කෙ පෝලිමට අත් බැදලා දණ ගස්සවලා තියන කෙල්ලො තුන් දෙනා...
වටේ පිටේ උන් උන්නෙ අවි අමෝරාගෙන...
නන්දුගේ හිස පැත්තකින් ලේ ගලද්දී ඔහු අසල හිටගෙන හිටියේ ඉතා රෞද්‍ර පෙනුමැති තවත් අයෙකි...
"ක්‍රිශ්නා...!!!!!"
රමේශ්ට එකවරම සිහියට නැගුනෙ ඉහල කොටි බුද්දි අන්ශ සාමජිකයෙකුගේ පින්තූරයකි ....
ඔහු සෑම ඉදිරිපෙල මෙහෙයුමක් සදහාම උපරිම මගපෙන්වීම ලබා දෙන්නෙකු ලෙස ත්‍රස්තවාදී  තොරතුරු අතර තිබූ බව මේ වන විට රමේශ්ටත් පරමේශ්වරීටත් අවබෝද වී හමාරය..
"ආ....එතකොට මේකිද මේ රාජේශ් අණ්නගෙ ගෑනි...සරස්වතී..."
"උබ ...උබ කවද්ද කියපන් මගෙ අක්කා උනේ....කියපන් කෝ මගෙ අක්කා..."
ක්‍රිශ්නා ගේ හඩින් සිව් දෙනාටම උන් හිටි තැන් අමතක උනා...
"දෙයියනේ.මේ ඒ කියන්නෙ රාජේශ්ගෙ මස්සිනා...සරස්වතීගෙ මල්ලි..."
පරමේශ්වරී ට පා පහරක් එල්ල කල ඔහු පරමේශ්වරී ගේ එක අතක් බූට් එකෙන් පෑගුවා...
ඉතා දැඩි පෙනුමකින් ක්‍රිශ්නා දිහා බැලුවා විනා පරමේශ්වරී ගේ මුහුනේ කිසිදු වේදනාවක සලකුනක්වත් පහල උනේ නෑ....
"කියපන්.....කෝ අපේ එවුන්...."
රිස්විට පා පහරක් එල්ල කල ක්‍රිශ්නා කෑ ගැහුවෙ උමතුවෙන්...
නන්දු ලගට ගිය ඔහු නන්දුගේ කෙස් වලින් අල්ලා  තවත් අතුල් පහරක් එල්ල කලා..
"කියපන්....කියපන්...මුන් කවුරුහරි උබේවත් රාජේශ්ගෙවත් බංකරේට ගියාද.."
"ඉල්ලෙ අණ්නා   "
නන්දු ගොත ගැගුවෙ පරමේශ්වරී දෙස කන්න වගේ බලමින්...
"මුන් අරන් පලයන්....මෙහෙට ආවෙ මොන අරමුනකින්ද කියන එක දැන ගන්නම්කම් ගහපන්..."
ක්‍රිශ්නාගේ අණින් සිව් දෙනාම කලුවර බංකරයකට ගෙන ගියා...
ඒ අතර තුර රමේශ් බැලුවේ තිසරි  දෙසයි...ඒ ඇස් වල තමන් වෙනුවෙන් යමක් ලියවී ඇති බව රමේශ්ට දැනුනා..
අද උදෙන්ම ඒ දෑස දෙස බලා ආදරේ ප්‍රකාශ කිරීමට හිටියත් අවසානයේ උරුම වූ දෙය ගැන රමේශ්ට දැනුනෙ කේන්තියක්...
නොසිතූ ලෙස සිදු උන මේ සිදුවීම නිසා මේ වෙනකොට දියත් කරගෙන ආපු ප්ලෑන් එකේ දෙවනි කොටස ක්‍රියාත්මක කිරීම හැර වෙන විකල්පයක් නොමැති බව පරමේශ්වරී වටහා ගත්තා...
දැන් එයට කාලය හරි බව පරමේශ්වරී ඉගි කරද්දිත් රමේශ් එය නොදැක්කා සේ හිටියෙ එලෙස කිරීමට හිත ඉඩ නොදුන් නිසා..
නැවතත් ක්‍රිශ්නා පා පහරක් පරමේශ්වරී ට එල්ල කලේ සරස්වතීට වෙච්ච දේ අහන ගමන්..
තව දුරටත් මෙලෙස නිහඩව සිටීම සිව් ජීවතම අනතුරේ හෙලීමක් බව රමේශ් මෙන්ම තිසරිත් තේරුම් ගත්තා ...
ඒත් රමේශ්ට කලින් තිසරි ඉස්සර උනා...
එකවරම නැගී හිටපු තිසරි රිස්විට පා පහරක් එල්ල කලේ හිතන්නවත් ඉඩක් නොතියා...
"රාජේශ් අණ්නව මරලා දාලා සරස්වතී අක්කව අල්ලගෙන උබලා දෙන්නා අපිව ගොනාට ඇන්දුවද....කියපන්...ප## බැල්ලි...."
තිසරිගෙත් රමේශ්ගෙත් මේ රංගනය අපේක්ශාවෙන් සිටි තිසරි බිම පෙරලෙමින් පා පහර දැඩි බව මවා පෙන්නුවා..
"කෝඩණ්නා ...කෝඩණ්නා ...කතා කරපන්...ඇයි උබ මෙහෙම නිශ්ශබ්ද ???"
රාජේශ් අණ්නට තිබ්බ ආදරේ නිසා අපි සරස්වතී අක්කක දැකලා නැති නිසා අපි දෙන්නා මුන් දෙන්නට රැවටුනා...
"කෝඩණ්නා ...නැගිටපන්...මරලා දාපන් මුන් දෙන්නව..."
තිසරි කෑ ගැහුවෙ දැඩි ආවේගෙකින්...රිස්විගෙ කොණ්ඩෙ මුලින් අල්ලමින් රිස්විව නැගිට්ටමීන්
තවමත් නිහඩව සිටින රමේශ් පිලිබදව තිසරිට දැනුනෙ කේන්තියක්...
ඔවුන් සිව් දෙනාගෙ මෙහෙයුමේදි ඔවුන් හදුන්වා දුන්නේ පරමේශ්වරී හා රිස්වි යනු රාජේශ්ගේ බිරිද හා ඇගේ අත් උදවු කාරිය ලෙසත්..
රමේශ් සහා තිසරි රාජේශ් සමග මෙහෙයුමට සම්බන්ද වූවන් ලෙසත් ...
එබැවින් ඔවුන් සිව් දෙනාගෙන් යම් අයෙකුගේ අනන්‍යතාව හෙලි උනොත් අනෙක් දෙදෙනා ඔවුන්ට විරුද්දව ඉදිරිපත් වීම මෙහෙයුමේ අතුරු සැලැස්මක් වූයේ සිව් දෙනාගෙම ජීවිත ආරක්ශාවට එය වැදගත් නිසා...
රාජේශ්ගේ බිරිද සරස්වතී පවසපු ආකාරයට රාජේශ් තමන්ගේ බිරිදව සංවිධානයේ කාටවත් අදුන්නලා දීලා තිබුනෙ නෑ.
ඒත් ක්‍රිශ්නා කියන්නෙ  සරස්වතීගෙ මල්ලි කියන එක මේ සිව් දෙනාගෙන් කවුරුත් දැනගෙන හිටියෙ නෑ...
ක්‍රිශ්නා හදුනා ගත්තෙ පරමේශ්වරී ව මිසක් කෝඩි රාජා නොවන බව සිව් දෙනාම තේරුම් ගත්තා...
ඒකයි තිසරි මේ රංගනය ආරම්භ කලේ...
එක වරම නැගී සිටි රමේශ් ක්‍රිශ්නා අත තිබූ අවිය උදුරාගෙන තමන්ගෙම හිසට තියා ගත්තා...
"නන්දු අයියට ගහන්න එපා ක්‍රිශ්නා අණ්නා...මට ගහපන්...මාව මරලා දාපන්..මේ හැම දේටම වග කියන්න ඕනි මම..."
"මමයි මුන් දෙන්නව ගෙනාවෙ...උන්ගෙ රගපෑමට මම රැවටුනා.."
"ආමි කාරයො එක්ක හැප්පිච්ච මට මේ ගෑනු  දෙන්නට රැවටුනා..මාව මරපන්.."
මේ සිදු වන දේ ගැන ක්‍රිශ්නා ,  නන්දු විතරක් නෙමෙයි වටේ හිටපු අයත් බලන් හිටියෙ ගොඩක් පුදුමෙන්...
"නන්දු මේ කවුද??"
"රාජේශ් අණ්නා ලග හිටපු කොල්ලෙක්..."
නන්දු  උත්තර දුන්නෙ බයෙන්..
ක්‍රිශ්නා ඒ පිලිතුරෙන් සෑහීමකට පත් වූ බව පෙනුනෙ නෑ...
"මට විස්තර ටිකක් කියපන්.."
"මගෙ අණ්නා තමයි ශිවා...අණ්නා මලාට පස්සෙ මාව වැඩට ගත්තෙ රාජේශ් අණ්නා ..ආමි එකේ ඩීටේල්ස් හොයපු
එක තමයි මගෙ රාජකාරිය උනේ..."
"මට රාජේශ් අණ්නා කියුවා සරස්වතී අක්කා බලන්න යනවා කියලා...එහෙදි ආමි එකෙන් ඇටෑක් කලා කියලා තමයි මට කොල්ලො එක්ක එන්න කියුවෙ."
"මම 60ක් එක්ක ආවා.මේ කෙල්ල විතරයි ඉතුරු...රාජේශ් අණ්නගෙ පන ගියෙ මේ අත් දෙක උඩ..."
"ටික වෙලාවකින් තමා අපිට මුන් දෙන්නා හම්බ උනේ..."
"රාජේශ් අණ්නා මට කියලා තිබුනා සරස්වතී අක්කට පුහුනුව දෙනවා කියලා හදිස්සියක් උනොත් කියලා.."
"ඉතින්...මම අවිස්වාස කලේ නෑ...."
ශිවා යනු මරාගෙන මැරෙන ප්‍රබල පෙලේ කොටි සාමාජිකයෙක්.ඔහු මිය ගියේ කොලබට එල්ල කල මරාගෙන මැරෙන ප්‍රහාරයකින්..
ඔහුගේ බාල සහෝදරයා රාජේශ් සමග වැඩ කරන බව ක්‍රිශ්නා දැන සිටියා..එබැවින් ඔහු රමේශ්ව විස්වාස කලා...
"මම මුන්ව මරලා දානවා..."
ක්‍රිශ්නා අවියද රැගෙන පරමේශ්වරී ලගට ගියා...
ඒ ඇසිල්ලෙන් පරමේශ්වරී ලගට පැමිනි තිසරි ..
"එපා අණ්නා  එපා...මුන්ගෙන් අපිට ගොඩක් දේවල් දැන ගන්න පුලුවන්..එකක් දෙකක් අනිනකොට කියයි.."
තිසරි කියුවෙ පරමේශ්වරී බිමට තල්ලු කරන ගමන්..
ක්‍රිශ්නාට තිසරි ගැන පැහැදීමක් ඇති උනා..
"උබේ නම මොකක්ද "
"මංගම්මා..."
"මංගම්මා...උබ මුන් දෙන්නව බලා ගනින්.මම තව කොල්ලො දෙන්නෙක් එවන්නම්..කෝඩණ්නා උබ මුන් දෙන්නා ගැන විස්තර හොයපන්.."
................................................
ඒ නාටකය එතනින් අවසන් වීම පිලිබදව සිව් දෙනාටම දැනුනෙ ලොකු සැනසීමක්..ඒත් දැන් තම ශක්තිය දෙකෙන් එකක් දක්වා අඩු වී ඇති බවත් තමන් වැඩිපුර ආරක්ශා විය යුතු බවත් පැහැදිලි...
අඩි දෙකේ දෙකේ කම්බි සිරමැදිරි දෙකක පරමේශ්වරී සහා රිස්වි ව සිර කරනු ලැබුවා..
ආහාර දීම තහනම් කර තිබුනත් කුඩා ආහායක් හා ජලය ලබා දීමට තිසරි ක්‍රම සොයා ගත්තා..
........................................................
එදා රාත්‍රියෙව්දි රමේශ් තිසරිව හොයාගෙන බංකරයට ආවා...
"මංගම්මා ..."
"කවුද??"
"කෝඩණ්නා .."
වටේ කවුරුහරි හිටියොත් සැක නොහිතෙන්න දෙන්නම ටිකක් හයියෙන් කතා කලා..
"සාජන් ...!!!"
"තිසරි.."
"අපි දැන් මොකද කරන්නෙ...අපි පුලුවන් ඉක්මනට ටාගට් එක ගන්න ඕනි..මම හිතන්නෙ නෑ ක්‍රිශ්නා අපිව සීයට සීයක් විස්වාස කලා කියලා.."
තිසරි වේගයෙන් කියවගෙන යනදිහා රමේශ් බලාගෙන හිටියෙ හදවත කඩා වැටෙද්දි...
ඒ ඇසිල්ලෙන් තිසරිව තමන් ලගට ඇදලා ගත්ත රමේශ් තිසරිව තමන්ගෙ ලයට තද කර ගත්තා...
"සා...ජන්...!!!"
තිසරි අකුරු ගැලපුවෙ බිදෙන හඩින්...
"මට සමාවෙයන් මගෙ මැනිකෙ...අපි මේ කැප වෙන්නෙ අපෙ අම්මව රැක ගන්න..මේ රට අපෙ අම්මා.."
"අනේ  ඇයි සාජන් සමාව ඉල්ලන්නෙ..?"
නිල ඇදුමට යටින් ඇති ගැහැනු හිත උඩට මතු උනේ ඉකියකුත් එක්ක.
