දෙවන පරිච්ඡේදය
බංකරය තුලට ගිය පරමේශ්වරී ඇතුලු දෙදෙනා ඉක්මනින් එය පිරික්සන්නට විය..
රාජේශ්ගේ ලැප්ටොප් පරිඝණය..
විවිද සීඩී තැටි වගයක්...
රේඩාර් වේව් (තරංග) ලබා ගත හැකි යන්ත්‍ර කීපයක්
සහ තවත් ෆයිල් කීපයක් එහි තිබුනා...
විවිද සීඩී තැටි වගයක්...
රේඩාර් වේව් (තරංග) ලබා ගත හැකි යන්ත්‍ර කීපයක්
සහ තවත් ෆයිල් කීපයක් එහි තිබුනා...
කෙල්ලන් දෙදෙනා ෆයිල් හා සී ඩී තැටි පිරික්සන අතරතුර පරමේශ්වරී ලැප්ටොප් පරිඝණය නිරික්සමින් රේඩාර් වලට සවන් දෙන්නට විය.
"සාජන්...මෙතන තියෙන්නෙ උන් පුහුණු කරන, සයනයිට් පලදවන , මහාවිරු දිනේ සීඩී වගයක්.."
තිසරි කියුවෙ සීඩී ටික පරීක්ශා කර අවසානයේදී..
"ම්ම්...ඕ..කේ...ඔයා මේ රේඩියෝ සිග්නල් අහන් ඉන්න"
"සාජන් මේතියෙන්නෙ උන් අපේ මරලා දාපු ඉන්ට් එකේ (බුද්දි අන්ශයේ) සර්ලාගෙ නම්..විස්තර...පවුල් ගැනත් විස්තර තියනවා..."
"කෝ ගන්න බලන්න"
"ඕ ගෝඩ් සාජන්....!!! "
"වයි රිස්වි??"
සර්..මේජර් උඩුනුවරගෙ ඩීටේල්ස් (තොරතුරු) එහෙමත් තියනවා...
"වට්???"
පැනපු ගම්න් පරමේශ්වරී ෆයිල් එක උදුරා ගත්තා...
උඩුනුවර කියන්නෙ පරමේශ්වරීගෙ මහත්තයා..
උඩුනුවරගෙ ෆොටෝ එකක් අලවලා පටන් අරන් තිබුන විස්තර එයාගෙ පාසල් කාලය ගැනත් තිබුනා...
ෆොටෝ එකට උඩින් රතු පාටින් හරියක් දාලා තිබුනා...උඩුනුවරගෙ බිරිද කියන කොටසෙ තිබුනෙ හිස් කොලයක්...ලොකු ප්‍රශ්නාර්ථයක් එක්ක..
"ඒ කියන්නෙ මුන්ට මන් ගැන විස්තර ලැබිලා නෑ.."
පරමේශ්වරී පුටුව මතට කඩා වැන්නෙ කදුලු පිරි දෙනෙතින්
අවුරුදු 2ක ප්‍රේම සබදතාවක ප්‍රතිපලයක් විදිහට විවාහයෙන් පසු එකට ගත කලේ දින 14ක් පමණයි...ඔහු රට වෙනුවෙන් සමු දුන්නෙ කසාදයෙන් පසු ප්‍රථම වරට සේවයට වාර්තා කරපු වාරයේදි .....
"සාජන් ..."
"අ..අපි වැටිලා බෑ..අපි අපේ මිශන් එක සාර්ථක කර ගන්න ඕනි.."
"ඔ..ව්...හරි ගර්ල්ස්...ඒක ඉවරයි"
පරමේශ්වරී නැගී හිටියෙ කදුලු පිස දමමින්
ඒ ෆයිල් එකේ දැනට සිටින ඉහල පෙලේ හමුදා නිලදාරින්ගෙ විස්තර තිබුනා..ඒ කියන්නෙ උන්ගෙ ඊලග ඉලක්කය එයාලා කියන එක හිතන්න ඔවුන්ට වැඩි වෙලාවක් ගියෙ නෑ...
"මේක අපි හිතනවට වඩා සංකීර්ණයි"
"අපිට මේක නෙමෙයි වැදගත්...මේ ඩීටේල්ස් මුන්ට ලැබෙන්නෙ කොහොමද කියලා.."
"සාජන්...."