"තමන් ආදරේ කරන කෙනාගෙන් කෙල්ලෙක් බලාපොරොත්තු වෙන්නෙ ආරක්ශාව..ඒත් මට උබ රැක ගන්න බෑ මැණිකෙ..මට උබව මේ මාරයො ගොඩේ තියන්න වෙලා.."
"මොනාද සාජන් මේ කියන්නෙ ...??"
"මම ඒ තරම් දුර්වල බොලද කෙල්ලෙක් නෙමෙයි.මගෙ අයියලා දෙන්නම රට වෙනුවෙන් ජීවිතේ දුන්නා..මට මගෙ ජීවිතේ මේ රට තරම් වටින්නෙ නෑ මහත්තයෝ ..."
කෙල්ලගෙ ඒ වදන් වලට කොල්ලට දැනුනෙ ආඩම්බරයක්..
ඒ මූන දෝතින්ම ගත්ත කොල්ලා.මූනට වැටිලා තිබුන අකීකරු කෙහෙරැලි පිටිපස්සට කලා...
රමේශ් ඒ ඇස් වලට එබුනෙ අවසරයකින් තොරව.
කොතරම් දැඩි හිතක් උනත් පිරිමියෙක්ගෙ ආදරේ ඉස්සරහ බොලද සියුමැලි වෙනවා
තිසරි කියන්නෙත් යෞවනත්වය අතේ ගුලි කර ගත්ත කෙල්ලෙක්...රමේශ්ගෙ සුසුම්වල උණුසුමට ඒ දෑස් පිය උනේ අපූරුවට ...
ඒ මූනෙ සුන්දරත්වය කලබලේකින් තොරව රස විදපු රමේශ් ඒ නලලත මත පලමු හාදුව සටහන් කලා..
"මම දන්නවා මැණිකෙ...උබ මට ආදරෙයි ..මමත් උබට ආදරෙයි ..මම බොරු බලාපොරොත්තු දෙන්නෙ නෑ..ඒත් මම ජීවත් වෙනකම් උබත් එක්ක ඉන්නවා..."
තිසරිගෙ ඇස් වලින් කදුලු බේරෙද්දි රමේශ් ඒ නෙතු සිප ගත්තා...ඒ මූන පපුවට තද කරගෙන ගොඩක් වෙලා හිටපු රමේශ් බංකරෙන් ගියෙ එලිය වැටෙන්න ලන් වෙලා..
.
....................................
""ආමි එකෙන් හොදටම ඇටෑක් කරනවා..ඉස්සරහා හිටපු උන් ඔක්කොමවගේ ඉවරයි..අපෙන් කොල්ලො කෙල්ලො ටිකක් ඉල්ලුවා..""
""හවස ආපු රේඩාර් වලට අනුව කණ්ඩායම් දෙකක් පිටත් උනේ කෝඩණ්නා හා ක්‍රිශ්නා යටතෙ...""
මුලින්ම ඉදිරියට ගියෙ ක්‍රිශ්නාගේ කණ්ඩායම ...
රමේශ් තුවක්කුව මානමින් වැරදි ඉලක්කයන් අල්ලමින් කණ්ඩායම සමග ඉදිරියට ගියා...ඉදිරියෙන් ආපු අණ යටතෙ කණ්ඩායම් දෙකම පසු බැස්සෙ  යුද හමුදාව සන්නද්ධ ව මෙහෙයුමට සම්බන්දව සිටි නිසා..
ඒත් අවසානයේ අවාසනාවට රමේශ්ගෙ අතට වෙඩි වැදුනා..
..............................
රමේශ්ව කදවුරට රැගෙන එන විට තිසරි දුවගෙන ආවෙ අවසිහියෙන් වගේ..
"මංගම්මා ..""
".කෝඩණ්නා ට හොදටම තුවාලයි..බෙහෙත් ටිකක් දාලා නිදා ගන්න දීපන්.."
""අපෙ කොහොමත් ගොඩ දෙනෙක් ඉවරයි.උන් ගොඩක් ලෑස්ති වෙලා ඉදලා තියනවා..අපි ඉක්මනට රිටර්න් එක දෙන්න ඕනි..""
""අපේ තුවාල උන් ඔක්කොම බලපන්..""
ක්‍රිශ්නා පිටව ගියෙ අණ ගොඩක් දීලා..
කට්ටිය එහෙ මෙහෙ වෙනකම් ඉදලා තිසරි රමේශ්ට ලන් උනා..
"අනේ මගෙ මහත්තයෝ...ඔයාට කොහොමද...??"
"කලබල වෙන්න එපා.මට ප්‍රශ්නයක් නෑ...අපේ අය ලගටම ඇවිත්.මේකෙන් මුන්ට ගොඩක් ඩැමේජ්.අපි නොගියත් හොයා ගත්ත දේවල් ඉක්මනට අපේ අය අතට යවන්න ඕනි.ඔයා රිස්විගෙන් ඒ ටික ඉල්ලන් පනින්න.."
"මම ..මේ මම ඔයා මෙහෙ ඉද්දි...ඒක කීයටවත් වෙන්නෙ නෑ.."
"කියන දේ අහනවා..."
"මට බෑ සාජන්...කියුවනෙ.."
කෙල්ල එහෙම කතා කලේ තමන්ගෙ තීරනේ වෙනස් නොකරන්න බව කොල්ලා තේරුම් ගත්තා.වෙනදාට වඩා නිල තල වලට එහා ගිය හදවත් බැදීමක් ඇති නිසා තිසරිව යැවීම කල නොහැක්කක් බව රමේශ් තේරුම් ගත්තා..
"හරි එහෙනම් රිස්විවයි පරමේශ්වරී වයි පන්නමු.ඒත් කොහොමද??"
මම කියන විදිහට කරන්න..
රමේශ් විය යුතු දේ තිසරිට පැහැදිලි කලේ බොහොම සීරුවට
..................
රට වෙනුවෙන් ඔවුන් පෙරට.

ප්‍රේමයට එහා (දෙවන කොටස)


දෙවන පරිච්ඡේදය
                                     බංකරය තුලට ගිය පරමේශ්වරී ඇතුලු දෙදෙනා ඉක්මනින් එය පිරික්සන්නට විය..
රාජේශ්ගේ ලැප්ටොප් පරිඝණය..
විවිද සීඩී තැටි වගයක්...
රේඩාර් වේව් (තරංග) ලබා ගත හැකි යන්ත්‍ර කීපයක්
සහ තවත් ෆයිල් කීපයක් එහි තිබුනා...
කෙල්ලන් දෙදෙනා ෆයිල් හා සී ඩී තැටි පිරික්සන අතරතුර පරමේශ්වරී ලැප්ටොප් පරිඝණය නිරික්සමින් රේඩාර් වලට සවන් දෙන්නට විය.
"සාජන්...මෙතන තියෙන්නෙ උන් පුහුණු කරන,  සයනයිට් පලදවන , මහාවිරු දිනේ සීඩී වගයක්.."
තිසරි කියුවෙ සීඩී ටික පරීක්ශා කර අවසානයේදී..
"ම්ම්...ඕ..කේ...ඔයා මේ රේඩියෝ සිග්නල් අහන් ඉන්න"
"සාජන් මේතියෙන්නෙ උන් අපේ මරලා දාපු ඉන්ට් එකේ (බුද්දි අන්ශයේ)  සර්ලාගෙ නම්..විස්තර...පවුල් ගැනත් විස්තර තියනවා..."
"කෝ ගන්න බලන්න"
"ඕ ගෝඩ් සාජන්....!!! "
"වයි රිස්වි??"
සර්..මේජර් උඩුනුවරගෙ ඩීටේල්ස් (තොරතුරු) එහෙමත් තියනවා...
"වට්???"
පැනපු ගම්න් පරමේශ්වරී ෆයිල් එක උදුරා ගත්තා...
උඩුනුවර  කියන්නෙ පරමේශ්වරීගෙ මහත්තයා..
උඩුනුවරගෙ ෆොටෝ එකක් අලවලා පටන් අරන් තිබුන විස්තර එයාගෙ පාසල් කාලය ගැනත් තිබුනා...
ෆොටෝ එකට උඩින් රතු පාටින් හරියක් දාලා තිබුනා...උඩුනුවරගෙ බිරිද කියන කොටසෙ තිබුනෙ හිස් කොලයක්...ලොකු ප්‍රශ්නාර්ථයක් එක්ක..
"ඒ කියන්නෙ මුන්ට මන් ගැන විස්තර ලැබිලා නෑ.."
පරමේශ්වරී පුටුව මතට කඩා වැන්නෙ කදුලු පිරි දෙනෙතින්
අවුරුදු 2ක ප්‍රේම සබදතාවක ප්‍රතිපලයක් විදිහට විවාහයෙන් පසු එකට ගත කලේ දින 14ක් පමණයි...ඔහු රට වෙනුවෙන් සමු දුන්නෙ  කසාදයෙන් පසු ප්‍රථම වරට සේවයට වාර්තා කරපු වාරයේදි .....
"සාජන් ..."
"අ..අපි වැටිලා බෑ..අපි අපේ මිශන්  එක සාර්ථක කර ගන්න ඕනි.."
"ඔ..ව්...හරි ගර්ල්ස්...ඒක ඉවරයි"
පරමේශ්වරී නැගී හිටියෙ කදුලු පිස දමමින්
ඒ ෆයිල් එකේ දැනට සිටින ඉහල පෙලේ හමුදා නිලදාරින්ගෙ විස්තර තිබුනා..ඒ කියන්නෙ උන්ගෙ ඊලග ඉලක්කය එයාලා කියන එක හිතන්න ඔවුන්ට වැඩි වෙලාවක් ගියෙ නෑ...
"මේක අපි හිතනවට වඩා සංකීර්ණයි"
"අපිට මේක නෙමෙයි වැදගත්...මේ ඩීටේල්ස් මුන්ට ලැබෙන්නෙ කොහොමද කියලා.."
"සාජන්...."
මුන් කියනවා ඊයෙ මිශන් එකේදි උන්ගෙ 54ක් ඉවරලු...ඉතිරි හතර දෙනා යුද හමුදා බාරයට අරන්ලු...ඒ අතර රමේශ්ගෙ බිරිද , ඇගේ සහයිකාව තවත් කාන්තා ත්‍රස්තවාදී  සෙබලියලියක් හා බුද්දි  අන්ශ සාමාජික කෝඩි රාජා ඉදලලු..."
තිසරි කියුවෙ රේඩාර් වලට සවන් දෙන ගමන්..
"උන්ගෙ ඉන්ට් එක නම් (බුද්දි අන්ශ ) මාරයි ආ
....අපි හිතනවට වඩා ගොඩක් ඉස්සරහින් උන් ඉන්නෙ..."
පරමේශ්වරී කියුවෙ කල්පනාවකට වැටෙන ගමන්..
"හරි දැන් අපි හොයා ගන්න ඕනි මෙහෙට මුන්ට විස්තර දෙන අපේ එවුන් කවුද කියලා..."
"ලැප් එකෙත් පොඩි පොඩි විස්තර වගයක් ඇරුනම ගන්න දේවල් ගොඩක් නෑ ..."
සොයා ගත් විස්තර තම බෙල්ට් එක තුල සගවා තිබූ කුඩා චිප් එකට  ලැප් එක මාර්ගයෙන් ඇතුල් කල ඔවුන් නැවත ඒවා බෙල්ට් තුලම සගවා ගත්තා
"දන්නවද ගර්ල්ස්...."
"යස් සාජන් "
"අද මුන්ගෙ ලොක්ක එලියෙ හිටියනම් කියටවත් අපිට මෙහෙම රාජේශ් ගෙ බංකරේ දෙන්නෙ නෑ..."
"මම හිතන්නෙ නෑ ඌ එක පාර අපිව විස්වාස කරයි කියලා..."
"ඒකට අපිට හෙට ලොකු ඇක්ට් එකක් කරන්න වෙනව.."
"යර්ස් සාජන් "
"දැන් මාරුවෙන් මාරුවට නිදා ගමු...රිස්වි මායි දැන් නිදා ගන්නවා..."
"අපිව පැය එක හමාරකින් ඇහැරවන්න..තිසරි..."
"ඕ..කේ සාජන් .  "
.............................................................
යුවතියන් තිදෙනා මෙලෙස වැඩ කරන විට රමේශ් හිටියෙ ලොකු ගැටලුවක.
යුද හමුදාවට බනිමින් සාප කරමින් මදුවිත තොල ගාන මේ ත්‍රස්තවාදීන් සමග රැය පහන් කිරීම ඉතාමත් අපහසු උනා...
ඔවුන්ගේ කතා බහා අනුව ඊයෙ සටනින් ඔවුන්ට ගොඩක් පාඩු සිදු වී ඇති බව රමේශ්  තේරුම් ගත්තා ..
"ඒ   ......."
""කෝඩි රාජා...උබලා කීයක් අවාද..."
"60ක් විතර...."
"ඉතින් උබලා විතරක් බේරුනේ කොහොමද??"
"ඒවා කියන්න උබ කවුද..."
රමේශ්ගේ දැඩි හඩින් ඔවුන් මෙල්ල වූ බව පෙනුනා..
"මම ඒවා ලොක්කට කියන්නම්..."
ඉන්පසුව රමේශ්ට කරදර කරන්න කවුරුත් ආවෙ නෑ...
රමේශ් නින්දත් නොනින්දත් අතර රැය පහන් කලා....
............................................................
"නැගිටපන්..."
රමේශ් අවදි උනේ පා පහරකින්...
"ලොක්කා උබලව ගේන්න කියුවා..."
රමේශ් එතනට යන විට ගෑනු ලමයි තිදෙනාද එතනට ගෙනවිත් තිබුනා..
සිව් දෙනාගේම දෙඅත් බැද  ලොක්කා නම් පුද්ගලයා ඉදිරියේ දණ ගැස්සුවා..
කලු මිටි කුඩා ශරීරයකින් හෙබි ඔහු ලග කට දෙපැත්තෙන් ලේ පෙරමින් දණ  ගසා උන්නේ ඊයෙ ඔවුන්ව මෙහෙට ගෙන ආ තරුණයා යි...
උන් කාගෙ කවුද නොදැන කාගෙන් අහලද බංකරේට ගත්තෙ කියපන්..
"අයියා අපි එනකොට අර කෙල්ල...එක්කනෙ හිටියෙ...ඉතින් කතා කරන්න උනේ නෑ"
"වහපිය බල්ලා කට.."
ඔහුට තවත් පාරක් ගැසූ ලොක්කා ඔවුන් සිව් දෙනා සමීපයට පැමිණියා..
මුලින්ම රමේශ් දෙසට බැල්මක් පා කල ඔහු රමේශ්ගෙ නිකටින් උස්සා මූණ දෙස විමසිලිවත්ව බැලුවා..
"නම??"
"කෝඩි රාජා...."
"ඒ උනාට කියන්නෙ කෝඩණ්නා.."
"රාජේශ් අණ්නා එක්ක ආමිකාරයන්ගෙ විස්තර එකතු කලා...."
ඒ නම ඇසූ විගස ඔහු රමේශ් දෙස බලා සිටි දැඩි බව වෙනස් කර ගත්තා..
එදා අල්ලා ගත් කෝඩි රාජා නැමැති ත්‍රස්තවාදීයාගෙන් ලබා ගත් තොරතුරු අනුව ඔහුට බුද්දි  අන්ශ  කටයුතු වලදී අමතා තිබුනේ කෝඩණ්නා  ලෙසයි..
වේලාව බලා තුරුම්පුව ගසා දැමූ රමේශ් කෙලින් ඔහුගේ දෑස දෙස බලා සිටියේ සැකයක් නොහිතෙන ලෙස.
"මොකෝ උනේ කියපන්.."
"ඊට කලින් මගෙන් අහපන්..."
පරමේශ්වරීගේ කටහඩ උස්ව නැගුනා..
"නන්දු අයියා...මම කියුවෙ මේ ලොක්කෙක්ගෙ ගෑනි  කියලා.."
ඕ...එහෙනම් මෙයයි නන්දු...
ලංකාවට අවි ගෙන්වීමේ මහා මොල කරු...කෙසේ හෝ තමාට උවමනාම තැනට තමන් පැමිණ ඇති බව සිව් දෙනාම පසක් කර ගත්තා...සිව් දෙනාගේම ඇස් වෛරයෙන් දිලිසුනේ ඒ නිසයි....
"උබ කාගෙ කවුද..."
නන්දු ඊ ලගට ගියෙ පරමේශ්වරී  ලගට...
"රාජේශ්ගෙ ගෑනි  බොල.."
එය ඇසූ විගස නන්දු මදක් මෙල්ල වූ බව පෙනුනා..
"රාජේශ් අණ්නට මොකද උනේ..."
"මම ටිකක් අසනීපෙන් හිටියෙ...මාව බලන්න ආවා...මාස පහකට පස්සෙ..."
"ගෙදරදි ආමි කාරයො ගැහුවා..."
"අපි පැන ගත්තා ...අපේ සීමාව වෙනකම්"
"රාජේශ් කට්ටිය ගෙන්නුවා...ඔක්කොම 60ක් විතර...කෝඩණ්නා  තමා ගෙනාවෙ.."
"ඉතින්.."
"අන්තිමට රාජේශ්ට වෙඩි වැදුනා.."
"පණ පිටින් හිටියෙ අපි දෙන්නා  විතරයි...අපි පැන්නා..."
"මගදි වැටිලා ඉදලා මේ කෙල්ලවයි , කෝඩණ්නාවයි හම්බ උනා...අපි හතර දෙනා බේරිලා ආවා"
සැක සහිතව පරමේශ්වරී  දෙස බැලූ නන්දු ඇයගෙ මූනට කිට්ටු උනා...
" රහස් වචනෙ කියපන්..."
"අපිට අපේම රාජ්‍යයක් "
පරමේශ්වරී කියුවෙ රාජේශ්ගෙ බිරිද නැත්නම් සරස්වතීගෙන් අසා ගත් රහස් වචනය..
නන්දුගෙ මූණ සැක පහව ගියා...
"මුන් ලිහලා දාපන්..."
"රාජේශ් අණ්ණගෙ බංකරේ ඉන්න බෑ...ඒකෙ උවමනා බඩු වගයක් තියනවා...අක්කට වෙනම බන්කරයක් ලෑස්ති කරන්නම්"
"කෝඩණ්නා උබ වෙන බන්කරේකට පලයන්".
"හරි...මගෙ කෙල්ලො දෙන්නා මාත් එක්ක ඉදී.."
"මෙයාලටනම් මගෙ බංකරෙත් ඉඩ තියනවා..."
නන්දු කියුවෙ තිසරිගෙ  උරහිසින් අල්ලමින්...රමේශ්ගේ අත මමිට මෙලවෙනු දුටු පරමේශ්වරී ඉස්සර උනා..
මේසය උඩ තිබුනු නන්දුගේ අවියම අතට ගත් ඇය නන්දුගේ අත අඹරා නන්දුගේ බෙල්ලට තුවක්කුව තිබ්බා..
"මතක තියා ගනින් නන්දු..."
"මුන් දෙන්නගෙ අකමැත්තෙන් මුන්ගෙ ඇගට අතක් තියන්න උබටවත් මේ හෙන්චයියෙකු ටවත් බෑ..."
නන්දුව අතහැරි පරමේශ්වරී  කිසිවක් සිදු නොවූ ගානට බංකුවක වාඩි උනා..
"රාජේශ් අණ්නගෙම ගෑනි  තමා.."
නන්දු තමාටම කියා ගනිමින් එතනින් ගියෙ කීප දෙනෙකු බලා ඉදිද්දි
සිව් දෙනාම සති තුනක් පමණ  බංකර් සෑදීමට උදවු දෙමින්..රහසින් තොරතුරු රැස් කරමින් දිවි ගෙවුවා..
දැන් ඔවුන් සියලු දෙනාටම මේ සිව් දෙනා ගැන කිසිදු සැකයක් තිබුනෙ නෑ...
මේ අතර එක් දිනක් පරමේශ්වරී රමේශ්ට කතා කලා..
"කෝඩණ්නා ..."
"සරස්වතී  අක්කා..."
"වාංග..."
රමේශ් පරමේශ්වරී  ලගින් වාඩි උනා...
"මල්ලි මට ඇත්ත කියපන්..."
"මොකක්ද   "
"උබ තිසරිට ලව් නේද.."
"අහ්හ්...!!!!!!"
"මට බොරු කියන්න එපා...මම දැක්කා කොහේ හිටියත් උබේ ඇස් දුවන්නෙ ඒකිගෙ පස්සෙ"
...
"බොරු මොකටද පරමේශ්වරී  අක්කා...මේ මිශන්  එක පණ පිටින් ඉවර කලොත් මම ඒකිට මගෙ ආදරේ  කියනවා..."
"ඒකනේ...ම්ම්ම් මට බොරු කරන්න පුලුවන්ද උබලට..."
"මම ඒකිට කියන්නම්..."
"එපා අක්කා..."
"ඇයි..."
"අපෙ ජීවිත ශුවර් නෑ..බොරු බලාපොරොත්තු  මොකටද..."
"පිස්සු කෙලින්න එපා බන්..ජීවිත ශුවර් නැති නිසා ජීවිතේ තියන පොඩි කාලෙ ඇතුලෙ ජීවිතේ විදපන්..."
"ඔව්..."
"මම තිසරිට කියන්නම්..."
"අනේ මන්දා අක්කා..."
"කෝඩණ්නා ...."
"නන්දු  අයියා කතා කරනව..."
දුවගෙන ආපු පොඩි කොල්ලෙක් පණිවිඩය කියුවා...පරමේශ්වරී දුවගෙන යන පොඩි එකා දිහා බලා හිටියෙ අවුරුදු  12ක් විතර වෙච්ච මේ දරුවන්ට මුන් දෙන වද ගැන හිතමින්.
........................................................
"කෝඩණ්නා ...."
"නන්දු  අයියා..."
"අපේ ආයුද නැවක් එනවා ට්‍රින්කො..."
"ඔව්..."
"අපි ඒක ආමි කාරයන්ට අහු නොවෙන්න ගෙන්නා ගන්න ඕනි..."
රමේශ්ට දැනුනෙ සතුටක්...නන්දු තමා මත උපරිම විස්වාසය තබා ඇති බව දැන් රමේශ්ට  පැහැදිලි ..
ඒත්...
"බය වෙන්න එපා...සින්හලයා අපිට උදවු  කරයි.."
උබට තියෙන්නෙ කොල්ලො ටිකත් එක්ක ගිහින් අපේ මායිමෙන් අරන් එන්න විතරයි..
"ඕ...කේ  නන්දු අයියා ..."
රමේශ් තවත් ප්‍රශ්න අහන්න නොගියෙ නන්දුට සැක හිතෙයි කියලා..ඒත් සින්හලයා ලෙස නන්දු හැදින්වූයෙ කවුද කියන එක රමේශ්ට ප්‍රශ්නයක් උනා..
.....................................
පරමේශ්වරී වත් තිසරිවත් මුන නොගැසුනු තැන රමේශ් රිස්විට පණිවිඩය කියා නික්ම ගියා...
රාත්‍රියේදි කෑම කන අතරතුර පරමේශ්වරී තිසරිට කතා කලා...
"තිසරි..."
"සාජන් ..."
"ගමේ කොල්ලා කැමති උනාද මෙහෙම ගමනක් එනවට...???"
"ගමේ කොල්ලයි කෙල්ලයි දෙන්නම කැමති නෑ සාජන් ..."
"මොකා..ක්???"
"නෑ සාජන්  මම කියුවෙ අම්මයි තාත්තයි දෙන්නම කැමති නෑ..."
තිසරි කියුවෙ හිනාවෙන ගමන්...මරු කටේ හිටියත් හිනාවෙලා විහිලුවක් කරන එක මේ කෙල්ලො දෙන්නගෙම පුරුද්ද කියලා පරමේශ්වරී දන්නවා..
"අනේ බන්...මම ඇහුවෙ..????."
"එහෙම කවුරුත් නෑ සාජන් ..."
"එහෙනම් කෑම්ප් එකේ..???"
"ම්ම්හ්හ්..."
"""එහෙනම් හිතට වැදිච්ච කෙනෙක්..???.""
"සාජන්...!!!!"
"අක්කා කියලා හිතලා ඇත්ත කියපන් නංගි..."
"අපිට බලාපොරොත්තු නෑ සාජන්..."
"බොරු එපා කෙල්ලෙ උබ අපේ රමේශ්ට කැමති නේද???."
"සාජන් ..."
තිසරිගෙ දෑසින් කදුලු බේරෙද්දි රිස්විත් පරමේශ්වරී තිසරිව තුරුල් කර ගත්තා...
නිලතලයන්ට එහා ගිය සහෝදයත්වයක් දැන් නිර්මාණය  වී අවසන්...
"දන්නවද වැඩක්....කොල්ලාත් උබට පණ ඇරලා..."
පරමේශ්වරී  කියද්දි තිසරි විදුලියක් වැදුනා වගේ ඈත් උනා..
"අපේ සා..ජ..න්..!!!!"
"නෑ ඔයාගෙ සාජන්..."
ඔවුන් තිදෙනාට ලබා දී තිබුනේ වෙනමම බංකරයක් බැවින් නිදහසේ ඉදීමට ඒ කිසිවක බාදාවක් තිබුනෙ නෑ..
......................
"ගර්ල්ස්..."
"රමේශ් එන්න කලින් අපිට වැඩක් තියනවා කරන්න...රමේශ්  හිටියොත් අපිට මේ කිසි දේකට ඉඩ ලැබෙන්නෙ නෑ.."
"කියන්න සාජන්..."
"නන්දූගෙ බංකරේට රින්ගන්න..."
"සාජන් !!!"
"ඔව්...මේකට ආයුද ගේන්න උදවු කරන එකා අපි දැනගන්න ඕනි..."
"නැත්නම් මූ විතරක් අල්ලලා වැඩක් නෑ..."
මොකක්ද  අපි කරන්න ඕනි සාජන් ...???"
"මෙහෙමයි මම අද නන්දු ලගට යනවා...ඌට ගෑනු සබ්ජෙක්ට් එකෙන් එහා වෙන දෙයක් නෑ"
"මම කසාද බැදපු ගෑණියෙක්..කොහොමත් එකයි...මම උපරිම ලිමිට් එකේ ඉන්න ට්‍ර්‍යි කරනවා.."
"ඒ අතර ඔයා දෙන්න ඩීටේල්ස් ගන්න ඕනි..ස්පෙශලි ඊ මේල්ස්..."
"රමේශ් කීයටවත් අපි තුන් දෙනාගෙන් කාටවත් නන්දු ලගට යන්න දෙන්නෙ නෑ.."
"තේරුනා සාජන්..........."
දෙදෙනාම එක හඩින් පැවසුවේ සියලු වගකීම් හා යුතුකම් සිතෙහි දරාගෙන
.................................................................
රට වෙනුවෙන් ඔවුන් පෙරට

Thursday, July 4, 2019

ප්‍රේමයට එහා ( පළමු කොටස)



පළමු වෙඩිල්ල..
      
                     ඔවුන් රැගත් ජීප් රථය පලාලි යුද හමුදා කදවුරෙන් ගමන් අරඹන විට වෙලාව හවස පහට පමණ විය...
බුද්දි අන්ශ සාමාජිකයින් සය දෙනෙක්ගෙන් සමන් විත වූ එම රථය
ඉහල බුද්දි අන්ශ සාමාජිකයන් දෙදෙනෙක්ද...
පුහුණුව ලැබූ එක් කාන්තා හා පිරිමි බුද්දි අන්ශ  සාමාජිකයන් දෙදෙනෙක්ද...