මුන් කියනවා ඊයෙ මිශන් එකේදි උන්ගෙ 54ක් ඉවරලු...ඉතිරි හතර දෙනා යුද හමුදා බාරයට අරන්ලු...ඒ අතර රමේශ්ගෙ බිරිද , ඇගේ සහයිකාව තවත් කාන්තා ත්‍රස්තවාදී සෙබලියලියක් හා බුද්දි අන්ශ සාමාජික කෝඩි රාජා ඉදලලු..."
තිසරි කියුවෙ රේඩාර් වලට සවන් දෙන ගමන්..
"උන්ගෙ ඉන්ට් එක නම් (බුද්දි අන්ශ ) මාරයි ආ
....අපි හිතනවට වඩා ගොඩක් ඉස්සරහින් උන් ඉන්නෙ..."
....අපි හිතනවට වඩා ගොඩක් ඉස්සරහින් උන් ඉන්නෙ..."
පරමේශ්වරී කියුවෙ කල්පනාවකට වැටෙන ගමන්..
"හරි දැන් අපි හොයා ගන්න ඕනි මෙහෙට මුන්ට විස්තර දෙන අපේ එවුන් කවුද කියලා..."
"ලැප් එකෙත් පොඩි පොඩි විස්තර වගයක් ඇරුනම ගන්න දේවල් ගොඩක් නෑ ..."
සොයා ගත් විස්තර තම බෙල්ට් එක තුල සගවා තිබූ කුඩා චිප් එකට ලැප් එක මාර්ගයෙන් ඇතුල් කල ඔවුන් නැවත ඒවා බෙල්ට් තුලම සගවා ගත්තා
"දන්නවද ගර්ල්ස්...."
"යස් සාජන් "
"අද මුන්ගෙ ලොක්ක එලියෙ හිටියනම් කියටවත් අපිට මෙහෙම රාජේශ් ගෙ බංකරේ දෙන්නෙ නෑ..."
"මම හිතන්නෙ නෑ ඌ එක පාර අපිව විස්වාස කරයි කියලා..."
"ඒකට අපිට හෙට ලොකු ඇක්ට් එකක් කරන්න වෙනව.."
"යර්ස් සාජන් "
"දැන් මාරුවෙන් මාරුවට නිදා ගමු...රිස්වි මායි දැන් නිදා ගන්නවා..."
"අපිව පැය එක හමාරකින් ඇහැරවන්න..තිසරි..."
"ඕ..කේ සාජන් . "
.............................................................
යුවතියන් තිදෙනා මෙලෙස වැඩ කරන විට රමේශ් හිටියෙ ලොකු ගැටලුවක.
යුද හමුදාවට බනිමින් සාප කරමින් මදුවිත තොල ගාන මේ ත්‍රස්තවාදීන් සමග රැය පහන් කිරීම ඉතාමත් අපහසු උනා...
ඔවුන්ගේ කතා බහා අනුව ඊයෙ සටනින් ඔවුන්ට ගොඩක් පාඩු සිදු වී ඇති බව රමේශ් තේරුම් ගත්තා ..
"ඒ ......."
""කෝඩි රාජා...උබලා කීයක් අවාද..."
"60ක් විතර...."
"ඉතින් උබලා විතරක් බේරුනේ කොහොමද??"
"ඒවා කියන්න උබ කවුද..."
රමේශ්ගේ දැඩි හඩින් ඔවුන් මෙල්ල වූ බව පෙනුනා..
"මම ඒවා ලොක්කට කියන්නම්..."
ඉන්පසුව රමේශ්ට කරදර කරන්න කවුරුත් ආවෙ නෑ...
රමේශ් නින්දත් නොනින්දත් අතර රැය පහන් කලා....
............................................................
"නැගිටපන්..."
රමේශ් අවදි උනේ පා පහරකින්...
"ලොක්කා උබලව ගේන්න කියුවා..."
රමේශ් එතනට යන විට ගෑනු ලමයි තිදෙනාද එතනට ගෙනවිත් තිබුනා..
සිව් දෙනාගේම දෙඅත් බැද ලොක්කා නම් පුද්ගලයා ඉදිරියේ දණ ගැස්සුවා..
කලු මිටි කුඩා ශරීරයකින් හෙබි ඔහු ලග කට දෙපැත්තෙන් ලේ පෙරමින් දණ ගසා උන්නේ ඊයෙ ඔවුන්ව මෙහෙට ගෙන ආ තරුණයා යි...
උන් කාගෙ කවුද නොදැන කාගෙන් අහලද බංකරේට ගත්තෙ කියපන්..