පුහුනුව ලබන කාන්තා බුද්දි අන්ශ  සාමාජිකාවන් දෙදෙනෙක්ද මේ අතර විය..
කාන්තා සාමාජිකයන් සමග මේ ගමන යාමට හේතුව ලංකාවට විශාල වශයෙන් අවි ගෙන්වන ප්‍රදාන පෙලේ කොටි සාමාජිකයෙක් අත්තඩන්ගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමකටයි...
ඔහු යටතේ බොහෝ සේවය කලේ කාන්තා කොටි සාමාජිකයන් වීමත් ..
ඔහු ගැහැනු පෙරේතයෙකු බවත් විශ්වාස වන්ත කටයුතු මාර්ගයෙන් ආරන්චි වීමත් සමගම මෙවන් මෙහෙයුමක් දියත් කිරීමට ඉහල පෙලේ බුද්දි අන්ශ  සාමාජිකයන් තීරණය කරන ලදී....
ඉතා දක්ශ පුහුණුව ලැබූ මේ කාන්තා හා පිරිමි
සාජන් වරුන් දෙදෙනා යටතේ පුහුණුවේදි දස්කම් දැක් වූ දැනටත් පුහුණුව ලබන කෝප්‍රල් කාන්තා සෙබලියන් දෙදෙනෙකු යොදා ගැනීමට තීරණය කලේ පුහුණුව  ලැබූ හතරක් යෙදවීම මෙවන් අවදානම් තත්වයකදී පාඩුවක් විය හැකියැයි ඉහල නියෝගයන් ලැබූ නිසායි...
"සාජන් රමේශ් සාගල බණ්ඩාර ..."
"සර්..."
"සාජන් පරමේශ්වරී ජේසුදාසන්"
"සර්..."
"කෝප්‍රල් තිසරි සයුරිකා රත්නායක..."
"සර්.."
"කෝප්‍රල් රිස්වි ෆාතිමා.."
"සර්..."
"ආ යූ රෙඩි..."
"යස් සර්.."
"ඕකේ...ඔයාලා හතර දෙනාම දන්නවා මේක රට වෙනුවෙන් ගත්ත තීරණයක්..."
"යස් සර්..."
"මම දැන් ඔයාලගෙ සර් කියන එක අමතක කරන්න...මට ඔයාලගෙ වයසෙ දරුවො ඉන්නවා...ඔය හතර දෙනාම ඉන්නෙ රටට වැඩක් කරන්න පුලුවන් වයසෙ...තුන් දෙනෙක් බැදලා නෑ..."
"අපෙ සාජන් පරමේශ්වරී....බැදලා මාසයක් ඇතුලත මහත්තයා රට වෙනුවෙන් ජීවිතේ පූජා කලා..."
"අනික රමේශ්...පුතා...ඔයාගෙ යාලුවා මගෙ පුතා...ඌ රස්තියාදු ගහනවා ගෙදරින් කකා..අද ඔයා...උන් වෙනුවෙන් රටක් හදන්න කොටි කටට යනවා..."
මේජර් අබේවන්ශ රමේශ්ගෙ පිටට තට්ටු කලේ දෑස් ලාවට බොද වෙද්දි...
"අපේ අලුත් කෙල්ලො දෙන්නා.."
අනිත් කෙල්ලො පව්ඩර් උලන කාලෙ රට වෙනුවෙන් දීපු විහාර මහා දේවි පරපුරේ දරුවො..."
"පරිස්සමට වැඩේ කරන්න..."
"රමේශ් මට උබලා හතර දෙනාම පණපිටින් ඕනි....අරුගෙ බොඩියත් එක්ක.."
"ඕකේ......ආයිත් සාජන් රමේශ්...කාන්තා නිලධාරීන් තුන් දෙනෙක් ...ඔයා විතරයි පිරිමි කෙනෙකුට ඉන්නෙ  ..."
"මතක තියා ගන්න...මේ අපේ රට...අපේ මුතුන් මිත්තො ලේ හොල්ලලා මේක රැක ගත්තෙ....මේක කොටින්ට දීලා බල්ලො වගේ මැරිලා යන්න බෑ..."
"අපේ අත් දෙක උඩ ජීවිතේ තියපු අපේ සින්හල විතරක් නෙමෙයි දෙමල මුස්ලිම් ගොඩක් දෙනෙක් ජීවත් වෙන්නෙ අපිව විස්වාස කරල..."
"එහෙනම්..."
මේජර් හැමෝටම ශේක් හෑන්ඩ් කලා...
මේජර්ගෙ අත්ල මත ඉතිරි අත් පහ එක මත එක වැටෙද්දි
"ජීවිතයට පෙර මාගෙ රට..."
එකවර කියූ ඔවුන් අත් ඉහලට එසෙවුවා.
"හරි රමේශ් ඔයාලට උපදෙස් දීපු විදිහට හැමදේම කරන්න..."
ඒ උපදෙස් අනුව ජීප් රතය නැවතුනා....කොටි සාමාජිකයන්ගේ නිලඇදුම් ඇද ගත් ඔවුන්  මැරුණු කොටි සාමාජිකයන්ට අයත් නිල ලාන්ජන හා තුවක්කු අතට ගත්තා...
මිනිත්තුවක් වත් නොහිතපු රමේශ් තම තුවක්කු බදෙන්  කෝප්‍රල් තිසරිගේ හිසල පහරක් එල්ල කලා.
ඔලුවෙ මදල් පැලී ලේ එන්නට හැරියා...
දෑස කදුලින් තෙත් වෙද්දි  ඇස් තදින් මිරිකා වේදනාව ඉවසා ගත්තෙ මේ දේවල් ගැන මුලින්ම දැනගෙන හිටපු නිසා....
පස් සහිත බෑගයෙන් පස් යුනිෆෝම් වල තවරා ගත් සිව් දෙනා තම මේජර් වරයාට සමු දුන්නා...
................................................
කැලය තුලට රින්ගා ගත් සිව් දෙනා කොටි බල ප්‍රදේශයට ඇතුල් උනේ ගෙදර දොර යහලු මිත්‍ර සම්බන්දතා සියල්ල අමතක කරමින් තම රටේ සාමය සිත්හි දරමින්...
රමේශ් කියන්නෙ තියන කියන පවුලක දෙවනි දරුවා...
ඉන්ජිනේරු සිහිනය බොද වෙද්දි රට වෙනුවෙන් දෙයක් කරන්න ඕනි උනා...
ඒ නිසයි අම්මගෙ  දැඩි අකමැත්තත්..
තාත්තගෙ දැඩි උනනදුවත් මත යුද හමුදාවට බැදුනෙ...
තිබුන උසස් ඉගනීම් සුදුසුකම් හා..දක්ශතා මත වයස අවුරුදු  25 වෙද්දි බුන්දි අන්ශ සාමාජික මේජර් තනතුරක් ලබන්න පුලුවන් උනා...
ඒ පුහුන කාලය තුල සම්බන්ද වූ මෙහෙයුම්  වල දක්ශතා මතයි...
පරමේශ්වරී කියන්නෙ මඩකලපුව පැත්තෙ දෙමල කෙල්ලෙක්...ගෙදර තිබුන අගහිග කම් නිසාම යුද හමුදාවට බැදුනා..
දෙමල පුලුවන් නිසාත් දක්ශතා  නිසාත් ඉදිරියට ආපු ඇය සින්හල නුවර පැත්තෙ යුද හමුදා නිලධාරී කෙනෙක් කසාද බැන්දෙ කදවුරක් තුල ඇති වූ පෙම් සබදතාවක ප්‍රතිපල  විදිහට..
ඔවුන් දෙදෙනාගෙ මදුසමයෙන් දින දා හතරකට පස්සෙ පරමේශ්වරී ගෙ මහත්තයට සම්බන්ද වෙන්න උනේ දරුනු මෙහෙයුමකට...
එහිදි ඔහු රට වෙනුවෙන් ජීවිතේ දුන්නෙ තුරුනු සිත් වල තිබුන බලාපොප්රොත්තු මර දමමින්...        
;තිසරි සයුරිකා...දුටු  ගමන් සිත් පැහැර ගන්නා සුන්දර යුවතියක්...
තම අයියලා දෙන්නම රට වෙනුවෙන්  දිවි පුදපු නාවික හමුදා හා පොලිස් නිලදාරින් දෙදෙනෙක්...
පවුලේ බාලම දියනිය විදිහට දෙමවුපියන්ගෙ අකමැත්ත මත යුද හමුදාවට සම්බන්ද වුනේ පොඩි කාලෙ ඉදන් හිතේ තිබුන හීනෙ සැබෑ කර ගන්න.
රිස්වි ද්‍රවිඩ හා මුස්ලිම් සම්බවයක් ඇති රිස්විට මුස්ලිම් ජාතික මවගෙන් ලැබුනෙ නම විතරයි...
ඉතිරි සියල්ලක්ම හැඩ ගැගුනෙ ද්‍රවිඩ ජාතික පියාට ඕනි විදිහට...
ඇයත් යුද හමුදාවට ආවෙ පවුලෙ අගහිගකම් නිසාමයි....
.............................................
"දැන් මෙතනින් පස්සෙ අපි ගොඩක් පරිස්සම් වෙන්න ඕනි ...උන්ට අපි ගැන සැක හිතෙන්න බෑ...."
"ඕ..කේ..."
"ඊයෙ මිශන් එක නිසා උන් කලබල වෙලා ඇත්තෙ..."
"ඒක අපිම නිර්මාණය  කරපු එකක්...ඒක මේ මිශන්  1 ආරම්බය..."
"අපි උන්ට ශූට් කලේ උන්ව අවුස්සන්න...උන් අපි හිතපු විදිහටම උන්ගෙ ගොඩක් එවුන් ඉස්සරහට දැම්මා...."
"පෙරේදා මිශන් එකේදි උන්ට ගොඩක් ඩැමේජ්..."
"ඒක නිසා අපිට ඕනි උනේ උන් උනෙගෙ මෙහෙ කෑම්ප් වලින් ගෙන්වනවට වඩා දුරින් ගෙන්වනවට..."
"ඉතාමත් විශ්වාසවන්ත රේඩියෝ වේව් (තරංග ) වලින් අපිට ආරන්චි උනා උන්ගෙ දක්ශයො ඉස්සරහට දැම්මා කියලා..."
"උන්ගෙ ඉන්ට් (බුද්දි අන්ශ) එකේ උන්ගෙ බොඩීස් අපිට ලැබුනා..අපි දැන් යන්නෙ උන් වගේ..."
"දැන් මේ පාරෙ යන එන ටෙරාලා (ත්‍රස්තවාදීන් )  ට අපි සෙට් වෙන්න ඕනි...ඒකට අපේ ඇක්ටින් හොදට තියෙන්න ඕනි..."
.........................................
එකවරම ඇහුනෙ ඈතින් එන ට්‍රක් රත කීපයක හඩ...
"ඕ...කේ .....මිශන් ස්ට්‍රාට්..."
********ජීවිතයට පෙර රට....
තමාටම මුමුනාගත් සිව් දෙනා ට්‍රක් රත පැමිනෙන ඉදිරියට ගියා...
රමේශ් දෙවතාවක් නොසිතා තිසරි තමාගෙ කර මතට ගත්තා...
පරමේශ්වරී තිසරිගේ අවිය තමා අතට ගත් අතර රිස්විගේ කොර ගසමින් පරමේශ්වරී ගෙ ඇගට බර උනා...
දූවිලි විහිදුවමින් පැමිණි  පලමු ට්‍රක් රතය ඔවුන් පසු කරගෙන යද්දි දෙවන රතය මද දුරක් ඇදී ගොස් නැවැත්තුවා..
රමේශ් තිසරිව බිම හාන්සි කර ඒ දෙසට දිව ගියා...
"උබලා කොහෙද මෙහෙ???"
"ඊයෙ ආමි කාරයො ගැහුවා....ගොඩක් මැරුනා..."
"අපි හතර දෙනා විතරයි ඉතුරු උනේ...ලොක්කෙක්ගෙ ගෑණියෙකුත් ඉන්නවා"
"උබගෙ නම් මොකක්ද..."
"කෝඩි රාජා...."
"අරුන් කවුද.."
"කෙල්ලො දෙන්නෙකුයි..ලොක්කෙක්ක්ගෙ ගෑණියෙකුයි.."
"නැගපන්..ලොක්කා එක්ක කතා කරමු.."
දමිළ කතා කිරීමට ඇති හැකියාවවට සිව් දෙනාම හිත යටින් පින් දුන්නා.
....................................................................

එසැනින් රමේශ් තිසරිවත් උස්සාගෙන පරමේශ්වරී සහ රිස්වි  සමග ට්‍රක් රතයට ගොඩ උනා...
"ඕනිද??"
රමේශ් වෙත පිටුපස සිටි ත්‍රස්තවාදී තරුණයා දිගු කලේ මත් පැන් බෝතලයක්....
සාජන් පරමේශ්වරීගේ ඉගිය අනුව රමේශ් අතට ගත් බෝතලය කටේ රුවා ගත්තා..ඒත් උගුරක්වත් බිව්වෙ නෑ....
හොදින් මත් වී සිටි අනෙකුත් අයට එය එතරම්    දැනුනෙ නෑ...
එතන සිටි මත් වී සිටි එක් ත්‍රස්තවාදී  තරුණයෙක් සරාගී ලෙස රිස්වි දෙස බලනු දුටු පරමේශ්වරී  ඉක්මන් තීරණයක්  ගත්තා...
"අඩා....තෝ දන්නවද මම කවුද කියලා..."
"රාජේශ් මගෙ මිනිහා බොල...ඊයෙ මාව බලලා එද්දි තමා මිනිහට වෙඩි වැදුනෙ...දැන් මමයි මිනිහා වෙනුවෙන් සංවිධානෙට වැඩ කරන්නෙ..මේ යන්නෙ ලොක්කා හම්බ වෙන්න..
රාජේශ් යනු ඊයෙ ගැටුම් වලින් අල්ලා ගත් ඉහල පෙලේ බුද්දි අන්ශ සාමාජිකයෙක්...
ඔහුගේ බිරිද සියල්ලන්ට රහසින් පලාලි වල සගවා ඇති බව ඔහුගෙන් ලද තොරතුරක් අනුව සොයා ගත් අතර ඇයද සොයා ගත්තා..දැනට ඇය පසු වෙන්නෙ යුද හමුදා අත්තඩංගුවේ
සංවිදානයේ අනෙක් අය එම බිරිද  දැක නොමැති නිසා ඇය ලෙස පෙනී සිටීම පරමේශ්වරී ට ඉතා පහසු දෙයක් විය..
රාජේශ්ගේ නම ඇසීමත් සමගම ට්‍රක් රතයේ සිටි සියලු දෙනා බය මිශ්‍ර ගෞරවයකින් බලන බව සියලු දෙනාට පසක් විය...
ට්‍රක් රතය කදවුරකට ඇතුල් වූ බව පෙනින.තැන තැන ඇති බන්කර් වල කීප දෙනා බැගින් ගිමන් හරින බව පෙනුනි...
"අපි ආවා....මෙතන තමයි තැන..."
රාජේශ් ගේ නමත් සමගම ඔවුන් තම සිව් දෙනාට ගෞරවයක් දක්වන බව දැන් සියලු දෙනාටම පැහැදිලි විය...
"ඒයි කෝඩි රාජා...."
"ලොක්කා නෑ...උදේලු එන්නෙ...දන්නවනෙ...ලොක්කා වැඩක්..."
ට්‍රක් රත රියදුරා කියුවෙ රමේශ්ට ඇහැක් ඉගි වරමින්...
ඔහුගේ ඉගිය අනුව මේ වන විට ඔහු ඇත්තේ ගැහැණියක් සමග බව රමේශ් තේරුම් ගත්තා...
"අලුත් එකක්ද..."
"ඔව්...ඊයෙ ගමෙන් ගෙනාපු එකක්ලු..."
ඔහුගේ හිනාවට රමේශ් එක් උනේ දැඩි පිලිකුලකින්..
"රාජේශ් අයියා ආවම ඉන්නෙ අය බංකරේ..."
"මමත් ඒකෙ ඉන්නම්"
"මේ කෙල්ලො දෙන්නා මාත් එක්ක හිටියාවෙ..එකියක් මගේ උදවුවට හිටපු එකී...අනිකා ඊයෙ අපේ මැරිච්ච උන් එක්ක ආපු එකියක්...ඒකි දැනට මාත් එක්ක හිටියාවෙ...උබලා ශුවර් නෑනෙ"
ඔවුන් සියලු දෙනා පරමේශ්වරී කියූ දෙයට කැමති බව පෙනුනි...
එකවරම ඔවුන් තමා කියන දෙයට කැමති වීමෙන් රාජේශ්ට සංවිධානයේ තිබූ තැන තීරනය කරන්නට පරමේශ්වරී ට එතරම් වෙලා ගියෙ නෑ.....
..............................................................
රට වෙනුවෙන් ඔවුන් ඉදිරියට ....

Wednesday, July 3, 2019

කිරි සුවඳට පෙම් බඳිමි (හයවන කොටස)

"තාත්තා...මම ඔයාට මුල ඉදන්ම කියුවා මට මෙයාට කැමති වෙන්න හේතුවක් නෑ කියලා..ඒ උනාට අද මට මෙයාට අකමැති වෙන්න හේතුවක් හම්බ උනා.."
සහන්සා කියුවෙ ශාලිත ඉදිරිපිට.
"ඒ උනාට අංකල් මෙයාට යුතුකමක් නෑ නෑද අර ගෑණි අසනීප මිනිහෙක් එක්ක පන්සල් ගානෙ කතා කර කර ඉන්න..."
"තාත්තා පේනවද මෙයා මට කතා කරන විදිහ.මාව මොන තත්වෙට දාලද මෙයා මේ කතා කරන්නෙ තාත්තා...??මෙයා මගෙ ආත්මගෞරවයට අභියෝග කරන්නෙ..?"
"අංකල් මම කියන්නෙ...?"
"දෙන්නම වහා ගන්නවා කට..."
ශාලිතත් සහන්සත් කට පියා ගත්තෙ තාත්තගෙ හඩින්..
"දැන් ශාලිත පුතා කියන්නෙ සහන්සයි ඔය කියන කවීෂ ලමයයි අතර සම්බන්දයක් තියනවද...?"
තාත්තා කෙලින්ම ප්‍රශ්නෙ යොමු කලේ ශාලිතට.
"මම ඒක හරියටම කියන්න දන්නෙ නෑ අංකල් ඒත්..."
"ඒත් නෙමෙයි දරුවො...හරියටම දන්නෙ නෑ කියන්නෙ එහෙම දෙයක් ඇති කියලා ඔයා අනුමාන කරනවා.."
ශාලිත බිම බලා ගත්තෙ ඒක අනුමත කරන්න වගේ...
"දැන් දුවට මොනාද මේ ගැන කියන්න තියෙන්නෙ...??"
තාත්තා ඊලගට හැරුනෙ සහන්සා දිහාවට.
"මා ගැන විශ්වාසයක් නැති පිරිමියෙක් එක්ක මට අනාගතයක් ගොඩ නගන්න බෑ තාත්තා .එයා දැන් මාව බැන්දත් බදින්නෙ මායි කවීෂයි අතරෙ සම්බන්දයක් තියනවා කියලා හිතාගෙන.මට එහෙම කෙනෙක් ඕනි නෑ තාත්තා.."
"මමත් හිතන්නෙ එහෙමයි ශාලිත..ඔයාට එතනට ගිහින් කෑ ගහන්න කලින් මෙයාලගෙන් අහන්න තිබ්බා මොකද වෙන්නෙ කියලවත්...කවීෂ මොනවා හිතන්න ඇද්ද..??අනික ඔයාට තවත් සහන්සා ගැන  ලොකු විශ්වාසයක් නෑ...."
තාත්තා කියද්දි ශාලිතගෙ මූණ ඇද වෙලා යනවා සහන්සා දැක්කා.සහන්සට දැනුනෙ ලොකු නිදහසක්.
"මම ඔය ළමයගෙ දෙමව්පියන්ට කතා කරන්නම්.මගෙ කෙල්ලගෙ ජීවිතේට නොගැලපෙන දේ දකින්නෙ අන්තිම ත්තපරේඋනත් මම ඒ තීරනේ වෙනස් කරන්න දෙපාරක් හිතන්නෙ නෑ...."
තාත්තා කියුවෙ ගාම්භීර හඩකින්.සහන්සට තාත්තා ගැන ඇති උනේ ආඩම්බරය මිශ්‍ර ගෞරවයක් .
................................
කාමරයට ගිය ජෝඩුව එළියට එනකම් කවීෂ පැයක් බලන් උන්නත් කවුරුත් තවම එළියට ආවෙ නෑ.
කෑම ගෙනාවත් කන්න පිරියක් කවීෂට තිබුනෙ නෑ.කවීෂගෙ බඩකින්න අතුරුදහන් වෙලා තිබුනෙ.
"මල්ලි මම මේ කෑම ගත්තෙ නෑ.තමුසෙ මේක අරන් ගිහින් යාලුවො එක්ක කනවා.."
කවීෂ රූම් බෝයිට කතා කරලා කියලා දරුවත් අරන් කාර් එකට ආවා.කරන්න ඕනි මොනාද...කියන්නෙ මොනාද ...කවීෂට කිසිම තේරුමක් තිබුනෙ නෑ හැමදේම අවුල් ජාලයක් වගේ කවීෂට දැනුනෙ..
කවීෂ දරුවත් අරන් ගෙදර ගියෙ මැලවුන දෙනෙතින්..
දරුවාව මැණිකා නැන්දට දීලා ඇදන් ආපු ඇදුම් පිටින්ම ඇද උඩට වැටුන කවීෂට ඇහුනෙ කාර් එකක් ගේ ඉදිරියේ නතර කරන හඩ.ටික වෙලාවකින් විහඟි කාමරේට ආවෙ මුකුත් සිදු නොවන ගානට.
කවීෂ ඇස් තද කරන් හිටියෙ තරහා පාලනය කර ගන්න බැරුව.
කවීෂ ඇස් අඩවන් කරලා විහඟි දිහා බැලුවා .රතු වූ තොල් පෙති හා කම්මුල් කවීෂට මතක් කලේ අද දහවල් දැකපු දේවල්.විහඟි කැඩපත ඉදිරියේ තම ගෙල දෙපස රතු වූ පැල්ලම් නිරික්සන අයුරුත් ඉන්පසු ඇදගෙන ආ ටී ශර්ට් එක ගලවා දමා කොලර් සහිත ටී ශර්ට් එකක් ඇගලා ගන්න අයුරුත් කවීෂ බලා හිටියෙ කේන්තියෙන්.
මේ ගෑණි මීට කලින් කී පාරක් මාව මෙහෙම රවට්ටන්න ඇතිද..අසනීප වෙන්න කලින් ෆොටෝ ශූට් වලට ගිහින් ආපු සමහර දින වලට මෙවන් කොලර් සහිත ටී ශර්ට් අදින අයුරුත් එදින රාත්‍රියට කෙසේ හෝ ඇය සමග සිටින්නට තමාව පොළඹවා ගන්නා අයුරුත් කවීෂට මතක් උනා.
කවීෂගෙ කේන්තිය පාලනය කර ගන්න බැරිම තැන ඇදේ වාඩි උනා..
"විහඟි..."
කවීෂ ඇමතුවෙ ටිකක් උස් හඩින්..
"අහ්...ඔයා නිදි නැද්ද..??"
ඇය ඇහුවෙ හුරතලයෙන්.
"කොහෙද ගියෙ..??"
"ෆොටෝ ශූට් එකකට ලොකේශන් බලන්න ගියා..."
"ඇයි මේ පාර ශූට් එක පූල් එකේද..??"
එවරනම් ඇය ගැස්සී යනවා කවීෂ බලා ගෙන..
"අහ්...ඔ..ඔව්නෙ..ඔයා කොහොමද දන්නෙ..."
"මම දැක්කා තමුසෙ ෆොටෝ ශූට් එකට රියසල් කරනවා.."
කවීෂ කියුවෙ මෙට්ටෙ තදින් මිරිකාගෙන.
"ක...වී......"
"ඔව්..ගෑණියේ..මම දැක්කා උබ අර ශේන් කාරය එක්ක රෙදි ගලෝගෙන පෙම් කෙලිනවා..මාව කොච්චර රැවැට්ටුවද බැල්ලියේ උබ....කියපන්...කියපන්...මගෙ පොඩි කෙල්ලටයි මටයි වෙනස්කම් කර කර උබ අවලමේ ගියාද ....කියපන්..."
කවීෂ  කෑ ගැහුවෙ විහඟිගේ කෙස් මුලින් අල්ලගෙන..ඊට පෙර කවීෂ දොර ලොක් කලේ සද්දෙට අම්මයි තාත්තයි මැණිකයි එන බව දන්න නිසා.
"මගෙ දරුවට කිරි ටික දෙන්න බෑ කියුවා...ඒ දරුවගෙ මුණ දකින්න කැමති නෑ.. ඒ දරුවට ආදරේ නෑ වඩා ගන්නෙ නෑ හුරතල් කරන්නෙ නෑ. .....ඒ උනාට අවලමේ ගිහින් මිනිස්සු එක්ක හුරතල් වෙන්න පුළුවන් උබට..."
කවීෂ කෑ ගැහුවෙ විහඟිගේ කොණ්ඩෙ තවත් පටලවා ගනිමින්...
"ඌයි කවීෂ මට රිදෙනවා..මාව අතාරිනවා..."
"උබට දැන්ද රිදෙන්නෙ...මට රිදෙන්නෙ මගෙ පොඩි කෙල්ලට රිදෙන්නෙ ගොඩ දවසක ඉදලා...ගොඩක් කල් ඉදලා..."
කවීෂ කියුවෙ විහඟිට කම්මුල් පාරක් ගහන ගමන්...
"මාව අතාරිනවා "
"උබව අතාරිනවා නෙමෙයි මම උබව මරනවා.."
"පුතේ මොකද මේ දෙයියනේ දොර අරින්නකො..."
අම්මා කෑ ගහන හඩ ඇහෙද්දි කවීෂට තවත් කේන්ති ගියා.විහඟි පැනපුගමන් දොරේ අගුල ඇරියෙ කවීෂ තවත් ගහයි කියන බයට වෙන්න ඇති.
"ඔව්...මම අවලමේ ගියා තමයි.උබ ඔය ඇහේ මූණෙ තියන් හුරතල් කරන එකිත් උබෙ නෙමෙයි....ශේන්ගෙ..."
විහඟි කියපු දෙයින් කවීෂගෙ දෙපා පණ නැතුව යද්දි කවීෂ එතනම බිම වාඩි උනා...
..........කිරි සුවඳ ගලාවි ආදරෙන් .........
කිරි සුවඳට පෙම් බඳිමි
27 කොටස
කවීෂගෙ අම්මා පුටුවක් උඩ ඇදන් වැටෙද්දි තාත්තා මැණිකා අතේ හිටපු දෝණි උදුරලා ගත්ට්ගෙ වෙන කවුරුහරි  උදුරා ගනී වගේ..
විහඟි විතරක් ඔළුව කෙලින් තියන් හිටියෙ ලෝකෙ තියන නම්බුකාරම වැඩේ කරපු ගානට.
කවීෂට සිහිය ආවෙ විනාඩි කීපයකට කලින්..