"අයියා අපි එනකොට අර කෙල්ල...එක්කනෙ හිටියෙ...ඉතින් කතා කරන්න උනේ නෑ"
"වහපිය බල්ලා කට.."
ඔහුට තවත් පාරක් ගැසූ ලොක්කා ඔවුන් සිව් දෙනා සමීපයට පැමිණියා..
මුලින්ම රමේශ් දෙසට බැල්මක් පා කල ඔහු රමේශ්ගෙ නිකටින් උස්සා මූණ දෙස විමසිලිවත්ව බැලුවා..
"නම??"
"කෝඩි රාජා...."
"ඒ උනාට කියන්නෙ කෝඩණ්නා.."
"රාජේශ් අණ්නා එක්ක ආමිකාරයන්ගෙ විස්තර එකතු කලා...."
ඒ නම ඇසූ විගස ඔහු රමේශ් දෙස බලා සිටි දැඩි බව වෙනස් කර ගත්තා..
එදා අල්ලා ගත් කෝඩි රාජා නැමැති ත්‍රස්තවාදීයාගෙන් ලබා ගත් තොරතුරු අනුව ඔහුට බුද්දි අන්ශ කටයුතු වලදී අමතා තිබුනේ කෝඩණ්නා ලෙසයි..
වේලාව බලා තුරුම්පුව ගසා දැමූ රමේශ් කෙලින් ඔහුගේ දෑස දෙස බලා සිටියේ සැකයක් නොහිතෙන ලෙස.
"මොකෝ උනේ කියපන්.."
"ඊට කලින් මගෙන් අහපන්..."
පරමේශ්වරීගේ කටහඩ උස්ව නැගුනා..
"නන්දු අයියා...මම කියුවෙ මේ ලොක්කෙක්ගෙ ගෑනි කියලා.."
ඕ...එහෙනම් මෙයයි නන්දු...
ලංකාවට අවි ගෙන්වීමේ මහා මොල කරු...කෙසේ හෝ තමාට උවමනාම තැනට තමන් පැමිණ ඇති බව සිව් දෙනාම පසක් කර ගත්තා...සිව් දෙනාගේම ඇස් වෛරයෙන් දිලිසුනේ ඒ නිසයි....
"උබ කාගෙ කවුද..."
නන්දු ඊ ලගට ගියෙ පරමේශ්වරී ලගට...
"රාජේශ්ගෙ ගෑනි බොල.."
එය ඇසූ විගස නන්දු මදක් මෙල්ල වූ බව පෙනුනා..
"රාජේශ් අණ්නට මොකද උනේ..."
"මම ටිකක් අසනීපෙන් හිටියෙ...මාව බලන්න ආවා...මාස පහකට පස්සෙ..."
"ගෙදරදි ආමි කාරයො ගැහුවා..."
"අපි පැන ගත්තා ...අපේ සීමාව වෙනකම්"
"රාජේශ් කට්ටිය ගෙන්නුවා...ඔක්කොම 60ක් විතර...කෝඩණ්නා තමා ගෙනාවෙ.."
"ඉතින්.."
"අන්තිමට රාජේශ්ට වෙඩි වැදුනා.."
"පණ පිටින් හිටියෙ අපි දෙන්නා විතරයි...අපි පැන්නා..."
"මගදි වැටිලා ඉදලා මේ කෙල්ලවයි , කෝඩණ්නාවයි හම්බ උනා...අපි හතර දෙනා බේරිලා ආවා"
සැක සහිතව පරමේශ්වරී දෙස බැලූ නන්දු ඇයගෙ මූනට කිට්ටු උනා...
" රහස් වචනෙ කියපන්..."
"අපිට අපේම රාජ්‍යයක් "
පරමේශ්වරී කියුවෙ රාජේශ්ගෙ බිරිද නැත්නම් සරස්වතීගෙන් අසා ගත් රහස් වචනය..
නන්දුගෙ මූණ සැක පහව ගියා...
"මුන් ලිහලා දාපන්..."
"රාජේශ් අණ්ණගෙ බංකරේ ඉන්න බෑ...ඒකෙ උවමනා බඩු වගයක් තියනවා...අක්කට වෙනම බන්කරයක් ලෑස්ති කරන්නම්"
"කෝඩණ්නා උබ වෙන බන්කරේකට පලයන්".
"හරි...මගෙ කෙල්ලො දෙන්නා මාත් එක්ක ඉදී.."