"පට්ට්..## තෝ මොකක්ද කියුවෙ ....??මගෙ දරු පැටියා වෙන එකෙක්ගෙ කියන්න තෝ කොහොමද හිත හදා ගත්තෙ කියපන්...තෝ යන අවලම් ගමන්ක් ගියාට මට කමක් නෑ.මගෙ දරු පැටියා ඕවට ගාවා ගන්න එපා..."
කවීෂ කෑ ගැහුවෙ හඩමින්.තම එකම පුතුගෙ කදුලු වේදනාව දකිද්දි කවීෂගෙ අම්මා ඇඩුවෙ පපුවත් මිරිකාගෙන .
"ඇයි මොකද මහත්තයා ....මෙච්චර කල් තිබ්බ ආදරේ හුළගෙ ගියාද මේකි ශේන්ගෙ කිවුවම...මේකි බඩට ආවෙ ශේන්ගෙවත් මගෙවත් උවමනාවකට නෙමෙයි..ඉතින් මම මොකටද මේකිට ආදරේ කරන්නෙ...ඒකට මොකෝ...උබනම් රැක්කෙ මල් පෙත්ට්බක් වගේ...මටම හිනා."
විහඟි හිනා උනේ වියරුවෙන් වගේ...
"උබ හිතුවද උබට වගේ මේ කිරිසප්පයා වෙන එකෙක්ගෙ කියුවම මම එළියට දායි කියලා.ඒත් උබට ආයිත් මේ ගෙදර ඉඩක් නෑ..පලයන්..."
කවීෂ විහඟි ඇදගෙන ගිහින් ගෙදරින් එළියට දාලා දොර වැහුවෙ අම්මයි තාත්තයි බලන් ඉදිද්දි.රටේ ලැජ්ජාවට කියලා මේවා නවත්තන්න ගියොත් මේ නොදරුවගෙත් තම පුතාගෙත් ජීවිතය අනතුරේ බව දැනුන නිසා අම්මයි තාත්තයි මුකුත් කියුවෙ නෑ.
"අනේ මගෙ අම්මෙ...ඇයි මට මෙහෙම උනේ..කියන්න අම්මෙ...මමයි මගෙ දරු පැටියයි මොකක්ද ඒ ගෑණිට කරපු වැරැද්ද...මගෙ පන මගෙ නෙමෙයිලු...වෙන එකෙක්ගෙලු....හරි එහෙම උනාමයි කියන්න...මට පුලුවන්ද මේ මගේ දරුවා නෙමෙයි කියන්න..මගෙ ලේ නෙමෙයි කියලා මගෙ දරු පැටියා අර බල්ලට දෙන්න...බෑ බෑ...අම්මෙ බෑ..."
කවීෂ පුටුවෙ වාඩි වෙලා හිටපු අම්මා ලග බිම වාඩි වෙලා උකුලෙ ඔලුව ගහගෙන ඇඩුවෙ අම්මවත් තාත්තවත් වගේම මැණිකවත් හොදටම අඩවමින්.
"කෝ තාත්තෙ මගෙ පන මට දෙන්න...මගෙ දෝණි මට දෙන්න්..."
කවීෂ ඉල්ලද්දි තාත්තා කවීෂගෙ අතට දෝණි දුන්නෙ මේ වෙලාවෙ එයාට අවශ්‍ය දෝණි බව දන්න නිසා.
"මගෙ දෝණි මැණික...මගෙ පණ...ඔයා මගෙ පුතේ...ඔයා මගෙ...කොහෙවත් යන උන්ගෙ හුළගක්වත් ඔයාට වදින්න මම ඉඩ තියන්නෙ නෑ..මම දන්නෙ නෑ..එර්කි කියන විදිහට ඔයාගෙ ඇගේ දුවන්නෙ ඌගෙ ලේ උනත් මම ඔයාව කාටවත් දෙන්නෙ නෑ.කියන්න..කියන්න..මගෙ රත්තරන් තාත්තා දාලා යන්නෙ නෑ කියලා කියන්න ...කියන්න වස්තුවෙ..."
"තාත්තා නැතුව දෝ ගන්න බෑ කියලා කියන්න..තත්තගෙ පපුව නැතුව මගෙ මැණිකට දෝ ගන්න ආ කියන්න රන්...කියන්න...මගෙ පණ මාව දාලා කොහෙවත් යන්නෙ නෑ  නේද...?"
"තාත්තෙ එන්නකො...මට බයයි ...මගෙ දරුවා අරන් යයිද ශේන් ඇවිත්..අනේ දොර වහන්නකො..."
කවීෂ කෑ ගසමින් අඩන විදිහට අම්මා විලාප තියලා ඇඩුවෙ අම්ම කෙනෙක්ට තමන්ගෙ දරුවගෙ දුක දරා ගන්න බැරි නිසා වෙන්න ඇති.
කවීෂ දෝණිව පපුවට ටුරුල් කර ගනිමින්...ඒ මූණ සිඹිමින් ඇඩුවෙ ඒ වෙලාවෙ කවුරුහරි දෝණි අරන් යන්න ආපු ගානට.
..........................
ගෙදරින් එළියට දාපු විහඟි ශේන්ට කෝල් එකක් දීලා ගෙන්නා ගත්තා.
"ශේන්...අපි අපේ දරුවා ගන්න ඕනි.."
"ආ.යූ මෑඩ් විහඟි ...අපිට ඔය ළමයෙක්  අරන් පුළුවන්ද...?"
"මට පිස්සු නෑ අනේ.ඒත් කවීෂගෙන් පලි ගන්න අපි ළමයා අපි ළගට ගන්න ඕනි...එයා මාව ගෙදරින් එළියට ඇදලා දැම්මා...ඔයාට තේරෙනවනෙ...ඔයාගෙ ඩී එන්.ඒ චෙක් වෙච්ච  ගමන් ළමයා අපේ...ඊට පස්සෙ ඔය කාට හරි දීලා දාමු...ප්ලීස් ශේන් ප්ලීස්..."
........................................
විහඟිගේ බල කිරීමට නඩුවකට ඉදිරිපත් වෙන්න ශේන් ඉදිරිපත් වෙද්දි විහඟි තමන්ගෙ දරුවගෙ අයිතියත් ඩිවෝස් එකත් ඉල්ලලා නඩු දැම්මෙ කවීෂ තවත් අසරණ කරමින්..
.......කිරි සුවඳ ගලාවි ආදරෙන් ...........
අද පොඩ්ඩයි.බනින්න එපා.මම ලොකු අවුලක ඉන්නෙ...
කිරි සුවඳට පෙම් බඳිමි
28 කොටස
විහඟි ඩිවෝස් එක හා දරුවාගේ අයිතිය ඉල්වමින් නඩුවක් දැම්මෙ කවීෂට විරුද්දව.දරුවා තමාගෙන් උදුරාගනීයැයි බියෙන් කවීෂ හිටියෙ සිහියක් නැතුව.
ඔෆිස් එකටවත් නොගිය කවීෂ දෝණි සමඟ නිතරම කැළණිය රජමාහා විහාරෙ බුදුරුව ඉදිරිපිට වැද වැටෙන අයුරු දකින්නට තිබුනා.
"පුතා...ඔයා මෙහෙම වැටුණ කියලා අපිට මේ ප්‍රශ්නෙ පැනලා යන්න පුළුවන් දෙයක් නෙමෙයිනෙ.ඔයා සිහියෙන් ජීවත් වෙන්න ඕනි දරුවො...අපිට බෑ මේ විදිහට අඩලා දොඩලා ප්‍රශ්න විසදන්න.."
කවීෂගෙ තාත්තා කතා කලේ මේ දේවල් දිහා බලන් ඉදලා බැරිම තැන.තම පුතු මේ විදිහට වැටිලා තියනවා කවීෂගෙ පියා මීට කලින් දැකලා තිබුනෙ නෑ.
"අනේ තාත්තා මගෙ දරුවා කාටවත් දෙන්න මට බෑ..."
කවීෂ කියුවෙ දරුවව පපුවට තද කර ගන්න ගමන්.
"ඔයාට විතරක් නෙමෙයි දරුවො අපිටත් බෑ..අපේ බැරි පුළුවන් කම් පැත්තකින් තියලා දරුවගෙ පැත්තෙන් හිතන්න..විහඟි වගේ ගෑණියෙක්ට දරුවව දෙන්න බෑ...ඔය ගෑණි ඔය දරුවා ඉල්ලන්නෙ තියන ආදරයකට නොවන වග අපි දන්නවනෙ.."
"ඔව් තාත්තා ...ඔය ගෑණිය ඕනි අපෙන් පලි ගන්න"
"කොහොමත් මුලින්ම එයාගෙන් ඩිවෝස් වෙමු පුතා..."
"ඒත් තාත්තා ..."
"ඔව් මම දන්නවා ඔයා කියන්න හදන දේ..එයා කියන විදිහට දරුවා ශේන්ගෙ නම් ඩිවෝස් එක දුන්නම අපිට දරුවා එක්ක තියන සම්බන්දය සම්පූර්ණයෙන් ඉවර වෙනවා."
"තාත්තා මොනාද කියවන්නෙ...මගෙ දරුවා එක්ක තියෙන්නෙ කොළ කෑලි වලට තියන සම්බන්දයක් නෙමෙයි..ඒක තාත්තෙක්ට දරුවෙක් ගැන ඇතිවෙම හැගිමක්.."
කවීෂ කියුවෙ කේන්තියෙන්
"ඒක අපි දන්නවා පුතේ..දෙයියො බුදුන් ඉන්නවනම් දරුවට වරදක් වෙන්න ඉඩ තියන එකක් නෑ..පත්තිනි මෑණියො මේ පොඩි දරුවො බලා ගන්නවා."
කවීෂගෙ අම්මා කියුවෙ කවීෂගෙ ඔලුව අත ගාමින්..
......................
සහන්සගෙ හා ශාලිතගෙ එන්ගේජ්මෙන්ට් එක කැන්සල් උනාට පස්සෙ සහන්සා ගෙදරින් පිටට නොගිය තරම් .අම්මා තාත්තා උනත් වැඩිය කතා බහක් නොකලෙ කවීෂගෙ දරුවා ගැන වැඩිපුර තිබූ ඇල්ම නිසා ශාලිත හා සහන්සා අතර ප්‍රශ්න ඇති වූ බව හිතමුන්.
"තාත්තා මම ආයිත් කොළඹ යනවා..."
"ඇයි...?"
"මට තාත්තට බොරු කියන්න ඕනි නෑ..ඒත් මට දෝණි ගැන බයක් දැනෙනවා තාත්තා ...මොකක්ද අමුත්තක් දැනෙනවා..."
"දරුවො...ඒ ළමයට අම්මයි තාත්තයි ඉන්නවා..ඊටත් තරුණ පවුලක්.හිතන්න...ඔයා වගේ කසාද නොබැදපු ගෑණු ලමයෙක් ඒ පවුලට ලන් වෙනවට ඔය විහඟි ළමයා උනත් කැමති වෙන්නෙ නෑනෙ..."
තාත්තා කියුවෙ ඇත්ත උනත් සහන්සට හිත හදා ගන්න බැරි උනා.
"ප්ලීස් තාත්තා මේ වතාවෙ විතරයි...මම ආයිත් යන්නෙ නෑ..."
සහන්සා නහයෙක් අඩන්න ගත්ත නිසා තාත්තා කැමැත්ත දුන්නා.
..............................
ඊළග දවසෙ උසාවි දවස නිසා කවීෂ අම්මත් එක්ක පන්සල් ගියෙ බුදුන් වැදලා ආශිර්වාද ගන්න..
මේ වෙනකොට විහඟි ශේන් එක්ක එකට ජීවත් උනේ...එදා රෑත් දෙන්නා හිටියෙ ගොඩක් විනෝදෙන් ..
"ඕකේ.බබී විහඟි ..දැන් හෙට ඩිවෝස් එකනම් ලැබෙයි...අනික ඊටත් පස්සෙ දරුවා ලැබුනම ඒ ළමයට මොකද කරන්නෙ.අපි  ...මට නම් ඔය ලමයි එක්ක සෙල්ලම් බෑ..."
ශේන් කියුවෙ විහඟිගේ හිසකෙස් අවුස්සමින්..
"මුලින්ම ඕනි ළමයව ගන්නනෙ...අනික බබා අපෙ අම්මි කියුවා දරුවගෙ වැඩ එයා බලා ගන්නම් කියලා..ආෆ්ට දැට් අපි දෙන්නට මැරි කරන්න පුලුවන්.."
"ඕ...නෝ විහඟි ...මැරි කරන්න බෑ...මම තාම මගෙ වයිෆ්ගෙන් ඩිවෝස් වෙලා නෑනෙ..."
"අනේ ශේන් ඒකත් ඉක්මනට ගමු...ප්ලීස්..."
"ඕ..කේ.බබා බලමුකො..."
ශේන් විහඟි යට කරගෙන අනිත් පැත්තට පෙරළුනේ තම සිතැගි වලට ඉඩ දෙමින්..
ටික වෙලාවකින් ෆෝන් එක රින්ග් වෙන්න ගත්තෙ ශේන්ව කේන්ති කරමින්...විහඟිගේ සිරුර මතින් ඉවත්ව ෆෝන් එක කලබලෙන් ආන්ස්වර් කලේ නම්බර් එක දැකපු නිසා
"යස් මමී....යස්..."
.....................
"නෝ මමී ඩැඩිට කවුරුහරි බොරු කියන්න ඇති...නෝ නෝ..."
.......................
"වට් ද හෙල් මමී...ටුමෝරෝ  මම ටිකක් බුක් කලෙත් නෑනෙ ..."
........................
"ඔහ්...ඒ කවද්ද..??ඒ ඔක්කොම බොරු...හරි මමී මම හෙට උදේම ෆ්ලයි කරනවා...ඕ..කේ.
බායි..."
ශේන්ගෙ මූණෙ ලොකු වියවුලක් සටහන් වෙලා තිබුනා.
"මොකක්ද ශේන් හෙට ෆ්ලයි කරන කතාව."
"ඔව්.බබී...අපෙ මමීලට කවුරුහරි කියලා මම මැරි කරපු ගෑණියෙකුයි දරුවෙකුයි බාර ගන්න යනවා කියල..එයාලා හොදටම කලබල වෙලා..මට හෙට ගිහින් එයාලටෙ මේ දේවල් පැහැදිලි කරන්න වෙනවා..අනික ඩැඩී හාර්ට් පේශන්නෙ..ඩැඩී මට ටිකට්ස්  බුක් කරලා"
"එතකොට හෙට නඩුව..."
විහඟි ඇහුවෙ බාගෙට ඇඩෙද්දි..
"හෙට හම්බෙන්නෙ ඩිවෝස් එකනෙ බබා..ඒකට මාව ඕනි නෑනෙ.ඔයාගෙ අම්මි එක්ක ගිහින් ඒක කර ගන්නකො...අපේ මමීටයි ඩැඩීටයි මේවා පැහැදිලි කරලා මම ආයිත් එනවා...."
ශේන් කියුවෙ තම ඇගිලි තුඩු  වලින් නැවතත් විහඟිගේ හැගීම් අවුස්සවාලමින්..
""ඒත් ශේන්...."
"නෝ බබී...බය වෙන්න එපා.මම ඉකමන්ට එනවනෙ..."
ශේන් පැවසුවේ තම සිරුරට නැවතත් විහඟි තෙරපවා ගනිමින්.
..................................
සහන්සා උදේම දෝණි බලන්න යන්න එළියට බැස්සෙ ඉෂාරත් නිදි අතරෙ...අද දවසම දෝණි එක්ක ඉන්න විහඟිගෙයි කවීෂගෙයි අවසර ඉල්ලා ගන්න හිතාගෙන කවීෂගෙ ගෙදරට සහන්සා ගොඩ උනා
ඒත් සහන්සා යනකොට ඒ ගෙදර හැමෝම සුදු ඇදුම් ඇදගෙන ...
"අම්මලා කොහේ හරි යන්නද..?"
සහන්සා ගෙට ගොඩ වෙමින් කවීෂගෙ අම්මගෙන් ඇහුවා.
"ඔව්.දරුවො...මේ උසාවි යන්න කියල..."
"උසාවි...?"
කවීෂගෙ අම්මා කෙටියෙන් සහනසට විස්තරය කියුවෙ මේ ගෙදර ගොඩක් දේවල් සහන්සට රහසක් නොවන වග දන්න නිසා.
"ඒත් අම්මා එතකොට දෝණි විහඟිට දෙනවද..?"
සහන්සා ඇහුවෙ කඳුලු පුරවන්..
"නෑ සහන්සා කවදාවත් මගෙ දරුවා කාටවත් අයිති වෙන්න මම ඉඩ තියන්නෙ නෑ..මරාගෙන මැරෙනවා.."
කවීෂ කියුවෙ දෝණිටත් අන්දගෙන  පහළට බහින ගමන්..
"අනේ කවීෂ මම මේ ආවෙ දෝණි බලලායන්න ඔයාලට කරදරක් කියලා මම දන්නෙ නෑ..."
"නෑ සහන්සා ...අදින් කරදරේ ඉවරවෙයි..."
"එහෙනම් මම යන්නම් අම්මා...කවීෂ  මම ගිහින් එන්නම්.."
සහන්සා යන්නට හැරුනෙ  පවුලෙ ප්‍රශ්න වලට තමා මැදිහත් වීම හොඳ නැති නිසා.
"සහන්සා
..ඔයාට කරදරයක් නැත්නම් අපි උසාවියට ගිහින් එනකම් දරුවා එක්ක කාර් එකේ ඉන්න පුළුවන්ද ..."
සහන්සා එක පයින් කැමති උනේ දෝණි එක්ක ඉන්න ලැබෙන අවස්ථාවක් නිසා..
"අද ඩිවෝස් නඩුව විතරක් නිසා මම කැමති නෑ මගෙ දරුවා උසාවියේ හෙවනැල්ල යටටවත් අරන් යන්න.."
"මම එන්නම්..."
සහන්සා එකඟ උනේ සතුටින්
........කිරි සුවඳ ගලාවි ආදරෙන් ........
කිරි සුවඳට පෙම් බඳිමි
29 කොටස
සහන්සා දෝණිවත් වඩාගෙන කවීෂගෙ අම්මත් එක්ක කාර් එකේ පිටිපස්සෙන් නගිද්දි කවීෂගෙ තාත්තයි කවීෂයි කාර් එකේ ඉස්සරහා වාඩි උනා.
දෝණි පැටික්කි හිටියෙ ගොඩක් ලොකු සතුටකින්.කොහොමත් සහන්සා එක්ක ඉන්නකොට දෝණි ගොඩක් සතුටින් හිටියෙ..සහන්සගෙ උකුල උඩට කකුල් දෙක තියලා හිනා වෙමින්, ආච්චිගෙ උකුලට පනිමින් සෙල්ලම් කලේ ගොඩක් සතුටින්.
"අර ගෑණි මේ දරුවව අපෙන් උදුරා ගනීද මන්දා..?"
කවීෂගෙ අම්මා කියුවෙ සුසුමක් හෙලලා.
"අම්මා මේ වගේ වෙලාවල්වල ප්ලීස් විකාර කියවන්න එපා..."
කවීෂ කෑ ගැහුවෙ අමනාපයෙන්
විහඟි ඇවිත් හිටියෙ අම්මා එක්ක.කවීෂගෙ කාර් එක දැක්කම අම්මයි දුවයි දෙන්නම ගස්සගෙන යනවා කාර් එකේ හිටපු හැමෝම දැක්කා.
"සහන්සා මම මේ හෙවන තැන නවත්තන්නම්.කාර් එක වැඩිය රත් වෙන්නෙ නෑ එතකොට.කාර් එකේ ඉන්න බෑ වගේනම් අතන තියන රෙස්ටොරනට් එකට යන්න.හරිද..?"
"හරි කවීෂ ..ඔයාලා ඔයාලගෙ වැඩේ කරහෙන එන්නකො.බුදු සරණයි" ..
සහන්සා කියුවෙ හදවතින් සුභ පතන ගමන්.
...............
"හෙලෝ කියපන් සුදූ..."
ඉෂාරගෙන් ආපු කෝල් එක දෝණිවත් වඩාගෙන සහන්සා ආන්ස්වර් කලේ බැනුම් අහන්න බලාගෙන.
"කියපන් කියන්නෙ මෝඩි...උදෙන්ම පැනලා..ආන්ටි මට තනියම යවන්නත් එපා කියුවා.කොහෙද කවීෂගෙ ගෙදරද ඉන්නෙ..?"
ඉෂාරා ඇහුවෙ දෝණිගෙ සද්දෙ ඇහුන නිසා.
"නෑ බන් උසාවියේ.."
"මොකක් උසාවියේ...??"
සහන්සා කෙටියෙන් කියුවා හැමදේම.
"තොට මොන්ගල්ද යකෝ...මිනිහෙක් ඩිවෝස් වෙද්දි ඌත් එක්ක උසාවි යන්නෙ උගෙ දෙවනි ගෑණි...දැන් උබ ගියෙ මොන රෙද්දකටද..?"
ඉෂාරා බැන්නෙ තරහින්.
"අනේ බන්...ඔය ගෙදර මහා මිනිස්සුන්ටවත් මොලේ නැද්ද..??"
"කෑ ගහන්න එපා ඉෂාරා.මම ආවෙ කැමැත්තෙන් .."
ඉෂාරා ෆෝන් එක තිබ්බෙ තවත් ගොඩක් කාරණා කියලා.
.....................
"දැන් මොකද පුතා වෙන්නෙ..?"
කවීෂගෙ අම්මා ඇහුවෙ කාර් එක නැවත ගෙදර යද්දි..
"මේකයි...දෙපැත්තෙන්ම ඩිවෝස් එකට අකමැත්තක් නෑනෙ.අනික විහඟි පිළිගෙන තියනවා මාත් එක්කිද්දි ශේන් එක්ක සම්බන්දයක් තිබුනා.දරුවා එයාගෙ දැන් දරුවව එයාලා ලගට අරන් කසාද බදින්නයි ඩිවෝස් එක ඕනි කියලා..මගෙත් අකමැත්තක් නැති නිසා ඩිවෝස් එක ලබන නඩු වාරෙ ලැබෙයි.."
"එ එතකොට දෝණි...?"
සහන්සා ඇහුවා නෙමෙයි.ඇහුණා.
"ඔව් සහන්සා දරුවගෙ තාත්තා විදිහට මම ඉදිරිපත් වෙන නිසා ශේන්ට ඉදිරිපත් වෙන්න වෙනවා දරුවගෙ තාත්තා විදිහට.ඒක ඔප්පු ඉනොත් එයාලා දරුවව හොදින් බලා ගනී කියන සහතිකය උසාවියට ලැබෙන්න ඕනිලු.තව මොනාද වැඩ ගොඩක් තියනවා.."
"ඒත් ලෝයර් කියුවා විහඟිගේ ක්‍රියාකලාපය වැරදි නිසා ගෑණු දරුවෙක්ගෙ අයිතිය එයාල ලැබෙන එකක් නෑ කියුවා .."
කවීෂ කියුවෙ සැනසුම් සුසුමක් හෙලන ගමන්.
.....................................
දින දෙක තුන්ක්ම සහන්සා කවීෂගෙ ගෙදරට ගියෙ දෝණි බලන්න.ඒත් ඉෂාරගෙ බැනුම් මැද
"සහන්සා මම ආන්ටිට කියනවා..උබ මෙහෙම ඩිවෝස් වෙච්ච පිරිමියෙක්ගෙ දරුවෙක් බලන්න යනකොට ශාලිත අයියා කියපු දේවල් ඇත්ත වෙයි.."
"ඒත් ඉෂාරා ඒ අම්මා නැති දරුවා මම ගියාම ඉන්නෙ හරිම සතුටින් .මම කොහොමද ඒ සතුට උදුරාගන්නෙ..."
"මම නම් දන්නෙ නෑ මේවා කොහෙන් කෙලවර වෙයිද කියලා.."
.......................................
ඊළග නඩු වාරයේදි කවීෂ හා විහඟි දික්කසාද උනේ මීට වසර එකහමාරකකට පමණ පෙර බැඳුනු සියලු බැඳීම් ලෙහා දමමින්.
"අනේ අම්මෝ...ලොකු  සහනයක් දැනෙන්නෙ..."
කවීෂ කියුවෙ ගෙදර ඇවිත්..
.......................................
මේ වෙනකොට විහඟි පැටලිලා හිටියෙ  ලොකු අවුලක.මොකද ශේන්ගෙන් කිසිම තොරතුරක් ලැබුනෙ නෑ.ශේන් නාවොත් දරුවව තමන් ලගට ගන්න බැරි බව විහඟි දැනන් උන්නා.
ශේන්ගෙ ෆෝන් එක වැඩ කලේ නෑ වගේම ශේන්ගෙ යාලුවො කියුවෙ එයා ගැන කිසිම දෙයක් දන්නෙ නෑ කියලා.ශේන් නොයෙන නිසා ලෝයර්ට කියලා නඩු වාරය කල් දැම්මෙ ශේන් අත්‍යවශ්‍ය වැඩකට රටින් පිට වූ බව කියමින්.
මේ වෙනකොට සහන්සා වරින් වර කවීෂගෙ ගෙදර ආවෙ ගියෙ හැමෝගෙම අකමැත්ත නොසලකා.
ඊළග නඩු වාරය ලැබුනෙ මාස තුනකින් නිසා කවීෂ හිටියෙ ලොකු සතුටකින්.ශේන් මේ දේවල් වලට සම්බන්ද නොවේවි කියන විශ්වාය දැන් කවීෂට ඇති වෙලා තිබුනා.
විහඟි අසනීප උනේ මේ එක්කමයි...එකවරම සෑදුන කලන්තයක් නිසා ඇගේ මව ඇයව රෝහල් ගත කලේ නැවත ඇගේ කොන්දෙ වේදනාවත් වැඩි වූ නිසා.
"අහ්...මිසිස් විහඟි ...ඔයා අම්මා කෙනෙක් වෙන්න යන්නෙ..ඒත් මේක බරපතල තත්වයක්..ඔයාගෙ තිබුන රෝග තත්වයත් එක්ක අපි ඔයාට උපදෙස් දුන්නා නේද ආයිත් දරුවෙක් ගැන බලාපොරොත්තු වෙන්න එපා කියලා.ඔයාලා මෙහෙම අනාරක්ෂිත උනාම බලන්න දැන් මොකද කරන්නෙ..??ඔයා අම්මා කෙනෙක් වෙන්න සුදුසු සෞඛ්‍ය තත්වයක නෑ.."
වෛද්‍යවරයා දිගු පැහැදිලි කිරීමක් කරන අතරෙ විහඟි හිටියෙ ලොකු පැටලිල්ලක.දෝණි ගැන කෙසේ වෙතත් මේ දරුවාගේනම් පූර්ණ අයිතිය ශේන්ගෙ බව ඇය දැන හිටියා.නමුත් ශේන්ගෙ කිසිදු ආරංචියක් නොමැති නිසා විහඟි තවත් අසරණ උනා.
"ඩොක්ටර් අපි දැන් මොකද කරන්නෙ..??"
"ඒක තමයි ලොකුම ප්‍රශ්නෙ ...ඔයාට දරු ගැබක් දරන්න  තරම් ඔයාගෙ සෞඛ්‍ය තත්වය හොද නෑ.මට තේරෙන්නෙ නැත්තෙ ඔයාලා ඇයි ජීවිත ගැන හිතන්නෙ නැත්තෙ කියලා.."