"මෙයාලටනම් මගෙ බංකරෙත් ඉඩ තියනවා..."
නන්දු කියුවෙ තිසරිගෙ උරහිසින් අල්ලමින්...රමේශ්ගේ අත මමිට මෙලවෙනු දුටු පරමේශ්වරී ඉස්සර උනා..
මේසය උඩ තිබුනු නන්දුගේ අවියම අතට ගත් ඇය නන්දුගේ අත අඹරා නන්දුගේ බෙල්ලට තුවක්කුව තිබ්බා..
"මතක තියා ගනින් නන්දු..."
"මුන් දෙන්නගෙ අකමැත්තෙන් මුන්ගෙ ඇගට අතක් තියන්න උබටවත් මේ හෙන්චයියෙකු ටවත් බෑ..."
නන්දුව අතහැරි පරමේශ්වරී කිසිවක් සිදු නොවූ ගානට බංකුවක වාඩි උනා..
"රාජේශ් අණ්නගෙම ගෑනි තමා.."
නන්දු තමාටම කියා ගනිමින් එතනින් ගියෙ කීප දෙනෙකු බලා ඉදිද්දි
සිව් දෙනාම සති තුනක් පමණ බංකර් සෑදීමට උදවු දෙමින්..රහසින් තොරතුරු රැස් කරමින් දිවි ගෙවුවා..
දැන් ඔවුන් සියලු දෙනාටම මේ සිව් දෙනා ගැන කිසිදු සැකයක් තිබුනෙ නෑ...
මේ අතර එක් දිනක් පරමේශ්වරී රමේශ්ට කතා කලා..
"කෝඩණ්නා ..."
"සරස්වතී අක්කා..."
"වාංග..."
රමේශ් පරමේශ්වරී ලගින් වාඩි උනා...
"මල්ලි මට ඇත්ත කියපන්..."
"මොකක්ද "
"උබ තිසරිට ලව් නේද.."
"අහ්හ්...!!!!!!"
"මට බොරු කියන්න එපා...මම දැක්කා කොහේ හිටියත් උබේ ඇස් දුවන්නෙ ඒකිගෙ පස්සෙ"
...
...
"බොරු මොකටද පරමේශ්වරී අක්කා...මේ මිශන් එක පණ පිටින් ඉවර කලොත් මම ඒකිට මගෙ ආදරේ කියනවා..."
"ඒකනේ...ම්ම්ම් මට බොරු කරන්න පුලුවන්ද උබලට..."
"මම ඒකිට කියන්නම්..."
"එපා අක්කා..."
"ඇයි..."
"අපෙ ජීවිත ශුවර් නෑ..බොරු බලාපොරොත්තු මොකටද..."
"පිස්සු කෙලින්න එපා බන්..ජීවිත ශුවර් නැති නිසා ජීවිතේ තියන පොඩි කාලෙ ඇතුලෙ ජීවිතේ විදපන්..."
"ඔව්..."
"මම තිසරිට කියන්නම්..."
"අනේ මන්දා අක්කා..."
"කෝඩණ්නා ...."
"නන්දු අයියා කතා කරනව..."
දුවගෙන ආපු පොඩි කොල්ලෙක් පණිවිඩය කියුවා...පරමේශ්වරී දුවගෙන යන පොඩි එකා දිහා බලා හිටියෙ අවුරුදු 12ක් විතර වෙච්ච මේ දරුවන්ට මුන් දෙන වද ගැන හිතමින්.
........................................................
"කෝඩණ්නා ...."
"නන්දු අයියා..."
"අපේ ආයුද නැවක් එනවා ට්‍රින්කො..."
"ඔව්..."
"අපි ඒක ආමි කාරයන්ට අහු නොවෙන්න ගෙන්නා ගන්න ඕනි..."
රමේශ්ට දැනුනෙ සතුටක්...නන්දු තමා මත උපරිම විස්වාසය තබා ඇති බව දැන් රමේශ්ට පැහැදිලි ..
ඒත්...
ඒත්...
"බය වෙන්න එපා...සින්හලයා අපිට උදවු කරයි.."
උබට තියෙන්නෙ කොල්ලො ටිකත් එක්ක ගිහින් අපේ මායිමෙන් අරන් එන්න විතරයි..
"ඕ...කේ නන්දු අයියා ..."