වෛද්‍යවරයා දිගින් දිගටම දොස් පවරද්දි විහඟි දිගින් දිගටම ශේන්ට කෝල් කලා.කවීෂ සමග දික්කසාද නොවුනානම් කුමක් හෝ කරන්නට තිබුනා යැයි විහඟිගේ අම්මාද විහඟිට බැන වැදුනෙ තවත් විහඟි අවුල් කරමින්..
.............................
මේ වෙනකොට සහන්සා දිගින් දිගටම කවීෂගෙ ගෙදරව්‍යනවා එනවා ඇහැ ගහගෙන හිටපු කෙනෙක් හිටියා.ඔහු හිටියෙ ගොඩක්තරහින්..
එක් දිනක් සහන්සා දරුවා සමග පැයක් දෙකක් ගත කර එළියට ආවෙ ඉෂාරගෙ ගෙදර යන්න.
"ඉන්න සහන්සා මම ඩ්‍රොප් කරන්නම්.."
"එපා කවීෂ ..මම කැබ් එකකට එන්න කියුවා.."
සහන්සා පාරට එද්දි කවීෂ දෝණිත් අරන් පාරට ආවෙ දෝණි දිගින් දිගටම සහන්සට අත වනපු නිසා.
"ඔය එන්නෙ ඒක මම හිතන්නෙ..."
වේගෙන් එන කැබ් රතයක් කවීෂ පෙන්නුවා.ඒත් ඒක වේගෙ අඩු කරන පාටක් තිබුනෙ නෑ..
"සහන්සා අයින් වෙන්න ..ස...හ...න්..ස..."
කවීෂ කෑ ගහනකොට ඒ වාහනේ සහන්සා හප්පගෙන ගොඩක් දුර ගිහින් ඉවරයි..

විසි තුන් වන පරිච්ඡේදය


"දෝණි කෝ මෙහෙ එන්න...කෝ තාත්ති...??"
"දොයි අම්මි...දෝණි තාත්ති දෙන්නම දෝ ගෙන හිටියෙ...දෝණිට චූටි බබීට සූතිං මාතිං බාන්න තීනවානෙ...දෝණි නැගිත්තා..."
"අනේ අනේ දැන්ම කොහෙන්ද  සූටිං මාටිං...තාම උදේ එකොළහයි...තව හවස් වෙන්න ගොඩක් වෙලා තියනවනෙ.."
"අනී දෝණි පව්....තාත්ති ලගට ගීන් දෝණි ආයි දෝ ගන්නවා...අම්මි දෝණිට කීන්න කලන්න ඔදේ...."
"අනේ  මගෙ පැහිච්ච ආච්චි...මෙහෙ එන්නයි කියුවෙ...තාත්තිටයි දෝණිටයි චෝක් සෙල්ලම...උදේ අටට විතර නැගිටිනවා..කාටුන් ෆිල්ම් බලනවා...ආයි කාලා දහය හමාරට විතර නිදා ගන්නවා..ආයි නැගිටිනවා...කාර් එකේ රවුමක් යනවා..."
"අම්මි නාකයි...තාත්තිටයි දෝණි බබාටයි බයිනා..."
"අපි ගිහින් තාත්ති ඇහැරවමුද..?"
"ආආ...තෝයි තෝයි...අපි තාත්තිට කුචු කුචු කමූ.."
"යන්..."
අම්මයි දෝණි කාමරේට ගිහින් හොරෙන් ඇද උඩ වාඩි උනා..
"තාත්තිට කුචු  කරන්න...හිතුවා මදි මගෙ  ආච්චි...කෝ බලන්න..."
කවීෂ දෝණි ඇඳේ පෙරලා ගත්තෙ හිනා වෙවී...දෝණි හුස්ම අල්ලමින් හිනා වෙන විදිහට ඉෂාරට හොදටම හිනා.
............................
"කවී අයියෙ..."
"ඉෂූ..."
"මේ අවුරුද්දෙ සහන්සගෙ දානෙ ලඟයි...."
කවීෂ ඇඳ විට්ටමට හේත්තු උනේ සුසුමක් හෙලලා.
"ඔව් ඉෂූ   ...මේ පාරත් ලොකුවට දානෙ දෙන ඕනි..මගෙ මේ ජීවිතේ ලස්සන කලේ සහන්සා ඉෂූ..."
"ඔව් කවී අයියෙ...එදා ශාලිත බීලා ඇවිත් සහන්සව හැප්පුවෙ නැත්නම් අද මේ තැන ඉන්නෙ සහන්සා.."
"මට සමාවෙන්න ඉෂූ ඇත්තමයි මට සහන්සට තරම් ඔයාට ආදරේ කරන්න බෑ නංගි.."
"මම ඒක දන්නවා අයියෙ...සති ගානක් අයි සී යූ ඉදලා සහන්සා කතා කරපු පළවෙනි වචනෙ දෝණි...ඒකි මැරෙන්න කලින් මගෙන් ඉල්ලුවෙ දෝණිට පුලුවන්නම් අම්මා කෙනෙක් වෙයන් කියලා විතරයි.."
"ඔව්...සහන්සට ඕනි උනේ දෝණිව බලන්න.අන්තිම මොහොතෙත්...දෝණි කුසින් වදාපු අම්මට වඩා දෝණිට ආදරේ කලේ සහන්සා...ඔයාට බොරු කියන්නෙ මොකටද ඉෂූ මට සහන්සා ගැන පළවෙනි හැඟීම ඇති උනේ එයාව පන්සලේ දැකපු දවසෙ .එයා කාගෙ කවුද කියලා මම දැනන් හිටියෙ නෑ..."
"ඔය කියන්නෙ එදා කැලණියේදි..ඔයාට දෝණි මගඇරුන දවසෙ.."
.ඉෂාරත් ඇඳ විට්ටමට හේත්තු වෙලා කවීෂගෙ උරහිසට බර වෙන ගමන් ඇහුවෙ..දෝණිනම් තාත්තගෙ කොණ්ඩෙ අල්ලගෙන එහෙට පීරනවා.මෙහෙට පීරනවා.
"ඔව්..එදා කවදාවත් නොදැකපු මගෙ දරුවව වඩාගෙන මට බැන්නෙ දරුවගෙ අම්මා වගේ..ඊට පස්සෙ  දෝණි අසනීප වෙලා හොස්පිටල් නවත්තපු දවස.දෝණි කිරි බොනකම් සහන්සා වතුර උගුරක් බිවුවෙ නෑ.."
"ම්ම්...කෙල්ල එදා දෝණි ලග ඉන්න ගමන් මට කතා කරලා ගොඩක් ඇඩුවා.දෝණිට බෙහෙත් විදිනවා බලන් ඉන්න බෑ කියලා.."
කවීෂ ඉෂාරගෙ නෙරූ කුස අත ගෑවෙ ආදරෙන්.
"ඔව් ඔයාට මතකද විහඟිට සනීප වෙලා සහන්සා ගෙදර යන්න ගිය දවස.එදා තමයි මට සහන්සට ආදරෙයි කියන්න හිතුනෙ.මගෙ දරුවා වෙනුවෙන් එච්චර අඩපු පළවෙනි ගෑණි සහන්සා .."
"ඔව් කවී අයියෙ..මම දැනන් හිටියා සහන්සා දෝණිට කොච්චර ආදරේද කියලා.ඒ ආදරේට වෙන මුකුත් සම කරන්න බෑ ඒ මව් සෙනෙහස.අම්මෙක් වෙන්න දරුවෙක් වදන්න ඕනි.නෑ.."
"මගෙ යාළුකම වෙනුවෙන් මට සහන්සා වෙනුවෙන් කරන්න පුළුවන් උපරිමය තමයි මේ..හැබැයි සහන්සා හිටියනම් ඔය දෙන්නාව මීට වඩා හොඳින් බලා ගන්නවා..මට ඒ තරම් බෑ.."
"අනේ නෑ ඉෂූ...මම අකමැති වෙද්දිත් ඔයා ඔයාලගෙ අම්මලා කැමති කරවගෙන සහන්සා වෙනුවෙන් මේ යෝජනාව කලා.මාත් ඒකට කැමති උනේ සහන්සා නිසා.."
"මම දන්නවා..ඒත් ඔයා මට ආදරේ අඩු කලේ නෑනෙ.මට හොඳ මහත්තයකුයි දග මල්ලකුයි ලැබුනනෙ..."
ඉෂූ කියුවෙ දෝණි පරිස්සමට ලගට ගන්න ගමන්.
"විහඟි පව් නේද..??අන්තිමට ජීවිතෙත් නැති උනා.."
"ඔව් එයාට ප්‍රෙග්නන්ට් වෙන්න එපා කියුවනෙ...ඒක දරා ගන්න බැරි උනා.."
"අර කැමරා කාරයා ආවෙ නෑ නේද ආයිත් ලංකාවට.."
"අහ්..ශේන් ඌ බොරු කාරයෙක්..."
"ශාලිතගෙ අම්මලත් මෙහෙ ඔක්කොම විකුණලා රට ගියාලු..."
"ඔව් ඉතින් ඒ පවුලෙ එකම ලමයා ශාලිතනේ..ඌ එදා සහන්සා හප්පලා යද්දී ඉස්සරහට ආපු කන්ටේනර් එකට කැබ් එක අල්ලලා තිබුනනෙ.මිනිහා ඉස්පිරිතාලෙ යනකොටත් මැරිලලු."
"අනේ මන්දා කොහොමින් කොහොම හරි සහන්සා මට දාහිකින් හොයා ගන්න බැරි රත්තරන් මහත්තෙකුයි, මට පණටත් වඩා ආදරේ දූ පොඩ්ඩකුයි තෑගි කරලා අපි හැමෝම දාලා යන්න ගියා."
ඉෂාරා කියුවෙ  කඳුලු පිහමින්..
"ඔන්න බබෝ අඩන්න ඔට්ටු නෑ.සහන්සා දැන ගත්තොත් මම ඔයාව අඩවනවා කියලා මාව දඩු  කදේ ගහයි.ඔය කඳුලු පිහ ගන්න.."
කවීෂ කියුවෙ ඉෂාරගෙ කඳුලු පිහමින්.
"අයි අම්මි..මල්ලි බබා අම්මිට සිද්දනවද...??"
දෝණි ඇහුවෙ ඉෂාරගෙ කඳුලු දැකලා.කවීෂ බන්ඩිය අතගාන නිසා දෝණිගෙ හිතේ මල්ලි බබා රිද්ද්ලා අඩනවා කියලා.
"නෑ..මල්ලි බබත් අක්කි වගේ අම්මිට ආදලෙයිනේ..අම්මිට සිද්දන්නෙ නෑ..දෝණි මල්ලි බබාට කියන්නකෝ ..අම්මිට සිද්දන්න එපා කියලා.."
දෝණි කර කර හිටපු වැඩේ පැත්තකින් තියලා ඇදේ පෙරලිලා ඉෂාරගෙ නෙරපු කුස වෙතට කිට්ටු උනා..
ඊට පස්සෙ රහසින් වගේ කියවන්න ගත්තෙ කවීෂත් ඉෂාරත් හිනස්සවමින්.
"මල්ලි බබෝ...අම්මි පාව්ව්...අම්මිට සිද්දන්න අපා...ඔයා ආවම මගෙ සෝස පාට ඔකුම ඩෝල් ඔයාට දෙනම්...ඒක නිසා අම්මිට සිද්දන්න අපා..අම්මි අඩනකොට අක්කි බබාට දුකයිනෙ..."
කටයි බෙල්ලයි ඇද කර කර කියන ලස්සනට කවීෂ වගේම ඉෂාරත් හොදටම හිනා...
කවීෂ සුසුමක් හෙලමින් දෝණිවත් ඉෂාරවත් තුරුල් කර ගත්තෙ මල්මාලය දාපු සහන්සගෙ සේයාරුව දෙස බලාගෙන හදවතින් ස්තූති කරන ගමන්..
පසුවදනක්...
සහන්සා කවීෂගෙ ගෙදර ආවෙ රස්සාවකට.සහන්සා දෝණි එක්ක බැඳුනෙ මව් සෙනෙහස නොලැබෙන ඒ දරුවට සැබෑ මව් සෙනෙහසක් ඒ සිත තුල ඇති වෙච්ච නිසා.සහන්සා තනිකඩ යුවතියක් විදිහට දරුවා වෙනුවෙන් ගොඩක් කැප කිරීම් කලා.තමන්ගෙ කසාදෙ පවා අතෑරලා දැම්මා.ඒත් එයාගෙ මග නැවතුම කවීෂ ලග උනොත් දරුවගෙ ආදරේ සෙනෙහස මාර්ගයෙන් සහන්සා කවීෂට ලන් වෙන්න උත්සහා කලා කියලා කෙනෙකුට තර්ක කරන්න පුලුවන්.
සහන්සාට ඒ පදය ශාලිතම බැන්දා.කිසිම හේතුවක් නැතුව.ඉතින් සහන්සගෙ මව් සෙනෙහසට නින්දා කරන්න මට ඕනි උනේ නෑ..කවීෂ කියන්නෙ අද කාලෙ කොහේ හරි තම දරුවා වෙනුවෙන් ජීවත් වන තරුණයෙක් වන්නට පුළුවන්.තරුණ අවදියේ විවහා පත් වෙලා තම සැමියා දරුවන් අතහැර වරදෙහි බැදෙන විහඟිලාද, විහඟි වැනි අයාලේ යන ගෑණුන්ගෙන් ප්‍රයෝජන ලබන ශේන්ලාද අද සමාජයේ බහුලයි.එවැන්නන් අතර  අසරණ දරුවෙක්ට සැබෑ මව් සෙනෙහස දෙන සහන්සලා ඉෂාරලා නැතුවාම
නොවේ
ඔයාලට බුදු සරණයි"
මම අහින්සා.
කමෙන්ට් එකක් දාලා යන්න...❤️