රමේශ් තවත් ප්‍රශ්න අහන්න නොගියෙ නන්දුට සැක හිතෙයි කියලා..ඒත් සින්හලයා ලෙස නන්දු හැදින්වූයෙ කවුද කියන එක රමේශ්ට ප්‍රශ්නයක් උනා..
.....................................
.....................................
පරමේශ්වරී වත් තිසරිවත් මුන නොගැසුනු තැන රමේශ් රිස්විට පණිවිඩය කියා නික්ම ගියා...
රාත්‍රියේදි කෑම කන අතරතුර පරමේශ්වරී තිසරිට කතා කලා...
"තිසරි..."
"සාජන් ..."
"ගමේ කොල්ලා කැමති උනාද මෙහෙම ගමනක් එනවට...???"
"ගමේ කොල්ලයි කෙල්ලයි දෙන්නම කැමති නෑ සාජන් ..."
"මොකා..ක්???"
"නෑ සාජන් මම කියුවෙ අම්මයි තාත්තයි දෙන්නම කැමති නෑ..."
තිසරි කියුවෙ හිනාවෙන ගමන්...මරු කටේ හිටියත් හිනාවෙලා විහිලුවක් කරන එක මේ කෙල්ලො දෙන්නගෙම පුරුද්ද කියලා පරමේශ්වරී දන්නවා..
"අනේ බන්...මම ඇහුවෙ..????."
"එහෙම කවුරුත් නෑ සාජන් ..."
"එහෙනම් කෑම්ප් එකේ..???"
"ම්ම්හ්හ්..."
"""එහෙනම් හිතට වැදිච්ච කෙනෙක්..???.""
"සාජන්...!!!!"
"අක්කා කියලා හිතලා ඇත්ත කියපන් නංගි..."
"අපිට බලාපොරොත්තු නෑ සාජන්..."
"බොරු එපා කෙල්ලෙ උබ අපේ රමේශ්ට කැමති නේද???."
"සාජන් ..."
තිසරිගෙ දෑසින් කදුලු බේරෙද්දි රිස්විත් පරමේශ්වරී තිසරිව තුරුල් කර ගත්තා...
නිලතලයන්ට එහා ගිය සහෝදයත්වයක් දැන් නිර්මාණය වී අවසන්...
"දන්නවද වැඩක්....කොල්ලාත් උබට පණ ඇරලා..."
පරමේශ්වරී කියද්දි තිසරි විදුලියක් වැදුනා වගේ ඈත් උනා..
"අපේ සා..ජ..න්..!!!!"
"නෑ ඔයාගෙ සාජන්..."
ඔවුන් තිදෙනාට ලබා දී තිබුනේ වෙනමම බංකරයක් බැවින් නිදහසේ ඉදීමට ඒ කිසිවක බාදාවක් තිබුනෙ නෑ..
......................
"ගර්ල්ස්..."
"රමේශ් එන්න කලින් අපිට වැඩක් තියනවා කරන්න...රමේශ් හිටියොත් අපිට මේ කිසි දේකට ඉඩ ලැබෙන්නෙ නෑ.."
"කියන්න සාජන්..."
"නන්දූගෙ බංකරේට රින්ගන්න..."
"සාජන් !!!"
"ඔව්...මේකට ආයුද ගේන්න උදවු කරන එකා අපි දැනගන්න ඕනි..."
"නැත්නම් මූ විතරක් අල්ලලා වැඩක් නෑ..."
මොකක්ද අපි කරන්න ඕනි සාජන් ...???"
"මෙහෙමයි මම අද නන්දු ලගට යනවා...ඌට ගෑනු සබ්ජෙක්ට් එකෙන් එහා වෙන දෙයක් නෑ"
"මම කසාද බැදපු ගෑණියෙක්..කොහොමත් එකයි...මම උපරිම ලිමිට් එකේ ඉන්න ට්‍ර්‍යි කරනවා.."
"ඒ අතර ඔයා දෙන්න ඩීටේල්ස් ගන්න ඕනි..ස්පෙශලි ඊ මේල්ස්..."
"රමේශ් කීයටවත් අපි තුන් දෙනාගෙන් කාටවත් නන්දු ලගට යන්න දෙන්නෙ නෑ.."
"තේරුනා සාජන්..........."
දෙදෙනාම එක හඩින් පැවසුවේ සියලු වගකීම් හා යුතුකම් සිතෙහි දරාගෙන
.................................................................
රට වෙනුවෙන් ඔවුන් පෙරට
